හස්බන් කරන හැමදේම වැරදියට පේනවද ? 

මානවී ඇහැරෙනකොට කුස්සිය පැත්තේන් සද්දයක් ඇහුණා. වෙනදා නැගිටින්න කම්මැලී කමේ ඇඳේ පෙරළි පෙරළි ඉන්න මානවී දඩිබිඩියේ කුස්සියට දිව්වා. කසුන් තේ හදනවා.

“මෙයා මොකද මේ ?”

“…..ඊයේ රෑ එළියෙන් කමු කියලා එක්කගෙනත් ගියා…. එයාම ඇඳුම් ඔක්කොම වොශින් මැශින් දාලත් තිබ්බා…ගිය සතියේ ගෙදර ඔක්කොම බිල් ගෙවන්න ගිහින් තිබුණා… අපේ අම්මාට කතා කරලා අඩුපාඩුත් ඇහුවලු… මේක නම් හොඳකට වෙන්න බෑ….”

මානවීට එහෙම හිතුණේ කසුන්ගේ පෙර වැරැද්දක් වත් තිබිලා නෙවෙයි.

ඔයත් මානවී වගේ ද ? 

හස්බන් ආදරේ පෙන්නගෙන ආවොත් නුහුරට බලන්නම හිතෙනවා ද ? 

* මිනිස්සු වෙනස් වෙනවා

සමහරවිට එක දවසක වෙන සිදුවීමකට පස්සේ ඉඳන් හස්බන්ඩ්ට සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා වෙන්න පුලුවන්. ඒත් ඒ සිදුවීම ඔයා කවදාවත් දැනගන්නේ නැති වෙන්නත් පුලුවන්. එහෙම අවස්ථාවක, හස්බන්ගේ හැඟීම්, හැසිරීම් වල වෙනස්කම් ඔයාට නුහුරට, ඇදේට පේන්නත් පුලුවන්. ඒත් මතක තියාගන්න වඩා ආදරණීය වෙන්න උත්සාහ කරන කෙනෙකුට අත්වාරුවක් වෙන එකෙන් ජීවිත සැනසීමෙන් ඉතිරිලා යන්න පුලුවන්.

* ජීවිතේ ෆ්ලෙක්සිබල් වෙන්න ඕනි

හස්බන් වෙනදා නොකරපු දේවල් කරන වෙලාවක, “මොකද මේ මළ කෝලම්” වගේ වචන ඔයාටත් පාවිච්චි වෙනවද ? එයාගේ ඒ වෙනස්කම් වල ඇද බලලා නුහුරක්ම හිතාගන්නවද ? එහෙම නම් ඔයාට ෆ්ලෙක්සිබල් ගැහැණියක් වෙන ඉඩ ලැබිලා නැහැ. තමන්ගේ සහකාරයා ගේ හැසිරීම් වල ආදරණීය වෙනස්කම් ෆ්ලෙක්සිබල් වෙල දරාගන්න එක වතාවක් උත්සාහ කරාම සමහරවිට හැමදේම වෙනස් වෙන්න පුලුවන්. 

* දෙවෙනි අවස්ථාවක් වෙනුවෙන් ඉඩ 

හිතන්න, ඔයාගේ සහකාරයා කියපු බොරුවක් ඔයාට අහු වෙනවා. එහෙම නැත්නම් එයා අතින් ඔයාගේ විශ්වවාසය බිඳිලා යනවා. එහෙම සිදුවීමකට පස්සේ හස්බන්ඩ් ගේ හැසිරීම්, සැලකීම් ඔයාට සෑහෙන්නම  ආදරණීය  වෙනස්කම් එක්ක දැනෙන තරමට වෙනස් වෙනවා. එයා ඇත්තටම එහෙම වෙනස් වෙන්නේ එයා අතින් වුන වරද , විශ්වාසය කඩ වීම ගැන පසුතැවීමක් නිසා වෙන්නත් පුලුවන්.  එහෙම වෙලාවක පවා ඔයා උත්සාහ කරන්නේ එයාගේ ඔලුව ආයේ ආයෙම  අතීත කතා වලම හිරකරවන්න නම්, එතැනදී ටොක්සික් කෙනා වෙන්නේ ඔයා.

