වැලන්ටයින්ස් ඩේ එකට හස්බන්ඩ්ව සප්‍රයිස් කරමුද ? 

වැලන්ටයින්ස් එකත් ලඟ ලඟම එනව. වැලන්ටයින්ස් කියන්නෙ ආදරවන්තයින්ගෙ දවස උනාට විවාහ වෙලා ඉන්න ඔයාටත් ඔයාගෙ ආදරණීය සැමියා එක්ක වැලන්ටයින්ස් සමරන්න බැරි කමක් නෑනෙ. ඉතින් මොකද කියන්නෙ මෙයා පාර ආදරවන්තයින්ගෙ දිනය දවසට ඔයාගෙ ආදරණීය සැමියව සර්ප්‍රයිස් කරන්න පුලුවන් කොහොමද කියල බලමුද?

1. සර්ප්‍රයිස් ගිෆ්ට් එකක් යවමුද?

“අනේ මම නම් ඔය සර්ප්‍රයිස් වලට ආසම නෑ. ඒවට ආස ගෑණු ලමයිනෙ කියල කොච්ච කිව්වත්” කොල්ලොත් ආසයි අනේ සර්ප්‍රයිස් වලට. ඉතින් ඔයා කවදාවත් එයාව සර්ප්‍රයිස් කරල නැතිනම් ඔන්න අද තමයි හොඳම දවස එයාව සර්ප්‍රයිස් කරන්න ගිෆ්ට් එකක් යවන්න.

පුංචි චොකලට් එකක්, ලියුමක්, මලක වගේ දෙයක් විතරක් නෙවෙයි ඊට වඩා දෙයක් උනත් යවල එයාව සර්ප්‍රයිස් කරන්න ඔන්න ඔයාට පුලුවන්.

2. වෙනස් අත්දැකීමක්

ගොඩක් වෙලාවට ඉතින් අපෙ හස්බන්ඩ්ල නෙ අපිට ඔය ලොකු ලොකු සර්ප්‍රයිස් දෙන්නෙ නේද? කාර් ෆෝන් වගේ ලොකු දේවල් තෑගිවලට අරගෙන දෙන්නෙ එයාලනෙ. ඉතින් ඔන්න මේ ආදරවන්තයින්ගෙ දවසෙ ඔයාට හැකියාවක් තියෙනවනම් ඒ වගේ තෑග්ගක් උනත් එයාට දෙන්න ඔයාට පුලුවන්.

එහෙම නැත්තම් ඔය දෙන්නටම යන්න පුලුවන් ලස්සන හොටෙල් එකක් ට්‍රිප් එකක් යන්න, පිට රටකට විනෝද සවාරියක් වගේ යන්න උනත් මේ දවස යොදාගන්න බැරිකමක් නෑ නේද?

3. තනිවෙන්න වෙලාව වෙන් කරගන්න

ආදරවන්තයින්ගෙ දවසෙ ගොඩක් කපල්ස් ඉතින් ඔය ගෙවල්වලට එහෙම හොරෙන් එහෙ මෙහෙ යනවනෙ. එහෙම යන්නෙ අර තනිවෙලා ආදරය කරන එක ලස්සන නිසා. ඉතින් විවාහ වෙලා උන්නට කමක් නෑ. එහෙම තනිවෙලා ආදරය කරන්න, එකිනෙකාව විඳින්න ඔන්න මේ දවස වෙන් කරගන්නත් ඔයාට පුලුවන්.

එයාව සර්ප්‍රයිස් කරන්නත් එක්ක මොකද කියන්නෙ ලස්සන රොමෑන්ටික් ගෙට් අවේ එකක් අපි ප්ලෑන් කරමුද? නිවාඩු දාල 14 වෙනිදටම යන්න පුලුවන් නම් ඒකත් හොඳයි. එහෙම නැත්තම් සිකුරාදා වගේ දවසක නිවාඩුවක් දාලා සති අන්තයත් ඔයාලා දෙන්න වෙනුවෙන්ම විතරක් වෙන් කරගන්නත් ඔයාට පුලුවන්

4. Bed in Breakfast එකක්

ට්‍රිප් එකක් යන්න බැරි උනාට කමක් නෑ. මේ අවුරුද්දෙ ආදරවන්තයින්ගෙ දවස එන්නෙ සතිය මැද දවසක් උනාට පුලුවන් නම් නිවාඩුවක් දාල එදා දවස ඔයාට එයාටයි වෙන් කරගන්න. උදේම ටිකක් කලින් නැගිටල එයා වෙනුවෙන් ලස්සන කෑම වේලක් සූදානම් කරගත්තොත් Romantic Bed in Breakfast එකක් Arrange කරගන්න ඔයාට පුලුවන්.

ඒකට ඉතින් වෙනදට කන බොන ඒව වෙනුවට හාට් ශේප් පෑන් කේක්, පලතුරු, රස ජෑම් වර්ග වගේ දේවල්, බිත්තර එහෙම එක්කහු කරගන්න පුලුවන්.

5. ආදරය ගැන සටහන්

ඔයාට පුලුවන් ඔයාගෙ හිතේ එයා ගැන ලියවෙච්ච ආදරේ කොලවල ලියන්න, එහෙම නැත්තම් ලියුමක් විදියට ලියල එයාව සර්ප්‍රයිස් කරන්න තැපැල් කරන්න. ඊමේල් එකක් වගේ දෙයක් උනත් යවන්න පුලුවන්.

