වැලන්ටයින් එකට එයාට ගිෆ්ට් එකක් ගන්න පුලුවන් හොඳම තැන් මොනවද බලමු.

ආදරය කරන කෙනාට ගන්න ඕන මොන වගේ තෑග්ගක්ද කියන එක වගේම තෑගි ගන්න හොඳම තැනක් මොකද්ද කියල බලන අයටත් ප්‍රශ්න ගොඩක් ඇති. ඉතින් අපි හිතුව ඔන්න ඔයාලත් එක්ක අද බෙදාගන්න, ඔයාලා ආදරේ කරන එයා වෙනුවෙන් ඔයාට ආදරවන්තයින්ගෙ දිනයට තෑගි ගන්න පුලුවන් තැන් කීපයක් ගැන කියල දෙන්න.

ආදරවන්තයින්ගෙ දිනයෙදි ඉතින් ගොඩක් වෙලාවට හුවමාරු වෙන්නෙ රෝසමල්, චොකලට් වගේ දේවල් උනාට කාලෙ වෙනස් වෙද්දි ඔය පුරුදුත් වෙනස් නොවෙනව නෙවෙයිනෙ. දැන් දැන් චොකලට්, රෝස මල් වලට එහා ගිහිල්ල තමන් ආදරය කරන කෙනා ඇත්තටම ආස කරන දේවල් අරගෙන දෙන ප්‍රේමවන්තයිනුත් ඉන්නව.

ඉතින් හැමොටම හරියන්න ඔන්න ස්මාට් ලේඩි අපි හොයාගත්තා එක එක විදියෙ තෑගි ගන්න පුලුවන් තැන් කීපයක්ම.

1. මල් Bouquet

කලිනුත් කිව්වනෙ ආදරවන්තයින්ගෙ දිනයට මල් දෙන එක ඉතින් සිරිතක් වගේනෙ. ඉතින් ඔයාගෙ ආදරවන්තයට ලස්සන මල් පොකුරක් යවන්න ආසාවෙන් ඉන්නවනම් ඔයාලට පුලුවන් Poru එකෙන් වගේම Kapruka එකෙනුත් ලස්සන මල් බොකේ එකක් එයාට යවන්න.

මේ වගේ තැන්වලින් මල් අරගන්න එක පොඩ්ඩක් මිල අධිකයි වගේ කියල හිතෙනවනම් පොඩි වෙලාවක් වෙන් කරගෙන මරදානෙ මල් කඩ පේලියට ගියා නම් ඔයාගෙ අතින්ම තෝරගත්ත මල් වලින් ලස්සන බොකේ එකක් උනත් හදාගන්න පුලුවන් හොඳේ.

2. Food Bouquet

මල් බොකේ විතරක් නෙවෙයිනෙ දැන් Food Bouquet තියෙනවනෙ. ඉතින් මල් වලට වැඩිය ආස නැති ආදරවන්තයෙක්නම් ඔයාට ඉන්නෙ ඕන් එයා වෙනුවෙන් මේ Food Bouquet එකක් අරගන්න ඔයාට පුලුවන්.

කොහෙන්ද මේ Food Bouquet එකක් ගන්න පුලුවන්?

1.      Choco_bouquet.lk  කියන තැනින් එක එක විදියෙ චොකලට් වර්ග දාලා රසම රස ලස්සනම ලස්සන Food Bouquet හදනව. ඔන්න වැලන්ටයින්ස් එකට එයාලා ඕඩර්ස් බාරගන්නව කියලත් දාලා තියෙනව. Instagram එකෙන් මැසේජ් එකක් දාලා ඔයාගෙ ඕඩර් එකත් භාරදෙන්න

2.      Wishque – මේ Website එකෙනුත් ඔයාලට පුලුවන් රසම රස චොකලට් වගේ දේවල් එක්කහු කරපු ලස්සනම ලස්සන Food Bouquet එකක් ඔයාගෙ ආදරවන්තයට යවන්න.

සල්ලි දීල අතනින් මෙතනින් ගන්නෙ නැතුව ඔයාට වෙලාව තියෙනවනම් ඉතින් එයා වෙනුවෙන් ගෙදරදිම Food Bouquet එකක් හදන එකත් එච්චරටම අමාරු රජකාරියක් නම් නෙවෙයි

3. Love Jars/Cookie Jars

ආදරේ ගැන කියවෙන එක එක දේවල් බෝතල් කරන එක දැන් පොඩි ට්‍රෙන්ඩ් එකක් වෙලානෙ. ඒ විදියට තමයි ඉතින් ඔය Love Jars කියන කන්සෙප්ට් එක එන්නෙ. ඉතින් ඒකත් ආදරවන්තයින්ගෙ දිනයෙදි දෙන්න හොඳ තෑග්ගක් නේද?

ඔයාම ලියපු ලස්සන ආදරණීය නෝට්ස් ටිකක් කඩේකින් ගත්ත ලස්සන Jar එකක දාලා සරසල දෙන්න පුලුවන් කම තියෙනව වගේම මෙහෙම ඒව ගන්න තැනුත් තියෙනව.

