තාත්තා වෙනුවෙන් දරුණු වුණ පුතෙකුගේ කතාව

මේ දවස්වල හොඳටම ට්‍රෙන්ඩ් වෙන චිත්‍රපටයක්නේ මේ Animal කියන්නෙ.

ඔයාලා බැලුවද මන්දා? මං බැලුවා මේ ආටිකල් එක ලියන්න ඕන හන්දම. මම රන්බීර් කපූර්ට නම් එච්චර ආස නෑ. ඒ උනාට Bulbul සහ Qala බැලුවට පස්සෙ මට Tripti Dimri ට ආදරේ නොකර බැරි උනා. ඉතින් එයා නිසාමයි මම මේ චිත්‍රපටිය බැලුවෙ.

මේක හින්දි බාශාවෙන් ආව Action drama film එකක්. බල්බිර් සින්ග් ගෙ පුතා තමයි රන්විජේ සින්. බල්බිර් කියන්නෙ දිල්ලි වල ඉන්න ස්වස්තික් ස්ටීල් කියන යකඩ බිස්නස් එක කරන ලොකු ධනවතෙක්. රන්විජේ පුංචි කාලෙ ඉඳල එයාගෙ තාත්තට මාර විදියට ආදරේ කල මිනිහෙක්. ඒ උනාට බිස්නස් ලෝකෙ ධනවතෙක් වෙච්ච බල්බිර් ට නම් තමන්ගෙ පුතා ගැන එහෙම ලොකු හැඟීමක් තිබ්බෙ නෑ. මනුස්සය ජීවත් උනේ නිකන් පුතෙක් ඉන්න බව අමතක කරල දාලා වගේ.

මෙහෙම ඉද්දි තමයි බල්බිර් රන්විජේ ව ඇමරිකාවෙ තියෙන බෝඩින් ස්කූල් එකකට යවන්නෙ.ඒකට හේතුව වෙන්නෙ රන්විජේ එයාගෙ සහෝදරීට කරදර කරන්න ආව සෙට් එකකට තුවක්කුවකින් වැඩ කිඩ ටිකක් පෙන්නන්න යන එක. තාත්තා තේරුම් ගන්නව මුන්දැව මෙහෙ තියාගත්තොත් මැරයෙක් වෙලා තමා නතරවෙන්නෙ කියල.

ඉතින් ඇමරිකාවට ඉගෙන ගන්න යන් රන්විජේ ආයෙම එන්නෙ තමන්ගෙ ඉගෙනීම් කටයුතු අවසන් කරල. ඇවිල්ලත් මිනිහ නිකන් ඉන්නෙ නෑ. ඉස්කෝලෙ යන කාලෙ ඉඳල තමන්ගෙ හිතට සෙට් වෙච්ච ගීතාංජලී කියන්න කෙල්ල එක්ක මිනිහ සෙට් වෙනව. නිකන් නෙවෙයි ඒ කෙල්ලගෙ Engagement එකත් විනාස කරල දාලා.

බල්බිර් ගේ 60 වෙනි උපන් දිනේ දවසෙ රන්විජේ තමන්ගෙ සහෝදරියගෙ හස්බන්ඩ් එක්ක වලියකට යනවා. ඒ සිද්දිය නිසා බල්බීර් රන්විජේව ගෙදරින් එලියට ඇදල දානවා. හිත රිදිච්ච රන්විජෙ ගීතාංජලීව බැඳල ඇමරිකාවෙ පදිංචියට යනවා. මෙහෙම ගිහින් ජීවත් වෙන මේ දෙන්නට දරුවො දෙන්නෙකුත් හම්බු වෙනවා.

අවුරුදු අටකට පස්සෙ රන්විජේ දැනගන්නවා තමන්ගෙ තාත්තව ත්‍රස්තවාදීන් විසින් වෙඩි තියල කියල. ඉතින් ඒ සිද්දිය නිසාම රන්විජේ ට සිද්ද වෙනව ආපහු ඉන්දියාවට යන්න. ඉන්දියාවට ගිහිල්ල තමන්ගෙ තාත්තට වෙඩි තිබ්බෙ කාටද කියල හොයාගන්න.

එයා තමන්ගෙ උපන් ගමේ ඉන්න තමන්ගෙ නෑ වෙන සහෝදරයන්ට කියනව තමන්ගෙ තාත්තට වෙඩි තිබ්බෙ කවුද කියල හොයාගන්න උදව් වෙන්න කියල. ඒ වගේම මෙයා තමන්ගෙ තාත්තගෙ දේහ ලක්ශන තියෙන තව කෙනෙක්ව හොයාගන්නව. ඒ තමයි කෛලාශ්. කෛලාශ් කියන්නෙ බල්බිර් ගෙ Doppelganger කෙනෙක්. කොහොමහරි කෛලාශ් කියන්නෙ බල්බිර් කියල වැරදියට වටහ ගන්න බල්බිර්ට වෙඩි තිබ්බ කාන්ඩෙම කෛලාශ්ටත් වෙඩි තියනවා.

