ඔයා සෑහෙන්න වටින මනුස්සයෙක්..

“මගේ දැන් වටිනකමක් නෑ”

අපිත් මෙහෙම හිතන අවස්තා ඕන තරම් තියෙනව නේද? ඒත් ඇත්තටම මේ වගේ දේවල් එක්ක අපේ වටිනකම අඩුවෙනවද?

ඔන්න දවසක් එක ප්‍රසිද්ධ දේශකයෙන් ගියාලු දේශනයක් කරන්න. මුලු ශාලාවම පිරිල සෙනග ඉඳියලු 200ක් විතර.

ඉතින් රු. 1000ක නෝට්ටුවක් ගත්ත මේ දේශකයා ඒ නෝට්ටුව උඩට ඔසවල ශාලාවෙ හැමෝටම පෙන්නුව. පෙන්නල ඇහුවලු “කාටද මේ රු.1000 නෝට්ටුව ඕන?” කියල

පුදුම වෙන්න දෙයක් නෑනෙ. ශාලාවෙ ඉඳපු හැමෝම අත උස්සල තමන්ට ඒ නෝට්ටුව ඕන බව ප්‍රකාශ කරල තියෙනව.

“එහෙනම් පොඩ්ඩක් ඉන්න” කියල කියපු දේශකයා නෝට්ටුව හොඳටම පොඩිකරල ආයෙම වතාවක් උඩට උස්සල ඇහුවලු “දැන් කාටද මේ නෝට්ටුව ඕන” කියල

ඒ වතාවෙත් ශාලාවෙ ඉඳපු හැමෝම අත උස්සල තමන්ට ඕන කියල කියල තියෙනව. මේ විදියට දේශකයා දෙතුන් වතාව නෝට්ටුව පොඩි කර කර “ඕනද?” කියල අහල තියෙනව. ඒ කිසිම වෙලාවක ශාලාවෙ ඉඳපු කිසිම කෙනෙක් තමන්ගෙ පෙර මතය වෙනස් කරල නෑ.

මොකද “පොඩිකරාට, ගුලිකරාට එයාලා දැනගෙන හිටිය රු.1000 නෝට්ටුවෙ අගය පොඩ්ඩක්වත් අඩු උනේ නෑ” කියල.

ඉතින් ජීවිතෙත් ඒ වගේ. අපි ඕනතරම් ප්‍රශ්න කරදර වලට මුහුන දෙන. දුක හමුවෙනව. අපි අඬනව, බිඳෙනව, ඉරිතැලෙනව. ඒත් ඒ කිසිම වෙලාවක අපේ වටිනකම අඩු වෙන්නෙ නෑ.

ජීවිතේ ගොඩක් අවස්තාවල අපිට ජීවිතය ගෙවන්න වෙන්නෙ ප්‍රශ්න කරදර එක්ක. නරක තීරණ, නරක තත්ත්වයන් එක්ක. ඒ වගේ මොහොතක “අනේ දැන් මගේ කිසිම වටිනකමක් නෑනෙ” කියල අපිට හිතෙන එක සාමාන්‍යයයි. ඒත් අමතක කරන්න එපා, ජීවිතේට එන ප්‍රශ්න කරදර නිසා ඔයාගෙ වටිනකම අඩුවෙන්නෙ නෑ.

අත්දැකීම් එක්ක දරාගෙන හයියට ඉස්සරහට යන ඔයාගෙ වටිනකම එන්න එන්න වැඩිවෙනව. ඒ වටිනකම අගයන්න. ඒ වටිනකමට වටිනකමක් දෙන්න. ඔයාගෙ වටිනකම තේරුම් ගන්න, ඒකට අගයක් දෙන්න සුදුසුම කෙනා ඔයා. කවුරු කොහොම මොනව කිව්වත් ඔයාගෙ වටිනකම අඳුනන්නෙ ඔයා.

ඔයාව ඔයාට වගේම අපිටත් ගොඩක් වටිනවා!

ඒක කිසිම මොහොතක අමතක කරන්න එපා!

Related Articles

Don't Miss


Latest Articles