Chat With Smart Lady – තනූජා ජයවර්ධන

අද chat with smart lady අපේ කතාබහට එකතු වෙන්නේ වසර ගණනාවක් තිස්සේ රූපවාහිනී තිරයේ ඔබට බොහොම හුරු පුරුදු කෙනෙක් .ඇය තනූජා ජයවර්ධන

කොහොමද මේ දවස් වල වැඩ කටයුතු ?

මේ දවස් වල මම රූපවාහිනි සංස්ථාවේ ජාතික නාලිකාවේ වැඩසටහන් දෙකක් කරනවා.එකක් ” තාල භාෂණ ” වැඩසටහන .ඒක talk show එකක්.අනික ” අපේ සින්දුව ” වැඩසටහන.ඒක music program එකක්.පලවෙනි කොවිඩ් රැල්ල ආව වෙලාවේ රස වින්දනය ටිකක් වැඩි කරන බලාපොරොත්තුව ඇතුව ජාතික රූපවාහිනියේ අජිත් නාරගල අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ අදහසකට අනුව මේ වැඩසටහන පටන් ගත්තේ.මිනිස්සු ගෙවල් වලට වෙලා stress වෙලා ඉන්න කාලේ පරණ සින්දු , ඇත්තටම ඒ සින්දු වල තේරුම් සහ මේක ජීවිතයට සමීප කරගන්නේ කොහොමද කියලා අපි කතා කරනවා. විනාඩි තුනක් වැනි කාලයකදි මිනිස්සුන්ගේ ජීවිතය වෙනස් කරන්න පුළුවන් ප්‍රභලම සන්නිවේදන මාධ්‍ය තමයි ගීතය කියන්නේ.ඉතින් අජිත් නාරගල මහත්මයා , රවී අබේවික්‍රම අපේ අධ්‍යක්ෂකවරයා සහ ධම්මික බණ්ඩාර මහත්මයාව එකට එකතු කරලා අපේ සින්දුව කියන මේ වැඩසටහන කලා. තාල භාෂණ අධ්‍යක්ෂ ක මවෝ ලක්ෂිත මහතා එය සාර්ථකව කරගන්න මට උපරීම සහයෝගය ලබා දෙනවා. ගිය සතියේ අපි අපේ සින්දුව 50 වන වැඩසටහන කලා.මේ වගේ වැඩසටහන් 50 ක් කරන එක ලේසි නෑ රූපවාහිනී මාධ්‍ය ඇතුලේ.එකක් ,හැම පරණ සින්දුවටම රූප රචනා නැහැ.නමුත් ජාතික නාලිකාවට ඒක කරන්න පුළුවන් දීර්ඝ කාලීනව කරගෙන ආපු වැඩසටහන් වල දර්ශන එයාලගෙ පුස්තකාලයේ තියන නිසා.ඉතින් පුළුවන් තරම් මිනිස්සුන්ට සමීප කරවන්න පුළුවන් ,එයාලගේ life style එකත් එක්ක යන සින්දු තෝරගෙන ඒවා රසවින්දනය කරන එක තමයි කරන්නෙ.මේක ඇතුලේ අපි බෞද්ධ දර්ශනය, ගේය පද රචකයන් සහ සිංහල සාහිත්‍ය ගැනත් කතා කරගෙන හරි ලස්සනට වැඩසටහන කරනවා.ඕනම අධ්‍යාපන මට්ටමක කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදියට තමයි මේ වැඩසටහන ධම්මික බණ්ඩාර මහත්මයා කරන්නේ.ප්‍රවිණ ගීත රචකයෙක් සහ ගීත විචාරකයෙක් විදියට ඔහුට පුළුවන් ඕනෑම ගීතයක් බොහොම ලස්සනට මිනිස්සුන්ගේ හදවතේ ගැඹුරුම තැනට දැනෙන විදියට කතා කරන්න.ඒක තමයි මේ වැඩසටහනේ තියන ලොකුම ආලෝකය.ජාතික රූපවාහිනියේ ඉතාම සාර්ථකව යන වැඩසටහනක් බවට අද මේක පත් වෙලා තියනවා.