උදේට එයා නැගිටිද්දි එයාගෙ කොට්ටෙ ලඟින් නෝට් එකක් ලියල තියන්නත් ඔයාට පුලුවන්. මේ වගේ පුංචි දේකින් උනත් ලස්සන ආදරණීය හිනාවක් එයාගෙ මූනට අරගෙන එන්න ඔයාට පුලුවන් බව අමතක කරන්න එපා.

6. එයා ආස දෙයක් කරන්න ඉඩ දෙන්න

ගොඩක් දවසට ඉතින් අපි ටීවී එකේ බලන්නෙ අපි ආස කරන දේවල්නෙ. එයා ආස ක්‍රිකට් මැච් වගේ දේවල් බලන්නෙ ඉතින් අපි අඩු වෙන්නෙ. ඉතින් ඔන්න මේ ආදරවන්තයින්ගෙ දිනය දවසෙ ඔයාට පුලුවන් එයා ආස ෆිල්ම් එකක් බලන්න, එහෙම නැත්තම් එයා ආස දෙයක් කරන්න වෙලාව වෙන් කරගන්න. ඒ ඔස්සේ ඔයාට පුලුවන් ඔයා එයාට මොනතරම් ආදරේද කියන එක පෙන්නල දෙන්න.

7. එයාගෙ කාර් එක ලස්සන කරමු

කොල්ලො කියන්නෙ ඉතින් තමන්ගෙ කාර් එකට පන වගේ ආදරේ කරන අයනෙ. ඉතින් ඔන්න එයා නිදාගෙන ඉන්න වෙලාවක හරි එහෙම නැත්තම් ඔය මායම් වලින් එකක් යොදාගෙන එයාව එක දවසකට පික් මී එකක ඔෆිස් යවල ඔයාට පුලුවන් එයාගෙ කාර් එක ලස්සන කරන්න.

මහ දෙයක් කරන්න ඕන නෑ. පොඩි කාර් වොශ් එකක් වගේ දීල ලස්සන කරත් ඔය කොල්ලන්ට ඕව මහමෙරක් තරම් වටිනවා.

8.  Candlelight dinner එකක්

Couple holding hands having a romantic dinner date.

එදා රෑට ඔයාට පුලුවන් එයා වෙනුවෙන් Candle light dinner එකක් Arrange කරන්න. ඔයා රස්සාවකට යන්නෙ නැති කෙනෙක්නම් ඔයාටම උයන්න උනත් පුලුවන්. එහෙම නැත්තම් ඔයාලා ආස තැනකින් කෑම ඕඩර් කරල අරගන්න උනත් ඔයාට පුලුවන්.

ඔයාලගෙ ගෙදරම ලයිට් නිවල ලස්සනට ඉටිපන්දම් පත්තු කරල කැමතිම ආහාරයක් රස විඳින ගමන් ආදරණීය දේවල් කතා කරන්න වගේම, ආදරණීය චිත්‍රපටයක් වගේ බලන්න උනත් පුලුවන් ඉතින්.

9. Photo memories

ඔයාලා දෙන්නගෙ අතීතයේ ලස්සන මෝමන්ට්ස් එක්කහු කරල ලස්සන වීඩියෝ එකක්, ඇල්බම් එකක් වගේ හදලත් එයාට දෙන්න මේ දවස තමයි හොඳම දවස. වීඩියෝ එකක් හදනවනම් Elvis Presly ගෙ Can’t help falling in love with you වගේ සිංදුවක් හරි ලස්සන සිංදුවක් උන දෑත දරා වගේ ඕඩියෝ එකක් දාලා ඔයාට මේ වීඩියෝ එක තවත් ඉමෝශනල් කරන්න පුලුවන්.

10. රේඩියෝ ගීතයක් එයා වෙනුවෙන් වෙන් කරන්න

රේඩියෝ චාට් ශෝ වලට කෝල්කරල අපිට පුලුවන් නෙ අපි ආදරය කරන කෙනෙක් වෙනුවෙන් සිංදුවක් වෙන් කරන්න. ඉතින් ඔන්න මේ වැලන්ටයින්ස් දේ එක දවසෙ ඔයාටත් ඒ වගේ දෙයක් කරල ඔයාගෙ ආදරණීය හස්බන්ඩ්ව සර්ප්‍රයිස් කරන්න ඔයාට පුලුවන්.

ඉතින් මේ වගේ පුංචි පුංචි දේවල් වලින් ආදරවන්තයින්ගෙ දවස ලස්සන කරගන්න ඔයාට පුලුවන්. ඒ වගේම මතක තියාගන්න ආදරවන්තයින්ගෙ දවස සමරන්න විවාහකයෙක් වෙන එක ප්‍රශ්නයක් නෙවෙයි. ආදරවන්තයින්ගෙ දවස සෙලිබ්‍රේට් කරනව කියන එක ලැජ්ජ වෙන්න හේතුවක් නෙවෙයි. ඉතින් ආදරේ බෙදා ගන්න, එයාට ආදරේ බව පෙන්වන්න මේ ආදරවන්තයින්ගෙ දවස ලස්සනට සමරන්න!

Related Articles

Don't Miss


Latest Articles