කායික මානසික සුව ගෙන දෙන මසාලා චායි

ලෝකයේ බොහෝ රටවල් වල ” චායි ” කියන්නේ තේ වලට සමාන තවත් වචනයක්.කෙසේ වෙතත් බටහිර ලෝකයේ චායි යන වචනය වඩාත් නිවැරදිව ” මසාලා චායි ” ලෙස හඳුන්වන ඉන්දියානු තේ වර්ගයක් වන සුවඳැති කුළුබඩු සමග සකස් කරන තේ වර්ගයක් වනවා. අප සාමාන්‍යයෙන් පානය කරන තේ වලට වඩා මේ මසාලා චායි වලින් අපේ සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඵල බොහොමයක් තිබෙනවා.අපි ඔබට කියන්න සූදානම් වන්නේ ඒ ගැනයි

මොනවද මේ ” චායි ” , එහෙමත් නැත්නම් ” මසාලා චායි ” කියන්නේ ? 

මෙම තේ වර්ගය මේ වන විට ලෝකයේ බොහෝ රටවල් වල ප්‍රචලිත වෙමින් පවතින රසවත් පානයක්. හොඳම වර්ගයේ තේ කොල , නැවුම් කිරි සහ කුළුබඩු ආශ්‍රයෙන් සකස් කරගන්නා මේ තේ වර්ගය ට එනසාල් , කුරුඳු , කරාබු නැටි , සහ කළු ගම්මිරිස් එකතු කරගන්නවා. ඊට අමතරව තරු අසමෝදගම්, මහදුරු , කොත්තමල්ලි ඇට යන අමුද්‍රව්‍ය ද මේ සඳහා එකතු කරනු ලබනවා . ඒ වගේම විවිධ ප්‍රදේශවල සහ විවිධ රටවල් වල මේ තේ වර්ගය සකස් කරන ඔවුන්ටම ආවේණික වූ ක්‍රමද තිබෙනවා .

” චායි ” වලින් ලැබෙන වාසි මොනවද ? 

ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් ය

චායි, ප්‍රතිඔක්සිකාරක වල විශිෂ්ට ප්‍රභවයක් ලෙස සැලකෙනවා. එයට හේතුව වන්නේ මෙම තේ වර්ගය සකස් කිරීමට යොදා ගන්නා එනසාල් , කුරුඳු සහ කරාබු නැටි වල ප්‍රති ඔක්සිකාරක ඉහළ මට්ටමක පැවතීමයි. එමගින් ශරීරයෙ සෛලීය සෞඛ්‍ය ප්‍රවර්ධනය කරන අතර , සමහර රෝග සහ පිලිකාද අවම කරනවා. 

හෘද සෞඛ්‍ය වැඩිදියුණු කරයි 

අධ්‍යයනවලින් පෙන්වා දී ඇති ආකාරයට චායි වල අඩංගු වන ප්‍රධාන අමුද්‍රව්‍යක් වන කුරුඳු මගින් රුධිර පීඩනය අඩුකළ හැකි වනවා.ඒ වගේම තත්වයේ පවතින කොලෙස්ටරෝල් මට්ටම ද පාලනය කිරීමට කුරුඳු වලට හැකියාව තිබෙනවා.ඊට අමතරව චායි සකස් කිරීමට භාවිතා කරන කළු තේ වලටද රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමේ හැකියාව පවතිනවා.

රුධිරයේ සීනි මට්ටම අඩු කරයි 

චායි වල අඩංගු වන ඉඟුරු සහ කුරුදු යන අමුද්‍රව්‍ය දෙක මගින් රුධිරයේ සීනි මට්ටමට හිතකර බලපෑම් එල්ල කල හැකි බව පර්‍යේශන මගින් සොයාගෙන තිබෙනවා.නමුත් නිවසේ දී සකස් කරගන්නා චායි වලට වඩා අවන්හල් වලින් ඔබ මිලදී ගන්නා චායි වල අධික ලෙස සීනි අඩංගු විය හැකි බැවින් චායි වල අඩංගු අමුද්‍රව්‍ය වල රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමේ ප්‍රතිලාභ ප්‍රතික්ෂේප විය හැකි නිසා නිවසේදීම ඔබට අවශ්‍ය ආකාරයට සෞඛ්‍ය ආරක්ෂිතව සකස් කරගන්නා චායි වලින් ඔබට හොඳ සෞඛ්‍යමය ප්‍රතිලාභ ලබාගත හැකි බව විශ්වාස කළ හැකියි

ඔක්කාරය සහ අජීරණ තත්වයන් අඩු කරයි

චායි වල අඩංගුවන ඉඟුරු මගින් ඔක්කාරය සහ අජීරණය වැනි තත්ත්වයන් ඇතිවීම අඩු කරනවා.ඒ වගේම කුරුඳු, කරාබු නැටි සහ එනසාල් වල බැක්ටීරියා ආසාදන නිසා ඇතිවන ආහාර ජීර්ණ ගැටළු වළක්වා ගැනීමට උපකාරී වන ප්‍රතිබැක්ටීරීයා ගුණ අඩංගු වනවා.මේවා මගින් උදරයේ ඇති විය හැකි අජීරණ තත්වයන් බොහෝ දුරට අඩු කරනවා

