ප්‍රේමයේ සදාතනික බව දිවුරුම් දීමට ඩයනා කුමරිය මියැදුණු තැනට පැමිණෙන පෙම්වතුන්

වේල්සයේ රෝස කුසුම නමින් ලොව පුරා ආදරයට ලක් වන බ්‍රිතාන්‍ය රජ පවුලේ ඩයනා කුමරිය යනු කිසිදාක කිසිවෙකුගේ සිත් වලින් නොමැකෙන මතක සටහනකි.ජීවිත කාලය පුරාම සැබෑ ආදරය සොයා ගියත් සැබෑ ආදරය නොලැබූ ඩයනා කුමරිය අනතුරට ලක්වී මියගිය ස්ථානය මේ වනවිට ලොව පුරා පෙම්වතුන්ට නම් සුවීශේශී ස්ථානයක් වී හමාරය.

ඩයනා කුමරියගේ අභාවය

1997 වසරේ අගෝස්තු මස 30 වන දින රාත්‍රියේ සිදු වූ දරුණු රිය අනතුරින් තුවාල ලැබූ ඩයනා කුමරිය ඊට පසු දින එනම් අගෝස්තු 31 දින අලුයම ජීවිතයෙන් සමුගත්තා.ඇයට ආදරය කල ලොව පුරා බොහො ජනතාව මෙයින් අධික කම්පනයට පත්වූ අතර ඇගේ අවමඟුල් උත්සවය පවා ලොව පුරාම කතා බහට ලක් වුනා

Flame of liberty ස්මාරකය

ඩයනා කුමරිය අනතුරට ලක්වූ උමං මාර්ගය අසල ඉදිකර ඇති Flame of liberty ස්මාරකය අසල ඇය නමින් මල් පොකුරු විශාල සංඛ්‍යාවක් දිනපතා දකින්නට ලැබුනා.නමුත් එය සැබැවින්ම ඩයනා කුමරිය සිහි කිරීමට ඉදි කරන ලද එකක් නොවේ.නමුත් ඩයනා කුමරියගේ අභාවය පිළිබඳව ශෝකයට පත්වූ ඇයට ආදරය කරන සියලු දෙනා මෙම ස්ථානයට පැමිණ ඇයව සිහිපත් කරමින් ඇය වෙනුවෙන් මල් කළඹක් තබා යන්නට අමතක කරන්නෙ නැත.

Flame of liberty ස්මාරකය ඇත්තටම ඉදිකලේ ඇයි?

ලොව පුරා සංචාරකයන්ගේ ආකර්ශණය වගේම පෙම්වතුන්ගේද අවධානයට පාත්‍ර වූ තැනක් වන මෙම ස්මාරකය එවකට පැරීසියේ නගරාධිපති වශයෙන් කටයුතු කළ Jacques Chirac (1995 – 2007 ප්‍රංශයේ ජනාධිපති බවට පත්වූ Jacques Chirac ) මැතිතුමාගේ අනුග්‍රහයෙන් 1989 මැයි මාසයේ ස්ථාපිත කරන ලද මෙම “නිදහසේ ගිනි දළුව” ( Flame of Liberty) ප්‍රංශ ඇමරිකා මිත්‍රත්වය සඳහා ඉදිකරන ලද්දකි.

ඩයනා කුමරියගේ නිල නොලත් ස්මාරකය බවට පත්වීම

මෙම Flame of liberty ස්මාරකයට පහලින් පිහිටි උමං මාර්ගයේදි ඩයනා කුමරිය මියයන්නට හේතු වූ මාරක රිය අනතුර සිදුවී ඇති අතර ඩයනා කුමරිය රිය අනතුරට පත්වූ ස්ථානය නැරඹීමට එන සංචාරකයන් මෙම ස්මාරකය ඩයනා කුමරිය සිහිකිරීම උදෙසා නිල නොලත් ස්ථානයක් ලෙස බලහත්කාරයෙන්ම වාගේ තෝරා ගෙන ඇත.මෙම ස්ථානයේ ඩයනා කුමරිය වෙනුවෙන් ඇයට ආදරය කරන අය විසින් මල් පොකුරු දිනපතාම පාහේ තැන්පත් කෙරෙන අතර ඇයගේ ඡායාරූප ද එහි අලවා ඇත.දැන් එය නිදහසේ ගිනිසිළුව ලෙස නොව ඩයනා කුමරිය සිහිවීම උදෙසා ඉදිකරන ලද ස්මාරකයක් ලෙස සංචාරකයන් අතර ප්‍රචලිතව ඇත.

