අමතක නොකල යුතුම පලතුරක් – ලාවලු

වර්තමානය වනවිට අමතකව ගොස් ඇති ලාවුලු පෝෂ්‍යදායි බවෙන් ඉතා ඉහළ අගයක පවතින පලතුරකි. වස විස නැති ලාවලු (Canistel) ඉතා අඩු මිලකට ලබා ගත හැකි රසවත්ම පලතුරක්.

දකුණු මෙක්සිකෝවේ හා මධ්‍යම ඇමෙරිකාවේ උපත. ශ්‍රී ලංකාව වගේම ඉන්දියාව, පිලිපීනය, බ්‍රසීලය , තායිවානය , වියට්නාමය වැනි රටවල හොඳින් වැවෙන පලතුරකි. තැම්බූ බිත්තර කහ මදය මෙන් දිස්වන නිසා “බිත්තර පලතුර (Egg Fruit)” ලෙස ද ලාවලු හැඳින් වේ. ඉදුණු ලාවලු ව්‍යාංජන, ජෑම්, මාමලේඩ්, අයිස් ක්‍රීම්, කස්ටඩ්, පෑන්කේක් ආදිය සැකසීමට භාවිතා කෙරේ.

ලාවුලු විටමින් A සහ B බහුල ලෙස අඩංගු ලාවුලු පලතුරෙහි කාබෝහයිඩ්‍රේට්, යකඩ, කැල්සියම් ආදිය ද වැඩිපුර දක්නට ලැබේ. අනෙකුත් තැඹිලි පාට පළතුරු වල මෙන්ම ලාවලු වල ද බීටා කැරොටින් ඇත.

ලාවුලු වල ඇති යකඩ ප්‍රමාණය අධික නිසා එය  සමස්ත සෞඛ්‍යය වර්ධනය සඳහා ඉතාමත් ප්‍රයෝජනවත් වන අතර එය රක්තහීනතාව ඇති වීමේ අවදානම වළක්වා ගැනීමට උපකාරී වේ. එසේම මොළයේ සෞඛ්‍යය තත්වය වැඩි දියුණු කිරීම හා ඇල්සයිමර් රෝගය හා ඩිමෙන්ශියාව වැනි ස්නායු පද්ධතියේ ආබාධ අවදානම වළක්වා ගැනීමට උපකාර වේ. කොලෙස්ටරෝල් මට්ටම පහත දමන අතර

ශරීර ශක්තිය වර්ධනයට ගුණදායක ලාවුලු වල විටමින් සී අධික ප්‍රමාණයක් ඇති නිසා එය ප්රතිශක්තිකරණ පද්ධතිය රැක ගැනීමට ද ප්‍රයෝජනවත් වේ. ෆයිබර්වල බෙහෙවින් පොහොසත් වන අතර ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රත ගැටලු වළක්වයි. දියවැඩියාව වළක්වා ගැනීමට ද ඉතා ප්‍රයෝජනවත් වේ.

නිතර බඩපිපුම ඇති අයට මෙන්ම පොටෑසියම් බහුල ලෙස ඇති බැවින් වකුගඩු රෝගවලින් පෙළෙන අයට ලාවලු කෑමට ගැනීම නම ගුණදායක නොවේ. පැහැපත් සමක් ලබා ගැනීමට මෙන්ම නීරෝගී කෙස් කලඹක් වර්ධනය කර ගැනීමට ද හිතකර මෙම පලතුර අඩු නින්ද වැඩි කර ගන්නටත් අපූරුය. පිළිකා නාශක ගුණයෙන් යුත් නිසා ලාවලු නිතර ආහාරයට එකතු කර ගන්න අමතක කරන්න එපා.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles