නත්තලට එන අමුත්තන්ට ඔබේ අතින්ම නත්තල් ස්නැක්ස් හදමු 

නත්තල් සාදයට එන අමුත්තන්ට, ඔබේ පොඩ්ඩන්ට වගේම හවස තේ වෙලාවටත් හරියටම ගැළපෙන අලුත් කෙටි කෑම කීපයක් හදමුද?

එහෙනම් එන්නකෝ. ඔබේ පෝඩ්ඩොත් එක්කම හදන්න පුළුවන් හරිම ලේසි පහසු වට්ටෝරු ටිකක් ඔබත් එක්ක බෙදාගන්න තමයි අපි මේ සූදානම් වෙන්නෙ.

Candied Orange Peel

අවශ්‍ය ද්‍රව්‍ය

  • හොඳින් පිරිසිදු කරගත් දොඩම් ගෙඩි 03 ක්
  • සීනි කෝප්ප 02 ක්
  • වතුර

සාදාගන්නා ආකාරය

මුලින්ම පිහිටක් හෝ පීලරයක් භාවිතයෙන් දොඩම් ගෙඩියේ ඉහළ සිට පහළට දිග අතට තීරු ලෙස පොතු ඉවත් කරගන්න.

භාජනයක් ගෙන එයට දොඩම් පොතු තීරු ටික දමා දොඩම් පොතු වැහෙන ලෙස වතුර පුවරා ගන්න. දොඩම් පොතු වල මට්ටමින් අඟල් එක හමාරක් පමණ ඉහළට වතුර තිබිය යුතුය.

දැන් මේ භාජනය ලිපතබා වතුර නටන තුරු රත්කර, භාජනය ලිපෙන් ඉවතට ගෙන වතුර පෙරා නැවත කලින් විදිහටම වතුර දමා භාජනය ලිපේ තබා වතුර නටන තුරු රත්කර වතුර පෙරා ගන්න. 

දැන් තම්බූ දොඩම් පොතු තිබෙන භාජනයටම සීනි සහ වතුර කෝප්ප 02 ක් එකතු කර මඳ ගින්නේ හැඳි ගාමින් සෙමින් රත්කර ගන්න. 

සීනි මිශ්‍රණය බුබුළු දා නැටීම ආරම්භ වුණ පසු දිගටම හැඳි ගාමින් උකු මිශ්‍රණයක් ලෙස දොඩම් ලෙලි වලට උරාගෙන ඒ වටේට ගෑවෙන තෙක් මෙසේ රත්කර ලිපෙන් ඉවතට ගන්න.

යකඩ දැලක් හෝ අවන් එකේ දැල් සහිත කොටස ප්ලාස්ටික් හෝ වෙනත් තැටියක් මත තබා සීනි තැවරුණු දොඩම් පොතු එකිනෙක වෙන් වෙන්ව ඒ මත තබන්න.

වැඩි සීනී ද්‍රාවණය පෙරී දොඩම් පොතු වියළෙන තෙක් පැය 12 ක් පමණ මෙසේ තැබිය යුතුය. 

හොඳින් සෝදා වතුර ඉවත්කර භාජනයක දමා වසා සතියක් පමණ ශීතකරණයේ තබා පාවිච්චියට ගන්න ඔබට පුළුවන්. 

Strawberry Santas

අවශ්‍ය ද්‍රව්‍ය

  • ස්ට්‍රෝබෙරි ගෙඩි 12 ක්
  • ඔබ කැමති වර්ගයකින් කෙසෙල් ගෙඩි 01 ක් හෝ 02 ක්
  • යෝගට් 01 ක් හෝ ක්‍රීම් චීස්

සාදාගන්නා ආකාරය

ස්ට්‍රෝබෙරි ගෙඩියේ කොළ සහිත පැත්තෙන් කොළත් සමඟ කුඩා කොටසක් ඉවත් කරගන්න.

ස්ට්‍රෝබෙරි ගෙඩියේ කොළ තිබූ පැත්තෙන්ම නැවත ස්ට්‍රෝබෙරි ගෙඩියෙන් ⅓ ක් පමණ වන කොටසක් කපා ඉවත් කරන්න. 

කෙසෙල් ගෙඩියත් සාමාන්‍ය ප්‍රමාණයට පෙති කපාගන්න.

දැන් දිගින් අඩු ස්ට්‍රෝබෙරි පෙති ටික තැටියක් මත අතුරා ඒ මත යෝගට් ආලේප කරගන්න.

දැන් යෝගට් තට්ටු උඩින් කෙසෙල් පෙති තබන්න. 

ඒ මත නත්තල් සීයාගෙ තොප්පියේ හැඩයට ඇති ස්ට්‍රෝබෙරි ගෙඩියේ කොටස තබා ගන්න. 

ගම්මිරිස් ඇට හෝ චියා සීඩ් ගෙන කෙසෙල් ගෙඩියේ ඇස් වල ආකාරයට තබා ගන්න. 

Christmas Deviled Egg

අවශ්‍ය ද්‍රව්‍ය

  • බිත්තර 06 ක්
  • අලිගැටපේර ගෙඩියක්
  • මයෝනීස් මේස් හැඳි 03 ක්
  • ගමිමිරිස් කුඩු
  • ලුණු කුඩු
  • කුඩාවට කොටු කපාගත් තක්කාලි හෝ රතුපාට බෙල්පෙපර්

සාදාගන්නා ආකාරය

බිත්තර තම්බා ගෙන කටුව ඉවත්කර දෙකට මැඳින් පලාගන්න.

කහ මදය ඉවත්කර වෙනම භාජනයකට එකතු කර ගන්න.

කහ මද වලට මයෝනීස්, අලිගටපේර, ලුණු සහ ගම්මිරිස් කුඩු රස අනුව එකතු කර මෘදු මිශ්‍රණයල් ලැබෙන සේ හොඳින් කලවම් කරගන්න. 

පයිපින් බෑගයකට හෝ තුඩක් ලැබෙන සේ කපාගත් සිලි බෑගයකට බිත්තර කහමද මිශ්‍රණය එක්කර ගන්න.

බිත්තර සුදුමදය ඇතුළු කොටස ඉහලට සිටින සේ තැටියක් මත අතුරා ගන්න.

දැන් බිත්තර කහ මදය පුරවා ගන්න. මේ සඳහා හැන්දක් වුනත් භාවිතා කරන්න පුලුවන්.

බෙල් පෙපර් හෝ තක්කාලි කැබලි යොදා හැඩගන්වා ගන්න.

එහෙමනම්, මේ විදිහටත් ඔබේ සවස තේ මේසය සරසගන්න අමතක කරන්න එපා.

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles