ඕනාවට වඩා කෙට්ටු වීම යුවතියකගේ රූමත් කමට එතරම් හිතකර දෙයක් නෙවේ. ඉතින් මෙන්න මේ කේරල ප්‍රතිකාර එවැනි අයගේ පිහිටට ඉදිරිපත් වෙනවා.
ආයුර්වේදයට අනුව මෙවැනි අයට ආකාර තුනකට ප්‍රතිකාර සිදු කරනවා.
- ආහාර ක්‍රමය
- විහරණ ක්‍රමය
- ඖෂධ
ආහාර ක්‍රමය
- සුදුසු ආහාර නිර්දේශ කිරීම.
එළකිරි, අලුත් හාලේ බත්, ගිතෙල්, මුදවපු කිරි, උඳු පිටි, රට ඉඳි, උක් පැණි යොදා සකසන ලද ආහාර වර්ග, ධාන්‍ය වර්ග, මුන්කිරිබත්, වැනි ආහාර ඉතා වැදගත් වේ.
- මද උණුසුම් කිරි වීදුරුවකට ගිතෙල් හැන්දක් මිශ්‍ර කර උදෑසන පානය කිරීම.
- සතියකට දින තුනක්වත් කොළ කැඳ පානය කිරීම.
විහරණ ක්‍රම
- සැහැල්ලු අරමුණු තබා ගැනීම
- හොඳින් නිදා ගැනීම
- මනසට විවේකයක් ලබා දීම
- ගහ කොළ සහිත පරිසරයක් ඇසුරු කිරීම
- මනසට අපහසු සිතුවිලි වලින් ඉවත් වීම
ඖෂධ
රට ඉඳි වල ඇට ඉවත් කර එතුළට එළඟිතෙල් පුරවා, මී පැණි මිශ්‍රිත බඳුනක දමා උදෑසන එම රට ඉඳි මදුළු 2, 3 ආහාරයට ගන්න. දියවැඩියා රෝගීන්ට සුදුසු නොවේ.
- හාතාවාරිය කැඳ පානය කරන්න.
- එළකිරි පානය කරන්න.
- නෙල්ලි ,රසකිද තම්බා පානය කරන්න.
- අළු පුහුල් ,අළු කෙසෙල් ,කොස් වැනි දේ ආහාරයට ගන්න.
– ඉරේෂා –