1.      Cookie Jar කියන්නෙ එහෙම තැනක්. එයාලගෙ නම් තියෙන්නෙ වැලන්ටයින්ස් කුකී ජාර්ස්. එයා කුකීස් කන්න ආස කෙනෙක්නම් ඔන්න ඔයාට පුලුවන් එයා ආස විදියෙ කුකීස් දාපු ආදරේ පිරිච්ච ජාර් එකක් එයාට යවන්න

2.      Share your love with jar crafts – මෙයාලගෙ තියෙනව ඔන්න ලස්සන Jar Carfts හදන බිස්නස් එකක්. ඉතින් ඔයාලට පුලුවන්, මෙයාලට කතා කරල ආදරේ වෑහෙන ලස්සනම ලස්සන Jar එකක් ඔයාගෙ ආදරවන්තයට යවන්න

4. Crafts

Crafts කියන්නෙත් ආදරේ පෙන්නන්න තියෙන හොඳම හොඳ විදියක්. ඉස්සර ගෙදරට වෙලා ඉන්න කාලෙ නම් කාඩ් හදල, මල් හදල විශ් කරන්න මොනතරම් වෙලාව තිබුනත්, ගෙදර වැඩයි රස්සාවෙ වැඩයි එක්ක ඔව්ව මෙව්ව කරන්න ලොකු වෙලාවක් නැතිවෙන්න පුලුවන්.

ඒ උනාට ආදරේ කරන මනුස්සයට තෑග්ගක් නොයව ඉන්න ඒක හේතුවක් නෙවෙයිනෙ. ඉතින් වෙලාව නැති අය වෙනුවෙන් ඔන්න ලස්සන ලස්සන Crafts හදල අය ඕන තරම් ඉන්නව.

1.      Imo crafts

2.      Anu Crafts

3.      Omi Craft

4.      Crafts by San

5.      චල රූ Crafts

6.      Happy crafts by Savani

7.      Simply Stylish

වගේ Pages ඕන තරම් ඔයාට හොයාගන්න පුලුවන් Facebook එකෙන් නම්

5. පොත් පාර්සලයක්

ආදරවන්තය පොත් කියවන්න ආස කෙනෙක් නම් ඉතින් පොත් නොදී වෙන මොනව දෙන්නද නේද?

ඉතින් පොත් උනත් නිකන් බෑග් එකක දාලා දෙනවට වඩා එයාට සර්ප්‍රයිස් එකක් වෙන්නත් එක්ක ලස්සනට ඔතල, වෙනස්ම විදියට යැව්වොතින්නෙ අගයක් තියෙන්නෙ.

ඉතින් ඔන්න එහෙම පොත් ගන්න පුලුවන් තැනක් තමයි Read a gift – The Vantage Store කියන්නෙ. තෑග්ගක් කියන්නෙ කෙනෙක්ගෙ හිතට සතුටක් ගෙනත් දෙන දෙයක්නෙ. ඉතින් ඔන්න ඔයාගෙ තෑග්ග පොතක්නම් ඒ පොත දෙන්න හොඳම විදිය තමයි මේ කියල අමතක කරන්න එපා.

6. Chocolate

ආදරවන්තයින්ගෙ දවසෙදි අමතක කරන්නම බැරි තෑගි වර්ගයක්නෙ චොකලට් කියන්නෙ. ඉතින් චොකලට් තෑග්ගක් දෙන්න කැමති කෙනෙක් නම් ඔන්න ඔයාට පුලුවන්

Gerard Mendis එකෙන් එයාලා ආඩරවන්තයින්ගෙ දිනය වෙනුවෙන්ම හදන රසම රස චොකලට් පෙට්ටියක් එයා ලංකාවෙ කොහෙ හිටියත් එයාට යවන්න. මේ චොකලට් වල රස ගත්තම ඉතින් ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑ. වැලන්ටයින්ස් එකට දෙන්න හොඳම හොඳ තෑග්ගක් තමයි මේ

Boxalate කියන්නෙත් ඒ වගේම චොකලට් වලින් එක එක විදියෙ වැඩ දාන තැනක්. වැලන්ටයින්ස් එක වෙනුවෙන් එයාට චොකලට් තෑගි දෙන්න හිතන් ඉන්නවනම් මෙයාලගෙ පේජ් එක පැත්තෙත් පොඩ්ඩක් ගිහින් බලන්නකො

7.Beauty Products

එයා ඔය ලස්සනට ඉන්න ආස කෙනෙක්නම් මේ වගේ තෑග්ගක් දෙන එක තමයි හොඳම දේ. මොකද කියන්නෙ අච්චර ආදරෙයි මෙච්චර ආදරෙයි කියල කියනවට වඩා Spa Ceylon එකේ වගේ Valentines Gift Pack එකක් එයාට යැව්ව නම් ඔයත් සතුටෙන් එයත් සතුටෙන්.

ඉතින් මේ වගේම ආදරවන්තයින්ගෙ දිනයට තෑගි ගන්න පුලුවන්, යවන්න පුලුවන් තැන් ගැන ඔයා දන්නවනම් ඔන්න අමතක නොකර කමෙන්ට් එකකින් අපිත් එක්ක ඒ විස්තර බෙදාගන්න හොඳේ.

Related Articles

Don't Miss


Latest Articles