ඉතින් වැඩසටහන් 50 ක් කරන්න පුළුවන් වෙයි කියලා ඇත්තටම මේක පටන් ගන්නකොට මමවත් හිතුවේ නෑ.තාල භාෂණ වැඩසටහනත් ඉතාම සාර්ථකව යනවා.ඊට අමතරව දෙරණ නාලිකාවේ ” පොදු ” නාට්‍යගේ season 2 එනවා.ඒකෙ ස්ක්‍රිප්ට් එක කියවලා ඉවරයි. දැන් ඉතින් ශූටින් වලට ලෑස්ති වෙලා ඉන්නවා.සියලුම සෞඛ්‍ය නීති රීති වලට අනුව ශූට් කරන්න ලෑස්ති කරලා තියෙන්නේ.ඒවා තමයි ප්‍රධාන වශයෙන් යන වැඩ ටික.මේවට අමතරව මම ගිය අවුරුද්දෙ කාන්තා දිනය තේමා කරගෙන වැඩක් පටන් ගත්තා කාලයක් තිස්සේ මගේ හිතේ තිබුන අදහසකට අනුව.All women production එකක් කරන්නේ කොහොමද කියන එක ගැන , ඒ කියන්නෙ කැමරාකරණය, සංස්කරණය , අධ්‍යක්ෂණය , නිශ්පාදනය ,script writer සහ සහය අධ්‍යක්ෂණය ඇතුලු මේ හැමෝම කාන්තා චරිත.කවුරුත් පිරිමි අය මේකට එකතු වෙන්නෙ නෑ.මේකෙදි මම supervision part එක තමයි කරන්නේ.මේ වගේ දේවල් වලට හැකියාව තියන අයට ගොඩක් වෙලාවට මූල්‍යමය වශයෙන් උදවු කරන්න කට්ටිය නෑ.ඉතින් ඒ වගේ forums වලට කතා කරලා එයාලාට අවශ්‍යය concept එක හදලා දීලා අවශ්‍ය ගාන නිර්මාණය කරලා දෙන්න supervision part එක තමයි මම කරන්නේ.මේකෙදි ආචාර්ය රංග කලන්සූරිය මහතා මාව ඒ forums වලට යොමු කලා. එතුමන්ටත් මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා.ඊලග production එක අගෝස්තු වල කරන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා.Documentary style එකේ Short film concept එකට තමයි මේක එන්නෙ.මේක හෙමින් හෙමින් ප්‍රචලිත කරන්න තමයි මම කැමති.සාමාන්‍යයෙන් කාන්තාවන් දෙයක් කරනවා කියලා කිව්වම ඒකට තාමත් හරි forum එකක් ලංකාවේ හැදිලා නෑ.අඩුගානෙ අපි වගේ අය ,මේ වගෙ කට්ටියට උදවු කරන්න එළියට එන්න ඕනේ.එයාලගේ නිර්මාණ ඉස්සරහට අරගෙන යන්න මූල්‍යමය වශයෙන් මොනවද කරන්න ඕනෙ කියලා බලන්න ඕන.හැබැයි මම මුලින්ම script එක අරගෙන බලනවා කාන්තාව පිළිබඳව ඒකේ කොච්චර කතා කරනවද කියලා.ලොකුවට පීඩාවට පත්වෙන ළමයින් සහ කාන්තාවන් ලංකාවෙ ඉන්නවා.ඒ අයව දැනෙන හුඟක් creative අලුත් generation එකක් ,හොඳ ,Smart girls ලා ලංකාවේ හැදිලා තියනවා.ඒ අය එක්ක වැඩ කරන්න හරිම ආසයි මම.ඊලග production එක සාර්ථක උනොත් ගෝලීය මට්ටමෙන් දේකට යන්න මම අදහස් කරගෙන ඉන්නවා.

ඔබට බොහෝ දෙනා ආදරය කරන්න පටන් ගන්නේ රස රිසි ගී වැඩසටහන ඔස්සේ. නමුත් ඔබේ ආරම්භය එතන නෙමෙයි .ඒ මතකය අවදි කලොත් ?

මම ඉස්කෝලෙන් අයින් වෙලා ගෙදර ඉන්නකොට music television බැලුවා TNL එකේ. එතකොට music videos කියන දේ අලුතෙන්ම ආවා විතරයි.ඉතින් එහෙම television බල බල හිටියා මිසක් මට television වලට යාමේ උවමනාවක් තිබුනේ නෑ.නමුත් ඉස්කෝලේ යන කාලේ ඉඳලම මම හුඟක් ලියපු කෙනෙක්.දැන් ලියන්නේ අඩුවෙන් උනත් කොරෝනා 3 rd wave එකෙන් මම ආපහු ටිකක් ලියන්න පටන් ගත්තා.ඉතින් ඒ කාලේ ගෙදරින් යෝජනාවක් ආවා මට ඔස්ට්‍රේලියාවට ගිහින් වැඩිදුර ඉගෙන ගන්න.මොකද තාත්තායි අක්කායි දෙන්නම බැංකුවේ වැඩ කරන තත්වයක් තමයි ඒ වෙනකොට තිබුනේ.නමුත් මට හැම වෙලාවෙම ඕන වෙලා තිබුනේ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් වෙන්න.ඉස්කෝලේදි උනත් කලා උළෙල , සාහිත්‍ය කටයුතු ,පිටපත් ලියන වැඩ මම ගොඩක් කලා.අදටත් මම කොළඹ ලයනල් වෙන්ට් එකේ ලංකාවෙ පිළිගත් වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරුන්ගේ නාට්‍යයක් පලවෙනි වතාවට පෙන්වනකොට අනිවාර්යයෙන්ම ටිකට් එකක් බුක් කරගෙන ගිහින් බලන කෙනෙක්.වේදිකාවට එතරම් ආස උනත් තාම වේදිකාව වෙනුවෙන් දෙයක් කරන්න මට අවස්ථාව ලැබිලා නෑ.ඊට පස්සෙ ප්‍රදීප් කුමාර බාලසූරියගේ පත්තරයක් අලුතෙන් launch කරනවා ” යාත්‍රා ” කියලා, පත්තරේ දාලා තිබුනා ඒකට අලුතෙන් freelance writers ලා ගන්නවා කියලා.ඊට පස්සෙ මම එතනට කෝල් එකක් දැම්මම ඔහු මට එන්න කිව්වා.මම ගියාට පස්සෙ ඔහු කිව්වා නිමල් ලක්ශපතිආරච්චිගෙයි සුසන්තිකා ජයසිංහගෙයි ආටිකල් දෙකක් කරලා ගේන්න ඊට පස්සේ අපි බලමු කියලා .ඒක මම හිතන්නෙ එයා මට දුන්නු challenge එකක් කියලා .ඒ ආටිකල්ස් කරනකොට මට නිමල් මහතාව හම්බුනා.ඔහු මගෙන් අහපු පලවෙනිම ප්‍රශ්නය තමයි ” ඔයා ටෙලිවිෂන් එකට එන්න කැමති නැද්ද ” කියන එක.ඒ වගේම ඔහු කිව්ව මගේ උසට ගැලපෙන පිරිමි ළමයෙකුත් ඉන්නවා කියලා .පස්සෙ මම ඔය දෙකම කරගෙන ගියා.announcing පැත්තෙන් තව වැඩසටහන් එනකොට මට ලියන වැඩේ මග ඇරුනා.ඕක තමයි ආරම්භය වෙන්නෙ.ඒ වගේම මම ඒලෙවල් කරන්න කලින් Sri lankan air lines එකට apply කරලා මම interview ගියා.ඒ දවස් වල test තුනක් විතර තියනවා මට මතක විදියට.අන්තිම එකේදි pannel එකත් එක්ක discussion එකක් තිබ්බ. ඒ වෙලාවෙ එතන හිටපු එක මහත්මයෙක් මගෙන් ඇහුවා මම තාම ඒලෙවල් කරලා නෑ නේද කියලා.මම නෑ කියලා කිව්වම එතුමා කිව්වා මගේ සුදුසුකම් සියල්ල ඇති , නමුත් කවදහරි ඔයාට මේ රස්සාව එපා උනොත් ඔයාට වෙන රස්සාවක් කරන්න නම් ඒලෙවල් කරලා තියෙන්න ඕනෙ, එතකොට ඔයාට ඕනම රස්සාවක් හොයාගන්න පුළුවන් ,ඔයාට සුදුසුකම් තියන නිසා ඒලෙවල් වලින් පස්සෙ උනත් මේකට apply කරන්න පුළුවන් කියලා.ඒ මහත්මයා දුන්න අවවාදය මම පිළිගත්තා.ඒ වගේම ඒලෙවල් කරලා ඉවර වෙද්දි මගේ ජීවිතේ අනිත් පැත්තට පෙරලුනා.මම කිසිම තැනක ඒ කතාව කලින් කියලා නෑ.දෛවෝපගත සිදුවීම කියන්නේ , ඉස්සර air lanka කියලා තිබුන එක Sri lankan කියලා වෙනස් කරන වෙලාවේ ඒකේ ලයිව් එක මට present කරන්න ලැබුනා television එකේ.ඉතින් මං හිතනවා එදා ඒ pannel එකේ හිටපු මහත්මයා මාර advice එකක් මගේ ජීවිතේට දුන්නේ.නොයෙකුත් රැකියාවන් මම අත්හදා බැලුවත් මං හිතන්නෙ දැන් තමයි මම හරිම තැනට ඇවිල්ලා නැවතිලා තියෙන්නේ.

