ලොව පුරා පැතිර යන රෝස පාට උන්මාදය

මේ දවස්වල ලෝකෙම රෝස පාට වෙලා!

සමාජ ජාලාවල බහුතරයක් අය අප්ලෝඩ් කරන්නෙ රෝස පැහැ ඇඳුමින් සැරසුණු ඡායාරූප. බොලිවුඩ්, හොලිවුඩ් තරු පවා මේ රැල්ලට එකතු වෙලා.

මේ උන්මාදයට හේතුව Barbie!

Barbie චිත්‍රපටිය මේ වසරේ ජූලි විසි තුන්වැනිදා ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කළා. Greta Grewig අධ්‍යක්ෂණය කළ barbie චිත්‍රපටිය Warner Bros. Pictures නිෂ්පාදනයක්.Margot Robbie බාර්බි ලෙස ප්‍රධාන චරිතය මවන අතර Ryan Gosling බාබිගේ පෙම්වතාගේ චරිතය රඟ දක්වනවා. ඔබ මේ සටහන කියවන මොහොත වෙද්දී ලෝකය පුරා ප්‍රදර්ශනය කිරීම් වලින් Barbie ඩොලර් මිලියන 93 ට වඩා උපයා අවසන්. මෙය නිපදවන්නට ඩොලර් මිලියන 145 ක පමණ මුදලක් වැයවූ බව සඳහන්.

අන්තර්ජාලයේ Barbie ලෙස හෝ ප්‍රධාන නළු නිළි යුවළගේ නම් ගූගල් සෙවීමට ලක් කරද්දී තිරය පුරා රෝස පැහැති තාරකා විසිරී යනවා. එය එපමණකට උන්මාදයක්.

බාබි බෝනික්කා කියන්නේම එක්තරා කාලයක උමතුවකට. 1960 දශකයේදී බෝනිකි සංකල්පය වෙනස් කළේ බාබි. කුඩා ගැහැනු දරුවෙක්ගේ හැඩරුවට නිපදවන බෝනික්කාට සරාගී ගැහැනු රුවක් ගෙන ආවේ බාබි. මේ රූපයට සිහින් රතු තොල්, සකසන ලද කෙස් කළඹ,දිගු ඇඟිලි, සරාගී සිහින ඇස්, මිටකට ගත හැකි සිහිනිඟ,කුඩා පියයුරු අන්තර්ගතයි. බාබි රූපය සඳහා මැරලින් මොන්‍රෝ සහ එලිසබෙත් ටේලර්ගේ රූපය යොදා ගත් බව කියැවෙනවා. ඒ කාලයේ බාබී බෝනික්කා syndrome එකක් බවට පත්වූ බව කියවෙනවා. එවැනි රූපයක් හදාගන්නට ගැහැණු ළමයින්ට ලොකු උවමනාවක් ඇති වුණා.

Barbie චිත්‍රපටය පුරාවට යොදාගෙන ඇත්තේ බාබිගෙ theme colour එක වෙන රෝස පාට.ප්‍රේක්ෂකයන් රෝසපාට ෆැන්ටසියට අසු වෙන්නේ නොදැනුවත්වම යි. මාග්‍රට් සහ රයන්ගේ විශිෂ්ට රංගනය වගේම අපූරු ගීත කිහිපයක්ම ඔබව ඒ දෙපැය සුන්දර සිනමාත්මක අත්දැකීමකට අරගෙන යනවා.

කාන්තා පුහු ආටෝපය සහ සමහර විලාසිතා ගැන මෙහි උපහාසයෙන් කතා කරනවා. නමුත් ස්ත්‍රී වීරත්වයත් මෙහි නැතිවාම නෙවෙයි. ප්‍රබල ස්ත්‍රීවාදි කැරැල්ලක් චිත්‍රපටිය පුරා කියැවෙන බවත් විචාරකයන් පවසනවා.

බාබි බෝනික්කා ලෝකයේ අමුතුම කැරැල්ලක් ඇති කළා. බාබි චිත්‍රපටියත් එය එලෙසම කරාවි.

රෝස පාට ඇඳුමක් ඇඳගෙන Barbie බලන්න යන්න. විශේෂිත ඡායාරූප රාමුව ඇතුළට වෙලා ලස්සන ෆොටෝ එකක් ගන්න. ඒ වෙනස්ම අත්දැකීම විඳලම බලන්න.

රෝසපාටට ආදරේ වුණත් ලෝකේ වෙනස් කරන කෙල්ලො එනතුරු Barbie බලන් ඇති.

Related Articles

Don't Miss


Latest Articles