අත්වැරැද්ද.

සිතූ දුවගෙන ආවේ මල්ලිට කලින් ගේ ඇතුළට එන්න.අම්මා ටවුමට ගිහින් ආවේ දැන්.අම්මගේ බෑග් එකේ මොනවාහරි ඇති කියල සිතූ තමයි මල්ලිටත් කිව්වේ.මොනවාහරි රස කෑමක් කන්න බලාගෙන දුවගෙන ආවත් අම්මා මොකුත්ම ගෙනල්ලා නෑ.

“අම්මේ බූන්දි නැද්ද?”

සිතූගේ අම්මා චමරි සිතූ දිහා බැලුවේ ඔරවලා.”බූන්දි තමයි දැන් අඩු වෙලා තියෙන්නේ”චමරි කැරකෙන ඔලුව දෝතින්ම බදාගෙන හිතුවා.දරුවො දෙන්නගේ සද්දෙත් චමරිට මහා වෙහෙසක්.චමරි කල්පනාවට වැටුණේ ඊළඟට මොකද කරන්නේ කියලා හිතමින්.

“සනීප නැද්ද අම්මේ?”

මේ කාරණාව ගැන තුෂාරට කියන්න කොහොමද කියලා හිතමින් හිටපු චමරිගෙන් සිතූ ඇහුවා.චමරි ලොකු දුව දිහා බැලුවේ තරහින්.හේතුවක් නැති තරහකින්.

“මගේ ඔළුව කැරකෙනව ළමයො..”

අම්මා ඒ තරම් කේන්තියෙන් ඉන්න කාරණාව හිතාගන්න බැරුව සිතූ එළියට යන්න ගියේ තවත් මෙතන හිටියොත් අම්මගෙන් ගුටියක් ලැබෙයි කියන බයටමයි.එහා ගෙදර තාරකා නැන්දා මල්ලිත් එක්ක කෙටි තාප්පයෙන් එබීගෙන ලොකු කතාවක්.සිතූ හයියෙන් හයියෙන් ඒ පැත්තට ගියා.තාරකා නැන්දා ලඟ රස කෑම පිඟානක් තියෙන පාටයි.එයාට හරිම රසට කේක් හදන්න පුළුවන් කියලා සිතූට මතක් වුණා.

“කොහොමද පැටියෝ?”

තාරකා නැන්දා සිතූගෙන් ආදරයෙන් අහනවා.අම්මගෙන් බැණුමක් අහල හිටපු හින්දම සිතූ තාරකා නැන්දා එක්ක ලස්සනට හිනා වුණා.

“මම මෆින් හැදුවා.ඔන්න ඔයාලගෙ පංගුව.”

නැන්දා අතින් පිඟාන සිතූ අතට මාරු වුණා.සිතූ මතක් කරලම බොහොම ස්තූතියි කිව්වේ ඒක තුනේ පන්තියේ ටීචර් නිතරම මතක් කරන කාරණාවක් නිසා.අපිට උදව් කරන අයට අපි ස්තුති කියන්න ඕන කියලා ටීච නිතරම සිතූලට උගන්වනවා.

“ගිහින් වොෂ් එකක් දාලා තේ බොන්න පැටියෝ..”

තාරකා නැන්දා එහෙම කිව්වේ පිඟානට අත තියන්න හදපු සිතූගේ මල්ලි දිහා බලලා ලැජ්ජා හිතිලද කොහෙද මල්ලි ඉක්මනට ආපහු අත ගන්නකොට සිතූට හිනා යන්නත් ආවා.සිතූ ආපහු හැරිලා ගෙට එන අතරේ තාරකා නැන්දා හදපු චොකලට් මෆින් එකක් ඉක්මනට කටේ ඔබාගත්තේ මල්ලිට කලින්.මල්ලිත් පරාද වෙන්න කැමති නෑ.

නිවාඩු දවසේ පුරුද්දට වගේ මොනවා හරි රස රස කැවිල්ලක් හැදුවට ඒව කන්න ඉන්නේ නිපුන විතරයි නේද කියලා හිතෙනකොට තාරකාට එන්නේ උහුලා ගන්න බැරි වේදනාවක්.තාරකා තාප්පයට බරවෙලා දිගින් දිගටම පුංචි උන් දෙන්නගෙ සෙල්ලම දිහා බලාගෙන හිටියා.තාරකා එහා වත්ත දිහා බලාගෙන හූල්ලන හැටි දැකපු නිපුන අනාරාධිතවම තාරකා ළඟට ආවා.

“කිළුටු පනුවෝ දෙන්න වගේ සෙල්ලම් කරන ලස්සන “

තාරකා කියන්නේ කියන්නේ දරාගන්න බැරි ආදරයකින්.නිපුන මොකුත්ම නොකියා තාරකාගේ ඔලුව අත ගෑවා.මේ වගේ වෙලාවට කියන්න වචන දැන් නිපුන ළඟ නැහැ.

“දඟ මලු දෙකක්..”

තාරකා කියවන්න ඇස් දිලිසෙන තරමට කඳුළු පුරවාගෙන.පාරවල් අයිනේ ඉන්න පුංචි බබාලාට ඇඳුනුම්කමක් නැතුවම බායි කියන වෙලාවටත් තාරකාගේ ඇස් වල තියෙන්නෙ ඔය තෙතමයි කියලා නිපුන දන්නවා.

“අපි ඩොක්ට ගාවට යනවනෙ තාරු..”

නිපුන කිව්වේ තාරකාගේ ඇහැකින් වැටෙන කඳුලක් පිහ දාන ගමන්.නිපුනටත් වේදනාව නොදැනෙනවා නෙමෙයි. ඒත් තාරකාට ඒ වේදනාව නොපෙන්වා ඉන්න නිපුන පරිස්සම්.

