හැමෝම කැමති චොක්ලට් ගැන මේ දේවල් දන්නවාද?

අපි කවුරුත් ආසම කරන පැණිරස ආහාරය වන්නේ චොක්ලට්. නමුත් චොක්ලට් ගැන ඔබ මෙන්න මේ දේවල් දන්නවාද කියා බලන්න.

චොක්ලට් යනු නිවර්තන ශාකයක් වන කොකෝවා හි ඇට වලින් සාදන ආහාරයක්. චොක්ලට් පිළිබඳ පළමු ලිපි ලේඛන හමුවන්නේ ක්‍රි.පූ.1100 දී පමණ සිටය. මීසෝ-ඇමෙරිකානුවන් චොක්ලට් පානයක් ලෙස භාවිතා කර ඇති අතර ඇස්ටෙක් ජනයා මෙම පානය තිත්ත පානය යන නමින් හැදින් වූහ.   මෙම තිත්ත රසය කොකෝවා සඳහා ආවේණික වූවාක් වන අතර එම රස ඉවත් කිරීම සඳහා කොකෝව මද පසවීමට ලක් කරන ලදී. කොකෝවා මද පැසවීමෙන් පසුව වියළා පිරිසිදු කර කුඩු කර ගැනේ.

මෙක්සිකෝවේ සහ දකුණු අප්‍රිකාවේ මිලියනයකට අධික වගා බිම් ප්‍රමාණයක කොකෝවා වගා කරනවා. චොකලට් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය කොකෝවා ඇට සියයට හැටක්ම ලැබෙන්නේ බටහිර අප්‍රිකාවේ, ඝානාවේ අයිවරි කෝස්ට් ජනතාවගෙනි.

ඝන කොකෝවා, කොකෝවා බටර්, රස එකතු නොකල චොක්ලට් කුඩු යනාදිය නිෂ්පාදන වේ. ඝන කොකෝවා , කොකෝවා බටර් සහ සීනි එක් කිරීමෙන් රසැති චොක්ලට් බවට පත් කෙරෙයි. පාශ්චරිත කිරි සහ කිරි පිටි එක් කිරීමෙන් සුදු පහ කිරි රසැති චොක්ලට් නිපදවනු ලැබෙයි.

දහනව වැනි සියවසේ සිට ලෝ ප්‍රකට චොක්ලට් සමාගම් බොහොමයක් පැවතගෙන එන්නේ බ්‍රිතාන්‍යයේයි. චොක්ලට් කර්මාන්තයේ පුරෝගාමින් ලෙස සැලකෙන්නේ ජෝශප් ස්‌ටෝර්ස්‌ ෆ්රයි සහ ජෝන් කැඩ්බරි යන ආයතනයන් වේ. බෙල්ජියමේ සහ ස්විස්ටර්ලන්තයේ නිෂ්පාදිත චොක්ලට් සහා ඇත්තේ ඉහළතම ඉල්ලුමක්.

ඕනෑම වර්ගයක චොක්ලට් ආහාරයට ගැනීම සහ මතක ශක්තිය වර්ධනය වන බව සඳහන්වේ. චොක්ලට් පිළිබඳ කළ තවත් පර්යේෂණ වලින් චොක්ලට් භාවිතයෙන් රුධිර පීඩනය අඩු කල හැකි බව සොයා ගෙන ඇත. චොකලට්‌ ආහාරයට ගැනීමෙන් තරබාරු බව ඉහළ යැමක්‌ සිදු වෙතැයි සිතුවත් පර්යේෂණ මගින් මෙම අදහස වෙනස්‌ වී තිබෙනවා. මේ අනුව පිළිගැනීම වී තිබෙන්නේ චොකලට්‌ මගින් ශරීර බර අඩු කර ගැනීමට හැකියාවක්‌ ඇති බවයි. සිදු කරන ලද අධ්‍යනයකට අනුව පෙන්වා දෙන්නේ කොකෝවා අඩංගු ආහාර පරිභෝජනය කිරීමෙන් අධි රුධිර පීඩනය අවම මට්‌ටමක පවත්වා ගැනීමට උපකාරී වන අතර හදවත් රෝගාබාධ දුරු කරන බවයි. චොකලට්‌ ආහාරයට ගැනීමෙන් මනසට විවේකි සුවයක් ගෙනදෙන අතර දත්වල එනැමලය ශක්‌තිමත් කරයි. විශේෂයෙන්ම කොකෝවා ප්‍රතිශතයෙන් ඉහළ කළු චොක්ලට්(dark chocolate) දිනපතා ආහාරයට ගැනීමෙන් ශරීර සුවතාව වර්ධනය කරගත හැකි බවට සැලකේ.

චොක්ලට් වර්ගයක් තෝරා ගැනීමේදී එහි කොකෝවා, සීනි සහ කිරි වල සංයුතිය කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්. ලොකු කුඩා භේදයක් නොමැතිව සෑම දෙනා අතරම ඉතාමත් ජනප්‍රිය වගේම ඉතාමත් රසවත් ආහාරයක් වන චොක්ලට් නිසි ප්‍රමිතියට හා ප්‍රමාණයට ආහාරයට එකතු කරගන්න අමතක කරන්න එපා.

කල්හාරී

Related Articles

Don't Miss


Latest Articles