අද වනවිට නිවේදන වෘත්තියට පිවිසෙන බොහෝ දෙනා මේ ගැන හරි හැටි අවබෝධයක් හෝ හැදෑරීමක් සහිතව නෙමෙයි පිවිසෙන්නේ.ඒ ගැන ඔබේ අදහස මොකද්ද ?

පලවෙනිම එක තමයි famous වෙන්න මේ රස්සාව කරන්න බෑ.ඒ වගේම කතා කරන්න ලස්සන වචන තිබුනා කියලත් මේ රස්සාව කරන්න බෑ.මුලින්ම කරන්න ඕනේ තමන්ගේ ඇඟේ තියන තමන්ගේ style එක මොකක්ද කියලා අඳුනගන්න එක.මොකද මනුස්සයෙක්ගෙ අතට මයික් එකක් ලැබුනම ඒ ඉන්න මනුස්සයා නෙමෙයි මයික් එකෙන් කතා කරන්නෙ.එතකොට ඒ change එක හරියට ගන්න ඕනෙ.මොකද මට තව කෙනෙක්ව imitate කරන්න කිසිම අවසරයක් නෑ වගේම ඒකට වෙළඳපලක් නෑ.original එකක් ආවොත් තමයි වෙළඳපලක් තියෙන්නෙ.ඒක හොයාගන්න අමාරු උනත් ඒක තමයි හොයාගන්න ඕනෙ.තමන් විසින් තමන්ව ගවේශණය කරලා හොයාගන්න ඕනෙ.අනික සරලව කතා කරන්න ඕනේ අපි ඉන්නෙ සරල ලෝකෙක නිසා.තාක්ෂණික දැනුම තියෙන්නෙත් ඕනෙ . ඒ වගේම මම තමයි පොර කියලා හිතාගෙන ආවමත් වරදිනවා.මොකද විසි එක්වන සියවසයේ පොර සංකල්පය කියලා එකක් නෑ කියලා මම හිතනවා.ඒ නිසා අපි මුලින්ම හොඳ සුන්දර මනුස්සයෙක් වෙලා ඉන්න ඕනෙ.මනුශ්‍යත්වය තමයි එළියට දෙන්න ඕනෙ.අනෙකාගේ ජයග්‍රහණ වල සතුට භුක්ති විඳින්න පුළුවන් වෙන්න ඕනෙ.ඒ මනුශ්‍ය ගුණාංග තියෙන්න ඕනෙ සන්නිවේදකයෙකුට.වෙන මොන සුදුසුකම් තිබ්බත් ,ඩිග්‍රි පිට ඩිග්‍රි තිබ්බත් වැඩක් නෑ මනුස්සකම් නැත්තම්.ඉතින් ඒ නිසා ලොකු වචන සෙට් එකකින් පමණක් හොඳ සන්නිවේදකයෙක් වෙන්න බෑ.ඒ වගේම තමන්ට talents තියනවා නම් ඒවා ඒ ඒ විදියට පාවිච්චි කරන්න.වෙන වෘත්තියකට පාර හදාගන්න මේ වෘත්තීයට පිවිසෙන්නත් එපා.කොහොම උනත් නම කිව්වම මිනිස්සු අඳුරගන්න සන්නිවේදකයෙක් වෙන්න සෑහෙන කාලයක් යනවා.ඒක එක රැයකින් වෙන දෙයක් නෙමෙයි නිසා ඒක වෘත්තියක් විදියට ප්‍රගුණ කරන්න ඕනෙ.හොඳ මිනිස්සු ආශ්‍රය කරන එක , හොඳ පොත පත කියවන එක ,හොඳ සින්දු අහන එක , සමාජයේ වෙන හැමදෙයක් ගැනම දැනුවත් වෙලා ඉන්න එක වගේ දේවල් කරන්නත් ඕන.

