iPhone 15 පිච්චෙනවද ?

ඕනෑම අවුරුද්දක සිදුවෙන ටිකක් ආකර්ෂණීය සිදුවීම් වලට අවධානය යොමුකරගෙන ඉන්න ගොඩක් දෙනෙක් දන්නවා හැම අවුරුද්දකම සැප්තැම්බර් මාසය කියන්නෙ iPhone මාසය කියල. 

Apple සමාගම තමන්ගෙ අලුත්ම iPhone දුරකථනය එළි දැක්වීම සාමාන්‍යයෙන් කරන්නෙ සැප්තැම්බර් මාසයේදී වීම තමයි මීට හේතුව.

ඉතිං මේ අවුරුද්දෙත් පුරුදු විදිහටම Apple සමාගම තමන්ගෙ iPhone මාලාවේ අලුත්ම දුරකථන එළිදැක්වීම සිදුකරා. 

ඒ iPhone 15 කියන නමිනුයි.

සුපුරුදු විදිහටම iPhone 15 දුරකථන හතරක් මේ වතාවෙදිත් ඔවුන් හඳුන්වා දුන්නා. 

ඒ,

iPhone 15

iPhone 15 plus

iPhone 15 pro සහ

iPhone 15 pro max කියන නමිනුයි.  

කලින් වගේම මේ දුරකථන හතර කාණ්ඩ දෙකකට බෙදල තමයි ඔවුන් ඉදිරිපත් කරේ. 

ඒ iPhone 15 සහ iPhone 15 plus දුරකථනය එක් කාණ්ඩයකටත් iPhone 15 pro සහ iPhone 15 pro max දුරකථනය එක් කාණ්ඩයකුත් ලෙසයි.

iPhone 15 සහ iPhone 15 Plus දුරකථනයේ සුපුරුදු විදිහටම දකින්න ලැබෙන්නෙ එක සමාන විශේෂාංග වන අතර 15 pro සහ 15 pro max වල සමාන විශේෂාංග දැකගන්න පුළුවන්. 

ඒ අතර ,

colour infused glass back එහෙමත් නැත්නම් පිටුපස වීදුරුව පුරා වර්ණ විහිදුවා අලංකාර වර්ණ පහක් සහිතව දිළිසුම අඩු ඉතාම අලංකාර (matte) පෙනුමකින් නිර්මාණය කිරීම.

ප්‍රධාන තිරයට අමතරව ඇති කුඩා තිරයක් මඟින් ඔබේ ගීත එකතුව පාලනය කිරීම, ඔබට අවශ්‍ය කාළගුණික විස්තර දැනගන්න එහෙමත් නැත්නම් ඔබ නරඹන ක්‍රීඩා තරඟයක ලකුණු පුවරුව ගැන බලාගන්න ඔබට පහසු කරවන dynamic island විශේෂාංගය, 

ඒ වගේම මේ දුරකථන වල next-gen portrait තාක්ෂණය නිසා ඔබ ගන්නා ජායාරූප වල ඉතාම ගැඹුරු සහ සියුම් තොරතුරු ග්‍රහණය කර ගැනීමේ හැකියාව ලැබී තිබෙනව. ඒ නිසා ජායාරූපයක් ගනිද්දි සාමාන්‍ය අවස්ථාවේ ඉඳල portrait අවස්ථාවට මාරු වීමක් අවශ්‍ය වෙන්නෙ නෑ. 

ඒ වගේම අලුත් දුරකථනයට වතුරින් හෝ දූවිලි වලින් හානි වීම වළක්වන water and dust resistance තාක්ෂණයද ඇතුළත් වෙන නිසා භාවිතා කිරීම ඉතාම පහසු වෙනව. 

දවස පුරාවටම ප්‍රයෝජනවත් විදිහට ඔබේ බැටරියේ ධාරිතාව පවත්වා ගෙන යන්න උදව් වෙන all day battery life විශේෂාංගය පැවතීමත් කැපී පෙනෙන කරුණක් විදිහට හඳුන්වන්න පුළුවන්. 

ඉදිරිපස කැමරාවට පසුපසින් ස්ථානගත කර ඇති 2X telephoto lens නිසා වඩා හොඳින් ජායාරූප වල ගුණාත්මකභාවය සහ වර්ණ ග්‍රහණය කර ගැනීමේ හැකියාවත් ලැබී තිබෙනවා.

ඒ වගේම iPhone 15 දුරකථන වල ඉතා අලංකාර රවුම් කොන් නිර්මාණය කර තිබීම මඟින් ඉතා ආකර්ෂණීය පෙනුමක් ලබා දෙන්නත් හැකිවෙලා තියෙනව. 

