“මට නැති හැම දෙයක්ම එයාට තියනවා.”- The Girl on the Train(2021)

Thriller ශානරයේ චිත්‍රපටි බලන්න කැමති ඔබ මේ චිත්‍රපටිය ගැන දැනටමත් අසා ඇති.නවකතාවක් හොලිවුඩයට සහ බොලිවුඩයට පැමිණීමත් එක්තරා අන්දමක විශේෂත්වයක්. The Girl on the Train බ්‍රිතාන්‍ය ලේඛිකාවක් වන Paula Hawkins අතින් 2015 දී රචනා වූ කෘතියක්.මෙය හොලිවුඩ් චිත්‍රපටියක් වෙන්නේ 2016 වසරේදී.

මීරා නීතිඥවරියක්.ඇය නඩුවක් අවසන් කර ගැන්ස්ටර්වරයෙකුට දඬුවම් ලබා දෙනවා.ඒ ඔවුන් ඒ නඩුවට සම්බන්ධ නොවන ලෙස දිගින් දිගටම තර්ජනය කරද්දී.නඩු තීන්දුව අවසන් වෙන දවසේ මීරාට දරුවෙක් ලැබෙන්නට ඇති බව අනාවරණය වෙනවා.මේ තරම් සතුටකින් සිටියදී ඈත් සැමියාත් අනතුරකට පත් වෙනවා.ඉන්පසු කාලයාගේ ඇවෑමෙන් ඔවුන් වෙන් වෙනවා.ඉන්පසු මීරා කාලය ගත කරන්නේ බීමත්කමින්.ඇගේ වෘත්තිය පවා කඩා වැටෙනවා.

අතීත මතකයන් අලුත් කරගනිමින් දුම්රියේ ගමන් කරන මීරාට එක්තරා නිවසක් දකින්නට ලැබෙනවා.ඒ නිවසේ සිටින ගැහැනිය මීරාගේ ජීවිතයේ සුන්දරම කාලයක් මීරාට සිහි කරනවා.ඇය එතරම් සතුටකින් ජීවත් වීම මීරාට ද ප්‍රීතියක්.නමුත් මේ යුවතිය වෙනත් පුද්ගලයෙක් සමඟ සම්බන්ධයක් ඇති කරගෙන ඇති බවක් මීරා දකින්නේ හදිසියේ.

the girl on the train hindi movie

“මට නැති හැම දෙයක්ම එයාට තියනවා..”

මීරා එසේ ආශිර්වාදාත්මක දුටු තරුණ බිරිඳ තමන්ගේ ජීවිතය නාස්ති කර ගැනීම වැළැක්වීමට මීරා උපරිමයෙන් ක්‍රියා කරනවා.ඒ අනුන්ගේ දේවල්වලට මැදිහත් නොවන්නැයි මිතුරිය කියන දේ පවා නාසමින්.

නමුත්,මීරා ඒ තරුණිය මුණ ගැසෙන්නට යනවා.එහිදී ඔවුන් අතර ගැටුමක් පවා ඇති වෙනවා.එය දකින්නෙකු සිටිනවා.යුවතිය මිය ගොස් ඇති බව ආරංචි වන්නේ ඉන්පසු.සැකය යොමු වන්නේ මීරාට. සැබෑවටම මීරා මේ ඝාතනය කළා ද? නැතිනම් යථාර්ථය අවබෝධ කරගන්නට ඇයට හැකි වේවිද?

2021 වසරේ පෙබරවාරි 26 නිකුත් වූ මේ චිත්‍රපටිය Ribhu Dasguptaගේ අධ්‍යක්ෂණයක්.පරිනීති චොප්රා මෙහි මීරා ලෙස ප්‍රධාන චරිතය මවනවා.ඉංග්‍රීසි නවකතාව සහ චිත්‍රපටිය ඇසුරින් නිපදවූවාට මේ චිත්‍රපටිය ඒවායින් යම් තරමකට වෙනස්.Netflix හරහා නිකුත් වූ The Girl on the Train ඔබට ඒ හරහාම නරඹන්නට පුලුවන්.

the girl on the train hindi movie

අපි බොහෝ වෙලාවට ඒ තරම් හිතන්නේ නැතුව අනුන්ගේ ප්‍රශ්න විසඳන්න මැදිහත් වෙනවා.සමීපතමයන් හෝ අපි හඳුනන අය වැරදි පාරවල් වල යද්දි ඒවා නිවැරදි කරන්න වෙහෙසෙනවා.මේ දේවල් අපි කරන්නේ යහපත් සිතින් වුණත් ඒවා නැවත අපට පාරාවළල්ලක් වෙන අවස්ථා ඕනෑ තරම්.මීරා,ඔබට අනුන්ගේ ප්‍රශ්න වලට මැදිහත් විය හැකි සීමා ඇති බව සිහිපත් කරනවා.ඒවාට මැදිහත් වන්නට යාම ඔබ නොදන්නා අර්බුද ඇති කරන්නක් බව ඔබට වටහා දෙනවා.උදව් කරන මුවාවෙන් ඔබ ළඟට එන සමහර අය ඔබ සමග ඇති පැරණි තරහ වෙනුවෙන් පළිගන්නට පැමිණි අයත් වෙන්නට පුළුවන්.

කිසිවෙකුත් ඕනෑවට වඩා විශ්වාස කරන්න එපා.අනුන්ගේ ජීවිත වලට ඕනෑවට වඩා මැදිහත් වෙන්නත් එපා. Mystery Thriller ශානරයට අයිති වුණත් මේ චිත්‍රපටිය ඔබට කියන්නේ එහෙම කතාවක්.

Related Articles

Don't Miss


Latest Articles