Netflix එකට අලුතෙන් ආව Movies..

ඔන්න අද මම ආවෙ අලුතෙන්ම නෙට්ෆ්ලික්ස් එකට ආව ලස්සනම ලස්සන මූවීස් කීපයක් ගැනම ඔයාලා එක්ක විස්තර බෙදාගන්න. මේ ෆිල්ම්ස් ඔක්කොම වගේ මම බලල තියෙන හන්ද තමයි මම මේවම ඔයාලා එක්ක කතාකරන්න හිතුවෙ.

මූවිස් එකක් දෙකක් ගැන නම් මම කලින් ලොකු ආටිකල් ලිව්වට ඒක කාටහරි කියවන්න බැරි උනා නම් ඔන්න මේ ආටිකල් එක කියෙව්වට පස්සෙ මේ මූවීස් බලන්න අමතක කරන්න එපා.

Damsel

Damsel කියන්නෙ Fantasy Movie එකක. Action and Adventure කියන Genre එකටත් මේ ෆිල්ම් එක වැටෙනව. මේ ෆිල්ම් එක රිලීස් වුනේ කාන්තා දිනය වෙනුවෙන්. මොකද මේ ෆිල්ම් එකෙන් පෙන්වන්නෙ කාන්තාවකගෙ තියෙන ශක්තිය ගැන. සාධාරණත්වය ගැන. සටන්කාමීත්වය ගැන.

Elodie කියන ගැහැණු ළමය ගමක ජීවත්වෙනව තමන්ගෙ තාත්තා සහ තාත්තගෙ දෙවන විවාහයේ බිරිඳ සහ දරුව එක්ක. ඉතින් අපිට මුලින් පෙන්වන්නෙ අර සුපුරුදු කුඩම්මගෙ නරක සැලකිලි ලැබෙන දරුවෙක්ගෙ කතාවක් තමයි. ඔහොම ගෙදර වැඩ කරගෙන ඉන්න Elodie ට මගුල් යෝජනාවක් එන්න අල්ලපු රටක රජ කුමාරයෙක්ගෙන්.

ඉතින් හරිම සතුටෙන් මේ කුමාරයා එක්ක විවාහ වෙන Elodie ට නොහිතපුවිදියට පුදුම ආගාධයකට වැටෙන්න වෙනවා. ඒ තමයි මේ විවාහය බොරුවක් බව. මේ විවාහය ඒ රජ පවුල ශත වර්ශ ගණනාවක් පුරාවට කරගෙන ගිය බිලි පූජාව එක් පියවරක් බව.

ආදරෙන් Elodie ව විවාහ කරගන්න කුමාරයා තමන්ගෙ අත් දෙකෙන්ම එයාව ආගාධයකට තල්ලු කරල දානවා. මේ ආගාධය හරි අන්ධකාරයි, ගැඹූරුයි. ඒ විතරක් නෙවෙයි මකරෙක් ඉන්නවා.

මකරෙක් ඉන්න ආගාධෙක තනිවෙච්ච කෙල්ලෙක්ට ආපහු ගොඩ ඒමක් තියෙනවද?

මේකත් හරි ශෝක් Feel Good Movie එකක්. Maddie Kelly ආදරේ කරන්නෙ Paul Kennedy ට. හැබැයි එයාගෙ ඔක්කොම ආදරය තියෙන්නෙ හිත ඇතුලෙ විතරයි. ඒකපාර්ශ්වීය ආදරයක්. ඔහොම ඉද්දි Paul යාලු වෙනවා Maddie ගෙ යාලුවෙක් එක්ක.

Irish Wish

හිතට දුකයි තමයි. ඒත් එහෙමයි කියල යාලුවව තරහ කරගන්න පුලුවන් ද?

ඒත් එහෙමයි කියල තමන් කාලයක් තිස්සෙ ආදරේ කරපු කෙනාව යාලුවෙක්ට පූජ කරල නිකන් ඉන්න පුලුවන්ද? ඉතින් ඔහොම සිතුවිලි අස්සෙ Maddie හිරවෙලා ඉද්දි මෙයාලට චාන්ස් එකක් එනවා Paul ගෙ අයර්ලන්තෙ තියෙන ගෙදරට යන්න Paul සහ Maddie ගෙ යාලුවගෙ විවාහයට.

ඔය යන ගමනෙදි Maddie ට හම්බුවෙනවා සුරංගනාවියක්. සිතූ පැතූ දේ ඉටු කර දෙන සුරංගනාවියක්.

“මට පුලුවන් Paul ගේ ආදරේ Maddie ට අයිති කරල දෙන්න” සුරංගනාවි මෙහෙම කියනවා.

