අවුරුදු හතලිස් පහක් ගෙවුනත් ජැක් තමන්ගෙ බලාපොරොත්තු අත්හැරියෙ නෑ. හවස හත වෙන්න විනාඩි පහක් තියෙද්දි ඔහුගෙ පරණ රේඩියෝවේ රහස් සංඛ්‍යාතයක් සුසුර කරපු ජැක් තමන්ගෙ ප්‍රියතම අසුනේ හෙමිහිට වාඩිවුනා.
රේඩියෝවෙන් එන අපහැදිලි හඬ මුළු කාමරය පුරාම පැතිරෙද්දි ජැක්ගේ නෙත් නොදැනුවත්ම තමන්ගෙ ආදරණීය බිරිඳ එඩ්නාගේ ජායාරූපය වෙත යොමුවුනා. ඇය කොහොමත් සුන්දර කාන්තාවක්.
“දරුවො මට අද කතා කල විදිහ ඔයා කවදාවත් විශ්වාස කරන එකක් නෑ එඩ්නා, එයාල මට මේ තරම් අකමැති වෙන්න හේතුවවත් දැන ගන්න ලැබුනා නම්” කියල ජැක් හිතුව.
ගතවෙලා යමින් තිබ්බෙ ජැක්ට සුවපහසු දිනයක් නම් නෙමෙයි. ඒ ජැක්ගෙ බිරිඳ එඩ්නාගෙ පළමු විවාහයේ දරුවන් වුනු ටිම් හා පිලිප් ඔහුගෙ නිවසට ඇවිත් ගිහින් තිබුන නිසයි. හැමදාම වගේ එයාලට මහලු ජැක්ව වැඩිහිටි නිවාසයකට එක්කන් ගිහින් භාරදෙන්න ඕන වෙලා තිබ්බ.
එයාල කීවෙ ජැක්ගේ මහලු බව නිසා ඔහුට අමතක වීමේ රෝගය වැළැඳී තියෙනව කියලයි. ඇත්තටම ඒක කෙලින්ම කීවෙ නැතත් එයාලගෙ වචන වලින් ජැක්ට ඒ බව තේරුන් ගන්ඩ පුළුවන් වුනා.
“හැමෝම හිතන්නෙ මන් ඔබව හිතින් මාවගෙන කියලයි ගැරී!” ජැක් ඔහු වාඩිවෙලා හිටිය අසුනෙන් නැගිටලා ආයෙමත් රේඩියෝව ලඟට ගිහින් රේඩියෝවෙ හඬ වැඩි කරන අතරෙ තමන්ටම කියාගත්තා. “ඒත්, කවදහරි දවසක ඔයාගෙ කටහඬ ආයෙ අහන්න පුළුවන් කියල මට විශ්වාසයි”
අවුරුදු හතලිස් පහක ඉඳලම ජැක්ගේ හවස් කාලය ගතවෙලා තිබුනේ මේ විදිහටම තමයි. හරියටම හවස හතට විනාඩි පහක් තියෙද්දී ජැක් විතරක්ම දන්නා සංඛ්‍යාතයක් තමන්ගෙ රේඩියෝවේ සුසර කරන ඔහු ඉතාම අවධානයෙන් රේඩියෝවට කන් දුන්න. නමුත් එහි අපැහැදිලි හඬ හැරෙන්න වෙන කිසිම හඬක් මේ අවුරුදු හතලිස් පහටම කාටවත් අහන්න ලැබුනේ නම් නෑ.
“ඔය වයසක මනුස්සයව ගෙදරින් එළියට දාන්න විදිහක් තියෙන්ඩම ඕන”
මේ අතරේ ගෙදර කුස්සියට එබිකම් කරපු පිලිප්ට ඇහුනේ ඔහුගෙ පියා, ඩේවිඩ් සහ මාම ටිම් අතරෙ ඇතිවුන කතාබහක්. එයාල මේ කතා කරන්නෙ තමන්ගෙ ජැක් සීයා ගැන කියල පිලිප් දැනගෙන හිටිය. සීයා ගැන තාත්තායි මාමායි අතර ඇතිවෙන කතාබහ ජැක්ට සුපුරුදු දෙයක් වෙලයි තිබුනේ. හැබැයි ඒ කතාබහ කරන ගොඩක් වෙලාවල් වල එයාල පාවිච්චි කරන සමහර වචන නම් ජැක්ට කතා කරන්නත් තහනම් කරලයි තිබ්බෙ.
