රෝම ඉවත් කරාට පස්සෙ කකුල ස්ට්‍රෝබෙරි පොත්තක් වගේද?

ඔයාගේ කකුලේ අමුතු අමුතු පැල්ලම් ගැන ඔයාට නිරීක්ෂණය වෙලා තියනවද? පුංචි අඳුරු පැල්ලම් හරි කළු තිත් හැටියට හරි මේවා දකින්න පුලුවන්. ඒවාට කියන අමුතු නමකුත් තියනවා.

“Strawberry legs”

නෑ නෑ.!  ඔයාගේ කකුල පළතුරු වත්තක් වෙලා නෑ. ඒ ඒවාට කියන නම. එතකොට මේවා තියෙන එක හොඳද කින්ද මන්ද කියලා දැන් ඔයාට දාහක් ප්‍රශ්න ඇවිත් ඇති. SmartLady අපි ඉන්නේ ඒවා විසඳන්න තමයි. ඒ නිසා අපි කතා කරමු.

තෙල්

බැක්ටීරියා

මිය ගිය සම

මෙන්න මේ දේවල් තුන තමයි මේ සිදුවීමට හේතුපාදක වෙන්නේ.

එතකොට මේ වගේ පැල්ලමක් ඇති වෙන්නේ කොහොමද?

ප්‍රධාන කාරණාව ඔයා වැක්ස් භාවිතය අතෑරලා දාලා රෝම ඉවත් කරන්න රේසර් එකක් භාවිතා කිරීම. සමහර වෙලාවට වැක්ස් කිරීමත් හේතුවක්. ඒ සේරටම අමතරව

බැක්ටීරියා

යීස්ට්

දිලීර

සමේ pH අගය සමට ආලේප කරන රසායනික ද්‍රව්‍ය නිසි ලෙස භාවිතා නොකිරීම හේතු වෙන්න පුලුවන්.

රතුපාට පුංචි තිත් හැටියට පටන් අරන් මේවා පස්සේ කලු පාට වෙනවා.රතු තිත් තමයි අර නමට හේතුව.

මොනවද ප්‍රතිකාර?

දිනපතා හොඳ මොයිස්චරයිස් ආලේපනයක් භාවිතා කිරීම

වෘත්තිය උපකාර යටතේ ලේසර් කිරණ ප්‍රතිකාර

චර්ම රෝග වෛද්‍යවරයෙක් යටතේ ප්‍රතිකාර.

ගෙදරදී පාවිච්චි කරන්න පුලුවන් පැක් මොනවද?

කෝපි ස්ක්‍රබ්

කෝපි කුඩු ටිකක් සහ සීනී තේ හැඳි දෙකක් ද රෝස වතුර තේ හැන්දක් ද ගන්න.හොඳින් මිශ්‍ර කර කකුල්වල ආලේප කර තබා ඉවත් කරන්න.

ලුණු ස්ක්‍රබ්

ලුණු කුඩු සහ පොල්තෙල් හොඳින් මිශ්‍ර කර පිරිසිදු කරගත් දෙපාවල විනාඩි විස්සක් ආලේප කර තබා සෝදා හරින්න.

පිපිඤ්ඤා ස්ක්‍රබ්

පිපිඤ්ඤා ගෙඩියක් හොඳින් බ්ලෙන්ඩ් කරන්න. එයට සීනි තේ හැඳි තුනක් සහ රෝස වතුර තේ හැන්දක් එකතු කරන්න. ආලේප කර විනාඩි විස්සක් තබා සෝදා හරින්න.

මේ ක්‍රම මොනවා කළත් කොටට ඇඳුමක් අඳින්න බැරිතරම් ඔයාගේ කකුල්වල Strawberry legs තියනවානම් අනිවාර්යයෙන් චර්ම රෝග වෛද්‍යවරයෙක් මුණ ගහෙන්න.

Related Articles

Don't Miss


Latest Articles