බර අඩු කර ගැනීමට උපකාරී වෙයි

චායි පානය කිරීම මගින් බර වැඩි වීම සහ මේදය අඩු කිරීම ක්‍රම කිහිපයකින් සිදු වනවා.පලමුව , චායි සාමාන්‍යයෙන් සකස් කරනු ලබන එළකිරි හෝ සෝයා කිරි යනු ප්‍රෝටීන් වලින් පොහොසත් ප්‍රභවයන් නිසා ඔබට නිතර කුසගිනි දැනීම සහ පූර්ණ බවක් දැනීම සිදුවන නිසා චායි පානය කිරිම මගින් ඔබේ බර අනවශ්‍ය ලෙස වැඩි වීම වළක්වනවා

චායි සෑදීමට භාවිතා කරන කළු තේ වර්ග වල අඩංගු සංයෝග, මේදය බිඳවැටීම ප්‍රවර්ධනය කරන අතර ඔබේ ශරීරය ආහාර වලින් අවශෝෂණය කර ගන්නා කැලරි ප්‍රමාණය අඩු කිරීමට උපකාරී වන බව පර්යේෂණ මගින් පෙන්නුම් කර තිබෙනවා.

එපමනක් නොව දිනකට කළු තේ කෝප්ප දෙකක් හෝ තුනක් පානය කිරීම මගින් අනවශ්‍ය බර වැඩිවීම සහ උදරයේ මේදය තැන්පත් වීම වළක්වා ගත හැකි බව ද පර්යේෂණ මඟින් පෙන්වා දී තිබෙනවා

ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි

චායි පානය කිරීම මගින් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩිදියුණු කිරීමට සහ ශක්තිමත් කිරීමට හැකියාව ලැබෙනවා.එයට හේතුව වන්නේ කළු තේ සහ කුලුබඩු වල ප්‍රතිශක්තිකරණ ගුණ අඩංගු වීමයි.විශේෂයෙන්ම ඔබේ බඩවැල් වල සෞඛ්‍ය සඳහා ඉඟුරු යනු ඉතාම හොඳ අමු ද්‍රව්‍යයක් වන අතර ඔබේ බඩවැල් සෞඛ්‍ය සම්පන්න නම් සෙම්ප්‍රතිශ්‍යාව ඇතුළු බොහෝ වෛරස් වලින් ඔබට ආරක්ෂා විය හැකියි.

ඔසප් වේදනාව අඩු කරයි

ඉඟුරු ,මහදුරු සහ කරාබු නැටි යන අමුද්‍රව්‍ය වල අඩංගු වන ප්‍රති ගිනි අවුලුවන ගුණාංග මගින් ඔබට ඇතිවිය හැකි ඔසප් වේදනාව බොහෝ දුරට සමනය කරනවා. අනෙක් විශේෂම කාරණාව නම් චායි වල ඇති මිහිරි සහ කුළු බඩු සාරය අඩංගු රසය නිසා ඔසප් දිනවලදී ඔබට ඇතිවිය හැකි ආහාර අරුචිය සහ ඔක්කාරය වැනි තත්වයන්ද අවම කරනවා.

ආතතිය සමනය කරයි

ඔබ අතිශයින් කාර්ය බහුල වූ දවසක් අවසානයේ චායි කෝප්පයක රස අත්විඳ තිබෙනවාද ? කරාබුනැටි, ඉඟුරු සහ එනසාල් වැනි සුවඳැති කුළුබඩු සමඟ මිශ්‍ර කළ චායි කෝප්පයකට ඔබේ ආතතිය පහසුවෙන්ම සමනය කළ හැකියි.එයට හේතුව වන්නේ එම කුලුබඩුවල ඔබේ ස්නායු ක්ෂණිකව සන්සුන් කල හැකි සංයෝග අඩංගු වී තිබීමයි.ඒ නිසා ඔබ අධික ලෙස ආතතියට පත් වී සිටින දිනයන්වල චායි කෝප්පයක් රසවිඳින්නට ඔබට පුළුවන් 

මේ වන විට අපේ රටේ පවා ප්‍රචලිත වී තිබෙන චායි වර්ග බොහෝමයක් තිබෙනවා.උණුසුම් සහ සීතල ආකාරයන් වලට පවා මේ චායි  ඔබට පහසුවෙන්ම නිවසේදී සකස් කරගන්නට පුළුවන්.සාමාන්‍ය තේ කෝප්පයකින් ලැබෙනවාට වඩා සෞඛ්‍යමය ප්‍රතිලාභ වලින් පොහොසත් නිසා ඔබ චායි කෝප්පයක රස බැලුවාට වරදක් නැහැ. නමුත් කිසිම විටක චායි සකස් කිරීමේදි පමණට වඩා සීනි භාවිත නොකිරීමට ඔබ වග බලා යුතුයි

Related Articles

Don't Miss


Latest Articles