ඔයත් විවෘත මනසක් ඇති කෙනෙක්ද ?

“ඔයා මොනවද අනේ දන්නේ?”

“ඔයා ට බෑ මගේ ප්‍රශ්න තේරුම් ගන්න හරි ඒවට උදව් කරන්න හරි” කියල ඔයත් එක වතාවක් හරි කියල ඇති නේද?

දවසක් ඔන්න එක තරුණ ශිෂ්‍යයෙක් ගියාලු සෙන් ගුරුවරයෙක් ලඟට ශිල්පය ඉගෙන ගන්න. මිනිහ නිකන් ලෝඩ් වගේලු ගිහින් ඉඳගත්තෙ. සෙන් ගුරුවරය අහගෙන බලාගෙන ඉද්දි මෙයා තමන් දන්න හැම ශිල්පයක්ම පෙන්නල දීලා තියෙනව.

මේ ඔක්කොම නාඩගම් බලාගෙන හිටපු සෙන් ගුරුවරයා කෝප්පයක් අරගෙන මේ ශිෂ්‍යයා ඉස්සරහින් තියල ඒකට වතුර පුරවන්න පටන් අරගෙන. උතුරල යනකම්ම වතුර පුරවපු සෙන් ගුරුවරයා මේ තරුණ ශිෂ්‍යයට කියල තියෙනවා මෙන්න මෙහෙම.

“ඔයාගෙ ඔලුව දැනටම පිරිල තියෙන්නෙ. අපි ඒක කෝප්පයක් කියල හිතුවොත් තව පුරවන්න පුරවන්න වෙන්නෙ උතුරල අපතෙ යන එක විතරයි. ඉතින් ඉස්සෙල්ල තමන් හැමදේම දන්නව කියල සිතුවිල්ලෙන් මිදිල ඔයාගෙ කෝප්පෙ හිස් කරගෙන එන්න. එතකොට විතරයි අපිට දෙයක් පුරවන්න පුලුවන් ඉඩක් මතුවෙන්නෙ” කියල.

අපිට අධ්‍යාපනය පැත්තෙන් උනත් ජීවිතේ පැත්තෙන් උනත් දෙයක් ඉගෙන ගන්න, අලුත් දෙයක් අත් හදා බලන්න උවමනාවක් තියෙනම් අපි කරන්න ඕන ඉස්සෙල්ල අපේ මනස ඒ වෙනුවෙන් ඉඩ හදාගන්න උවමනයි. එහෙම නැතුව සම්පූර්ණ පිරිච්ච මනසක් ඇතුලට අපිට අලුත් දෙයක් ඔබ්බවාගන්න පුලුවන්කමක් නෑ.

මේකෙන් අපිට කියන කතාව තමයි ජීවිතේ දියුණු වෙන්න, ඉස්සරහට යන්න, අභියෝග භාරගන්න නම් අපිට විවෘත මනසක් තියෙන්න ඕන බව. දෙයක් ඉගෙන ගන්න සහ වර්ධනය වෙන්න අවශ්‍ය නම් අපි අපේ ඔලුව ඇතුලෙ තියෙන පූර්ව නිගමන අත ඇරලා අලුත් අදහස් වලට ප්‍රතිචාර දක්වන්න ඕන. අලුත් අභියෝග භාරගන්න ඔලුව ලෑස්ති කරගන්න ඕන.

අපි දැනටම හැමදේම දන්නව, අපි සුපිරි වැඩ්ඩො කියල හිතාගෙන හිටියොත් ඇත්තටම ජීවිතෙ ඉස්සරහට යන්න හරිම අමාරුයි. ඉතින් විවර වුණ මනසක තියෙන එහෙම නැත්තම් Open Minded මනුස්සයෙක් වෙන්න.

තව කෙනෙක්ගෙන් අපිට ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙන බව අමතක කරන්න එපා.

සවන්දීම අපිට බොහෝ දේ කියා දෙනවා.

ඉතින් හොඳ සවන්දෙන්නෙක් වෙන්න!

Related Articles

Don't Miss


Latest Articles