Tag: Motivational Stories

Motivational story 2022
2020 වසර ඇරඹුණේ මගේ හැම ශක්තියක්ම මගෙන් උදුරා ගනිමින්. නව වසර ඇරඹී දින කිහිපයක් යද්දී මගේ පෙම්වතා මා දකින්නට ආවේ වෙනදා වගේ ආදර වදන් රැගෙන නෙවෙයි. "ලෝරා…අපි බ්‍රේකප් වෙමු.." ඒ වචන ගැහැනු ළමයෙකුට පහසු නැහැ.ආදරය කරන්නට අප්‍රමාණ මිනිස්සු ලෝකයේ සිටින බව ඇත්තක්.නමුත් ඔහු මගේ වසර පහක ආදරය බව මට අමතක කර...
"මට වතුර ටිකක්.." හාත්පස අඳුරු ලෝකයකින් දෑස් විවර කළ මම මිමිණුවෙමි.මගේ හිස තදබල ලෙස රිදුම් දෙන අතර සිරුර ඇති බවක් නොවැටහේ. "වතුර ටිකක්.." මා සැබෑවටම ජීවත් වෙනවාදැයි සිතමින් මම නැවතත් මිමිණුවෙමි.ඇතැම්විට මා මිය ගොස් වන්නට ඇත.එහෙත් එය එසේ නොවන බව පැහැදිලි කරමින් නොදන්නා හඬක් මතු විණ. "ඔයාට ඔපරේෂන් කීපයක්ම කරා ලීසා.වතුර බොන්න බෑ...
විසි දෙවන දිගහැරුම , සමහර ගුවන් මගීන්ගෙන් ගුවන් සේවිකාවන් වෙත ආදර යෝජනා ලැබීම සාමාන්‍ය දෙයක් බවට පත්විය .මටද එසේ බොහෝ දෙනාගෙන් ආදර යෝජනා පැමිණ ඇත. සමහරු අපගෙන් දුරකථන අංක ඉල්ලා සිටින නමුත් එකල අපට දුරකථන තිබුණේ නැත. පසුකාලීනව ආයතනය මගින් අපට දුරකථන ලබා දුන් අතර එය ලංකාවට දුරකථන පැමිණි මුල් වකවානුව...
විසිවන දිගහැරුම , ගුවන් යානයේ ගුවන් නියමුවන් සතුව හදිසි අවස්ථාවකදී භාවිතයට ගත හැකි අත් මාංචු සහිත පෙට්ටියක් ඇත. එකල මගීන් සඳහා මත්පැන් නොමිලේ ලබාදෙන නිසා ඇතැමුන් සීමාවක් රහිතව මත්පැන් පානය කර අනෙක් මගීන් අපහසුතාවයට ලක්වන අයුරින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙයි. එලෙස සිහි මඳ ගතියෙන් හැසිරෙන අයට සහ සැකකටයුතු පුද්ගලයන් වෙනුවෙන් භාවිත...
දහනවවන දිගහැරුම , ලංකාවේ ගත කරන දිනයන් වලට වඩා මා බොහෝ දිනයන් ගත කළේ පිටරටවල ය . ලංකාවෙන් සමහර මාර්ග පිළිබඳ නොදන්නා මා පිටරට වල මාර්ග සහ කඩ සාප්පු පිළිබඳව හොඳින්ම දැන සිටියෙමි. ඒ ආකාරයෙන් මගේ සේවා කාලය තුළ මා රටවල් බොහෝ සංඛ්‍යාවකට ගොස් ඇත්තෙමි. එම සෑම රටක් ම එකිනෙකට...
දහ අටවන දිගහැරුම, අප කණ්ඩායමේ සිටි හැම හැම දෙනාම පාහේ බොහෝම විනෝදකාමී අය වූහ. එය රැකියාවේදී පවා ඉතාම පහසුවක් වූ අතර ප්‍රධානීන් බොහෝමයක් දෙනා පවා එසේ විය. නමුත් සමහර දිනවල කණ්ඩායමේ ප්‍රධානියා ලෙස තරමක් දැඩි ස්වභාවයකින් යුත් අයෙක් ලැබුනහොත් ඇතැම් අය රැකියාවට එදිනට පැමිණීමට පවා තරමක් මැලිවෙති. කුඩා දේවල් වලට...
දාහත්වන දිගහැරුම , ලබාදෙන පුහුණු වීම් සහ ඉගැන්වීම් අවසානයේ දී අපට විභාගයකට මුහුණ දීමට සිදුවනවා. අනෙක් කරුණු සියල්ලම දැන සිටියත් මෙම විභාගය අසමත් වුණ හොත් අපට ගුවන් සේවිකාවක් ලෙස සේවය කිරීමට අවස්ථාව ලැබෙන්නේ නැත.එම නිසා පියාසර කිරීමට අප සුදුසු බවට සහතික කළ එම ජාත්‍යන්තර සහතිකය අනිවාර්යයෙන්ම අප විසින් ලබාගත යුතුය...
දහසයවන දිගහැරුම , සෑම ගුවන්යානයකම හදිසි අවස්ථාවකදී භාවිතා කිරීම සඳහා mega phone ඇති අතර හදිසි ගොඩබැස්සවීමකදී එමගින් උපකාර ලබාගත හැකිය .මුහුද මත ගොඩබැස්සවීමකදී භාවිතයට ගැනීම සඳහා ජීවිතාරක්ෂක බෝට්ටුවේ flares ඇති අතර ඒවායෙන් නිකුත් වන විවිධ වර්ණ සහිත දුම් වලින් ද සහයට පැමිණෙන හෙලිකොප්ටර සඳහා සංඥා ලබාදිය හැකිය. එවැනි අනතුරු සහිත...
පහලොස්වන දිගහැරුම , පුහුණු කාලය තුළදී අප ඉගෙන ගත් තවත් එක් ප්‍රධාන දෙයක් විය .එනම් passenger is always right යන්නයි.ගුවන් සේවිකාවකට කිසිවිටෙක ගුවන් මගියෙකු සමඟ තර්ක කළ නොහැකි අතර ඉතා ඉවසීමෙන් සහ සංයමයකින් යුතුව ඔවුන් සමඟ ගනුදෙනු කළ යුතුය . ඉන්පසුව ඔවුන් අපට උගන්වන්නේ අප අඳින පළඳින ආකාරය සහ මේකප් කරන...
දාහතරවන දිගහැරුම , ගුවන් සේවිකාවක වීමේ සිහිනය සැබෑ කර ගැනීම සඳහා මම සම්මුඛ පරීක්ෂණයට සහභාගී වුණෙමි . එහිදී අප ඇවිදින විලාසය පවා නිරීක්ෂණයට ලක් කෙරෙන අතර ඔවුන් අසන සියලු ප්‍රශ්න වලට උත්තර දුන් මට ජපානයේ සිරිත් පරිදි හිස නමමින් උත්තර දීමද නිරායාසයෙන්ම සිදුවිය. මාගේ අයදුම්පතෙහි මා ජපානයේ කලක් අධ්‍යාපනය ලැබූ...