එන්න! ආදරය කරන්න

“ආදරය කරන්න. මන්ද හෙට දවස නිශ්චිත නැහැ. ලස්සන කිසිම දෙයක් හෙටට කල් දමන්න එපා. මුළුමනින්ම දැන් මෙතන ජිවත් වන්න.”  – ඕෂෝ

ඔබට ආදරය නැතිව ජිවත් වෙන්න පුලුවන්ද ?ආදරය නැති ලෝකයක් තව දුරටත් වාසයට සුදුසු ස්ථානයක් ලෙස සලකන්න පුලුවන්ද ? එහෙත් අප සියලුම දෙනා අපට ආදරය නැතිව ජිවත් විය නොහැකි බව පැවසුවත් ආදරයට තරම් බාධක මේ ලෝකේ කිසිවකට නැහැ. ආදරයට තරම් අවහිරතාවයක් වෙන කිසිවකට නැහැ. ඒ කියන්නේ අප හැමෝටම ආදරය අවැසිව තියෙද්දිත් කවුද මේ බාධා කරන්නේ, අකුල් හෙලන්නේ පිටසක්වළ ජිවින්ද ? නැහැ. අපම නේද ? ආදරය වෙනුවෙන් ජීවිතය පූජා කරපු වැලන්ටයින් පියතුමා ජීවත් වුණු කාලයට වඩා අද තත්ත්වය වෙනස් තමයි. අලූත් සහශ‍්‍රයක්, ඩිජිටල් ලෝකයක් ගැන කතා කළත් එදා තිබුණු බාධාත් නැතුවා ම නෙවෙයි.

ඉතින් අද වගේ දවසක ආදරය ගැන කතා නොකර කොහොමද ? ඒත්ආදරයට මොකට ද දවසක්? අනික් දවස්වල ආදරය නොකර ඉන්න ඕනේ ද? මේ කාලෙ අපිට ඇහෙන්න පටන් ගන්න කතාවක් මේ. මේක මේ බිස්නස්කාරයන්ගේ වැඩක් කියන කතාවත් ඒ අතර ම ඇහෙනවා. ඒක බොරුවකුත් නෙවෙයි. මොකද අලූත් අවුරුද්ද, වෙසක්, නත්තල් වගේම වැලන්ටයින් දිනයත් අපිට මතක් කරල දෙන්නේ වෙළෙන්දොම තමයි. අනිත් ඔක්කොම විකිණෙන කොට මේක විතරක් ඉතුරු වෙයියැ. වැලන්ටයින් දවසෙ ආදරේ කරන කවුරුත් වගේ අනෙක් පාර්ශ්වයට මොනව ම හරි අරන් දෙන්න උත්සාහ කරනවා. කඩ ගානේ ඇවිදල තමන්ට පුළුවන් විදිහට. පොඩි වෙනසක් විඳිනවා වෙනදට වඩා එදා දවස.

ආදරය ගැන කතිකාවන් කොතරම් තිබුණත් මේ අපි කරන්නේ ආදරය කිරීමද ? කියලත් හිතන්න වෙනවා.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles