අධික අව්වෙන් සම රැක ගනිමු

මේ දිනවල හිරු එළිය ඉතාම අධික ය. අධික හෝ අඩු වුණත් හිරු එළිය ඔබේ සමට කිසිසේත් හිතකර නැත. සම අවපැහැ ගැන්වීම ඇතුළු බොහෝ ගැටලු මේ නිසා ඇති විය හැක. අව්වට ගොස්  සමට හානි වීමෙන් පසු ප්‍රතිකාර කිරීමට වඩා කලින් ම ඉන් වැළකීමට කටයුතු කිරීම වඩා ප්‍රතිපලදායක වේ. හිරු එළියට නිරාවරණය වීමේදී සම රැක ගැනීමට කළ හැකි දේවල් අපි බලමු.

අව්වට නිරාවරණය වීමෙන් ඔබට ඇතිවන ගැටලු

සම අවපැහැ ගැන්වීම.

සමෙහි අඳුරු පැල්ලම් ඇති වීම.

බිබිලි මතු වීම.

රතු පැහැ පැල්ලම් ඇති වීම.

චර්ම පිළිකා ඇතිවීමට ඇති අවදානම ඉහළ යාම.

මේවායින් වැළකීමට කළ හැකි දේ

හොඳ sunscreen එකක් නිවැරදිව භාවිතා කරන්න.

SPF අගය 30ට වඩා වැඩි , ප්‍රමිතියකින් යුතු සන්ස්ක්‍රීන් එකක් භාවිතා කරන්න. එය මුහුණේ පමණක් නොව ඇඳුමෙන් ශරීරය එළියට පෙනෙන සෑම තැනකම ආලේප කරන්න. මෙය ඔබ එළියට යාමට විනාඩි 30කට පෙර ආලේප කළ යුතුයි. එළියේ සිටින සම්පූර්ණ කාලයේද පැය දෙක තුනකට වරක්වත් නැවත ආලේප කරන්න. වෛද්‍යවරු පවසන්නේ අව්ව තිබුණත් නැතත් දිනපතා පුරුද්දක් ලෙස සන්ස්ක්‍රීන් එකක් භාවිතා කිරීමට පුරුදු වීමෙන් ඔබට චර්ම පිළිකා වැළදීමේ අවදානම අඩුවන බවයි. 

හැකිතාක් ඇඟ වැසෙන සේ ඇඳුම් අඳින්න.

අධික රස්නය නිසා දහඩිය දැමීම මත මෙසේ ශරීරය වැසෙන ඇඳුම් ඇඳීම එතරම් ප්‍රායෝගික නොවන බව සැබෑවක්. නමුත් හැකිතාක් ආවරණය වූ ඇඳුම් භාවිතා කිරීම නිසා ඔබට හිරු එළියෙන් වැළකෙන්නට පුලුවන්. ඩෙනිම් වැනි තද රෙදි මේ සඳහා ඉතා සුදුසු වේ. UV protection එක් කර සෑදූ ඇඳුම් වුවත් දැන් වෙළඳ පොලේ දක්නට තිබේ. 

තොප්පියක් හෝ කුඩයක් භාවිතා කිරීම. 

ඔබේ මුහුණ සහ බෙල්ලට සම්පූර්ණයෙන් ම සෙවණ වැටෙන සේ සකසා ඇති තරමක විශාල තොප්පියක් භාවිතා කරන්න. එසේ නොමැති නම් ඝනකම් කුඩයක් භාවිතා කරන්න. මේ කිසිත් නැති නම් අවම වශයෙන් ගසක් යට හෝ සෙවණක හිඳීමට උත්සාහ කරන්න. 

තද හිරු එළිය ඇති වේලාවල් ගැන විශේෂයෙන් සැලකිලිමත් වන්න.

උදේ 10.00 සිට හවස 4.00 දක්වා වෙලාවා සාමාන්‍යයෙන් හිරු එලිය සැර බව සැලකේ. හැකිතාක් මේ වේලාවල් මග හරින්නට උත්සාහ කරන්න. 

අව්වට යාමට ඇති දිනවල සමට විශේෂ සත්කාර කිරීමෙන් වළකින්න. 

අව්වට යාමට ඇති දිනවල දී ෆේෂල්, ක්ලීනප් හෝ වඩා සංකීර්ණ සත්කාර නොකර සිටීම වඩාත් සුදුසුයි. ඒවා මගින් සම සංවේදී වීම නිසා හිරු එළියට නිරාවරණය වීමෙන් සාමාන්‍ය සමටත් වඩා හානි වීමේ හැකියාව තිබේ. 

ඔබට මේ කිසිවක් කිරීමට නොහැකිව සමට අව්වෙන් හානි වූවා නම් මේ ලිපිය කියවන්න. 

Related Articles

Don't Miss


Latest Articles