තෙල් සහිත සමකට සුදුසු සහ නුසුදුසු ආහාර..

ඔබ ලබා ගන්නා ආහාර බොහෝවිට ඔබේ සමේ තත්වයට හොඳ ආකාරයෙන් වගේම නරක ආකාරයෙනුත් බලපානවා.ඔබ තෙල් සහිත සමක් සහිත අයෙක් නම් ඔබ හොඳ ආහාර වේලක් අනුගමනය කරනවා නම් එය ඔබේ සම තුළ අතිරික්ත තෙල් නිෂ්පාදනය පාලනය කිරීම, සිදුරු ,කුරුලෑ , බ්ලැක් හෙඩ්ස් සහ වයිට් හෙඩ්ස් ඇතිවීම පාලනය කිරීම වැනි බොහෝ සම ආශ්‍රිත ගැටලු විසදීමට උපකාරී වෙනවා. අද අපි කතා කරන්නේ තෙල් සහිත සමක් සහිත අයට ආහාරයට ගැනීමට සුදුසු සහ නොගැනීමට සුදුසු ආහාර ගැනයි

තෙල් සහිත සමක් සඳහා හොඳම ආහාර 

පිපිඤ්ඤා

පිපිඤ්ඤා වල 85% කට වඩා ජලය අඩංගු වනවා. ඒ නිසා පිපිඤ්ඤා ආහාරයට ගැනීම මගින් සමේ තෙතමනය ආරක්ෂා කර ගැනීමට වගේම සම විජලනය වීමෙන් වළක්වා ගත හැකියි. ඒ වගේම මෙම ජලය මගින් ඔබේ ශරීරයෙන් විෂ ඉවත් කර හෝමෝන නිසි ලෙස ශ්‍රාවය කිරීමට පහසුකම් සලසනවා.ඊට අමතරව පිපිඤ්ඤා වල ඉහළ ප්‍රතිඔක්සිකාරක අන්තර්ගතයක් ඇති අතර එය නීරෝගී සමක් සඳහා බෙහෙවින් ඉවහල් වනවා. 

කෙසෙල් 

කෙසෙල් වල විටමින් ඊ, පොස්පේට් සහ පොටෑසියම් අඩංගු වන අතර එමඟින් සමේ සෞඛ්‍යය වැඩි දියුණු කරමින් සම තුළ ඇති විෂ ඉවත් කරනවා.දිනකට කෙසෙල් ගෙඩියක් ආහාරයට ගැනීම මගින් සමේ සිදුරු අඩුවීමද සිදුවන අතර කෙසෙල් වල ඇති ප්‍රතිඔක්සිකාරක මගින් සමේ තෙල් නිෂ්පාදනය පාලනය කරමින් සම නීරෝගී වීමට සහය වනවා.

අලිගැටපේර 

නීරෝගී සමක් සඳහා ඔබට ආහාරයට ගත හැකි විශිෂ්ට පළතුරක් ලෙස අලිගැටපේර  සැලකෙනවා. සමට අතිශයින්ම සෞඛ්‍ය සම්පන්න මේද අම්ල අලිගැටපේරවල අඩංගු වන අතර සෙබස් ග්‍රන්ථි වලින් අතිරික්ත තෙල් ස්‍රාවය වීම වළක්වයි.  ඒ වගේම අලිගැටපේර යනු ඇල්ෆා-කැරොටින්, බීටා-ක්‍රිප්ටොක්සැන්ටින්, බීටා-කැරොටින්, සීඇක්සැන්ටින් සහ ලුටීන් වැනි ප්‍රතිඔක්සිකාරක කැරොටිනොයිඩ් වල විශිෂ්ට ප්‍රභවයක් ලෙසත් සැලකෙනවා.

හරිත එළවළු 

නිවිති , ගෝවා ,බ්‍රොකලි වැනි හරිත එළවළු වල තෙල් අඩංගු නොවේ.ඒවා තන්තු වලින් පොහොසත් ප්‍රභවයන් වන අතර ඔබේ සම පිරිසිදු කිරීමට සහ තෙල් නිෂ්පාදනය පාලනය කිරීමට උපකාරී වෙනවා. නිවිති වල ජලය අඩංගු වන අතර ඒ නීරෝගී සමක් සඳහා බෙහෙවින් සහාය වනවා.බ්‍රොකලි වල විටමින් සී, මැග්නීසියම් සහ විටමින් ඒ අඩංගු වන අතර එමගින් සමේ සිදුරු අවහිර වීම වළක්වනවා.ඊට අමතරව තෙල් නිෂ්පාදනය පාලනය කරමින් කුරුලෑ ඇතිවීම සහ අනෙකුත් සමේ ගැටලු ඇතිවීමේ අවදානම අඩු කරනවා.

දොඩම් 

දොඩම් සහ ලෙමන් වැනි පැඟිරි සහිත පලතුරු වල විටමින් සී අඩංගු වන අතර එය සමේ වර්ණය වැඩි දියුණු කිරීමට වගේම තෙල් නිෂ්පාදනය පාලනය කිරීමටත් උපකාරී වනවා. ඊට අමතරව සමේ ඇති අමතර තෙල් ඉවත් කරමින් සම සෞඛ්‍ය සම්පන්න කරනවා. දොඩම් වල ඇති ස්වභාවික තෙල් සමට තෙතමනය ලබා දීමට උපකාරී වන අතර ඒවායේ අඩංගු සිට්‍රික් අම්ලය කුරුලෑ වියලීමට සහාය වනවා.

පොල් වතුර

පොල් වතුර සමේ තෙතමනය පවත්වා ගැනීම සඳහා ඔබට භාවිතා කළ හැකි හොඳම ස්වභාවික අමුද්‍රව්‍යයක් ලෙස සැලකෙනවා.එය සම පිරිසිදුව සහ නම්‍යශීලීව තබා ගැනීමට උපකාරී වන අතර කුරුලෑ ඇතිවීම පාලනය කරනවා.

තෙල් සහිත සමක් සඳහා අහිතකර ආහාර මොනවාද ? 

කිරි නිෂ්පාදන 

ඔබේ ආහාර වේලෙහි විවිධ කිරි නිෂ්පාදන වලට ප්‍රධාන තැනක් හිමි විය හැකි නමුත් ඒවා වක්‍රාකාරයෙන් ඔබේ සමට අහිතකර බලපෑම් ඇති කරනවා. ඒවායෙන් ඉහළ මට්ටමේ ටෙස්ටොස්ටෙරෝන් ඇති අතර එය සමේ ඇති සෙබස් ග්‍රන්ථි උත්තේජනය කරමින් සමේ තෙල් නිෂ්පාදනය වැඩි කරනවා.

කැෆේන් 

බොහෝ අධ්‍යාන වලින් සනාථ කර ඇති ආකාරයට කැෆේන් වලින් ඉන්සියුලින් සංවේදීතාවය අඩු කරනවා. ඔබ කැෆේන් සහිත පාන ලබා ගැනීමෙන් පසු සාමාන්‍ය කාලයට වඩා වැඩි කාලයක් ඔබේ රුධිරයේ සීනි මට්ටම ඉහළ මට්ටමක පවතිනවා. මෙහි අතුරු ප්‍රතිඵලයක් ලෙස සම මතුපිට තෙල් ස්භාවය වැඩි වී කුරුලෑ ඇතිවීම සිදුවනවා 

සීනි 

සීනි පරිභෝජනය කිරීම ඔබේ රුධිරයේ සීනි මට්ටම ඉහළ යාමට යාමට හේතු වෙනවා. විශේෂයෙන්ම කුකීස් වර්ග , කේක් , ජෑම් , බනිස් වර්ග , පේස්ට්‍රි සහ රස කැවිලි මෙන්ම ධාන්‍ය වර්ග , සීනි යෙදූ බීම වර්ග පරිභෝජනය කිරීම හැකි තාක් පාලනය කරන්න. ඒවා වෙනුවට නැවුම් පලතුරු සහ එළවළු , ස්වාභාවික පළතුරු බීම වැනි දේවල් පරිභෝජනය කිරීමට සැලකිලිමත් වන්න

ලුණු සහිත ස්නැක්ස් වර්ග 

ලුණු නිසා ඇතිවන විජලනය සමග සටන් කිරීමට සමේ සෛල උත්සාහ කරන විට එය සමේ තෙල් මට්ටම වැඩිවීමට හේතු විය හැකියි. ඒ නිසා අච්චාරු වර්ග , ලුණු යෙදූ ඇට වර්ග , ලුණු යෙදූ ස්නැක්ස් වර්ග,  චිප්ස් වර්ග පරිභෝජනය කිරීම හැකිතාක් අවම කරන්න.

කුළුබඩු වැඩිපුර යෙදූ ආහාර

කුලුබඩු වැඩිපුර යෙදූ ආහාර ඉතා පහසුවෙන් ජීරණය වන්නේ නැහැ.අතිරික්ත කුලුබඩු පරිභෝජනය ශරීරය තුළ විෂද්‍රව්‍ය නිර්මාණය කිරීමේ හැකියාව වැඩි කරනවා.ඒ වගේම මිරිස් වර්ග ශරීරය තුළ විශාල තාපයක් ඇති කරන අතර එමගින් ඔබේ සම තෙල් සහිත විය හැකියි.ඔබ දැනටමත් තෙල් සහිත සමක් සහිත අයෙක් නම් සුප් සහ සලාද වර්ග වැඩිපුර පරිභෝජනය කරන්න

Fatty meats 

මස් වර්ග වල සෝඩියම් ඉතා ඉහළ ප්‍රමාණයක් අඩංගු වන අතර ඒවා ජලය රඳවා තබා ගැනීමට හේතුවනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අතිශයින්ම තෙල් සහිත සමක් ඇති කරවනවා. ඒ නිසා අධික තෙල් සහිත මස් වර්ග පරිභෝජනය අවම කිරීම පිළිබඳව සැලකිලිමත් වන්න.

තෙල් සහිත සමක් කියන්නේ සම තුළ බොහෝ ගැටලු ඇති කිරීමට සමත් සම් වර්ගයක්. එවැනි සමක් සඳහා ඔබ ශරීර අභ්‍යන්තරයට ලබා ගන්නා ආහාර පිළිබඳව අතිශයින්ම සැලකිලිමත් විය යුතුයි. ඒ නිසා තෙල් සහිත සමක් සහිත ඔබට මේ ලිපිය ඉතාම ප්‍රයෝජනවත් වේවි

Related Articles

Don't Miss


Latest Articles