බොලිවුඩයෙන් ඇසෙන ඔබ නොදත් අසම්මත පෙම් කතා

ප්‍රේමය ගොඩ නැගෙන්නේ සම්මත තැනකම නෙවෙයි. අසම්මත තැන්වල ද ප්‍රේමය ඉපදෙනවා. සාමාන්‍ය යුවළකට වඩා ඒ යුවළ ජනප්‍රිය නම් අසම්මතය තටු සලා ඉගිලෙන ඕපාදූප ප්‍රවෘත්තියක් බවට පත් වෙනවා. ඒ තත්ත්වයට මුහුණ දෙන්නේ බොලිවුඩයේ ජනප්‍රිය තරු නම් ඕපාදූප ඉගිලෙන්නේ පුදුමාකාර වේගයකින්.

මේ බොලිවුඩයේ ප්‍රසිද්ධ අසම්මත ආදර කතා කිහිපයක්. මතක තියා ගන්න, මේවා ගොසිප් මිසක් ඔප්පු කළ කතාත් නෙවෙයි.

රිතික් රෝෂන් – කංගනා රනෞට්

රිතික් රෝෂන් සුසෑන් ඛාන් සමඟ 2014 දී දික්කසාද වූ අතර ඔවුන්ට පුතුන් දෙදෙනෙකු සිටියා. ඒ Hridhaan Roshan සහ Hrehaan Roshan. මේ දික්කසාදයට හේතුව ලෙස පැවසෙන්නේ ක්‍රිෂ්(2013) රූගත කිරීම් අතරතුර, රිතික් රෝෂන් සහ කන්ගනා රනෞට් එකිනෙකාට ආදරය කිරීමයි. නමුට් රිතික් කිසි විටෙකත් කංගනා සමඟ ඇති ඔහුගේ සම්බන්ධය පිළිගත්තේ නැහැ. කංගනා පසුව පැවසූ පරිදි සුසෑන් සමඟ දික්කසාද වී රිතික් ඇය හා විවාහ වන්නට පොරොන්දු වී තිබුණා. නමුත් රිතික්ට පෙර සුසෑන් දික්කසාදය ගොනු කරේ ඇය මේ අනියම් සම්බන්ධතාවය ගැන දැන සිටි නිසා. නමුත් කංගනාව රිතික් විවාහ කරගත්තේ ද නෑ.

ෂාරුක් ඛාන් – ප්‍රියංකා චොප්‍රා

මේ තහවුරු නොකළ කටකතාවක්. ඒත් මේ සම්බන්ධයෙන් දිගින් දිගටම කතාබහට ලක් වී තිබෙනවා. ඩොන් චිත්‍රපටිය රූගත කරන කාලයේ එවැනි සම්බන්ධයක් ඇති වූ බවත් එය දැනගත් ගෞරි ඛාන් ප්‍රියංකා සමඟ වැඩ කිරීමට නැවත ෂාරුක්ට ඉඩ නොදුන් බවත් ජනප්‍රිය කටකතාවක්.

ගෝවින්ද – රාණි මුඛර්ජි

ගෝවින්ද හාස්‍ය නිරූපණයේ සහ සහ නර්තනයේ සැබෑ රජු ලෙස ප්‍රසිද්ධ අයෙක්. 2000 වසරේ Had Kar Di Aapne රූගත කිරීම් අතරතුර ගෝවින්ද සහ රාණි සමීප මිතුරන් බවට පත් වී තිබුණා. වරක් ගෝවින්ද රාත්‍රී කාලයක රාණි හමු වන්නට යෑම මාධ්‍ය ඇසට අසු වී පුවත් මවන්නට වුණා. නමුත් ඔවුන් මේ සම්බන්ධය පිළිගෙන ද නැහැ.

අජේ දේව්ගන් – කංගනා

කංගනා මෙවැනි පුවත් මවන්නට සමත් අයෙක් වුවත් අජේගේ විවාහ ජීවිතය ගැන රසිකයන් මහත් ආදරයකින් කතා කරන බව හැම කෙනෙක්ම දන්නා කාරණාවක්. එහෙත් 2010 දී පමණ කංගනා සහ අජේ අතර වූ සම්බන්ධයක් ගැන බොලිවුඩය කැළඹෙන්නට පටන් ගෙන තිබුණා. එහි සත්‍ය අසත්‍යතාවයක් මේ වනතුරු තහවුරු වී නෑ.

ආක්ෂේ කුමාර් – ප්‍රියංකා චොප්‍රා

ආක්ෂේ – ප්‍රියංකා අතර රසායනය සිනමා තිරයේ අපූරු සුංසයෝගයක් වුණා. Andaas චිත්‍රපටියේ ඔවුන් රඟපාන්නේ 2003 වර්ෂයේ දී. මේ අපූරු ගැළපීම නිසා ඔවුන් තවත් චිත්‍රපටි තුනක් සඳහා ගිවිසුම් අත්සන් කර තිබුණා. එහෙත් ඔවුන් දෙදෙනා අතර පැවති රහස් ආදරය දැනගත් අක්ෂේගේ බිරිඳ ට්වින්කල් ඛන්නා ප්‍රියංකා හා වැඩ කිරීම ආක්ෂේට තහනම් කර දැමූ බව පැවසෙනවා.

මේ හැරෙන්නට දශක කිහිපයකට පෙර ධර්මේන්ද්‍ර – හේමා මාලිනි, අමිතාබ් භච්චන් – රේඛා ආදර කතා ද බොලිවුඩය කළඹන්නට සමත් වුණා. ආදරය ඇති වෙමින් නැති වෙමින් පවතින දෙයක් නිසා ද හමු වූ පමණින් හිමි නොවන නිසා ද මෙවැනි අසම්මත පෙම් පුවත් ඉදිරියටත් බොලිවුඩයෙන් ඇසේවි.

Related Articles

Don't Miss


Latest Articles