හැඩැති cheekbones දෙකක් සඳහා නොවරදින ව්‍යායාම

කාන්තාවකගේ මුහුණේ සුන්දරත්වය ඔප් නංවා ගැනීම සඳහා මුහුණේ හැඩය හොඳින් තබා ගැනීම අනිවාර්ය වෙනවා. බොහෝ දෙනාට තියෙන ගැටලුවක් තමයි හැඩති cheekbones පවත්වාගෙන යාම. ඒ සඳහා ව්‍යායාම ක්‍රම බොහෝමයක් මේ වන විට තියෙනවා. ඒ නිසා හැඩැති cheekbones නැතිවීම ගැන වද වෙන්න දැන් උවමනා නැහැ 

Cheekbones lift 

ඔබේ cheekbones මත ඔබේ ඇඟිලි දෙකක් තබන්න.ඔබේ සම තද වන තෙක් ඉතා මෘදුව දෑස් දෙසට මාංශපේෂින් ඔසවන්න. ඉන්පසුව ඔබේ මුව විවෘත කර “O ” හැඩය සාදාගෙන තත්පර 5ක් රැඳී සිටින්න.මෙම ව්‍යායාමය දහ වතාවක් කට්ටල තුනක් කරන්න

The Chipmunk Cheek Squeeze

ඔබේ හිස පිටුපසට ඇලකර නිකට ඉදිරියට තල්ලු කර ගන්න. ඉන්පසුව බීම බටයකින් බීම උරාබොන ඉරියව්වට ඔබේ මුව සකස් කරගන්න.තප්පර 5 ක් තබා ගන්න.මෙය 10 – 15 වතාවක් කරන්න 

Puffer Fish Press

ඔබේ මුඛය වසා ගෙන වාතය පුම්බා ගන්න.එක් කම්මුලක සිට අනෙක් කම්මුලට වාතය ගෙන යන්න. තත්පර තිහක් රැඳී සිට මාරුවෙන් මාරුවට මෙම ව්‍යායාමය 10 – 15 වතාවක් සිදු කරන්න.

OX මුහුණ 

ඔබේ දෙතොල් වලින් O අකුර හැඩය හැකිතාක් ඔබේ මුහුණේ මාංශපේශීන් ඇදෙන සේ සාදා ගන්න.ඉන්පසුව ඒ ආකාරයටම X අකුරේ හැඩය සාදාගන්න .මෙම ව්‍යායාමය සිදු කරන විට එම අකුරු ශබ්ධ නගා කියන්න. 10 -15 වතාවක් බැගින් මෙය සිදු කරන්න. 

Fish face

ඔබේ තොල් තදින් වසා මාලුවෙකුගෙ මුහුණ හැඩය සේ එන තෙක් ( යමක් උරා බොන ආකාරයට ) සකස් කරගන්න. තප්පර 6 – 8 ක් යනතෙක් එය එසේ තබාගෙන සිටින්න.  මෙය 3 – 4 වතාවක් නැවත නැවත කරන්න.

Mouth wash face 

ඔබේ මුඛයට වාතය පුරවා ගන්න. ( ඔබ සාමාන්‍යයෙන් මුඛ සෝදන විට වතුර පුරවා ගන්නා ප්‍රමාණයට සමානව ) .දැන් ඔබ මුඛ සෝදන ආකාරයටම මුඛ තුළ ඇති වාතය චලනය කරන්න. මෙය හැකි තරම් වේගයෙන් මිනිත්තුවක් පමණ සිදු කරන්න. තත්පර තිහක් පමණ විවේක ගෙන මෙය කිහිප වරක්ම සිදු කරන්න.

හැඩැති cheekbones දෙකක් සඳහා ඔබට කළ හැකි ව්‍යායාම ක්‍රම හයක් ගැනයි අපි ඔබට කිව්වේ. මේ ව්‍යායාම දිනපතා සිදු කිරීම මඟින් ඉතා හොඳ ප්‍රතිඵල ලබා ගන්න ඔබට හැකියාව තියෙනවා. 

Related Articles

Don't Miss


Latest Articles