නිදාගන්න අපහසු ද? මෙම පානය ඔබට සුව නින්දක් ගෙනදේවී

රාත්‍රී සුව නින්ද නීරෝගීමත් දිවියක් සඳහා ඉතාමත් වැදගත්. ඔබ ගන්නා ආහාරපාන ඔබගේ නින්ද සඳහා බලපානවා. මෙනිසාම ඔබ පරිභෝජනය කරන දෑ පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්විය යුතු වේ. නිදාගන්න අපහසු නම් ඒ සඳහා බෙහෙත් පෙති කරා යොමු නොවී වෙනත් විකල්ප සඳහා යොමු වීම සුදුසු නොවේ ද? මේ එවැනි පානයක් –

අවශ්‍ය ද්‍රව්‍ය –

  • ආමන්ඩ් කිරි කෝප්ප 1
  • තලාගත් කරඳමුංගු කරලක්
  • ඉඟුරු ස්වල්පයක්
  • කහ කුඩු ස්වල්පයක්
  • මී පැණි

සාදන අයුරු –

කිරි ටික කුඩා සාස්පානකට එක් කර මද ගින්නේ තබන්න. එයට කුළු බඩු ටික එකතු කරන්න. හොඳින් කලවම් කරන්න. තරමක් රත් කරගත් පසු ලිපෙන් ඉවත් කර ගන්න. කෝප්පයකට දමා මී පැණි එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. නින්දට පෙර පානය කරන්න.

මේ සඳහා එළ කිරි නොවන වෙනත් ඔබ කැමති කිරි වර්ගයක් භාවිතා කරන්න. මෙහි ඇති කහ ඔබගේ කාංසා මට්ටම අඩු කිරීමට උපකාරී වනවා පමණක් නොව, වඩා හොඳ තත්ත්වයේ නින්දක් ලබා දෙනු ඇත. ඔබට සුව නින්දක් සලසා ගැනීමට මෙම රසවත් පානය ‍උපකාරී වේදැයි බලන්න.

– කල්හාරී –

Related Articles

Don't Miss



Latest Articles

සුහදිනී -71

"මමයි අම්මයි ඔයාට බෝධි පූජා තියන්න යන්නේ" සකී එක්තරා උදෑසනක අහස්ව අවදි කළේ එසේ කියමිනි.තරගාවලිය ඇරඹෙන්නට වැඩි දවස් නොවේ.අහස්ගේ...

නිබ්බුත ගීත -20

ප්‍රේමයේ වියෝගය පිළිබඳ කල්පනා මා ආතුර කොට තිබිණ. මධාරා අක්කා ගේ විවාහ මංගල්ලයෙන් පස්සේ දෙතුන් දිනක් ගෙවී ගියේ ඒ ඔත්පල වීම තුළ...

නිබ්බුත ගීත -19

ජීවිතයක් වෙනස් වන්නට එක නිමේශයක් ප්‍රමාණවත් ය. මධාරා අක්කා විවාපත් ව මදුරාපුර මැදුරෙන් නික්ම ගිය මොහොත මට ඒ වගේ නිමේශයකි.

අම්මාගේ ජීවිතය බේරා ගත් සිව් හැවිරිදි පුතා.

කුඩා ගේබ්ගේ පියා ඔහුව සහ ඔහුගේ මව වූ ඔෆීලියාව හැර යන විට ඔහුට වයස මාස නවයක් පමණයි.එදින සිට ඔෆීලියා ගේබ්ව ආදරයෙන් රැක...

සුහදිනි -70

සාරණ්‍යා උත්කර්ෂවත් විවාහ මංගෝත්සවයක් පවත්වා විවාහ වූවා ය.ඇය සතුටිනි.ඇයට අවශ්‍ය ලෝකය දිනා ගත් සතුට ඇගේ දෑස් මත පෙනෙන්නට තිබිණ.