කාන්තාවක් විදියට මාධ්‍ය ක්ශේත්‍රයේ මේ තරම් ඉදිරියට එන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. මොනවද ඔබ ඉදිරියේ තිබුනු අභියෝග ?

සාමාන්‍යයෙන් සියලුම කාන්තාවන්ට එන අභියෝග ටික මටත් ආවා.එකක් තමයි මේක මෙයාට කරන්න පුළුවන් ද කියන එක .මම කොහොමත් සාමාන්‍ය ළද බොළඳ කෙල්ලෙක් වගේ නෙමෙයි.ඉතින් මට ඕනම පිරිමි ප්‍රමාණයක් එක්ක වැඩ කරන්න හැකියාව තිබුනා.විශයක් විදියට මේක ඉගෙන ගත්ත නිසා ඕනම තැනකදි ඕනම දේකට උපදෙස් දීමේ හැකියාවක් මට තිබුනා.ඒ හැම දෙයක් එක්කම ඕකට අභියෝග කරන්න පුළුවන් points දෙකක් මම කියන්නම්.එකක් You have to be very objective. තමන්ගේ අරමුණම පමණයි ඔලුවෙ තියෙන්න ඕනෙ.කිසිම හේතුවක් නිසා අඬන්න ළද බොළඳ වෙන්න එපා .ඔබේ අරමුණම පරමාර්ථය කරගන්න ඕනෙ.කිසිම දේකට mind එක cross කරන්න දෙන්න එපා.අනිත් එක තමයි තමන් නියැලිලා ඉන්න විෂය හරියට අධ්‍යයනය කරන්න සහ ප්‍රගුණ කරන්න.ඒකේ අලුත් දැනුම හොයන්න.ඒ අධ්‍යාපනයට අභියෝග කරන්න කාටවත් බෑ.ඉතින් ඒ දෙක හරියට කලොත් අපිට මේ ගමන යන්න පුළුවන් .මං ඇදවැටිච්ච තැන් , ඇදලා දාපු තැන් ,කපපු තැන් ,අවස්ථාව නොදුන්න තැන් නැතුව නෙමෙයි.හැබැයි ඒ හැම bad day එකක්ම මම good day එකක් කරගත්තා.මොකද ප්‍රතික්ෂේප වීම තරම් මනුස්සයෙක්ව ශක්තිමත් කරන දෙයක් තවත් නැති නිසා.ඒක ආදරයේදිත් එහෙමයි , ඒක වෘත්තියෙදිත් එහෙමයි.

සමාජයේ සමහර අය මතයක් තියනවා කාන්තාවන්ට මේ මාධ්‍ය ක්ශේත්‍රයේ එතරම් සුදුසු නෑ කියලා.මේ ගැන ඔබේ මතය මොකද්ද ?