මෙන්න මෙතනදි තමයි රන්විජේ තේරුම් ගන්නෙ මේ වෙඩි තැබීම් පිටිපස්සෙ තමන්ගෙ සහෝදරියගෙ සැමියා වෙන වරුන් ඉන්න බව. ආයෙ ඉතින් රන්විජේට කොච්චර තරහ යනවද කියල අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. මිනිහා වරුන්ව මරල දානවා.

ඉන්පස්සෙ රන්විජේ යනවා මේ හැමදෙයක් පිටිපස්සෙම ඉන්න කෙනාව හොයාගෙන. ඒත් එයාට කලින් එතනට එන අර්සාර්ගෙ කණ්ඩායම එක්ක රන්විජේ පැය ගානක් සටන් කරනවා. වෙන කවුරුවත් වෙනුවෙන් නෙවෙයි ජීවිතේ කිසිම දවසක තමන් ගැන නොහිතපු තමන්ගෙ තාත්තා වෙනුවෙන්.මේ දීර්ඝ සටන අවසානයේදි දිනන්න රන්විජේට පුලුවන් උනත් එයාට වෙච්ච දරුණු තුවාල එක්ක රන්විජේ කෝමා එකකට යනවා.ආයෙමත් මිනිහ ඇහැරෙන්නෙ සති දෙකකට පස්සෙ. වෙච්ච තුවාල එක්ක රන්විජේට හාට් ට්‍රාන්ස්ප්ලාන්ට් එකකුත් කරන්න වෙලා. රන්විජේ දැනගන්නවා තමන් වෙනුවෙන් හදවතක් දීලා තියෙන්නෙ සෝයා කියන කාන්තාවගෙ පෙම්වතා කියලා.

සෝයා එක්ක ආදරයෙන් බැඳෙන්න රන්විජේට මහ වෙලාවක් යන්නෙ නෑ. සෝයටත් එහෙමයි. එයත් රන්විජේට ආදරේ වෙනව. ඒ ආදරේ නිසාම රන්විජේ දැනගන්නව සෝයාව එව්වෙ වෙන කවුරුවත් නෙවෙයි අර්සාර්ගෙ සහෝදරයා වෙච්ච අබ්‍රාර් හක් කියලා.

අබ්‍රාර් සෝයාව එවල තියෙන්නෙ රන්විජේව ආදරයෙන් මුලා කරගෙන එයාව පැහැරගෙන ගිහින් රන්විජේ වෙනුවට එයා වගේ වෙන කෙනෙක්ව එයාගෙ පවුලෙ අය අතරට යවල ඒ පවුල විනාස කරල දාන බලාපොරොත්තුව එක්ක.

රන්විජේ සෝයට කියනව එයා මේ හැමදේම දන්න බවත් එයාට ඇත්තටම උවමනා කරන්නෙ මේ හැමදෙයක්ම කරන්නෙ කවුද කියල දැනගන්න විතරයි කියල.

රන්විජේ මේ සියල්ලටම හේතු වෙච්ච අතීත කතාව දැනගන්නෙ තමන්ගෙ සීය වෙච්ච රාජ් දීර්ගෙන්. ඒ තමයි අබ්‍රාර් සහ අර්සාර් කියන්නෙත් රන්විජේ ගෙ පවුලෙම සාමාජිකයන් කියලා. එයාලා රාජ්දීර්ගෙ මල්ලි ශම්ශෙර් සින්ග් ගෙ දරුවො. අන්තිමට බලද්දි මේ හැමදෙයක්ම වෙලා තියෙන්නෙ දේපල තණ්හාවට බව රන්විජේ දැනගන්නවා.

කොහොමහරි මේ හැම කතාවක්ම එලි උනයින් පස්සෙ ශම්ශෙර් සින් අබ්‍රාර් ඉස්සරහම සියදිවි නසාගන්නව. මේක අබ්‍රාර්ට දරාගන්න හිතාගන්න අමාරු පුදුමාකාර ශොක් එකක් වෙනවා. විජේ සහ එයාගෙ සහෝදරයො සෙට් එක අබ්‍රාර්ව මරන බලාපොරොත්තුවෙන් එයාගෙ ගෙදරට කඩාගෙන පැන්නට එයාලා තේරුම් ගන්නව මිනිහ ඒ වෙද්දිත් පැනල ගිහින් කියල. ඒත් රන්විජේ අබ්‍රාර්ගෙ පස්සෙන් ගිහින් අබ්‍රාර්ව මරල දානව.

ඔක්කොම නපුරො මැරුණම අපි හිතනවනෙ කතාව ඉවරයි කියල ඒ උනාට මේ කතාව එහෙම ඉවර වෙන්නෙ නෑ.

ක්‍රෙඩිට්ස් යද්දි තමයි කතාවෙ හොඳම ටික දැනගන්න පුලුවන් වෙන්නෙ. ඉතින් ඒ නිසා මං මේ කිව්ව තැනට වෙනකම් ෆිල්ම් එක බලල ක්‍රෙඩිට්ස් යද්දි බලන එක නතර කරන්න එපා.

ක්‍රෙඩිට්ස් බලන්න. කතාවෙ මං නොකිව්ව Plot twist එක හොයාගන්න එතකොට පුලුවන් වෙයි!

Related Articles

Don't Miss


Latest Articles