Tag: Motivational Stories

දහතුන්වන දිගහැරුම , ලංකාවේ ප්‍රධාන පෙළේ හෝටලයකට විවිධ තනතුරු සඳහා නව සේවකයින් බඳවා ගන්නා බවට පුවත්පත් දැන්වීමක් පළ වී තිබුණි . මා බලාපොරොත්තු වූ මොහොතක ම එම දැන්වීම පළවී තිබූ බැවින් මා එසැනින් ක්‍රියාත්මක වී ඒ සඳහා අයදුම්පතක් යොමු කළෙමි. ඉන්පසුව මගේ වාසනාවකට මෙන් එම හෝටලයේහි මාස හයක පුහුණුවීම් කාලයක්...
දොළොස්වන දිගහැරුම , ඉකෙබානා මල් සැකසීමේ කලාව යනු ජපානයේදී මා ඉගෙන ගත් තවත් සුවීශේශී දෙයකි.ඒ දැනුම අපතේ නොයන දෙයක් බවට පත් කරමින් මා එය ප්‍රයෝජනයට ගන්නේ වර්තමානයේ මගේ නිවස ලස්සනට සැරසීම සඳහා මල් සකස් කරමිනි.එපමණක් නොව මා ඔරිගාමී කලාවද ඉගෙනගත්තේ ඉතාම උනන්දුවකිනි. ඒ වගේම ජපන් ක්‍රමයට පැරණි චාරිත්‍ර පෙරදැරිව සිදුකෙරෙන...
එකොළොස්වන දිගහැරුම , මගේ අම්මා ,කුඩා කල සිටම බතික් ඇඳුම් ඇඳීම සඳහා මා හුරු කළ නිසා මා අදටත් බතික් ඇඳුම් ඇඳීම සඳහා අතිශය ප්‍රිය කරමි. මා ජපානයට එන විට අම්මා මට බතික් ඔසරියක් සකස් කර දුන්නාය. මා එම ඔසරිය ඇඳ සිටිනු දැක ජපානයේ නමගිය චිත්‍ර ශිල්පින් කිහිප දෙනෙකු මා අමතා...
නවවන දිගහැරුම , මා දිනපතාම පාසල් යන්නේ හිරෝෂිමාවට පරමාණු බෝම්බ හෙලූ තැන ඉදි කර ඇති කෞතුකාගාරය අසලින් ය .ජපන් ජාතිකයන් වැඩිපුරම සාමය අගය කරන පිරිසක් බවට පත්ව ඇත්තේ එම බෝම්බ ප්‍රහාරයෙන් පසුව ය . හිරෝෂිමාවට එල්ලවූ එම පරමාණු බෝම්බ ප්‍රහාරය ගැන ඇත්තේ අතිශය දුක්බර සහ ඛේදජනක කතා පුවතකි . එවකට එම...
අටවන දිගහැරුම , ජපන් අම්මා සහ තාත්තා විසින් ඔවුන්ගෙ නිවසේ මට වෙනමම කාමරයක් වෙන්කර තිබුනි. සාම්ප්‍රදායානුකූල ජපන් නිවසක් වූ එහි මට වෙන් කර තිබූ කාමරය සියලුම සැප පහසුකම් වලින් සපිරි එකක් විය . නාන කාමරයක් ද සහිත වූ එහි පොළවට ජපන් නිවෙස් වල පොළවට සාමාන්‍යයෙන් භාවිතා කරන tatami නම් වූ...
හත්වන දිගහැරුම , ජපානයේ ගමනට ගමන් වියදම් සඳහා තාත්තා විසින් වියදම් දැරිය යුතුව තිබූ නමුත් සියලුම අධ්‍යාපන වියදම් මා හට නොමිලේම ලැබෙන්නට නියමිතව තිබුණි . ගුවන් ටිකට් පත වෙන් කර ගැනීම සඳහා මුදල් වියදම් කළ තාත්තා මා හට අනෙකුත් වියදම් සඳහා ද මුදල් දුන්නේය. අම්මා තාත්තා සහ නංගී නොමැතිව යන...
හයවන දිගහැරුම කිසිම දිනක මගේ සිත තුල පන්ති බේදයක් තිබුනේ නැත.හැම මිනිසෙක්ම එක සමානය යන හැඟීමෙන් මා අදටත් කටයුතු කරන කෙනෙක් අතර කිසිම ආඩම්බරකමකින් තොරවම සියලු දෙනා සමඟ මම සිනාසෙමි , කතාබහ කරමි.මිනිසුන් ලෙස අප කුමන තරාතිරමක සිටියද අනෙකාට ගරු කල යුතු බව මගේ සිතුවිල්ලයි.මගේ ඒ ගතිගුණය නිසා ඇතැම් දිනවල...
හතරවන දිගහැරුම , අපේ කුඩා කාලය අර්ථවත් එකක් කරන්නට අම්මා සහ තාත්තා ගත් වෙහෙස අති මහත්ය.යහපත් පුරුදු අපට පුරුදු කරන තාත්තා පොත් කියවීමටද අපව යොමු කලේ එමගින් පවා අපේ ජිවීත වලට එකතු කරගත හැකි බොහෝ වටිනා දේවල් තිබෙන නිසාය. වැටුප් ලැබෙන දිනයට පසුව දිනක පිටකොටුවේ පිහිටි ගුණසේන පොත් හලට නංගීවත් මාවත්...
" අම්මේ.. මේ චිත්‍රේ බලන්නකො " අමානි එහෙම කියාගෙන ශ්‍රියා ගාවට ආවේ පැය ගානක් තිස්සේ පාට කරපු චිත්‍රය අරගෙන.පුංචි කාලේ ඉඳලම චිත්‍ර වලට දක්ශ උන අමානිගේ ඒ හැකියාව දියුණු කරගන්න ශ්‍රියා වගේම අමානිගේ තාත්තා උන නිමලුත් ගොඩක් උදවු කලා.රැකියාවකට යන්න අකමැති උන අමානි රැකියාව වශයෙන් කලේ චිත්‍ර ඇඳලා විකුණපු එක....
අද chat with smart lady අපේ කතාබහට එකතු වෙන්නේ වසර ගණනාවක් තිස්සේ රූපවාහිනී තිරයේ ඔබට බොහොම හුරු පුරුදු කෙනෙක් .ඇය තනූජා ජයවර්ධන කොහොමද මේ දවස් වල වැඩ කටයුතු ? මේ දවස් වල මම රූපවාහිනි සංස්ථාවේ ජාතික නාලිකාවේ වැඩසටහන් දෙකක් කරනවා.එකක් " තාල භාෂණ " වැඩසටහන .ඒක talk show එකක්.අනික " අපේ...