විශාද නාශක නිසා ඇතිවෙන අතුරු ප්‍රතිඵල පාලනය කරන හැටි

විශාද නාශක ලබා ගැනීමේදී යම් යම් අතුරු ආබාධ ඇතිවීම සාමාන්‍ය කාරණාවක්. ඒවා භයානක නොවන නමුත් ඔබේ සාමාන්‍ය ජීවිතයට බාධා ඇති කරන කරදරකාරී බවක් ඇතිවන්නට පුළුවන්. විශාල නාශක මඟින් ඇතිවන අතුරු ආබාධ පාලනය කරගන්න කරගන්න ආකාරය ගැන ඔබට කියන්න අපි හිතුවේ ඒ නිසා.

• ඔක්කාරය 

සාමාන්‍යයෙන් විශාද නාශක ලබාගැනීම ආරම්භයේදීම ඇති විය හැකි අතුරු ආබාධයක් තමයි ඔක්කාරය කියන්නේ.මෙය ,ඖෂධය ඔබේ ශරීරයට හැඩ ගැසීමෙන් අනතුරුව පහව යා හැකි තත්ත්වයක් වුණත් එය ආරම්භයේ දී ම යම් තරමකට ඔබට පාලනය කරගත හැකියි 

ඒ සඳහා ,

ඉතා හොඳ සමබල ආහාර වේලක් ලබා ගන්න 

සීනි රහිත බිස්කට් , කෘතිම නොවන snack වර්ග හෝ පලතුරු නිතර ආහාරයට ගන්න 

ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්න

දිගින් දිගටම පවතී නම් ඖෂධය මාත්‍රාව පිළිබඳව වෛද්‍යවරයා සමග සාකච්ඡා කරන්න

• ආහාර රුචිය වැඩිවීම සහ බර වැඩිවීම  

ඔබේ මානසික අවපීඩන තත්ත්වයේ රෝග ලක්ෂණ අඩු වෙමින් පවතින විට ඔබේ ආහාර රුචිය වර්ධනය වීමේ හැකියාව තිබෙනවා. එහිදී ඔබ පෙරට වඩා ආහාර ගැනීම නිසා ඔබේ ශරීරයේ බර පිළිබඳව ගැටලු ඇති වීමට ගැටළු ඇතිවිමට පුලුවන්.නමුත් ඔබේ බර අනවශ්‍ය ලෙස වැඩි වන බව ඔබට දැනෙනවා නම් ඒ පිළිබඳව ඔබේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කළ යුතුයි 

ඊට අමතරව , 

රසකැවිලි භාවිතය අඩු කරන්න 

සීනි සහිත ආහාර පාන අවම කරන්න 

හොඳ එළවළු සහ පලතුරු ආහාරයට ගන්න 

කැලරි අධික , කෘතිම ආහාර භාවිතය හැකිතාක් පාලනය කරන්න 

හොඳ ව්‍යායාම රටාවක් අනුගමනය කරන්න

• තෙහෙට්ටුව සහ නිදිබර ගතිය 

විශාද නාශකයන් ලබාගැනීම ආරම්භ කිරීමේදී පටන් සති කිහිපයක් යනතුරු වෙහෙස වීමකින් තොරව දැනෙන තෙහෙට්ටුව සහ නිදිබර ගතිය බහුලව දැකිය හැකියි. 

ඒ සඳහා , 

දිවා කාලයේ හැකිනම් කෙටි නින්දක් ලබා ගන්න 

ඇවිදීම වැනි ශාරීරික ක්‍රියාකාරකම් කිහිපයක නිරතවන්න 

තෙහෙට්ටුව දැනීම පහව යනතුරු රිය පැදවීම වැනි අනතුරු ඇතිවිය හැකි ක්‍රියාකාරකම් වල නිරත වීමෙන් වළකින්න 

ඔබේ ඖෂධ මාත්‍රාව පිළිබඳව වෛද්‍යවරයා හා සාකච්ඡා කරන්න

• නින්ද නොයාම 

සමහර විශාදනාශක ඖෂධ මඟින් ඔබේ ශරීරයේ ශක්ති ප්‍රමාණය සහ උද්යෝගිමත් බව වැඩි කරන නිසා නින්ද නොයාම වැනි තත්ත්වයන් ඇතිවිය හැකියි. නමුත් මානසික අවපීඩනය වැනි තත්වයකදී නින්ද යනු අනිවාර්ය කාරණාවක් නිසා මේ තත්ත්වය ගැන ඔබ සැලකිලිමත් විය යුතුයි

ඒ නිසා , 

ඔබේ වෛද්‍යවරයා හා සාකච්ඡා කර ඔබේ ඖෂධ උදෑසන කාලයේදී ලබා ගන්න 

කැෆේන් සහිත ආහාර සහ බීම වර්ග භාවිතයෙන් වලකින්න

ව්‍යායාම කරන්න. ශරීරය වෙහෙසී ඇති නිසා එය නිදිමත ඇතිවීමට හේතු විය හැකියි

නින්ද නොයාමේ ගැටලුව දිගටම පවතී නම් ඒ සඳහා සුදුසු ඖෂධයක් වෛද්‍යවරයාගෙන් ලබා ගන්න 

• වියලි මුඛය 

වියළි මුඛය යනු බොහෝ විශාද නාශක ඖෂධ වල පොදු අතුරු ආබාධයකි 

ඒ නිසා  ,

නිතරම ජලය පානය කරන්න

දුම්කොළ , මද්‍යසාර සහ කැෆේන් සහිත පාන වර්ග ඔබේ මුඛය වියලීමට හේතු විය හැකි බැවින් ඒවා වලක්වා ගන්න 

වියළි මුඛයක් තිබීම දන්ත කුහර ඇති වීමට හේතු විය හැකි නිසා දිනකට දෙවරක් ඉතා හොඳින් දත් මදින්න 

මේ තත්ත්වය දිගටම පවතිනවා නම් ඖෂධ මාත්‍රාව වෙනස් කිරීම පිළිබඳව වෛද්‍යවරයා සමග සාකච්ඡා කරන්න

• මල බද්ධය

විශාද නාශක වල අඩංගු සමහර සංඝටක ආහාර ජීරණ පද්ධතිය සහ අනෙකුත් ඉන්ද්‍රියන් වල සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට බාධා කරන නිසා මළබද්ධය වැනි තත්ත්වයන් ඇතිවීමේ අවදානම පවතිනවා. 

ඒ නිසා , 

ඉතා හොඳින් ජලය පානය කරන්න

නැවුම් එළවළු සහ පළතුරු ආහාරයට ගන්න 

තන්තු බහුල ආහාර පරිභෝජනය කරන්න

ගස්ලබු වැනි පලතුරු ආහාරයට ගන්න. නැතිනම් යුෂ පානය කරන්න 

නිතිපතා ව්‍යායාම කරන්න

වෛද්‍යවරයකුගේ උපදෙස් මත තන්තු අතිරේකයක් ලබාගන්න 

• කරකැවිල්ල 

කලන්තය සහ කරකැවිල්ල යනු විශාද නාශක වල තවත් පොදු අතුරු ආබාධයක්.සමහර ඖෂධ මගින් රුධිර පීඩනයට බලපෑම් එල්ල වන නිසා මෙවැනි තත්ත්වයන් ඇති විය හැකියි

ඒ නිසා , 

අනිවාර්යයෙන්ම උදෑසන ආහාරය ලබා ගන්න 

අවශ්‍ය වූ විට පරිභෝජනය කිරීම සඳහා සුලු කෑම වර්ගයක් සහ බීම වර්ගයක් නිතරම ළඟ තබා ගන්න

රිය පැදවීමෙන් හෝ යන්ත්‍රෝපකරණ භාවිතයෙන් වළකින්න

දියර වර්ග වැඩි වශයෙන් පරිභෝජනය කරන්න

කැෆේන් සහ දුම්කොළ භාවිතයෙන් වළකින්න

ඔබේ වෛද්‍යවරයා අනුමත කරනවා නම් විශාද නාශක ඖෂධ නින්දට පෙර ලබාගන්න 

මෙවැනි අතුරු ආබාධ වලට අමතරව තවත් විවිධ තත්වයන් විශාල නාශක ඖෂධ ලබා ගැනීමේදී ඇති විය හැකියි.ඒවා පුද්ගලයගෙන් පුද්ගලයාට , ලබා ගන්නා ඖෂධ අනුව සහ සුවවීමේ කාලය අනුව වෙනස් වනවා.කෙසේ වෙතත් ඔබට ඇතිවන අතුරු ආබාධ පිළිබඳව සහ ඒවා දිගින් දිගටම පවතිනවා නම් ඒ පිළිබඳව ඔබේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කර ඖෂධ මාත්‍රාව වෙනස් කිරීම හෝ ඖෂධ වර්ගය වෙනස් කිරීම ඔබට කල හැකියි.

Related Articles

Don't Miss


Latest Articles