මම ඕකට ඉතාම කෙටියෙන් උත්තර දෙන්නම්. ” ඒක ගල් යුගයේ ගෝත්‍රික අදහසක් “

වරක් අපිට ඔබව අපුරූ ටෙලිනාට්‍යය රංගනයකින් දකින්න ලැබුනා.ඒ ගැනත් කියමු

මම ඇත්තටම ඒකට කැමති උනේ මගේ role එකම කරන්න තියන නිසා.වෙන role එකක් තිබ්බ නම් මම හිතන්නෑ මම ඒකට යයි කියලා.රංගනය කියන්නෙ හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.ඉතින් ඒක සැහැල්ලුවට හෝ හෑල්ලුවට ගන්න කෙනෙක් නෙමෙයි මම කොයිම වෙලාවක වත්.ඒක උපතින් අරන් එන ප්‍රතිභාවක්. ලස්සන උනා කියලා , සින්දු කියන්න පුළුවන් උනා කියලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒක.ඒ නිසා මම විශ්වාස කරනවා මටත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒක.ශර්මිලා ධර්මරාසා ෆොන්සේකා , එයා තමයි මේකේ අධ්‍යක්ෂවරිය, එයා මට කිව්වෙ තනූජා just be your self . එච්චරයි .සමහර තැන්වල මේකේ ප්‍රධාන නලුව උන රන්දික ගුණතිලක ගොඩක් උදවු කලා.ඊලග එකෙදි ඔහු සහ කලණ ගුණසේකර කියන දෙන්නම මට හම්බ වෙනවා වැඩ කරන්න.ඒ වගේම ප්‍රවීණ නලු නිලියෝ එක්ක වැඩ කරන්න මට අවස්ථාව ලැබුනා.එයාලට මං කෙරෙහි අමුතු ආදරයක් තිබුනා පවුලෙ කෙනෙකුට වගේ.මට මිනිස්සුන්ගෙන් ලැබෙන ආදරය වෙන කිසිම දෙයක් හෝ මොනතරම් ලොකු අවස්ථාවක් නිසාවත් උකසට තියන්නෙ නෑ.මට ඒ ආදරය මුදල් වලටත් වඩා ලොකුයි.ඒ වෙනුවෙන් මම හුඟක් දේවල් ප්‍රතික්ෂේප කරලා තියනවා.

මිනිස්සුන්ට මං කෙරෙහි තියන ආදරය සහ ගෞරවය නැතිවුනොත් මට සල්ලි හෝ වෙන කිසිම අවස්ථාවක් වැඩක් නෑ.මම ආයතනගත වෙලා ඉඳලා අයින් උනාට පස්සෙ මේ අවුරුදු තුන ඇතුලත සමහට advertisements, programs වලට බැහැයි කියලා තියනවා.මොකද ඊට වඩා මට ආදරය කරන මිනිස්සු මට වටිනවා.

නිවේදන ක්ශේත්‍රයට පිවිසෙන්න ආසාවෙන් ඉන්න අයට , ඔබ වෘත්තිය අත්දැකීම හැටියට පටන් ගන්න ඕන කොතනින්ද? ඔවුන් මූලිකවම හදාරන්න ඕන මොනවද ?

