දුරදිග නොබලා ගත් තීරණ නිසා වසර එකොළහක් බිහිසුණු ලෙස වන්දි ගෙවූ යුවතියෝ

මිෂෙල් Single mom කෙනෙක්. ඇය ඇගේ පුතා සමඟ ඉන්න ගැහැනු ළමයෙක්. පුතා අම්මාට පවරා මිෂෙල් රැකියාවක ඉන්ටර්විව් එකකට යනවා. ඒ ඉන්ටර්විව් එකෙන් සමත් වෙන්න ඇයට හැකි වෙන්නේ නෑ. ඒ ඇය පාසල් අධ්‍යාපනය ලබා නැති නිසා.වේදනාවෙන් නිවසට එන ඇය බය බිරාන්ත වන්නේ ඇගේ පුතු මත්පැන් බෝතලයක් සමඟ සෙල්ලම් කරන ආකාරය දකින නිසයි. දරුවා ඇගේ මව සමග නොවන අතර බීමත් පුද්ගලයෙකු එතන සිටිනවා. ඇතිවන ගැටුමේදී මිෂෙල්ගේ දරුවා තුවාල ලබනවා. දරුවාට රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නටත් සිදුවෙනවා. ඉන්පසු සමාජ සේවිකාවක් අම්මට දරුවා හදා ගන්නට නොහැකි බවට තීරණය කරනවා. ඒ සම්බන්ධ නඩුවට යන දිනයේදී මිෂෙල්ට පාර වැරදුණු බව වැටහෙනවා. ඇයට ඒරියල් නම් කෙනෙකු පාර පෙන්වන්නට ඉදිරිපත් වෙනවා.

ඇයට ඒ ගමන අතරමඟදි ඒරියල්ගේ නිවස තුළට යන්නට සිදු වෙනවා. ඒ ඉතාම අපිළිවෙල ගෙයක්.ඒ නිවස ඇතුළත අතපය බැඳ දැමූ සිරකාරියක් වන්නට ඒරියල්ට සිදු වෙනවා.

“මගේ වයිෆ් මාව දාලා ගිහින්. ඒ නිසා ටික කාලයක් මාත් එක්ක ඉන්න.”

ඒරියල් මිෂෙල්ට එසේ පවසනවා. ඇයව කඹයකින් ගැට ගසා එල්ලා දමන්නටත් ඒරියල් කටයුතු කරනවා.එළියේ මිනිස්සු ඉන්න අයුරු දැක්කත් ඇයට කෑගහන්නටවත් හැකියාවක් නෑ. ඇය ඉන්පසු දරුණු දූෂණයකට ලක් වෙනවා.

“ඔයාව කවුරුත් හොයන්නේ නෑ.ප්‍රශ්නවලින් මිදෙන්න නගරයෙන් පැනලා යන්න ඇති කියලා හැමෝම හිතනවා ඇති.”

ඒරියල් ඒ ආකාරයට මිෂෙල්ව බියට පත් කරනවා.

ඒරියල් මේ ආකාරයෙන් හැසිරෙන්නේ ඔහු කුඩා කාලයේ දූෂණයට ලක් වූ නිසා බව පසුව හෙළිදරව් වෙනවා.මේ අතර මිෂෙල්ට ගී ගයන්නට හැකි නිසා ඒ හැකියාවෙන් ඒරියල් සමඟ සුහද වන්නට මිෂෙල්ට හැකියාව ලැබෙනවා.නමුත් ඇය දිගටම ගැටගසා තබන්නට ඒරියල් කටයුතු කරනවා

ඒරියල්ගේ දියණිය සහ ඇයගේ මිතුරියන් පිරිසක් දිනක් නිවසට පැමිණෙනවා. ඉන් එක යුවතියක් මිෂෙල් සිර කර සිටින තට්ටුවට යන්නට උත්සාහ කරද්දී ඒරියල් එය වළක්වනවා. මිෂෙල් හැකිතාක් ශබ්ද කරමින් තමන් සිටිනා බව දන්වන්නට උත්සාහ කරත් එය සාර්ථක වෙන්නේ නෑ.මිෂෙල් දිගටම ඔහුගේ පහරකෑම්වලට ලක් වෙනවා. ඒරියල් ක්‍රැස්ත්‍රෝ පාසල් බස් රථ රියදුරෙක්. ඔහු රැකියාවට ගිය දිනයක දම්වැල දමා නැති බව මිෂෙල් දැනගන්නවා.ඇය ඒරියල් ඇයට තෑගි දුන් බලු පැටියාද සමඟ පැන යන්නට උත්සාහ ගන්නවා. නමුත් එය සාර්ථක වන්නේ නෑ. කැස්ත්‍රෝ දඬුවමක් ලෙස බලු පැටියාව මරා දමනවා මේ අතර තවත් ගැහැනු ළමයෙක් රැගෙන එන කැස්ත්‍රෝ ඒ යුවතියව අපයෝජනය කරන්නේ මිෂෙල්ට පෙනෙන්නටමයි.මේ වෙද්දී මිෂෙල් ගැබිණියක්. අලුත් යුවතිය වන ඇමැන්ඩාට පැන යාමට මිෂෙල් යෝජනා කරනවා.නමුත් ඇගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙන්නේ නෑ. මිෂෙල් ගැබිණියක් බව දැන ගැනීමෙන් පසු ඒරියල් ඩම්බෙල් එකකින් ඇයගේ කුසට පහර දී ඇයව ගබ්සා කරනවා.

ඉන්පසු තුන්වැන්නියක් ද නිවසට පැමිණෙනවා.

මේ ගැහැනු දරුවන් මේ පාපතර නරුමයා ළඟ එකොළොස් වසරක්ම සිරගත වී සිට නිදහස් වන්නේ පුදුමාකර ආකාරයකටයි.

cleveland abduction නම් චිත්‍රපටිය නරඹන්න. ඔබට මිෂෙල් ඇමැන්ඩා සහ අනිත් යුවතියගේ නිදහස්වීමේ මාර්ගය දැනගන්නට පුලුවන්.

මේ 2002 වසරේ ඔහියෝ ප්‍රාන්තයේ සිදු වූ සත්‍ය කතාවක්. Ariel Castro kidnappings ලෙස හැඳින්වෙන මේ සිදුවීමට ලක් වූ ගැහැනු ළමයින් නිදහස් කර ගනු ලැබුවේ 2013 වසරේදීයි. මිෂෙල් දැන් Lily Rose Lee නමින් හැඳින්වෙන ජනප්‍රිය ලේඛිකාවක් සහ සමාජ ක්‍රියාකාරිනියක්. 

ලෝකය ඉතා බියකරු තැනක්. ඔබ උදව් ඉල්ලන පුද්ගලයන් සැබෑ උදව්කරුවන්දැයි කිහිප වතාවක් සිතා බලන්න. නොසිතූ අනතුරු වළක්වා ගන්නට එය හේතුවක් වෙයි.

Related Articles

Don't Miss


Latest Articles