“තමුසෙට කිසිම පරිස්සමක් නෑනෙ චමරි..”

Angry Fury Man Screaming at Woman. Angry Couple Having an Argument in Their Living Room. Young Marriage Couple Have an Argument Because of Relationship Crisis. Couple Having Argument – Conflict, Bad Relationships.

ඒ අතරේ තුෂාර චමරිට කෑගහන්න ගත්තේ වෙන පරිස්සමක් ගැන කියන ගමන්.හිතේ තිබුණු සැකය ස්ථිර කරගෙන ආවට පස්සෙ ඔළුවේ තිබුණු බර තුෂාරට දීලා මෙහෙම කතාවක් අහ ගන්න වෙයි කියලා චමරි දැනගෙන හිටියා.ඒත් පරිස්සම් වෙන්න ඕන චමරි විතරයැ.

“තව ළමයෙක් හදන්න කොහෙ තියන සල්ලියක්ද?”

තුෂාර කියන්නේ මහා කේන්තියකින්.ඒ කතාව බොරුවකුත් නෙමෙයි.මේ දරුවො දෙන්නගේ වියදම් පිරිමහගන්නෙත් බොහොම අමාරුවෙන්.ඒත් ඉතින් මේ දරුවා විසි කරන්නයැ.ඒත් විසි නොකර කරන්න දෙයක් යෝජනා කළෙත් තුෂාරමයි.

“අපි ඔය ළමයා නැති කරමු.”

චමරි තුෂාර දිහා බැලුවේ ගින්දර විහිදෙන ඇස් දෙකකින්.කේන්තිය නිවා ගන්න ජනේලයෙන් එළිය බලනකොට එහෙමෙහෙ දුව දුව සෙල්ලම් කරන පුංචි උන් දෙන්නා චමරි දැක්කා.තාරකාත් නිපුනත් කෙටි තාප්පෙට බර වෙලා ඒ දෙන්නා දිහා බලාගෙන ඉන්නවා.

“අර නිපුනි, ළමයෙක් ලැබෙන්න නොකරන දෙයක් නෑ.ඒ මිනිස්සු එච්චර වේදනාවක් උහුලනකොට තමන් කියන්නේ මට මේ දරුවා මරලා දාන්නද?”

ඊළඟට කරන්න ඕන මොකක්ද කියලා මෙච්චර වෙලාවක් අහස පොළොව ගැටලන තරම් හිතුවට චමරිට කරන්න ඕන දේ හිතුණේ දැන්.තුෂාරට ළමයි හදන්න වගේම මරන්නත් ඉඩ දෙන්න බෑ.උපත් පාලනය ගැන සිතුවිල්ල මඟ හැරුණේ දෙන්නටම.එහෙනම් මේ වගකීම දෙන්නටම අයිතියි.

“මං මේ ළමයා හදා ගන්නවා.ඒක මගේ තීරණේ.”

චමරි එහෙම කියනකොට තුෂාර තර්ක කරන්න කාරණා දහසක් හොයාගෙන චමරි දිහා බැලුවා.චමරිගේ ඇස් දිලිසෙනවා.ඒ දිස්නෙ තමන්ව පිච්චෙන තරම් කියලා තුෂාරට හිතුණා.

“සිතූ වගේ කෙල්ලෙක් වුණත් හොඳයි.” එහෙම කිය කියා නැගිටලා යන තුෂාර දිහා බලන් හිටිය චමරි හිත හයිය කරගත්තා.තාරකා වගේ අය ලැබෙනකම් බලන් ඉන්න වස්තුවක් අත්වැරදීමක් තමන් ළඟට ඇවිල්ලා.අත්වැරැද්දක් වුණත් ලැබෙන්නේ වස්තුවක්.එච්චරයි! චමරි හිතුවේ කුස හීන් සැරේ පිරිමදින ගමන්.

More Stories

Don't Miss



Latest Articles

කෑම පෙට්ටිය

“අම්මා මේ,” පාසැල් ගොස් මහන්සියෙන් මුත් සිනහසෙමින් පැමිණෙන දෝණි සුපුරුදු පරිදි කෑම පෙට්ටිය මට දිගු කරන්නේ මා ඒ ගැන...

වැඩිහිටියන්ගේ නොසැලකිලිමත්කම නිසා මිලිනව ගිය තවත් පුංචි මල් කැකුළක්.

බණ්ඩාරගම අටලුගම සිදු වූ අට හැවිරිදි පුංචි අයිෂාගේ ඝාතන අපරාධය මේ මොහොතේත් ලාංකිකයක් කම්පාවට පත් කිරීමට සමත්. මේ සටහනෙන්, ඒ සිදුවීමෙහි පසු...

හිමගිරි අරණ -20

"ඔයා කියන විදියට නම් වැඩ කරන්න බෑ රවිඳු.එහෙම ගිය මනුස්සයෙක්ට ආදරේ කරලා මොකටද?" පාරමී වහා එරෙහි වූවා ය.සහන් සමඟ...

ශරදාකාසේ -34

"විකාර නැතුව ඒ මහත්තයව බැඳපං පංචලී. මොන දේ වුණත් නීතියෙන් බැඳගන්න එකේ වාසිය ගැනයි හිතන්න ඕනෙ. මන් දන්න සෑම්පලේ ගෑනුනං හිතන්නෙ ඒ...

එයා වගේ යාළුවෙක්

“හායි! අසේලා” “හායි! හායි! ශානා ….ඔයාගේ ලස්සන…..” “ආ,ඔයා විතරයි මට ලස්සනයි කිව්වෙ.මග දිගට දකින දකින අය...