රෝහලේ අතැර ගිය ඩවුන් සින්ඩ්‍රෝම් දරුවාව රැක ගත් හෙදිය

කිසිම දරුවෙකුට දෙමාපියන්ගේ ආදරය නොමැතිව සිටීමට සුදුසු වන්නේ නැහැ. දරුවෙකු ඇති දැඩි කිරීම දෙමාපියන්ගේ වගකීමක් වන අතර එය ආදරයෙන් හා පරම පිවිතුරු චේතනාවෙන් කළ යුතු දෙයක්.තම දරුවා නිරෝගීව සිටිනවා දැකීමට වඩා දෙමාපියෙකුට අවශ්‍ය වෙන කිසිවක් නැහැ.විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකු ලැබුණු විට, බොහෝ දෙමව්පියන් එම දරුවාට හොඳම රැකවරණය ලබා දීමට ඕනෑම දෙයක් කරනවා.

ඩවුන් සින්ඩ්‍රෝමය ඇති බව දැනගත් පසු ඔහුගේ පවුලේ අය විසින් හද කම්පා කරවන ලෙස හෙළා දකින ලද එක් විශේෂිත ළදරුවෙකුගේ කතාව මීට වෙනස් එකක්. කාන්තාවගේ ගර්භණී සමයේදී මෙම තත්වය මුලින් හඳුනා නොගත් අතර දරුවා ඉපදුණු පසු ඒ ගැන දැනගත් විට එය ඇය සහ පවුලේ සෙසු අය කම්පනයට පත් කළා.මෙම යථාර්ථය පිළිගත නොහැකි වූ මව තම කාමරයෙන් දරුවාගේ තොටිල්ල ඉවත් කරන ලෙස ඉල්ලා සිටියා. ඇය බිළිඳා නිවසට රැගෙන යාම ප්‍රතික්ෂේප කළ අතර උප්පැන්න සහතිකය ඇය අසල සිටි වින්නඹු මාතාව වෙත ආපසු ලබා දුන්නා.

ඒ වන විට Marcela Casal Sanchez නම් හෙදිය ඒ රෝහලේ හෙදියක් ලෙස කටයුතු කළා.රෝගී තත්වයක් ඇති බව පවසමින් දෙමාපියන් තම දරුවා නිවසට රැගෙන යාම ප්‍රතික්ෂේප කරන මෙවන් නාටකාකාර දර්ශනයක් ඇය කිසිදා අත්විඳ තිබුණේ නැ. එය ඇගේ හදවත බිඳ දැමූ අතර යමක් කළ යුතු බව ඇය දැන සිටියා

රෝහලේ සියල්ලන්ම ඔවුන්ගේ අදහස වෙනස් කරන්නට උත්සාහ කරත් එය සාර්ථක වුණේ නෑ. නීතිඥයන් පවා උත්සාහ කලත් එය සාර්ථක නොවූ අතර දරුවා ළමා වාට්ටුවට යොමු වුණා. 

සන්තියාගෝගේ තත්වය ගැන මාර්සෙලා දැනගත් විට, ඇය ක්ෂණිකව ඔහු සමඟ සම්බන්ධ වුණා. ඔහුට මව් සෙනෙහස ලබා දීමට ඇයට අවශ්‍ය වූ අතර ඇය එය කරන්නට තීරණය කළා. තත්ත්වය සිහිපත් කරමින් ඇය මෙසේ පවසනවා

“සිදුවෙමින් පවතින සියල්ල සමඟ සන්තියාගෝ මගේ හදවතට එසැණින් ඇතුල් වුණා. මට ඔහුව නිතරම මගේ අතේ තබා ගැනීමට අවශ්‍ය වුණා. මම ඔහු සමඟ සිටිය යුතු බව සහ ඔහු කෙරෙහි ආදරය දැනුණු බව මම තේරුම් ගත්තා”

සන්තියාගෝගේ උපත සම්බන්ධයෙන් දෙමාපියන් එසේ ප්‍රතිචාර දැක්වූයේ කුමක් දැයි මාර්සෙලා අදටත් දන්නේ නෑ. ඇත්ත වශයෙන්ම, ඔහුගේ දෙමව්පියන් මුලින් සැලසුම් කළ පරිදි ඔහුට “ෆ්‍රැන්කෝ” යන නම තැබීම ප්‍රතික්ෂේප කළ විට දරුවාට තවත් බොහෝ දේ අත්විඳීමට සිදු වුණා. ඔවුන් කියා සිටියේ “ෆ්‍රැන්කෝ” යන නම නිරෝගී දරුවෙකු සඳහා සුදුසු බවක්.

මේ අතර සන්තියාගෝව හදා වඩා ගත් පවුලකට පැවරුවේ ඔවුන් ඔහුගේ නඩුවේ වැඩ කරන අතරතුරයි. මාර්සෙලා එය දැනගත් විට, ඇය නොසන්සුන් වූ අතර දරුවා හදා ගැනීමට 100% අධිෂ්ඨාන කර ගත්තා.එය දිගු හා වෙහෙසකර ක්‍රියාවලියක් වූ නමුත් මාර්සෙලා නොසැලී සිටියා. ඇය සියළුම ලිපි ලේඛන සකස් කළ අතර අන්තර් විනය කණ්ඩායමක් විසින් සිදු කරන ලද සියලුම පැමිණීම් සහ ඇගයීම් සඳහා සහභාගී වූවා. ඒ ඇයට ඔහුව එතරමටම උවමනා වූ නිසා.

එදා කඳුළු පිරුණු සංවේදී දවසක්. විනිසුරුවරයා සහ අවට සිටි සියල්ලන් මාර්සෙලා සමඟ ඇඬුවා. කෙසේ වෙතත්, එය ඇයට සහ සන්තියාගෝට පහසු ගමනක් නොවනු ඇතැයි හැම කෙනෙක්ම විශ්වාස කළා.සන්තියාගෝ ඇය සමඟ පදිංචියට ගොස් වසරකට පසුව, ඇගේ සහකරු ඇයගෙන් දික්කසාද වුණා.අවසානයේදී, ඇයට සන්තියාගෝ පමණක් ඉතිරි වුණා.

නමුත් ජීවිතය අවසන් නෑ. මාර්සෙලා සන්තියාගෝ සමඟ ප්‍රීතිමත් ජීවිතයක් ගෙවනවා. අම්මා කෙනෙකු වන්නට දරුවෙක් කුසින් වදන්නට ඕනෑ නැති බව ඇය ඔප්පු කරමින් සිටිනවා.

Related Articles

Don't Miss


Latest Articles