වේලාව රෑ අටට කිට්ටු වී තිබුණා නිසා කොහොමත් වටපිටාවේ තිබුණේ අඳුරකි. අඳුරට බිය වන්නට හේතුවක් තිබුනේ නැතිමුත් වෙනදාක නොදැනෙන අන්දමේ බියක් සිතට දැනුනේ ඇයිද කියා නොසිතන්නට අරුණලී සිතුවාය.
ඇණවුම් කල රිය ඇවිත් බව පැවසුවද කාර්‍යාල ගේට්ටුව අසල කිසිදු රියක් පෙනෙන්නට නොමැත. අරුණලී කාර්‍යාලයේ දොරෙන් මෑත් වී ගේට්ටුව ලඟට ආවේ රිය පෙනෙන්නට තිබේදැයි බලන්නටය. බොහෝ අවස්තාවල ක්‍රියේටිව්ස් එක ලඟට කුලී රියක් ඇණවුම් කරද ඒ අසල ඇති ඇතුල් පාරකට ඔවුන් හරවන බවත්, එයට හේතුව රිය ඇණවුම් යෙදවුමේ ඇති දෝශයක් බවත් අරුණලී අත්දැකීමෙන් දනී.
රිය පෙනෙන්නට නොතිබූ නිසාවෙන්ම අරුණලී දුරකතනය අතට ගත්තේ යෙදවුම පරික්ශා කර බලන්නටය. ගේට්ටුවෙන් මදක් මෑතට අවුත් වරෙක දුරකතනය දෙසත් වරෙක රිය තිබේයැයි පෙන්වන මග දෙසත් මාරුවෙන් මාරුවට නෙත් යොමවමින් උන් අරුණලී ගේ නෙත පාරෙන් එහා පස තිබුණු තම්බජියා මල්ගොමුව දෙසට යොමු වුනේ කුමක් හෝ සිත කියූ හේතුවකටය.
දිවා කල නෙතට රසඳුනක් වූ දම් පැහැ මලින් බර තම්බර්ජියා මල් ගොමුව රාත්‍රියේ තිබුනේ තද අඳුරු පැහැයෙන් පිරීගොසිනි. ඒ තද අඳුරු පැහැය අතරින් කවුරුන් හෝ තමා දෙසට එන බව අරුණලී දුටුවාය. දෙනෙත් කුඩා කර බැලුවේ ඒ කවුරුන්දැයි විමසන්නටය.
දෙනෙත් විසල් උනේ ඒ කවුරුන්දැයි දැනගත්තයින් පසුවය.
මෙනුක…
ඔස්ට්‍රේලියාවේ හිඳිනවායැයි, තමාව අමතක කර දමා තිබෙනවායැයි තමා සිතූද සිත සනසා ගන්නට යෙදුණද මෙනුකය.
ඔහු මෙරට පැමිණ තිබේ.
“උඹ මං කියන දේට අකමැති නම් දැනගනින්, මං ලබන සතියෙ ලංකාවට එනව. මම ඇවිත් උඹටයි උඹේ මහ එවුන්ටයි හොඳ පාඩමක් උගන්නනවා. බැල්ලි උඹ මතක තියාගනිං, උඹට මාව අමතක කරල හොඳින් ඉන්න මම ඉඩක් දෙන්නෙ නෑ. මම වලට ගියත් උඹවත් කුදලගෙනමයි යන්නෙ” කි ලෙසටම ඔහු පැමිණ තිබේ.
“බබ ප්ලීස් කලබලවෙන්න එපා. මම කරදරයක් කරන්න නෙවෙයි ආවෙ” කියමින් මෙනුක ඉදිරියට ආවද අරුණලී උන්නේ ඒ වදන් පිලිගන්න මානසිකත්වයක නොවේ. මෙනුක තමාව බලෙන් රැගෙන යනු ඇතැයිද තමාව බලෙන් විවාහ කරගනු ඇතැයිද කියන බිය අරුණලීගේ මනස ඒ මොහොතේ සහමුලින්ම පාහේ ආක්‍රමණා කරතිබුණි.
“අනේ ප්ලීස් මෙනුක මට වද දෙන්න එපා ප්ලීස්” කියමි අරුණලී දෑත් වනවමින් පිටුපසින් පිටුපසට යද්දී මෙනුක පියවර තබා ඉදිරියට ආවේ අරුණලීව නවත්වාගනු පිණිසය. තමා ආ බව තවම අම්මලා දන්නේ නැත. අරුණලී මෙසේ කලබල කිරීම බොහෝ ප්‍රශ්න ඇති කරන්නක් විය හැක. එහෙත් දෙරටක තනි වී දුක් විඳීම මේ ප්‍රශ්න නිමා කරවන්නේ නැති බවත් හමු වී කතා බස් කිරීම අරුණලීගේ හිත ආපසු තමා වෙත හරවාගන්නට උපකාරයක් වනු ඇති බවත් මෙනුක සිතුවේය.
සියල්ලන්ටම රහසෙන් මේ ගමන ආවේඒ නිසාය. දෙමව්පියන් විශේෂයෙන්ම අරුණලීගේ දෙමව්පියන් මේ ගැටලුව නිරාකරණය කරන්නට මැදිහත් වීම මේ ප්‍රශ්නය මෙතෙක් දුරදිග යන්නට හේතුවක් වූ බව මෙනුක සිතුවේය. තමා තනිවම අරුණලී හා කතා බස් කිරීම එයට වඩා හොඳ ප්‍රතිපලයක් ගෙන දෙනු ඇතැයි කියා සිතා රහසින්ම ලංකාව බලා ආවේ ඒ නිසාමය.
“අරුණලීලගෙ ගෙදර ගිහින් නම් මේව කතා කරන්න බෑ බං, උඹට බැරිද අරුණලී ගෙදරින් එලියට යන ෆික්ස්ඩ් වෙලාවක් තියෙනවද කියල බලල මට කියන්න” කියා පාසල් කාලයේ වූ මිතුරෙක්ට කිව්වේ ඒ නිසාමය.
අරුණලී රැකියාවකට යන බවත්, ඒ ආයතනය පිහිටා ඇති තැනත් ගැන මෙනුක දැනගත්තේ එලෙසිනි. මෙහි පැමිණ බලා සිටියේ හවස පහ මාරේ සිට ය. අරුණලී උදෑසන රාජකාරියකට ආ බව තහවුරු කරගත්තද ඇය මෙතරම් පමා වන තුරුත් මෙහි රැඳී සිටින්නේ ඇයි ද කියා හිතාගන්නට නොහැක.
මෙනුක හවස පහ මාරේ සිටම අරුණලී වැඩ කරන ක්‍රියේටිව්ස් ආයතනය අසල රවුම් ගසමින් උන්නේ ඇය එලියට එන මොහොතක කතා කරනු බලාපොරොත්තුවෙනි.
“අනේ මට කරදර කරන්න එපා”
“මට කතාකරන්න විතරයි ඕන, ප්ලීස් පොඩ්ඩක් නතරවෙන්න” කියා කිව්වද අරුණලී ආපසු හැරී දිව යන්නට විය.
බියෙන් දුවගිය අරුණලී කාගේ හෝ ඇඟේ හැප්පෙනුත් ඒ පුද්ගලයා කුමක් හෝ කියා අරුණලීව අස්වසනුත් දැක්කද සිත රිදෙව්වේත් කෝපයෙන් පිරෙව්වේත් නන්නාදුනන තරුණයෙකුගේ පිටුපසට වී ඔහුගේ පිටට මුහුණ තබා ගෙන අරුණලී හඬා වැටෙනු දකිද්දිය. තමාගෙන් ගිලිහුණ ඇය වෙන උණුහුමක රැඳී හිඳිනු දකිද්දීය.
“මෙනුක නේද?” කියා ඒ නාඳුනන තරුණයා ඉදිරියට එද්දී ඔහු තමා ගැන සියල්ල දන්නා වග මෙනුක පසක් කරගත්තේය.
“මිස්ට එහෙනං මාව දන්නවනෙ ප්ලීස් ලෙට් මී ටෝක් ටු අරුණලී”
“එක්ස්ට්‍රීම්ලි සොරි මෙනුක, ඒක නම් කරන්න දෙන්න විදියක් නෑ”
“ඇයි ඒ?”
“ඒක ඉතින් මට වඩා හොඳට මෙනුකම දන්නවා ඇතිනෙ”
“ශී ඊස් මයි ගර්ල් ෆ්‍රෙන්ඩ්”
“එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් රයිට්?” ඔහු අසන්නේ කිසිදු හැඟීමක් නැති මුහුණකිනි. මුහුණ හරහා සුරත යවනට හැකි නම් කියා සිතුවද තනිවම ඇවිත් ඉද්දී රණ්ඩු වලට පැටලීම නුවණක්කාර නොවේ. අනෙක් අතට ඔහුට පිටුපසින් තවත් මුහුණු කිහිපයක්ම කුතුහලය රැඳි දෑසින් බලා හිඳිනුද මෙනුකට පෙනේ.
මේ මිනිසා හැසිරෙන්නේ ලෝකයම ඔහුගේ වගේය. එතරම්ම ආධිපත්‍යයකිනි.
ඔහුට පිටුපසින් සිටගෙන උන් පිරිසෙන් කෙනෙකුට කතා කර අරුණලීව පෙන්වා යමක් කියන අයුරුත් ඒ අනුව අරුණලී එහි පසෙක නවතා තිබූ වාහනයකට නගින අයුරුත් මෙනුක බලා උන්නේ අවසිහියෙන් මෙනි.