* සැකය කියන විශබීජය පැතිරෙන්න දෙන්නෙපා

හිතළු වලින් ඇරඹෙන සැකයට පැතිරෙන්න දෙන්න එපා. එහෙම සැකයක් එක්ක හස්බන්ඩ් දිහා බලන හැම වතාවකම ඔයාට එයා කරන හැමදේම් නුහුරට පෙනේවි. කොටින්ම කාර් එකේ දොර හය්යෙන් වැහුවත්, ඒකත් නුහුරට පෙනේවි. කාර් එකේ දොර හෙමින් වැහුවත් ඒකත් නුහුරට වේවි. සාධාරණ කාරණා නිසා ඇතිවෙම සැකය ගැන නෙවෙයි මම මේ කියන්නේ. හිටපු ගමන් වෙන පොඩි සිදුවීමක්, හිතලුවක් කරගෙන ඒ හිතලු දිගේ හැදෙන සැකය ගැන.

* ඔයාට වෙන් වෙන්න ඕනිවෙලා

සමහරවෙලාවට  ඔයාගේ ජීවිතේ හස්බන්ඩ් ට තියෙන ඉඩ, වෙන කෙනෙක්ගෙන් ප්‍රතිස්ථාපනය වෙන්ම පටන් අරගෙන නම්, එහෙම වෙලාවකත් ඔයාට හස්බන්ඩ් ව ඇදේටම පේන්න ගන්න එක වෙන්න පුලුවන්. එයා හොඳම වෙලා, එච්චර කාලයක් හොඳ වෙලා හිටපු හස්බන්ඩ් ව ඇදේට පේන්න ගන්න පුලුවන්.  ඇත්තටම වෙන්නේ තුන්වෙනි පාර්ශවයක ආගමනයක් නම්, පුලුවන් ඉක්මනින් හස්බන්ඩ් එක්ක කතා බහ කරන එක හොඳයි. එහෙම නැත්නම් ඔයා කුරුල්ලෝ දෙන්නෙක්ට මැදි වෙන කිරිල්ලියක් වෙනවා.

* වෙන වෙන ප්‍රශ්නත් හස්බන්ඩ් පිටින්

සමහරවෙලාවට ඔෆිස් එකේ ප්‍රශ්න නිසා ඔයා දැඩි මානසික ආතතියක නම් ඉන්නේ,ඒ ආතතිය හස්බන්ඩ් පිටින් යනවා වෙන්න පුලුවන්. එහෙම වෙලාවක එයා ඔයාට ආදරෙන් කතා කරන එක පවා ඔයාට දැනෙන්නේ වදයක් වෙලා. එතකොට හස්බන්ඩ් ගේ  ආදරණීය වචන ඔයාට ඇහෙන්නේ ම ඇදේට. 

මේ විදියට හස්බන් කරන කියන හැමදේම අඩුපාඩු පේනවා නම් ඉස්සෙල්ලාම කරන්න ඕනි එහෙම වෙන්න හේතුව ඔයා එක්කම        කතා කරලා  හොයාගන්න එක. නිදහස් මනසකින්, හුදෙකලාවකට වෙලා ඔයාගෙන්ම අහලා බලන්න. ඔය දෙන්නාගේ ලස්සන මතක   දිහා හැරිලා බලන්න. මේ වෙනස වෙන්න පටන් ගත්ත තැන ගැන හිතලා බලන්න

ඔයාට තනියෙන් කිසිම දෙයක් හිතාගන්න බැරි නම්, ඔයා අනිවාර්යයෙන් හස්බන්ඩ් එක්ක කතා කරන්න ඕනි. සමහරවිට ඒ කතා බහ ඇතුලේ ප්‍රශ්නේ විසඳගන්න ඕනි කරන කාරණා  ඔක්කොම තියෙන්න පුලුවන්.

දෙන්නම කතා කරලත්, ඔයාට ප්‍රශ්නේ විසඳෙන්නේ නැති බව දැනෙනවා නම්, දෙන්නාත් එක්කම සුදුසුකම් තියෙන උපදේශනයක් වෙනුවෙන් යොමු වෙන්න අමතක කරන්නෙපා. 

Related Articles

Don't Miss


Latest Articles