“ඇත්තටම ඒ නන් නරක අදහසක් නෙමෙයි. ටිම්, අර රේඩියෝව හවසට අහගෙන ඉන්න විදිහ මානසික වෛද්‍යවරයට පෙන්නුවනන් අපිට අනිවාර්යෙන් ඔප්පු කරලම කියන්ඩ පුළුවන් වයසක මනුස්සයට පිස්සු හැදිලයි ඉන්නෙ කියල. එතකොට මනුස්සය ගැන තිරණ ගන්න නීත්‍යානුකූල අයිතිය අපිට අරගෙනම මහළු නිවාසෙකට ගිහින් දාන්න පුළුවන්.”
තමන්ගෙ තාත්තගේ ඒ කතාවෙන් පිලිප් තිගැස්සුනා. ජැක් සීයාට පිලිප් ඇත්තටම ආදරෙයි. පිලිප්ටත් තේරුන් ගන්න බැරිවුනා ඇයි තාත්තයි ටිම් මාමයි මේ තරන් සීයාට අකමැති වෙන්නෙ ඇයි කියල.
“හරි ටිම්, ඔයා වැඩිහිටි නිවාසයක් ගැන බලන්න. මම මානසික වෛද්‍යවරයෙක්ව හොයන ගමන්ම අපේ නීතීඥ මහත්තයටත් කතා කරන්නන්.” ඩේවිඩ් එහෙම කියල කතාව අවසන් කරා.
තමන් හැංඟිලා හිටපු තැනට තාත්ත එන බව තේරුනු පිලිප් ඉක්මණින් ගිහින් සාලෙ වාඩිවුනා. රූපවාහිනිය ක්‍රියාත්මක කරල තමන් කාටුන් බලමින් ඉන්න බව තාත්තට පෙන්නන්ඩත් පිලිප් අමතක කරේ නෑ. කාටුන් බලන ගමන් හිටියත් තාත්තයි මාමයි කතාවුන දේවල් වලින් පිලිප්ගෙ ඔලුව අවුල් වෙලයි තිබ්බෙ.
හැබැයි පිලිප් එක දෙයක් හොඳටම දැනන් හිටිය. ඒ තාත්තල කියනව වගේ ජැක් සීයට පිස්සු හැදිල නම් නෑ කියන එකයි.
ඒ නිසාමයි තාත්ත දැනගත්තොත් ලොකු ප්‍රශ්නයක් වෙනව කියල දැන දැනත් පිලිප් ඊළඟ දවසෙ ඉස්කෝලෙ ඇරිල ගෙදර එන ගමන් සීයාව බලන්න සීයගෙ ගෙදර යන්න තීරණය කරේ. එයාට ඕන කරා ජැක් සීයාට ඇත්තටම මොකද වෙලා තියන්නෙ බලන්න.
පිලිප්ට ඇතුලට එන්න සීය දොර අරිද්දිම ගේ ඇතුලට ගිය පිලිප් කෙලින්ම සීයගෙ පරණ රේඩියෝව ලඟට ගියා.
“සීයා ඇත්තටම ඇයි මේ රේඩියෝව තවත් තියාගෙන ඉන්නෙ” පිලිප් ඇහුව.
“මේකෙන් තමයි තාමත් මම, මගෙ යාළුව ගැරි එක්ක සම්බන්ධ වෙලා ඉන්නෙ.’ ජැක් තමන්ගෙ මුණුපුරාට උත්තර දුන්න.
“අපි ඔයාගෙ වයසෙදි වෝකි – ටෝකි වලින් කතා කරන්න පටන් ගත්ත පිලිප්. ඒකට අපි දෙන්නටම විශේෂ වෙච්ච සංඛ්‍යාතයක් තිබ්බ. ලෝක යුද්ධ කාලෙදී අපේ මේ රහස් සංඛ්‍යාතය හින්ද මට ගැරීගෙ ජීවිතේ බේරගන්නත් පුළුවන් වුනා.” ජැක් කීව.
