කොන්දේ වේදනාව ඇති වීමට බලපාන ඔබ නොසිතන හේතු…

කොන්දේ අමාරුව සහ කොන්දේ වේදනාව කියන්නේ වර්තමානයේ තරුණ වයසේ සිටම බොහෝ දෙනෙකුට තියෙන තත්වයක්. මේ අපේ ශරීරයේ අභ්‍යන්තරයේ ඇතිවන තත්ත්වයන් නිසාම විතරක් නෙමෙයි අපගේ වැරදි පුරුදු නිසා සිදු වෙන දෙයක්. අද අපි ඔබට කියන්නේ ඔබේ කොන්දේ වේදනාව වැඩි කරන ඔබ විසින්ම සිදු කරන පුරුදු ගැනයි.

වැරදි ආහාර 

අධික කැලරි සහිත ආහාර , කෙටි ආහාර පරිභෝජනය කිරීම මගින් ඔබේ ශරීරයේ බර ඉක්මනින්ම වැඩිවීම සිදුවෙනවා.දිගුකාලීනව මෙසේ සිදුවීම මගින් ඔබේ ශරීරයේ බර ඔබේ කොඳු ඇට පෙළේ පැවැත්මට බාධා ඇති කරනවා.ඒ නිසා තන්තු බහුල , අත්‍යවශ්‍ය විටමින් සහ ඛණිජ ලවණ සහිත පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා ගැනීමට උනන්දු වීම අතිශයින්ම වැදගත්.

ව්‍යායාම නොකිරීම 

ඔබේ දින චර්යාවේ කොටසක් ලෙස ව්‍යායාම කිරීම සිදු නොකිරීම ඔබව බොහෝ විට කොන්දේ අමාරු වලට ගොදුරු කරවනවා. කාර්යබහුල ජීවිතයක් ගත කරන විට ඔබේ ශරීරයේ ක්‍රියාකාරී බව අඩුවීම නිරායාසයෙන්ම සිදු වෙනවා.ඔබ කාර්යාලයේ බොහෝ වේලාවක් වාඩි වී සිටින කෙනෙක් නම් ඔබට මෙවැනි කොන්දේ අමාරු සෑදීමේ වැඩි ප්‍රවණතාවක් තිබෙනවා. ඒ නිසා ඇවිදීම , දිවීම හෝ වෙනත් ව්‍යායාමවල යෙදීමට දවසේ සුළු වේලාවක් හෝ වෙන් කරන්නට අමතක කරන්න එපා.

නිදා ගැනීමේ ඉරියව්ව

ඔබ නිදාගන්නා ඉරියව්ව පවා ඔබේ කොන්දේ වේදනාවට හේතුවක් විය හැකියි. ඒ වගේම සමහර වෙලාවට ඔබ නිදාගැනීම සඳහා භාවිතා කරන මෙට්ටයද කොන්දේ වේදනාවට හේතු වෙනවා. ඔබ දැනටමත් කොන්දේ වේදනාවෙන් පෙළෙන කෙනෙක් නම් ඔබෙන් නිදා ගැනීමේ ඉරියව්ව වෙනස් කර බලන්න.

කැල්සියම් සහ විටමින් ඩී ප්‍රමාණවත් නොවීම

නීරෝගී කොදු ඇට පෙළක් පවත්වාගෙන යාමට නම් කැල්සියම් සහ විටමින් ඩී යන පෝෂක දෙකම අවශ්‍ය වනවා.මේ දෙකෙන් එකක් හෝ ප්‍රමාණවත් ලෙස නොලැබෙනවා නම් එය පසුකාලීනව ඔබට විශාල කොන්දේ වේදනාවන් ඇති කළ හැකියි.ඒ වගේම මේ පෝෂක කොටස් දෙක ඇතුළත් ආහාරපාන ලබා ගැනීමටත් ඔබ සැලකිලිමත් වනවා නම් ඔබට යම්තාක් දුරට හෝ කොන්දේ වේදනාවෙන් අත්මිදිය හැකියි.

දුම් පානය කිරීම

දීර්ඝ කාලීනව දුම්පානය කිරීම නිසා කෂේරුකාවට රුධිර සැපයුම අවහිර කරනවා.මෙමගින් දරුණු ලෙස කොන්දේ වේදනාව ඇති වීම සිදු වෙනවා.ඒ වගේම ශරීරය තුළ කැල්සියම් පරිවෘත්තිය වීම නිසා ඉතා ඉක්මනින් අස්ථි දුර්වල වීමද සිදු වෙනවා.මෙමගින් ඉතාම අඩු වයසින් පවා ඔස්ටියෝපොරෝසිස් ඇති විය හැකියි. සාමාන්‍ය කෙනෙකුට ඇතිවන කොන්දේ වේදනාවට වඩා තුන් ගුණයක වේදනාවක් දුම් පානය කරන්න හට ඇති වෙනවා. ඔබ දුම් පානය කරන , කොන්දේ වේදනාව සහිත අයෙක් නම් මේ පිළිබඳවත් සැලකිලිමත් වන්න.

අඩි උස සපත්තු

නිතරම අඩි උස සපත්තු පලදින අය ඉතා ඉක්මනින් කොන්දේ අමාරුවට ගොදුරු වෙනවා.මෙයට හේතුව වන්නේ නිතරම අඩි උස සපත්තු පැළඳීම මගින් කොන්දේ ඇති නිවැරදි වක්‍රයට බාධා ඇති වීමයි.මෙය කොන්දේ පහළ ප්‍රදේශයට පවා දැඩි පීඩනයක් ඇති කරමින් කොඳු ඇට පෙළට පවා බරපතල හානි සිදු කරනවා.

කොන්දේ වේදනාව යනු නොසලකා හැරිය යුතු තත්ත්වයක් නොවේ.ඒ නිසා ඔබටත් මෙවැනි පුරුදු තිබෙනවා නම් ඉතින් වැළකී සිටීමට සැලකිලිමත් වන්න .

Related Articles

Don't Miss


Latest Articles