ප්‍රධානම දේ හොඳට ඉගෙන ගන්න ඕනෙ.ඉගෙන ගන්නෙ නැතුව මේ රස්සාව කරන්න බෑ.අනික මේ සමාජ මාධ්‍ය නෙමෙයි සන්නිවේදනය කියන්නේ.සන්නිවේදනය කියන්නෙ වෙන විෂයක්.ඒ නිසා කොයි වෙලාවක වත් සමාජ මාධ්‍යයෙන් සන්නිවේදනය ඉගෙන ගන්න යන්න එපා.මම කරන්නෙ good journalism .ඒ කියන්නෙ සදාචාරාත්මක සන්නිවේදනය.මේක විශයක්.මේක ඇතුලේ තියන දේවල් මැරෙන මොහොත දක්වා ඉගෙන ගන්න දේවල් තියන විෂයක් මේක.සමහර අලුත් ළමයි හිතනවා සමහර youtubers ලා කතා කරන විදිය , සමහරු ලයිව් ඇවිල්ල කතා කරන විදිය හරි කියලා.සමාජ මාධ්‍ය වලින් ගලවලා තමයි මේ කට්ටියව ගන්න ඕනේ සන්නිවේදනයට.ප්‍රධානම දේ තමයි සන්නිවේදකයෙක් වෙන්න නම් ඒ සන්නිවේදකයා ගැන මිනිස්සුන්ට විශ්වාසය තියෙන්න ඕනේ .ඒ විශ්වාසය ගොඩනැගීම සඳහා තමයි සෑහෙන කාලයක් යන්නේ.ඒක හරි විදිහට, හරි තැනකින් හරි ,මනුස්සයෙක් ගෙන් ඉගෙන ගන්න ඕනේ .අනිත් එක ගොඩක් ආචාරධර්ම රකින්න ඕන හොඳ ජනමාධ්‍යවේදියෙක් වෙන්න නම්.ඉතිං ඔය ටික කරනවා කියන එක ඇතුලෙ ලොකු හෝම්වර්ක් එකක් තියෙනවා .අඳින පළඳින විදිය මිනිස්සුත් එක්ක කතා කරන විදිහ හැසිරෙන විදිය කියන ඔක්කොමත් එක්ක ලොකුවටම බලපාන දේ තමයි විනය ගරුක බව .හොඳ විනයක් තිබුනෙ නැත්නම් මේක කරන්න බෑ .ඒ වගේම අනිවාර්යෙන් වෙලාවට වැඩ කරන්න ඕනේ .අධ්‍යක්ෂවරුන් නිෂ්පාදකවරුන් එක ඔවුන්ගේ අදහස් හුවමාරු කර ගැනීමේදී අපි මානුෂීය වෙන්න ඕනේ .ඉතිං හිතන්න එපා සමාජ මාධ්‍ය වල දකින තරම් ජනමාධ්‍යවේදියෙක් වෙන එක පහසුයි කියලා .මිනිස්සුන්ගෙ ආදරය දිනා ගන්න අවුරුදු ගාණක් යනවා .අදටත් මම වැඩසටහනක් කරන්න ගියාම ලොකුවට ඒක ගැන ප්ලෑන් කරනවා , හිතනවා.මගෙ ඔලුවේ හැම තිස්සෙම වැඩ කරනවා ඊලගට මොකද කරන්නේ කියලා.ඒකත් එක්ක තමයි මම ජීවත් වෙන්නේ .කැමරාවක් කියන්නේ මට ලස්සන කොල්ලෙක් වගේ .කැමරාව මයික් එක වැනි සියලුම උපකරණ මට මිනිස්සු වගේ .මයික් එක ගලවලා මම පැත්තකින් තියන්න පොඩි ළමයෙක්ව වගේ .සමහරු මම දකිනවා මයික් එක ගලවලා ඔහේ විසිකරලා දාලා යනවා .අපේ කටහඬ මුළු ලෝකයටම රටටම යන ඒ පුංචි උපකරණයට පවා අපි ගරු කරන්න ඕනේ .ඉතිං ඒ විනය ගරුක බව හැදියාව අනිවාර්යෙන්ම බලපානවා මේ ගමනට .ඒ වගේම දකින දකින දේ අඳින්නෙ නැතුව මිනිස්සුන්ට ප්‍රියජනක විදිහට අඳින්න පළඳින්න ඕනේ. මේ දේවල් වලින් අපිට හොඳ ගමනක් යන්න පුළුවන් .

තනූජා ජයවර්ධන කියන්නේ මොන වගේ කෙනෙක්ද ?

ඉරිච්ච ඩෙනිමක් ගහ ගත්ත, ඉතාම සරලව ජීවිතය දිහා බලන ,හැම මනුස්සයෙක්ම සමානයි කියලා හිතන, සින්දු අහන ,යාලුවෝ හුඟක් ආශ්‍රය කරන ,පවුලට අතිශය ආදරය කරන මගේම thoughts එක්ක ජීවත් වෙන්න පුළුවන් ලස්සන ලස්සන imaginations කරන , චිත්‍රපටි බලන ,පොත් කියවන සාමාන්‍ය මනුස්සයෙක්

අද අපේ කතා බහ ඔස්සේ ඔබ ඔබේ ජීවිතයට හරවත් යමක් එකතු කරගන්න ඇති කියලා අප විශ්වාස කරනවා.අපේ කතා බහට එකතුවුනු තනූජා ජයවර්ධන මෙනවියට ඉදිරි කටයුතු සියල්ල සාර්ථක වන්නට Smart Lady අපි සුබ ප්‍රාර්ථනා කරනවා.

ලබන සතියෙත් මෙවැනි කතාබහකින් ඔබ හමුවන්නට අපි බලාපොරොත්තු වෙනවා

තවත් මෙවැනිම කතා

More Stories

Don't Miss


Latest Articles