මොකද හිතන්නෙ  Maddie ඒ යෝජනාවට කැමති වෙයිද? එහෙම නැත්තම් යාලුවට ආදරය පූජා කරල Maddie හිත හදාගනිවිද?

Fighter

මේක නම් ඉන්දියන් ෆිල්ම් එකක්. මූවි හෝල්ස් වල පෙන්නපු සහ තවමත් පෙන්වන චිත්‍රපටයක්. හැබැයි දැන් ඔයාලට ඒක නෙට්ෆික්ස් ඔස්සේ බලන්නත් පුලුවන්.

ඉතින් මේ චිත්‍රපටය සෑහෙනම ඉන්දියාවෙ ගුවන් හමුදාව, එයාලගෙ කාර්‍යක්ශමතාවය, කැපවීම ගැන පෙන්වන ලස්සන චිත්‍රපටයක්. මේකෙ රඟපාන්නෙ රිතික් රෝශන් සහ දීපිකා පදුකෝන්.

කණ්ඩායම් නායකවා වන රොකී සිං තර්ජනයකට මූණ දෙන්න උනොත් කියල කණ්ඩායමක් සූදානම් කරගන්න හිතනව. ඒ ඉන්දියානු එයා ෆෝස් එකේ දැනට ඉන්න හොඳම ෆයිටර් පයිලට්ස් ලව සම්බන්ධ කරගෙන. මේ ටීම් එකේ නම Air Dragons.

මේ ටීම් එකේ ඉන්නව පැටි, මින්නි, ටාජ්, බශීර්, සුකි සිං කියල හොඳම හොඳ යාලුවො සෙට් එකක්. ඉතින් පැටිගෙ පෙම්වතිය මේ වගේම මිශන් එකකදි මිය ගිහින් තියෙනව. පැටී ඉන්නෙ ඒ හිත් වේදනාව හිත අස්සෙ හිරකරගෙන.හැබැයි මින්නිගෙ හිතේ පැටී ගැන පොඩි හැඟීමක් තියෙනව.

ඒත් පැටීගෙ නැතිවෙච්ච ගෑණු ළමය පැටීගෙ හිත පුරා පැතිරිලා ඉද්දි තමන්ට එතනට රිංගන්න ඉඩක් තියෙනවද කියන එක මින්නිට හිතෙනවා.

කොහොමහරි මේ ආදර කතා අස්සෙම පුල්වාමා වලදි වෙන CRPF භටයන්ට එල්ලවෙන ප්‍රහාරයක් ආරංචි වෙන මේ Air Dragons ල එයාලට උදව් වෙන්න යනව. ඒත් මිශන් එකක් කියන්නෙ යන අයට ආපහු එන්න පුලුවන් වෙයිද කියල ශුවර් නැති ඉරණම් ගමනක්.

ඉතින් පැටී, මින්නි, බශීර්, ටාජ්, සුකිට ආයෙ එන්න පුලුවන් වෙයිද?

කාව තියල එන්න වෙයිද?

ඒ තියල ආව කෙනාට කොයි විදියට එන්න වෙයිද?

Murder Mubarak

Murder Mubarak කියන්නෙ Murder Mystery එකක්. හැබැයි ආතල් එකක්. මේකෙ කතාව වෙන්නෙ ක්ලබ් එකක් ඇතුලෙ. එසේ මෙසේ ක්ලබ් එකක් නෙවෙයි මේක මාර සුපිරි පන්නයේ, වංශවතුන් පමණක් එන Elite Club එකක් කිව්වොත් අන්න හරියටම හරි.

ඉතින් මේ ක්ලබ් එකේ තියෙන උත්සවයක් දවසක මේ ක්ලබ් එකේ ඉන්න වංශවත් පවුල් වල ඉන්න මිනිස්සු දැනගන්නව එයාලා එක්ක එක එක විදියෙන් සමීප සබඳතා තියාගෙන ගිය Gym එකක මනුස්සයෙක් මැරිල කියල. මැරිල නෙවෙයි මරල දාලා කියල.

ඒත් කවුද එයාව මරල දාලා තියෙන්නෙ?

සැක කරනවනම් ඉන්නව ආයෙ සීයක් විතර සැක කරන්න. ඉතින් පොලිස් ඉන්වෙස්ටිගේටර් පටන් ගන්නව සැක කාරයො එක එක්කෙනාගෙන් මේ ගැන විස්තර අහගෙන යන්න. එලිවෙන්නෙ මහ අඳුරු, ජුගුප්සාජනක කතා, නරක රහස් වගේ දේවල්.

ඔයාලා හිතනවද ඒ කතා අස්සෙ මේ Murder Mystery එකේ ඇත්ත මිනීමරුව හොයාගන්න පුලුවන් වෙයි කියල?

Related Articles

Don't Miss


Latest Articles