ඔයා කියන දේවල් එයා අහන්නෙ නැද්ද? මේ ලිපිය කියවන්න.

“මේ හැම දේටම හේතුව  එයාට මාව අහන් ඉන්න ඕන නැතිකම” පවුල් ජීවිතය සම්බන්ධයෙන් ඇති ගැටළු වලදි බොහොමයක් කාන්තාවන් එහෙම කියන්න පැකිළෙන්නේ නැහැ.

සම්බන්ධතාවයක් ආරක්ෂා වෙන්න නම් හොඳ සන්නිවේදනයක් අතිශය වැදගත්.බොහෝ විට කාන්තාවන් නගන චෝදනාව වන්නේ එයා මට ඇහුම්කන් දෙන්නේ නෑ කියන එකයි.ඔබට ඇහුම්කන් නොදෙන සන්නිවේදනය අඩු සහකාරයෙක් ඉන්නවා නම් ඔබට මොනවද කරන්න පුළුවන්.අද අපි ඒ ගැන ඒ ගැන කතා කරමු.

ඔබේ සහකරු ඔබ සමඟ යහපත් සන්නිවේදනයක් නැති වීම ඔබව නොසලකා හැරීමක් කියලා ඔබ හිතන්න පුළුවන්.ඇත්තටම ඒක එහෙම වෙන අවස්ථාත් තියෙනවා.නමුත් ඔබ දෙදෙනාගේ සන්නිවේදන ගැටලු සහ ඔහුගේ සවන් දීමේ ගැටලු මේකට හේතුව වෙන්නත් ඉඩක් තියෙන බව සිහියේ තබා ගන්න .සමහර වෙලාවට මේකට හේතුව ඔබ යමක් ප්‍රකාශ කරන ආකාරය වෙන්නත් පුළුවන්.

ඇත්තටම මොනවද ඔහු ඔබට ඇහුම්කන් නොදෙන හේතු වෙන්නේ?

1. ඔබ යමක් පවසන ආකාරය .

ඔබට තියෙන්නෙ අණ කිරීමේ ස්වරයක් ද? එය ඔබේ සාමාන්‍ය කතා කරන විලාසය වුණාට ඔහුගේ කෝපය තදින් අවුලන්නක් වෙන්න පුළුවන්.ඒ වගේම ඔබ හැමවිටම සෘණාත්මක අදහස් දැක්වීම නහයෙන් ඇඩිම වගේ දේවල් සම්බන්ධයෙන් ඔහු අකමැත්තෙන් ඉන්නවා වෙන්නත් පුළුවන්.ඒ නිසා ඔබේ කථන ස්වභාවය ගැනත් සැලකිල්ලක් දැක්වීම හරිම වැදගත්

2. ඔබ සෑහෙන තරමකට කතා කිරීම.

ඉවරයක් නැතුව කියවගෙන යන කිසිම දෙයක් ඔහුට තේරෙන්නේ නැත්නම් එතනත් වෙන්නේ ඔහු ඔබට ඇහුන්කන් නොදී ඉන්න එකයි.සමහර වෙලාවට ඔබ කියන දේ කන්කරච්චලයක් වීම හෝ නැත්තම් ඇත්තටම ඔබ කියලා දෙය ඔහුට නොතේරීම තමයි මේකට හේතුව වෙන්නේ.ඒ නිසා කියන දේවල් පැහැදිලිව සරලව කිව්වොත් ඔහු ඔබට ඇහුම්කන් නොදී ඉන්න එකක් නැති වෙයි

3. ඔබ දෙදෙනා කතාබහ කරන්නේ ඉතාමත් කලාතුරකින් වීම

මෙයත් සන්නිවේදනය අයපහත් වෙන්න සෘජුවම බලපානවා.දෙදෙනා මුණ ගැහෙන්නේ ඉඳහිට නම් කතා කරන්නට බොහෝ දේවල් තිබෙනවා.ඒ වගේම ඔබ විවාහක නම් ඔබ දෙදෙනා කතාබහ කරන්නටවත් බැරිතරමට කාර්යබහුල වී සිටීම හොඳ සන්නිවේදනයකට ලොකු බාධාවක් ඇති කරල ඇති.ඒ නිසා ඔහු ඔබට සවන් නොදීම ඔබට පීඩාවක් වෙලා ඇති.

4..ඔබේ අකාරුණික බව

ඔහු කරන ඕනෑම දෙයකට ඔබෙන් ලැබෙන්නේ තදබල විවේචන නම් ඔහු ඔබට  සවන් දෙන්නට බිංදුවක්වත් කැමති වෙන එකක් නෑ.ඔහු අහන දේකට ඔබ දෙන්නේ දරුණු පිළිතුරු නම් ඔබ නිතරම මත ගැටුම් වලට කැමති නම් ඔහු ඔබත් එක්ක කතා කරන එකට ඇත්තටම කැමති නැතුව ඇති.අකාරුණික බව ඔබව ඔහුගෙන් ඈත් කරන ප්‍රධානම සාධකයක් කියලා අමතක කරන්නම එපා.

5.ඔබ සිදු කරන බලපෑම්

ඔබට අවශ්‍ය ඔබේ මතයම නිවැරදි කරගන්න නම් ඔබ සමඟ ඔහු කතාබහ කරන එක ඇත්තටම අඩු වෙලා ඇති.ඔබ ඔහු ගැන තදබල විවේචනවලට එළඹෙනවානම් ඔබ තමයි හරි කියන එක නිතර කියනවා නම් ඇයි ඔහු ඔබත් එක්ක කතා කරන්නේ? ඒ නිසා කතාවකදී සාධාරණ වෙන්න හැකිතාක් උත්සාහ ගන්න.

6.ඔබේ ප්‍රතිචාර

ඔබට ඒ තරම් වැඩක් නැති දෙයක් ගැන ඔහු යමක් කියනකොට ඔබේ ප්‍රතිචාරයක් මතක් කරලා බලන්න.”අනේ ඇත්තටම මට ඔය වැඩකට නැති ක්‍රිකට් වැඩක් නෑ.මම මේ ලොකු වැඩක්” ඔබ එහෙම කියලා තියනවද? සම්බන්ධතාවයක් ඇතුළේ කතාබහ කරන සේරම දේවල් අපිට ඇත්තටම අවශ්‍යම මාතෘකා නෙවේ.නමුත් හොඳ සවන්දෙන්නෙකු නොවී ඔබ ඔහුගෙන් හොඳ සන්නිවේදනයක් අපේක්ෂා කරන්න එපා.

7.ඔහුගේ ආවේණික ගැටලු

ඔබ කතා කරන දේට ඔහු රුචි නොවීමත් එක් ගැටලුවක්.ඒ වගේම ඔහු ඇහුම්කන් දෙන්නේ හෝ කතා කරන්නේ වෙන වැඩක ඉඳගෙන නම් ඒකත් ගැටලුවක්.ඒ වගේම තමයි ඔහු කෙටි කතාබහකට කැමති කෙනෙක් වෙන්නත් පුලුවන්.

සන්නිවේදනය අයහපත් වීම කියන්නේ කතාබහ කරලම විසඳුම් හොයන්න ඕනෑ ප්‍රශ්නයක්.මේ ගැටලුව ඔබ දෙදෙනා වෙන් විය යුතු ගැටලුවක් නම් නෙවේ.උපදේශනයකට යොමු වී ඔබේ චර්යාවන් වෙනස් කර ගැනීමට යම් යම් අභ්‍යාස ලබා ගැනීමෙන් ඔබට වඩා යහපත් සන්නිවේදනයක් ඉක්මනින් උදා කරගන්න පුලුවන්.

වැඩි වැඩියෙන් අහගෙන ඉන්න! ආදරෙන් කතා කරන්න.

Related Articles

Don't Miss


Latest Articles