“මොකද්ද වුනේ සීයා” පිලිප් ඇහුවෙ පුදුමයෙන්.
“යුද්ධේ අතරෙදි එළියට එන්න බැරුව එයා හිරවුනා. ඒත් එයාට පුළුවන් වුනා අපේ රහස් සංඛ්‍යාතයේ උදව්වෙන් එයා කොහෙද ඉන්නෙ කියල මට කියන්න. ඊට පස්සෙ මන් ගිහින් එයාව බේරගෙන ආව” ජැක් ආඩම්බරෙන් උත්තර දුන්න.
පුදුමයෙන් සීයා ලඟට ගියපු පිලිප් සීයගෙ මූණ ලඟටම පාත්වෙලා හෙමීට ඇහුව. “දැන් ඔයාගෙ යාළුව ගැරී කෝ සීයා”.
සුසුමක් හෙලපු ජැක් පිලිප්ට පිළිතුරු දුන්නා. “ගැරී ඉන්නෙ කොහෙද කියල මම දැනගෙන හිටියනන් කොච්චර දෙයක් ද ? යුද්ධෙන් පස්සෙ ගැරී එංගලන්තයට ගියා. ඒ එයා ආදරේ කරපු හෙදිය හොයාගන්න බලාපොත්තුවෙන්. ගැරී මට පොරොන්දු වුනා ආපහු එනව කියල. ඒ වගේම අපේ රහස් සංඛ්‍යාතය පාවිච්චි කරල එයා කතා කරනකම් හවස හතට රේඩියෝව අහන්න කියලත්. “
ජැක් රේඩියෝව ලඟට ඇවිදගෙන ගියා. “ දැන් අවුරුදු හතලිස් පහක් ගෙවිලත් ගැරී මට කතා කරේ නෑ. ඒත් එයා කවදහරි කතා කරාවි කියල මන් තාම බලන් ඉන්නව.”
පිලිප්ට සිද්ධ වෙලා තියෙන දේ පැහැදිලි වුනා. පිලිප්ගෙ අම්ම හැමවෙලේම කීවෙ තමන්ගෙ යටිහිත කියන දේ විශ්වාස කරන්න කියලයි. ඉතිං, මේ වෙලාවෙ පිලිප්ගෙ යටිහිත කීවෙ ජැක් සීයා මේ කියන කතාව ඇත්තක් වෙන්න ඕනෙ කියලයි.
ජැක් සීයගෙ සැප දුක් අහන්නත් පිලිප් අමතක කරේ නෑ.
“මම හොඳින් ඉන්නව පොඩ්ඩෝ.” ජැක් හිනාවෙමින් උත්තර දුන්න. “ඒ වගේම බලන්නකෝ මන් කැමතිම මුණුපුරා මාව බලන්න ඇවිල්ලනේ ඉන්නෙ. ඒ නිසා මේ මුළු සතියෙම මට සන්තෝසෙන් ඉන්න පුළුවන්.”
“ මම තමයි ඔයාගේ එකම මුණුපුරා සීයා” පිලිප් සතුටින් කීව.
සීයත් එක්ක යුද්ධෙ කාලෙ කතා වගේම ගැරී ගැනත් තව ගොඩාක් දේවල් කතා කරපු පිලිප් ගෙදර යන්න පිටත් වුනා. ඒ තමන්ගෙ සීයා හොඳ සනීපෙන් ඉන්න එක ගැන හිතේ ඇතිවෙලා තිබ්බ සතුටත් එක්කමයි.
ඒත් එදා හවස තමන්ගේ තාත්තත් ටිම් මාමත් අතරෙ ඇතිවුන තවත් කතාබහක් අහන්න ලැබුනට පස්සෙ ජැක් සීයා වෙනුවෙන් ඉක්මනින්ම යමක් කරන්න ඕන කියන අදහස පිලිප්ගෙ හිතේ ඇතිවුනා.
ඊට ටික දවසකට පස්සෙ උදාවුන හවස් කාලෙක ඩේවිඩ් හා ටිම් ජැක්ගෙ ගෙදර ඉස්සරහ හිටගෙන හිටියෙ මානසික වෛද්‍යවරයෙක් එක්කමයි. හවස හත වෙන්නෙ විනාඩි කීපයක් තියෙද්දි ඔවුන් වෛද්‍යවරයත් එක්කම ජැක්ගෙ ගෙට ඇතුළුවුනා.
“අපි මෙච්චරම කණගාටු වෙන්න හේතුව දැන් ඔබතුමාට තේරෙයි” ඩේවිඩ් වෛද්‍යවරයට කීවෙ සුපුරුදු විදිහටම රේඩියෝව ලඟට ඇවිදගෙන ගිහිල්ල ඒක ක්‍රියාත්මක කරපු ජැක්ව පෙන්නලයි. “යුද්ධෙ ඉවරවුන කාලෙ වෙන්වුන එයාගෙ යාළුව ගැරී කතා කරයි කියල එයා හැම හවසකම මේ රේඩියෝවක් දිහා බලාගෙන ඉන්නව”
ඔවුන් ජැක් වාඩිවෙලා හිටපු දිහා බලාගෙනයි හිටියෙ. ජැක්ගෙ රේඩියෝවෙ හඬ ඔවුන් හිටපු දිහාවටම ඇහුන.
“මට හිතෙනව අද අනිවාර්යෙන් ඔයා මට කතා කරයි කියල ගැරී. ඔයාගෙ කටහඬ ආයෙ අහන්න ලැබෙන්න එක ගැන මට සතුටුයි” ජැක් තමන්ටම කියාගත්ත.
ඒක අහන් හිටිය මනෝ වෛද්‍යවරුයා ඩේවිඩ් හා ටිම් දිහාවට හැරිල මෙහෙම කීව “මට හිතෙනව ඔයාල එයා ගැන කීව කතාවක් ඇත්ත වෙන්න පුළුවන් කියල.”
ඒත් එක්කම ඔවුන්ට රේඩියෝවෙන් කටහඬක් ඇහුන.
“ජැක් ඔබට මාව ඇහෙනවද ?”
ජැක්ට සතුට වැඩිකමටම පුටුවෙන් නැගිට්ටවුනා. “ගැරී ගැරී මම දැනගෙන හිටිය අද රෑ තමයි මගෙ වාසනාව උදාවෙන්නෙ කියල !”
මේ සිදුවීම බලාගෙන හිටිය ඩේවිඩ් හා ටිම් එකිනෙකාගෙ මුහුන බලාගත්තෙ වුනේ මොකක්ද කියල විශ්වාස කරගන්න බැරුවයි.
ජැක්ට අසනීපයි කියල ඔප්පු කරන්ඩ හැදුව දවසෙම අවුරුදු හතලිස් පහක් තිස්සෙ ඇහුනෙ නැති හඬ ඇහුනෙ කෝමද කියල ඔවුන් කල්පනා කරේ.
ඒ එක්කම එහා පැත්තෙන් තමන් එංගලන්තය ආ හැටිත් තමන්ගෙ හිතගත් තරුණිය හමුවුන විදිහත් ඇයත් එක්ක බමින්හැම් වල පදිංචි වුන හැටිත් විස්තර කරන ගැරීගෙ හඬ රේඩියෝවෙන් ඔවුන්ට අහන්ඩ ලැබුන.
” මෙච්චර කාලයක් කතා නොකර හිටිය එක ගැන මන් සමාව ඉල්ලනව ජැක් . නමුත් මම ආයෙ ඇමරිකාවට ආවෙ නෑ” ගැරී කීව.
“හොඳයි ! අපි බලාගෙන හිටියෙ නිෂ්ඵල දෙයක් ගැන නොවුන එක ගැන මට සන්තෝසයි. ඔබේ සුළු පියා සුවෙන් සිටින නිසා තවදුරටත් ඔහු ගැන කලබල වෙන්න ඩේවිඩ්ටවත් ටිම්ටවත් අවශ්‍ය වෙන්නෙ නෑ” ”
ඒම කියපු මනෝ වෛද්‍යවරයා ඔවුන්ගෙන් සමුගත්ත.
මේ කිසිම දෙයක් නොදන්න ජැක් තාමත් හිටියෙ ගැරිත් එක්ක කතා කරමිනුයි.
“ඉතිං, අපි කවදද ආයෙ හම්බවෙන්නෙ ගැරී” ජැක් ඇහුව. “මට හරි ආසයි ඔබව මුණ ගැහිල කතා කරන්න”
ඒ වුනත් ජැක්ට ගැරීගෙන් ලැබුනෙ ඔහු බලාපොරොත්තු වුන උත්තරේ නම් නෙමෙයි.
“මට දැන්ම ඔබව මුණ ගැහෙන්න එන්න හැකියාවක් නෑ ජැක්. ඒ වගේම මම දැන් යන්න ඕන. මට කියන්න ඕන වෙලා තිබුනෙ එක දෙයයි. මගෙ පරණ යාලුව, මම ඔබව කවදාවත් අමතක කරේ නෑ”
ඒම කීව ගැරී සංවාදය අවසන් කරා.
“මෙච්චර කාලෙකට පස්සෙ කතා කරන්න ලැබිලත් ඇයි ගැරීට මාව මුණ ගැහෙන්නෙ බැරි. එයා මට නොකියන මොකක් හරි කතාවක් තියනව. කෝමවුනත් මන් දිගටම බල කරොත් ඔහු කැමතිවෙයි” එහෙම හිතන ගමන්ම ජැක් කාමරෙන් එළියට ඇවිදගෙන ආව.
මේ වෙද්දිත් ඩේවිඩ් හා ටිම් පිටත් වෙලා ගිහිනුයි හිටියෙ. ඔවුන් කොච්චර තිගැස්මට පත්වුනාද කීවොත් අඩුතරමේ දොර වහල යන්නවත් ඔවුන්ට අමතක වුනා. ඒත් ගැරීගේ ඇමතුමත් එක්කම සතුටෙන් උද්දාමයට පත්වෙලා හිටිය ජැක් ඒ ගැන වැඩි තැකීමක් නොකර ඒක තමන් අතින් වුන අතපසුවීමක් කියල හිතුව.
දවස් කීපයක් ගතවුනත් ගැරී ඊට පස්සෙ කවදාවත්ම ආයෙ කතා කරපු නැති නිසා ජැක් හිටියෙ ලොකු නොසන්සුන්කමින්. ඒ අතරෙම තමන් කාර්යබහුල නිසා පුතා පිලිප්ව ටික වෙලාවකට බලාගන්න කියල ඩේවිඩ් දවසක් ජැක්ගෙන් ඉල්ල සිටිය.
තමන්ගෙ හිත පොඩ්ඩක් වෙනස් කරගන්න ඒක හොඳ අවස්ථාවක් නිසා ජැක් ඒ ඉල්ලීම ඉක්මණින්ම පිලිගත්ත.
පිලිප්ව පුදුම කරන්න ඔහු කැමතිම පුවරු ක්‍රීඩාවක් අරන් පිලිප්ගෙ කාමරේට ගියත් කාමරේ මේසෙ උඩ තිබුන දේවල් දැකල හිතුවෙ නැති විදිහට පුදුමයට පත්වුනේ ජැක්.
මේසෙ උඩ කුඩා රේඩියෝවක් තිබුනා. ඒ අසලින්ම තිබ්බ සටහන් පොතක ජැක් පුදුමයට පත් කරපු රේඩියෝ සංඛ්‍යාත කීපයක් සටහන් වෙලා තිබ්බ. ඒ වගේම ගැරී ගැන විස්තර, ඔහු හා ජැක් හැදී වැඩුනු ගම් පළාත ගැන විස්තර, ඔවුන් යුද්ධ කරපු තැන් ගැන වගේම ඔවුන් දෙදෙනාගේම යාළුවො ගැනත් ගැරී සමඟ බීර වීදුරුවක් තොලගාන්න ගියපු තැබෑරුම ගැන පවා ඒ සටහන් පොතේ ලියල තිබුන.
“මන් එක්ක තරහ වෙන්න එපා සීයා” පිලිප්ගෙ කටහඬ ඇහුන ජැක් හැරිල බැලුව.
“මේ මොනවද පිලිප්” ජැක් ඇහුව.
“රේඩියෝවෙන් සීය එක්ක ගැරී වගේ කතා කරේ මමයි සීයා. මම කතා කරේ කටහඬ වෙනස් කරන උපකරණයක් පාවිච්චි කරලයි. මට ඕන කලේ සීයා ඉන්නෙ අසනීපෙන් නෙමෙයි කියල තාත්තටයි ටිම් සීයටයි පෙන්නන්ඩයි. සීයව රැවැට්ටුව එකට මට සමාවෙන්න” පිලිප් කණගාටුවෙන් ජැක්ට උත්තර දුන්න.
පිලිප්ගෙ ඇඳේ වාඩිවුන ජැක් ලඟින් ඉඳගත්ත පිලිප් තමන්ගේ තාත්තයි ටිම් මාමයි අතර ඇතිවුන හැම කතාවක්ම ජැක්ට කීව.
තමන්ගෙ දෑත් මත ඔලුව තියාගෙන මේ කතා අහගෙන හිටපු ජැක්ට තමන්ගෙ දරුවො මේ විදිහට හැසිරෙයි කියල කවදාවත් හිතිල තිබුනෙ නෑ. ඔහු ඒ ගැන බොහොම දුක්වුනා.
“මාව විශ්වාස කරාට ස්තූතියි පොඩ්ඩෝ. ඔයාගෙ තාත්තයි මාමයි මේ විදිහට හැසිරෙයි කියල මන් කවදාවත් හිතුවෙ නෑ. කෝමවුනත්, ඔයා කරපු වැඩෙන් පස්සෙ එයාල ආයෙ මන් ගැන කලබල වෙන එකක් නෑ.” ජැක් කීව.
“සීයට මම ගැරීව හොයාගන්න උදව් කරන්නම්. මම දැනටමත් සමාජ මාධ්‍යවල ඒ ගැන හොය ගමනුයි ඉන්නෙ සීයා” මේසෙ උඩ තිබ්බ තවත් සටහන් වගයක් පෙන්වමින් පිලිප් කීවත් ජැක් බොහොම කණගාටුවෙන් ඒකට දුන්න.
“නෑ පිලිප්. මම දන්නව දවසක අනිවාර්යෙන් ගැරී මට කතා කරයි. ඒ වෙනකන් මන් ඉවසීමෙන් බලන් ඉන්නව”
ඒ සිදුවීම වෙලා සති කීපයක් ගතවුනා. ජැක් සුපුරුදු විදිහටම තමන්ගේ රේඩියෝව ඉස්සරහ වාඩිවෙලා හිටියත් සුපුරුදු ලෙසම කිසිම ප්‍රතිචාරයක් ජැක්ට ලැබුනේ නෑ.
“සමහරවිට ගැරීට මාව අමතක වෙන්න ඇති” මේ හැමදේකටම පස්සෙ එක දවසක් රේඩියෝව ඉස්සරහ වාඩිවෙලා හිටපු ජැක්ට හිතුන.
ඔහු හෙමීට රේඩියෝව ලඟට ලන්වුනේ රේඩියෝව ක්‍රියාවිරහිත කරන්න හිතාගෙනයි.
ඒත් රේඩියෝවෙන් එකපාරටම ආව හඬක් නිසා ජැක් ඉන්න තැනම ගල් ගැහුන.
“ජැක් ඔයාට මාව ඇහෙනවද?”
“පිලිප් ඔයා ආයෙමත් මට විහිළු කරනවද ?” ජැක් පිළිතුරු දුන්න.
“නෑ ජැක් මේ ගැරී තමයි. තව විනාඩි දෙකකින් ගෙදරින් එළියට එන්න මන් ඔයා එනකන් බලන් ඉන්නව” රේඩියෝවෙන් ආව හඬ ආයෙමත් ජැක්ට උත්තර දුන්න.
ජැක් අවිශ්වාසෙන් රේඩියෝව දිහා බලන් හිටිය. පිලිප් විහිළුවක් මේ තරම් දුර ගෙනියන්නෙ නැතිබව ජැක් දන්නව. එතකොට ඒ කතාකරේ ?
කෝමවුනත් ගෙදරින් එළියට ගිහින් බලන්න බලාපොරොත්තු පිරුණු හිතින් ජැක් තීරණය කරා.
තමන්ගෙ ගෙදර දොර ඇරගෙන එළියට ගිය ජැක්ට ඔහුගෙ අස් අදහා ගන්න බැරිවුනා. වයසට ගිහින් ඇවිදීමේ ආධාරකයක් එක්ක හිටිය වුනත් තමන් ඉස්සරහ මේ හිටගෙන ඉන්න මිනිසගෙ කම්මුල දක්වා පැතිරී ගිය හිනාව වගේම බුද්ධිමත් ඇස් කවදාවත් ඔහුට අමතක වෙලා තිබුනෙ නෑ.
ඒ ගැරී.
“මෙච්චරකල් ඔබ කොහෙද හිටියෙ. මම හැමදාම ඔබ කතා කරයි කියල බාලාගෙන හිටිය ගැරී” ජැක් තමන්ගෙ මිතුරව තදින් වැළඳගන්න ගමන් ඇහුව.
“මට සමාවෙන්න ජැක්. ඔබ විශ්වාස කරන එකක් නෑ. එංගලන්තයට ගිහින් බොහොම ටික දවසකින් මාව දරුණු අනතුරකට ලක්වුනා. මාව රෝහල් ගත කරලයි තිබුනෙ. ඔබ දන්නවද මට ඒ රෝහලේදී හම්බවුනේ කව්ද කියල?” සිනහවක් සමඟම ගැරී ජැක්ගෙන් ඇහුව.
“ඔබ ආදරය කල හෙදිය ද?” ජැක් ඇහුව.
“ඔව් ජැක්. අපි විවාහ වුනා. අපිට දරුවො තුන් දෙනෙක් ලැබුන. මම ජැක්ට කතා කරන්න උත්සහ කරත් අනතුර නිසා වුන හානිත් එක්ක මට අපේ රහස් සංඛ්‍යාතය අමතක වෙලා ගිහින් තිබ්බ” ගැරී දිගටම කියාගෙන ගියා.
“ඉතිං ඔබ දැන් කොහොමද මාව හොයාගත්තෙ?” ජැක් ආයෙමත් ඇහුව.
“මම ඔහුට කතා කරා සීයා” ලඟ තිබ්බ ගසකට මුවාවෙලා ඉදල එළියට ආව පිලිප් කීව.
“අපේ රහස් සංඛ්‍යාතය අමතක වුනත් මම දිගටම විවිධ සංඛ්‍යාත පාවිච්චි කරල උත්සහ කරමින් හිටියෙ ගැරී. දවසක් ඒ එක සංඛ්‍යාතයකින් ඔබේ මුණුපුරා පිලිප්ගෙ හඬ මට ඇහුන.” ගැරී හිනාවෙමින් කීව.
ජැක් පිලිප්ව ආදරෙන් බදාගත්ත.”ස්තූතියි පිලිප් හැමදේටම ස්තූතියි!” ජැක් තමන්ගෙ මුණුපුරාගෙ හිස ආදරෙන් අතගාන ගමන් කීව.
ජැක්ගෙ විසිත්ත කාමරේට ඇතුළු වුන ජැක්ට සහ ගැරීට කතා කරන්න ගොඩක් දේවල් තිබ්බ. මෙච්චර අවුරුදු ගාණකට පස්සෙ වුනත් ඔවුන්ගෙ මිතුදමේ වෙනසක් වෙලා නැතිබව දෙදෙනාටම වැඩිවෙලාවක් නොයාම තේරුන් ගන්න පුළුවන් වුනා.
ඊට ටික කාලෙකට පස්සෙ ඩේවිඩ්ට හා ටිම්ට ජැක් ගෙ නීතීඥයාගෙන් ලැබුන පණිවිඩේකින් ජැක් තමන්ගෙ අන්තිම කැමති පත්‍රය වෙනස් කරල ඔහුගෙ සියළුම දේපළ තමන්ගෙ මුණුපුරා වුන ජැක්ට පවරල තියනව කියල දැනගන්න ලැබුන.
Amomama inspirational stories ඇසුරින් පරිවර්තනය කලේ දුලානි නවෝද්‍යා