පෙම්වතුන්ගේ අවධානය

විශේශිතම කාරණාව නම් බොහො පෙම්වතුන් මෙම ස්මාරකය වටා ඇති දම්වැලෙහි තමන්ගේ නම් සඳහන් කල ඉබි යතුරු එල්ලීමයි.මෙය ලොව පුරා ඇතැම් නගර වල සිදුවන අතර බොහො පාලම් සහ වැටවල් ආදරය සඳහා උපහාරයක් වී තිබේ. Love locked ලෙස හැඳින්වෙන මෙම සංකල්පය මුලින්ම ජනප්‍රිය වී ඇත්තේ 2000 වසරේදි රෝමයේ සහ පැරීසියේ ය. තමන්ගේ ආදරය සදාකාලික බව සංකේතවත් කිරීමට බොහො පෙම්වතුන් මෙම ක්‍රමය අනුගමනය කරනවා.

වර්තමානය වනවිට ලොව පුරා මෙම Love locked සංකල්පය ක්‍රියාත්මක වන ස්ථාන කීපයක්ම ඇත. ඒ අතරින් ශැංහයි හි Lu Xun Park , ජර්මනියේ Hohenzollern Bridge , මොස්කව් හී Luzhkov Bridge , රෝමයේ Ponte Milvio යන ස්ථාන ප්‍රසිද්ධියක් උසුලනවා. මෙවැනි ස්තාන වලට ගොස් තම ආදරයේ සදාතනික බව ගැන දිව්රුම් දීම ලොව වටා බොහෝ පෙම්වතුන් අතර ජනප්‍රිය සංකල්පයක්.

කෙසේ වෙතත් ලොව පුරා පෙම්වතුන් එලෙස තම ප්‍රේමය පිළිබද දිවරුම් දී ඉඹි යතුරු එල්ලීමට තෝරා ගෙන ඇති අලුත්ම ස්ථානය ඩයනා කුමරියව නිරතුරුවම සිහිපත් කෙරෙන ඇගේ නිළ නොලත් ස්මාරකයක් බවට පත්වී ඇති මෙම Flame of liberty නම් ස්ථානයයි. ජීවිත කාලයම ආදරය වෙනුවෙන් මහත් බලාපොරොත්තු සහිත කටයුතු කල අවසානයේ ප්‍රේමවන්තයා සමගම එකට මියගිය ආදරණීය ඩයනා කුමරිය පෙම්වතුන් අතර ඉමහත් ජනප්‍රිය චරිතයක් වීම තම ප්‍රේමයේ සදාතනික බව පොරොන්දු වීමට ඇයමිය ගිය මෙම ස්තානය තෝරා ගැනීමට හේතුවක් වී ඇතිබව විචාරකයන් සදහන් කරනව.

කෙසේ වෙතත් වර්ථමානයේ මේ ස්ථානය නැරඹීමට එන පෙම්වතුන් එම ස්මාරකය වටා ඇති දම්වැලේ ඉබි යතුරු සවි කර අගුල් දමා යන්නේ තමන්ගේ ආදරය පිළිබඳව සදාතනික පොරොන්දු දෙමිනි. ඔවුන් එයින් අදහස් කරන්නෙ එකිනෙකා කෙරෙහි හදවතේ පවතින ආදරය සදාකල් පවතින බවත් , එය කිසිදා මිය නොයන බවත් ය..

Related Articles

Don't Miss


Latest Articles