“ඔයා භාශිත එක්ක යන්න, බයවෙන්න එපා. මම එන්නම්” කියා කියන්නට තරම් ඔහු අරුණලීට සමීපය. අරුණලී වාහනයට නැගි පසුවවත් එක මොහොතකටවත් තමා දෙස නෙත් යොමු කලේ නැති බව මෙනුක හදවතෙ තදින් ලියාගත්තේ කෝපයෙන්ය.
“මිස්ට මේ පැත්තකට වෙලා හිටියනම් මොකද අපේ පර්සනල් ප්‍රශ්න වලට අත දාන්නෙ නැතුව?”
කිමල් සිනාසුනේ මදවශයෙනි. එහෙත් හිත තිබුනේ කෝපයෙන් පිපිරෙමිනි.
“එහෙම නම් සර් පර්සනල් ප්‍රශ්න පබ්ලික් ප්ලේසස් වලට ඇවිත් ඔෆිස් වලට ඇවිත් විසඳගන්න එපා නේද? පර්සනල් ප්‍රශ්න විසඳගන්න ඕන පර්සනල් ස්පේස් එකකනෙ”
“ආ ඇත්තද? දැන් මේ අනුන්ගෙ මගුල්වලට අත දාන ඔය මහත්තය අරුණලී ගෙ කවුද?”
“මම එයාගෙ බොස් විතරයි. අනික ලෙට් මී කරෙක්ට් යු, එතන මගුලක් නෑ නේද?”
“මිස්ටට වැඩක් නෑනෙ නේද මම අරුණලී එක්ක කරන්න ගියා කතාවට මැද්දෙන් පනින එක”
“ආයෙ ඉතින් අපි මේ කතාවෙ මුලටම නේද යන්නෙ? මම නම් මැද්දට පැන්නෙ නෑ මිස්ට මෙනුක. අරුණලී මගෙ ටීම් එකේ ලමයෙක්. ඒ ලමය මගෙන් උදව්වක් ඉල්ලුවම, ඒ ලමයට ඔෆිස් ප්‍රෙමිසස් වල කරදරයක් උන වෙලාවක මට ඒකට මැදිහත් නොවී ඉන්න පුලුවන් කමක් නෑනෙ නේද? “
මේ නාඳුනන මිනිසා සමග කතා බස් මට තේරුමක් නැති බව මෙනුක තේරුම්ගත්තේය.මේ සියල්ල ගැන කතාබස් කල යුත්තේ අරුණලී සමග නොවේද? මොහු කවුද කියාත් තමාට වඩා අරුණලී ඔහුව විශ්වාස කරන්නේ ඇයි කියාත් ඇසිය යුත්තේ අරුණලීගෙන් නොවේද?
එහෙත් මෙතනින් පරාජිතයෙකු මෙන් පලා යන්නට හැකිද?
“හරි අපි බලාගමුකො” කිය කිව්වේ වූ ලැජ්ජාව වසාගන්නටත් තමන්ගේ පරාජිත බව වසං කරගන්නටත් බව කිමල් ඇඳිනුවද ඔහු ඉන්පසුව කිසිවක් කීවේ නැත. මේ දුරදිග ගෙනියන්නට නොයුතු කාරණාවකි. කතාවකි. අනික තමා වන් තෙවන පාර්ශ්විකයෙකු මෙයට යන්තම් හෝ ඈඳීම අරුණලීගේ කරදර වැඩිකරවන්නක් විය හැක.
“මොකද්ද වීරෙ සීන් එක?” කියා කේශිනී සහ දේවින්ද එද්දි තමා මෙහි සිටියේ තනියෙන් නොවන වගටත් කේශිනී ඇතුලු සෙසු පිරිසට කියන්නට සාධාරණ හේතුවක් තිබිය යුතු බවත් මතක් වුවද කිමල් උන්නේ පිටව යන් මෙනුක දෙසම බලාගෙනය.
මෙනුක අන්ධකාරය මැද්දෙන් පිටව ගියේ විකල් වූ සිහියකිනි. ඒ සිහිය රැඳුණේ අරුණලීත් මේ නාඳුනන පුද්ගලයාත් යා විය හැකි විවිධ ක්‍රම ගැන මෙනෙහි කරවමිනි.
“ඌ මෙච්චර අරුණලීට කෙයා කරන්නෙ ඌ අරුණලී ගෙ කවුද? කියා සිතුවද එයට දිය යුතු පිලිතුරු රැසකි. එහෙත් ඒ අතරින් සිත පිළිගන්නටත් වඩා වැඩි බරක් තබන්නටත් පෙළඹුණේ එකම එක පිළිතුරකට පමණි.
“අරුණලී මාව මගාරින්නෙ, කතා නොකරනෙ මූ හන්දද?”