මානසික ආතතිය නිසා හෘද රෝග ඇතිවන බව ඔබ දන්නවාද?

වර්තමාන මිනිසුන්ගේ වේගවත් ජීවන රටාව තුළ බොහෝ පුද්ගලයින්ට  ආතතිය හෙවත් stress පොදු අත්දැකීමකි. මානසික ආතතිය විවිධ සෞඛ්‍ය ගැටලු ඇති කළ හැකි අතර ඉන් එකක් හෘද රෝගයයි. මානසික ආතතිය සහ හෘද රෝග අතර සම්බන්ධය තේරුම් ගැනීමට මෙම ලිපිය ඔබට උපකාරී වේවි.

1.මානසික ආතතිය ශරීරයට බලපාන ආකාරය

ශරීරය ආතතිය අත්විඳින විට, එයින් කෝටිසෝල් සහ ඇඩ්‍රිනලින් වැනි ආතති හෝමෝන නිකුත් කරයි.එයට ප්‍රතිචාර වශයෙන් පුද්ගලයාගේ හෘද ස්පන්දන වේගය වැඩි වේ.මේ නිසා ශරීරයේ ඔක්සිජන් මට්ටම අඩු වීම සහ රුධිර පීඩනය වැඩි වීම සිදු වේ. උග්‍ර ආතති අවස්ථාවන්හිදී මෙම ප්‍රතිචාර ශරීයට අවශ්‍ය වන නමුත් මානසික ආතතිය නිදන්ගත වූ විට ශරීරයට බෙහෙවින්ම අහිතකර විය හැක.

2. නිදන්ගත ආතතිය සහ හෘද රෝග

රැකියාව, මුදල් හෝ පෞද්ගලික සබඳතා වැනි විවිධ සාධක නිසා මතු විය හැකි නිදන්ගත ආතතිය නිසා අධි රුධිර පීඩනය, හෘද රෝග සහ ආඝාතය ඇති විය හැක. අධ්‍යයනවලින් පෙනී යන්නේ නිදන්ගත ආතතිය රුධිර නාලවල දැවිල්ල ඇති කළ හැකි අතර එමඟින් ධමනි පටු වී කිරීටක ධමනි රෝගයට (CAD) එය හේතු විය හැකි බවයි.

3. ආතතිය කළමනාකරණය කිරීම

ආතතිය පාලනය කිරීමට සහ ශරීරයට එයින් වන බලපෑම අඩු කිරීමට බොහෝ ක්‍රම තිබේ. මෙම උපක්‍රමවලට ව්‍යායාම, යෝගා සහ භාවනා වැනි ලිහිල් කිරීමේ ක්‍රම, සිහිකල්පනාව පුහුණු කිරීම් සහ ඔබට ප්‍රීතිය ගෙන දෙන විනෝදාංශවල යෙදීම වැනි කාරණා ඇතුලත් වේ.

4. වෘත්තීය උපකාර පැතීම

ඔබ මානසික ආතතියෙන් කාලයක සිට පීඩා විඳිනවා නම් ඉක්මනින්ම වෘත්තීය උපකාර ලබා ගැනීම ඉතා වැදගත් වේ. මානසික සෞඛ්‍ය පිලිබඳ චිකිත්සකයන් ඔබට ඔබගේ ආතති මට්ටම් කළමනාකරණය කිරීමට, හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කිරීමට සහ ඔබේ සමස්ත යහපැවැත්ම වැඩිදියුණු කිරීමට උපකාරී වන ක්‍රමවේද ලබා දීමට කටයුතු කරනු ඇත. 

ආතතිය සහ හෘද රෝග අතර සම්බන්ධය අවබෝධ කර ගැනීමෙන්, ඔබට ආතති මට්ටම් කළමනාකරණය කිරීමට සහ හෘද ආශ්‍රිත ගැටළු ඇතිවීමේ අවදානම අඩු කිරීමට ක්‍රියාශීලී පියවර ගත හැකිය. ආතති රෝග ලක්ෂණ වලින් ඔබ යටපත් වී ඇති විට සෑම විටම වෘත්තීය මගපෙන්වීම ලබා ගන්න. ලිහිල් කිරීමේ ශිල්පීය ක්‍රම සහ ව්‍යායාම වල නියලෙන්න. පවුලේ අය සහ මිතුරන් සමග සමීප සම්බන්ධයක් ගොඩනගා ගැනීම මගින් හැමවිටම ඔබව  යථාර්ථය පිලිබඳ අවධානය ගිලිහී යා නොදී ජීවත් වීමට වග බලා ගන්න.

Related Articles

Don't Miss


Latest Articles