ඔබේ නිවසේ ආලේප කරන වර්ණ මගින් නිවසේ සතුට වැඞි කර ගත හැකිබව දන්නවාද?

ප්‍රියජනක වර්ණ දැකීම, ඔබගේ මානසික තත්වය වඞාත් යහපත් ලෙස වෙනස් කිරීමට උපකාරී වන බව ඔබ දන්නවාද? නිවසේ සාමය, සතුට බිදවැටීමට ප්‍රධාන හේතුව වන්නේ පවුලේ සාමාජිකයන් තුල පවතින මානසික ආතතිමය තත්වයයි. දෛනිකව අධික කාර්‍යබහුලත්වයකින්, පීඞාකාරී වාතාවරණයන්ට මුහුණ දෙන බොහෝ දෙනෙක් නිවසට පැමිණෙන්නේ දවසේ ඉතිරි පැය කිහිපය හෝ නිදහස් මනසකින් ගත කිරීමටයි. ඒ සදහා නිවසේ නිදහස් වටපිටාව තුලින් ලැබෙන්නේ විශාල පිටිවහලක්.

වර්ථමානයේ සොයාගෙන තිබෙන වැදගත් කරුණක් නම් ඔබේ මානසික ආතිය දුරලීමට මෙන්ම වැඞි කිරීමටද නිවසේ වැඞිපුරම දක්නට ඇති වර්ණ ඝෘජුවම බලපාන බවයි. ඒ අතරින් වර්ණ කිහිපයක්, ඔබේ ආතතිය දුරලීමට ඉමහත් සේ උපකාරී වේ. වර්ණයන්, ඔබගේ මොළයේ ක්‍රියාකාරීත්වයට බලපෑම් කිරීමට සමත්.

මේ, හිතකර  වර්ණවලින් හැඟවෙන අරුත් කිහිපයක්…. නිවසේ වර්ණ ගැන්වීමේදී මේ වර්ණ වැඞිපුර භාවිතයෙන් ඔබට හිතකර ප්‍රථිඵල ලබා ගත හැකිවේවී..

නිල් පැහැය – මානසික ආතතිය දුරලීමේ විශේෂ හැකියාවක් නිල් පැහැය සතුය. අයහපත් ස්‍යෙඛ්‍ය තත්තවයක් ඇත වටදී මෙම වර්ණ භාවිතා කිරීමෙන් යහපත් ප්‍රතිඵල ළඟාවේ.

කහ පැහැය – ඔබට ප්‍රබෝධවත්ව අවදි වීමට අවශ්‍ය නම්, නිවෙසේ කහ පැහැය ආලේප කිරීම වඩාත් සුදුසුයි. සිත ප්‍රබෝධවත්ව හා නැවුම්ව තබා ගැනීමට මෙම පැහැය උපකාරී වේ.

කොළ පැහැය – සොබාදහම සංකේතවත් කරන කොළ වර්ණය, සිත සැහැල්ලු කිරීමට උපකාරී වේ. කහ මිශ්‍ර කොළ වර්ණය වඩාත් උචිත වේ.

රෝස පැහැය – කාන්තාවන්ගේ වර්ණයක් ලෙස රෝස පැහැය හැඳින්වූවද , සිත සන්සුන්ව තබා ගැනීමට රෝස පැහැය උදවු වේ.

දම් පැහැය– ශක්තිය, සාමය හා විමුක්තිය නිරූපණය වේ. එය,නිවසේ සාමකාමී වටපිටාවක් ඇති කිරීමට උපකාරී වේ.

සුදු පැහැය– පාරිශුද්ධත්වයේ වර්ණය වන සුදු පැහැය, සිත ප්‍රබෝධවත්ව තබා ගැනීමට උපකාරී වේ. ගැබිණි මවුවරුන්ට, සුදු පැහැ ගැන්වූ කාමර වඩාත් යෝග්‍ය වේ.

අළු පැහැය– මෙය අඳුරු පැහැයක් ලෙස බොහෝ දෙනා සිතුවත්, එම වර්ණයන් ඔබේ සිත සැහැල්ලු වේ. ඒ වගේම මෙය, නිල් පැහැය හෝ සුදු වර්ණය සමඟ මිශ්‍රව භාවිත කිරීම වඩාත් යෝග්‍ය වේ.

මෙවැනි පැහැයන් නිවෙසේ බිත්ති මත ආලේප කිරී මඟින්, ඔබේ මානසික සෞඛ්‍ය වර්ධනය කර ගැනීමට මෙන්ම පවුලේ සතුට වැඞිකර ගැනීමටත් හැකි ය. එසේම එදිනෙදා කටයුතු සඳහා මෙම වර්ණ භාවිතයෙන් යහපත් ප්‍රතිඵල ලබාගන්න.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles