ඔබේ දැක්ම ඔබ මහත්වරුන් අතර සැබෑ මහත්මයෙකු කරාවී

ඔහු රටවල් 12ක කිරුළ හිමි අනාගත රජුයි. ලොව වැඩිම ජනප්‍රියත්වයට පත් වූ, කතාබහට ලක් වන රාජකීය පරම්පරාවේ අනාගත උරුමක්කරුයි. මේ වන විටත් සේවකයන් 33,000 ක් ඔහු යටතේ සේවය කරයි. ලෝකයේ සිටින ජනප්‍රියම පුදගලයන් අතරින් ඉහලම ස්ථානයක සිටින විලියම් කුමරු ඔහුයි…. මේ බලවත්ම පුදගලයා තම බිරිදට සලකන ගෞරවණීය බව, ආදරණීය බව ලෝකයටම ආදර්ශයක්.. ඔහුට බොහෝ රාජකීය උත්සව වලට මෙන්ම, ජනප්‍රිය පුද්ගලයන්ගේ ප්‍රියසම්භාෂණ වලට නිතරම ආරාධනා ලබෙන අතර විලියම් කුමරු එම සෑම උත්සවයකටම සහභාගී වන්නේ තම බිරිද සමගින් පමණි.

ඕනෑම අවස්ථාවකදී තම බිරිදට අවශය්‍ය සහය, රැකවරණය ලබා දීමට ඔහු ඉදිරිපත් වන්නේ ඉතාමත් නිහතමානීවයි. කේට් කුමරියට කුඩය ඉහලගෙන යන ලෙස සේවකයෙකුට පැවරීම විලියම් කුමරුට සුලු කාර්ය්‍යක් වුවද, විලියම් කුමරු කිසි විටෙක එසේ නොකරයි. ඔහු විසින්ම, තම බිරිදට රැකවරණය සැපයීමට විලියම් කුමරු සෑම විටම ඉදිරිපත් වෙයි…media ඔහු ගැන කුමක් වාර්ථා කරාවිද? තම අභිමානයට කැළලක් වේවිද? යන්න කිසි විටෙකත් නොසිතන විලියම් කුමරු , තම බිරිදට සදාදරණීය සමියෙකු ලෙස අවශ්‍ය රැකවරණය සෑම විටම ලබා දෙයි.. එහිදී විලියම් කුමරු ලොව බලවත්ම පුද්ගලයකු නොව , තම බිරිදට සැබෑම රැජිණකට මෙන් සලකන ආදරණීය සැමියෙක් පමණි.

සමාජය ඉදිරියේ තම බිරිද අවතක්සේරු කරන, උත්සවයකට පවා බිරිද කැටුව යාමට මැළි කමක් දක්වන, ගමනක් යෑමේදී බිරිදට වඩා ගව් ගනනක් ඉදිරියෙන් යන, පිරිමි කම යයි කියා ගන්නා දැඩි බවකින් හිස පුරවාගෙන තම බිරිදට හින්සා කරන, තම බිරිදට ආදරයෙන්, ගෞරවයෙන් සලකන පිරිමින් නිවටයන් ලෙස සලකන ආකල්ප සහිත පිරිමින් බහුලව සිටින සමාජයක විලියම් කුමරුගේ හැසීරීම සියලු දෙනාට සැබෑ පිරිමි කම පිලිබදව නැවත වරක් සිතා බලන්නට අවස්ථාව සලසා දෙනු ලබේ ..

ඔබේ හැසිරීම, ඔබේ වචන , ඔබේ ආකල්ප, ඔබේ දැකම, තුලින් ඔබේ සැබෑ පිරිමි කම පිලිබදව ලොව තක්සේරු කරන බව සිහි තබා ගන්න.. ඔබ කවුරුන් වුවත්, ඔබ කුමන තරාතිරමක අයෙක් වුවත්, අවසානයේ ලොවට ඔබ ගැන මතකයේ රැදෙනුයේ ඔබේ සමීපතයන්ට, ඔබ ලබා දුන් ආදරය, රැකවරණය, ගෞරවය තුලින් පමණි. සියල්ල අවසනයේ ඉතිරි වන්නේ හදවත් තුල ඔබ පිලිබද රැදුනු එවන් ගෞරවණීය මතකයන් පමණි……

Related Articles

Don't Miss


Latest Articles