සුරූපි දකුණු ඉන්දීය රංගන ශිල්පිනියන්

දකුණු ඉන්දීය සිනමාව අද වෙද්දි උතුරු ඉන්දීය බොලිවුඩ් සිනමාව වගේම සමහරවිට ඊටත් වැඩියෙන් ශ්‍රී ලාංකීය සිනමා රසිකයින් ආකර්ෂණය කරන්න සමත් වෙලා තියෙන නිර්මාණ බිහිවෙන තැනක් බවට පත්වෙලා තියෙනව.

සුන්දර සහ යථාර්තවාදී ආදර කතා, එකිනෙකට වෙනස් නර්තනයන්ගෙන් යුතු ගීත, සටන්, කඩවසම් නළුවන් වගේම දකුණු ඉන්දීය සිනාමා නිළියන්ගේ සරල සුන්දරත්වයත් මේ සඳහා ප්‍රධාන හේතු විදිහට හඳුනගන්න පුළුවන්.

අන්න ඒ නිසයි දකුණු ඉන්දියානු සිනමාවේ මුල්තැනක් අරන් ඉන්න සුරූපී නිළියන් ගැන විස්තර ටිකක් ඔබත් එක්ක බෙදාගන්න අපි අද තීරණය කරේ. 

බලන්නකෝ ඔබ ආදරය කරන රංගන ශිල්පිනියන් මේ අතර ඉන්නවද කියල?

කාජල් අගර්වාල්

ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ බොම්බායි නුවරදී 1985 ජූනි 19 වෙනිදා උපත ලැබූ කාජල් අගර්වාල් සිය මුල්ම සිනමා ප්‍රවිෂ්ඨය ලබාගත්තෙ 2004 වසරේදී තිරගත වූ වන Kyun! Ho gaya na.. හින්දි ච්ත්‍රපටයෙනුයි. 

අද වෙද්දි දමිළ සහ තෙළිඟු සිනමාවේ නිතරම දකින්න ලැබෙන කාජල් හින්දි සිනමාවට එක්වූ අවස්ථාත් අපිට දකින්න ලැබෙනවා.

වසර 2020 දී මුම්බායි හි පවුලේ සමීපතම ඥාතීන් පමණක් සහභාගී වූ අතිශය සුන්දර සහ කුඩා විවාහ මංගල්‍යකින් ගෞතම් කිට්ච්ලු සමඟ විවාහ වූ ඇය මේ වෙද්දි එක්දරු මවක්.

තෙළිඟු සිනමාව වෙනුවෙන් ලබාදෙන Filmfare සම්මාන වලදී 2009, 2010, 2011 සහ 2014 වර්ෂ වල හොඳම නිළිය සම්මානය දිනා ගැනීමටත් රංගනය වෙනුවෙන් තවත් සම්මාන 12 ක් ද ඇය සතු කරගැනීමට කාජල් අගර්වාල් සමත් වෙනවා.

ට්‍රිෂා ක්‍රිෂ්ණන්

මෑතකදී විකාශය වූ Ponniyin Selvan 1 සහ 2, Leo, Ghilli, Raangi සහ 96’ වගේ චිත්‍රපට වල කැපීපෙනෙන අවිහිංසක සුන්දරත්වය සහ රංගන හැකියාව තුළින් ප්‍රේක්ෂක හදවත් ආකර්ෂණය කළ 1994 මැයි මස 4 වනදා ඉන්දියාවේ වෙන්නයි නුවරදී උපත ලැබුවා.

මීටර් 1.67 ක උසින් යුතු සුරූපි ට්‍රිෂා 1999 Ms Chennai කිරුළ දිනාගැනීමට සමත් වීමත් සමඟම දකුණු ඉන්දීය සිනමාවට එක්වීමට අවස්ථාව ලබාගත්තා.

“දකුණේ රැජිණ” සහ “දකුණු ඉන්දීය සිනමාවේ රැජිණ” යන නම් වලින් හඳුන්වන ඇය තෙළිඟු සිනමාව වෙනුවෙන් ලබාදෙන Filmfare සම්මාන වල හොඳම නිළිය සම්මානයට තුන්වරක් හිමිකම් කීවා.

ඇගේ මව සහ මිත්තණිය සමඟ ජීවත් වන ට්‍රිෂා නිර්මාංශ ආහාර රටාවක් අනුගමනය කරන අතර දමිළ, හින්දු, ඉංග්‍රීසි සහ ප්‍රංශ භාෂා කතා කිරීමේ හැකියාව දක්වනවා.

කුඩා දරුවන් සහ සතුන් වෙනුවෙන් නිරන්තරයෙන්ම පෙනිසීටින ට්‍රිෂා දමිළ සිනමාවේ ජනප්‍රියම නිළිය ලෙස හඳුන්වනවා.

2015 ජනවාරි මාසයේදී චෙන්නායි හි ව්‍යාපාරිකයෙක් වන වරුන් මනියන් සමඟ විවිහා ගිවිස ගැනීම සිදුකලත් 2015 මැයි මාසයේදී සිය විවාහ ගිවිස ගැනීම අවලංගු කළ බව ඇය නිළ වශයෙන් මාධ්‍ය වලට ප්‍රකාශ කරා.

තම්න්නා භාටියා

තමන්නා භාටියා 1989 දෙසැම්බර් 21 ක් වෙනිදා ඉන්දියාවේ මහරාෂ්ට ප්‍රාන්ත්‍රයේ බොම්බායි නුවරදී උපත ලැබූවා.

තෙළ්ඟු සහ දමිළ සිනමාවේ මෙන්ම හින්දි සිනමාවේද රංගන වරම් හිමිකරගත් සුරූපි තමන්නා Bandra, Bhola Shankar, Jailer, Lust stories වගේම KGF සහ Babli Bouncer ඇතුළු චිත්‍රපට රාශියකින්  ප්‍රේක්ෂක ආදරය දිනාගන්න සමත් වුණා.

රංගන ශිල්පිනියක් ලෙස සාර්ථක වන අතරම Wite & Gold නමින් තමන්ගේම ආභරණ ව්‍යාපාරයක් පවත්වාගෙන යන අතරම Back to the Roots නමින් පොතක්ද නිකුත් කරනු ලැබූවා. 

රශ්මිකා මන්දන්නා

තමන්ගේ මුහුණ යොදාගනිමින් AI තාක්ෂණය භාවිතයෙන් සැකසූ වීඩියෝවක් නිසා දැඩි අපහසුතාවයකට පත්වුණු රශ්මිකා මන්දන්නා නොදන්න දකුණු ඉන්දියානු සිනමා රසියෙක් ඉන්නව කියල අපි හිතන්නෙ නෑ.

කන්නාඩා, දමිළ, තෙළිඟු වගේම හින්දි සිනමාවේ රංගන දායකත්වය ලබාදෙමින් Filmfare සහ SIIMA සම්මාන ගණනකට හිමිකම් කියූ රශ්මිකා 1996 අප්‍රේල් 5 වෙනිදා ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්ත්‍රයේදී උපත ලැබූවා.

සිනමා නළුවෙක් වන රක්ෂිත් ශෙට්ටි සමඟ 2017 ජූලි මාසයේදී විවාහ ගිවිසගත් රශ්මිකා සහ රක්ෂිත් අතර විවාහ ගිවිස ගැනීම 2018 සැප්තැම්බර් මාසයේදී බිඳ වැටුණා.

Animal, Mission Manju, Varisu, GoodBye, Seetharamam සහ Aadavallu Meeku Joharlu වැනි චිත්‍රපට වල රංගන දායකත්වය දැක්වූවා.

නයනතාරා

Jawan බැලුවද?

එහෙමනම් නයනතාරව අමතක වෙන්න විදිහක් නෑනෙ.

1984 නොවැම්බර් 18 වෙනිදා ඉන්දියාවෙ බැංගලෝර් නුවරදි උපත ලැබූ තමන්නා මේ වෙද්දී දරුවන් දෙදෙනෙකුගේ මවක්. ඇය ඇගේ ස්වාමි පුරුෂයා වන චිත්‍රපට අධ්‍යක්ෂකවරෙක් සහ නළුවෙක් වන විග්නේෂ් ශිවාන් සමඟ විවාහ වෙන්නෙ වර්ෂ 2022 දීයි. 

දමිළ, තෙළිඟු සහ මලයාලම් සිනමාවේ රංගන දක්ෂතා දක්වන නයනතාරා Forbes India මඟින් නම් කරන ලද 100 celebrities අතරට එක්වූ එකම දකුණු ඉන්දීය රංගන ශිල්පිනියද වනවා.

Filmfare සම්මාන 05 ක් ඇතුළුව තවත් සම්මාන රාශියකින් පිදුම් ලබා ඇති නයනතාරා ඉන්දියානු සිනමාවේ lady superstar නමින්ද හඳුන්වනු ලබනවා.

කොරෝනා රෝගීන් සහ අසාධාරණයට පත්වන කම්කරුවන් වෙනුවෙන් නිරන්තරව අවදානය යොමුකරමින් හඬ නඟන ඇය චිත්‍රපට අධ්‍යක්ෂකවරියක් ලෙසද සිය වෘ ත්තිය ජිවිතයේ නවමු සටහනක් සනිටුහන් කළා.

Iraivan, Viswasam, Bigil, Annapoorani, Connect සහ Godfather වැනි චිත්‍රපට රාශියකටද ඇය සිය රංගන දායකත්වය ලබා දුන්නා.

කීර්ති සුරේෂ්

1992 ඔක්තෝබර් 17 වෙනිදා ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නුවරදි උපත ලැබූ කීර්ති සුරේෂ් ළමා රංගන ශිල්පිනියක් ලෙස 2000 වර්ෂයේ සිටම දකුණු ඉන්දීය සිනාමාවේ සිය දක්ෂතා ප්‍රදර්ශනය කළා. 

ඇය පියා සිනමා අධ්‍යක්ෂකවරයෙක් වන සුරේෂ් කුමාර් වන අතර නිළියක් වන මේනකා සුරේෂ් ඇගේ මවයි. 

මළයාලම්, තෙළිඟු සහ දමිළ චිත්‍රපට රාශියකට සිය රංගන දායකත්වය දැක්වූ ඇය SIIMA සම්මාන තුනකුත්, දකුණු ඉන්දීය සිනමාව වෙනුවෙන් පිරිනැමෙන Filmfare සම්මානයක් සහ ජාතික චිත්‍රපට සම්මානයක් දිනා ගැනීමටත් වාසනාවන්ත වුණා. 

මාධ්‍ය වාර්තා අනුව ඉහළම මිල ගණන් අයකරන දකුණු ඉන්දීය රංගන ශිල්පිනියන් අතරින් කෙනෙක් වන කීර්ති සුරේෂ් 2020 සහ 2021 වර්ෂ වල twitter සමාජ ජාලය තුළ වැඩිම පිරිසකගේ පරීක්ෂා කිරීමට ලක්වූ දකුණු ඉන්දීය රංගන ශිල්පිනිය ද වෙනවා. 

ඇගේ Bhole Shankar, Maamanna, Dasara, Vaashi, Sarkaru Vaan Paata සහ Good luck Sakhi ආදී චිත්‍රපට ප්‍රේක්ෂකයන් අතර ඉතා ජනප්‍රිය වුණා. 

හංසිකා මොට්වනී

දමිළ සහ තෙළිඟු සිනමාවේ වැඩි වශයෙන් දකින්න ලැබුනත් හංසිකා ළමා නිලියක් ලෙස සිය රංගන ජීවිතය ආරම්භ කරේ හින්දි සිනමාවට රංගනය ලබා දෙමිනුයි.

ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ බොම්බයි නුවරදී 1991 අගෝස්තු 9 වෙනිදා උපත ලැබූ හංසිකා මොට්වානී 2022 වර්ෂයේදී සොහායිල් ඛාටුරියා සමඟ විවාහ වූවා.

පියයුරු පිළිකා වැළක්වීමට සහ දුප්පත් දරුවන්ගේ ආහාර සහ අධ්‍යාපන අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් සිය දායකත්වය දක්වන්න හංසිකා මෝට්වානි බෞද්ධ දර්ශනය අනුගමනය කරනවා. 

Patner, 100, Gulebakavali සහ Kaun Hai Villain වැනි චිත්‍රපට වලින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත්තා. 

ඉතිං, ඔබ කැමතිම රංගන ශිල්පීනියනුත් මේ අතර ඉන්නවද?

නැත්නම් මේ දවස්වල ඔබ කැමතිම රංගන ශිල්පිනිය කවුද කියලත් සටහනක් තබාගෙනම යමු.

සටහන – දුලානි නවෝද්‍යා

Related Articles

Don't Miss


Latest Articles