ඉතිං මේ අපි කතා කරපු විශේෂාංග එළිදක්වලා තියෙන iPhone වර්ග හතරේම පොදුවේ දකින්න ලැබෙනව. 

iPhone 15 සහ iPhone 15 plus කළු, නිල්, කොළ, කහ සහ රෝස පැහැයන්ගෙන් එළිදැක්වුණු අතර,

iPhone 15 pro සහ iPhone 15 pro max natural titanium, black titanium, white titanium සහ blue titanium යන ඉතාම අලංකාර වර්ණවලින් එළිදක්වනු ලැබුවා. 

Titanium වලින් නිපදවා ඇති නිසා iPhone 15 pro සහ pro max වලට ආකර්ෂණීය වගේම දිගුකල් පැවැත්වමක්ද සහිත බව තමයි Apple සමාගම ප්‍රකාශ කරන්නෙ. 

ඒ වගේම A17 වර්ගයේ චිපයක් (chip) සහිත නිසා පහසුවෙන් විවිධ මෘදුකාංග සමඟ සම්බන්ධ වීමටත් දුරකථන ක්‍රීඩා කිරීමටත්, වැඩි කාලයක් දුරකථනයේ බැටරි ධාරිතාවය පවත්වා ගැනීමටත් ජායාරූප වල ප්‍රමිතිය සහ ගබඩා කර තබාගැනීමේ හැකියාව ඉහළ බවත් Apple සමාගම ප්‍රකාශ කර සිටිනවා. 

මේ අතරම iPhone 15 දුරකථන වල දකින්න ලැබුණු තවත් විශේෂ කාරණාවක් වුනේ එහි ඇති c වර්ගයේ (type c) කේබල් වලට සම්බන්ධ කිරීමේ ඇති හැකියාවයි. 

මේ සම්බන්ධව විවිධ අදහස් පළවුනත් බොහෝ දෙනෙක් ප්‍රකාශ කරේ ඉලෙක්ට්‍රොනික උපාංග මඟින් වන පරිසර දූෂණය වැළක්වීමේ සංවාද වලදී එක් එක් දුරකථනයට ආවේණික කේබල් නිපදවීම ගැන Apple සමාගමට එරෙහිව නැගුණු දැඩි විරෝධය නිසා ඔවුන් මේ තීරණය ගත් බවයි.

ඒ කොහොම වුනත් දැන් ඔබට අනෙක් Apple උපාංග සඳහා භාවිත කරන කේබල්  iPhone 15 දුරකථන සඳහාත් භාවිතා කරන්න පුළුවන්. 

ඒ වගේම silent button වෙනුවට එබීමකින් තොරව ස්පර්ශයෙන් පමණක් ඔබේ දුරකථනය නිහඬ කරන්න හැකියාව ලබාදෙන physical switch අන්තර්ගත කරලයි iPhone 15 pro සහ pro max වෙළඳපොලට එළිඳක්වා තිබුණේ. 

iPhone 15 අඟල් 6.1 ක,

iPhone 15 plus අඟල් 6.7 ක,

iPhone 15 pro අඟල් 6.1 සහ

iPhone 15 pro max අඟල් 6.7 ක තිරයකින් යුක්ත වෙනවා. 

කොතරම් ආකර්ෂණීය සහ හොඳ නිෂ්පාදනයක් වුනත් iPhone දුරකථන වෙළඳපොලට එළිඳක්වලා ටික කාලෙකින් ඒවා ගැන විවිධ ගුණදොස් අහන්න ලැබීම සාමාන්‍ය කාරණාවක්. 

නමුත් සමහරුන් පවසන්නෙ iPhone දුරකථන අතරින් පාරිභෝගිකයන්ගේ විශ්වාසය වැඩිපුරම කඩකළ නිෂ්පාදනය මෙය බවයි. 

පාරිභෝගිකයන් සමහරුන්ට අනුව iPhone 15 දුරකථන රත්වීමේ ප්‍රවණතාවය ඉතා ඉහළයි වගේම එහි OLED තිරය පිළිස්සීයාමේ පැමිණිලි කීපයක්ද ලැබී තිබුණා. 

මිලෙන් අධික නිෂ්පාදනයක හොඳ ප්‍රමිතියක් බලාපොරොත්තු වෙන පාරිභෝකයන්ට මෙය ඇත්තෙන්ම තමන්ගේ අපේක්ෂා සුන්වීමක් තමයි. 

කොහොම වුනත් හැම අවුරුද්දකම වගේම ඇමෙරිකානු ඩොලර් 799 ත් 999 ත් අතර මිලකට (ශ්‍රී ලංකා රුපියල් 2,63,000 ත් 3,29,000 ත්) මේ දුරකථන මාදිලිය වෙළඳපොලට හඳුන්වා දුන්නත් විවිධ රටවල ආර්ථික තත්වය මත මේ මිල ගණන් වෙනස් වුන බව අපිට දකින්න ලැබුණා.

මේ ගුණදොස් ඔක්කොම දැනගෙන ඔබේ iPhone 15 දුරකථනය මිලදී ගන්න හොඳම කාලය තමයි මේ.

ඉතිං ඔබ මොකද කියන්නෙ ?

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles