එයා මැරිලා හුඟක් කල් 30

අවුරුද්දක වටිනාකම දැන ගැනීමට
විභාගය අසමත් වු සිසුවෙකුගෙන් අසන්න..
මාසයක වටිනාකම දැන ගැනීමට
නොමේරූ දරුවෙකු ලද දෙමාපියන්ගෙන් අසන්න..
සතියක වටිනාකම දැන ගැනීමට
  සති අන්ත පුවත් පතක කතුවරයකුගෙන් අසන්න..
දවසක වටිනාකම දැන ගැනීමට
  දවස් පඩියට වැඩ කරන සේවකයෙකුගෙන්     අසන්න …
පැයක වටිනාකම දැන ගැනීමට
  හමුවීමට පෙරුම් පුරන ආදරවන්තයින්ගෙන්  අසන්න …
මිනිත්තුවක වටිනාකම දැන ගැනීමට
  කෝච්චිය හෝ බස් එක මඟ හැරුනු   කෙනෙකුගෙන් අසන්න ….
තත්පරයක වටිනාකම දැන ගැනීමට
  අනතුරකින් දිවි බේරාගත් කෙනෙකුගෙන් අසන්න ..
මිලිතත්පරයක වටිනාකම දැන ගැනීමට
  ඔලිම්පික් රිදී පදක්කම් ලාභියෙකුගෙන් අසන්න ..

ශික්…විතරක් … මොන කෙහෙල් මලක් මට මේ වෙලාවේ මතක් වෙනවද මන්දා..මරණ බය වැඩි හින්දා මට මොන මල මගුල් මතක් වෙනවද මන්දා…
මිලි තප්පරයි තත්පරයි මොනවද මේ මගේ ඔලුව ඇතුලේ වැඩ කරන්නේ. මොනවා වුණත් මේ වෙනකොට මගේ ජීවිතය ගැන තියෙන ආසාවත් මම බිංදුවටම අත ඇරලයි හිටියේ. නොකිව්වට රාජා ත් එහෙම වෙන්න ඇති . රාජයි මමයි හුළඟක තරං වත් හෙළවිල්ලක් හෙලවෙන්නෙ නැතුව මේ විදිහට හිටියේ කොහොමද කියලා මට හිතාගන්න බැරුව ගියා.කාමරයේ දොර ඇරගෙන ඇතුළට ආලට ආවේ රත්නාලෝක.ඒ ආවේ රත්නා ලෝක කියලා අපි දැනගත්තේ කාමරය ඇතුලට එන්නේ රත්නා ලෝක කියලා අපි කලින් දැනගෙන හිටපු හින්දා.ඇත්තටම කියනවනම් එයා හිටියේ වෙස්වලාගෙන.කාමරය ඇතුලට ඇවිල්ලා එයා දාගෙන හිටපු බොරු කොන්ඩය බොරු රැවුල කන්නාඩි ඒ හැම එකක්ම ගලවලා කණ්ණාඩි මේස උඩින් තියන්න ගත්තා. හැබෑවටම රූපවාහිනී යෙන් පත්තරෙන් දකින රත්නාලෝක මතු උනේ ඊට පස්සේ . අපි දෙන්නා හිටපු කබඩ් එකේ කිරි කිරි සද්දයක්වත් එළියට එන්නෙ නැති වෙන්න විදිහට අපි මාර ඉවසීමෙන් උන්නා . ඊළඟට මොකද වෙන්නේ… ඊළඟට මොකද වෙන්නේ කියන මාර චකිතයක් අපි දෙන්නටම තිබුණා.ඒ වෙනකොට ප්‍රහන්ගේ සම්බන්ධතාවය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා තිබුණා. මං හිතන්නේ මනුස්සයෙකුගේ දරාගැනීමේ කැපෑසිටි එක මොකක්ද කියලා කවුරුහරි ඇහුවොත් මේ අවස්ථාවත් හොඳම උදාහරණයක් කියලා මට හිතුනා.
රත්නාලෝක ෆ්‍රිජ් එක ඇරලා මොනවා හරි බීම එකක් ගත්තා .
ඒක බොන ගමන් මිනිහා වැව් තාවුල්ල දිහා බලාගෙන හිටියා.එහෙම කොච්චර වෙලාවක් හිටියද කියල අපි දෙන්නා දන්නේ නැහැ. ටික වෙලාවකින්
රත්නාලෝක ආපහු කාමරය ඇතුලට ආවා. එතකොට එකොලහමාරත් පහුවෙලා තිබුණා. රත්නා ලෝක කාමරය ඇතුලේ දාලා තිබිච්ච පුංචි ලයිට් එක ඕෆ් කලා. කාමරය ඇතුලේ සම්පූර්ණයෙන්ම වගේ කළුවර වෙලායි තිබුණේ.වැව් තාවුල්ල ලස්සන වෙන්න දාලා තිබිච්ච පුන්චි නියෝන් ලයිට් එළියෙන්  කාමරයේ ඇතුළ කනා මැදිරි එළියක් ගත්තා.එතකොටම වගේ කවුරුහරි දොරට තට්ටු කළා.
කොහේවත් තිබුණෙ නැති මුත්‍රා බරක් මට තදින් දැනෙන්න ගත්තා. ඒ උනත් මම බොහොම අමාරුවෙන් ඉවසගෙන හිටියා.රාජරත්නම් පිළිමයක් වගේ ඇතුලෙ එකම විදිහට හිටියා.සමහර වෙලාවට මට බය හිතුණා මම නොදැන මේ මනුස්සයාට හාට් ඇටෑක් එකක් ඇවිල්ලා එහෙමම මැරිලද කියලත්.
රත්නාලෝක ගිහිල්ලා කාමරයේ දොර ඇරියා. කිසිම සද්දයක් නැතුව ඔළුවේ ඉඳන්ම රෙද්දක් පොරව ගත්ත කවුරු හරි කාමරය ඇතුලට ආවා.ඒ ආපු කෙනාගේ රෙද්ද රත්නාලෝක  අයින් කළා.
ඒ ඇවිල්ලා හිටියේ බඩ දරු අම්මා කෙනෙක්.

“බයද කෙල්ලේ..”

රත්නාලෝක කුටු කුටු ගාලා කෙල්ලගෙන් ඇහුවා.

යන්තම් ඔලුව දෙපැත්තට වනලා බය නෑ කියන එක කෙල්ල කිව්වා.

මුන් නම් මහ නල්ලමලේ අම්මන්ඩිලා..සල්ලි වලට ඕන දෙයක් කරන අකුරු දෙකේ ගෑණු..අන්තිමට කෙලවුනහම නට්ලූස් උනහම නට් බුරුල් උනහම බොරුවට හූ කියාගෙන එනවා අපිව හොයාගෙන.නටන්න තියෙන හැමදහදුරාවම නටන්න පුළුවන් මුන්ට… ලමෙක් හම්බවෙන්න  එන එක   විතරයි  දන්නේ නැත්තේ..බඩ ගෙඩියක් තිබුණත් අහවල් එක කරන්න මුන්ට ඒත් කමක් නෑ.

කිසිම හේතුවක් නැතුව මගේ හිත තරහෙන් පුපුරු ගහන්න පටන් අරගෙන තිබුණා.කබඩ් එකෙන් එළියට ඇවිල්ලා මට ඒ ගෑණු කෙනාගේ කම්මුල පුපුරන්න ගහන්න හිතුනා. හැම දෙයක්ම උනාට පස්සේ අවසානයේදී නූගත්කම මෝඩකම කියලා අනුකම්පාව දිනාගන්න මේ වගේ මිනිස්සුන්ව ඉස්පිරිතාලේ වාට්ටුවේදී මම ඕන තරම් දැකල තිබුණා.

තව ටික වෙලාවකින් අනග රැගුම් ටිකක් බලාගන්න පුළුවන් කියලා මට හිතුනා .

කාමරයේ ඇතුළේ තිබිච්ච පුංචි ලාච්චුවකින් මොකක් හරි පාර්සලයක් එළියට අරගෙන රත්නාලෝක ඒ ගෑණු කෙනාගේ අතින් ඒක තිබ්බා. මට හිතුණු විදිහට ඒ පාර්සලය ඇතුලේ තිබුනේ සල්ලි.

“උඹට ජීවිත කාලයම සතුටින් ඉන්න පුළුවන්…”

ඒ පාර්සලය දෙන ගමන්
රත්නාලෝක ඒ ගෑනු කෙනාට කිව්වා.

“මම ඔයාට බීම එකක් හැදුවා. ඒක බීලා ඉන්න.රෑට කාලා ද ආවෙ”

“මම කාලා ආවේ සර්.. මොකද්ද මම කරන්න ඕනේ?”

“කලබල වෙන්නෙ නැතුව මේ බීම එක බීලා ඉන්න.මම පස්සේ
හෙමීට කියන්නං ඔයාට කරන්න ඕන දේ.. “

රත්නාලෝක බොහොම හෙමින් ඒ ගෑණු කෙනාට කිව්වා.

ෆ්‍රිජ් එක ඇතුලෙන් මොනවා හරි බීම වීදුරුවක් අරගෙන ඒ ගෑණු කෙනාට දුන්න බව කාමරයේ ඇතුළේ තිබිච්ච කණාමැදිරි ආලෝකයෙන් මම දැක්කා.ගෑනු කෙනා ඇඳ අයිනෙන් ඉඳගෙන ඒ බීම එක බීගෙන බීගෙන ගියා.

ගෑණි බයටමද  කොහෙද  වචනයක්වත් නොකියා ඒක බීගෙන බීගෙන ගියේ.. හහ්.. ඒක හිතාගෙන ඇති ඒකි විහාර මහා දේවි කියලා…

ජංගමයගේ වීඩියෝව ඒගොල්ලෝ ඉන්න පැත්තට හරවන ගමන් මගේ හිත බොහොම කලබල වෙලා කියලා මටම හිතුනා.රාජරත්නම් ඇහිපිල්ලමක්වත් ගහන්නේ නැතුව කබඩ් එකේ පටි අස්සෙන් බලාගෙන හිටියා.එකපාරටම කබඩ් එකේ දොර ඇරිලා රාජරත්නම්ව එළියට වැටුණොත් මොනවා වෙයිද කියලා මට නිකමට හිතුනා.

“ඇයි කෙල්ලෙ… මුකුත් වෙනසක් තියෙනවා ද”…

නාකි මනමාලය කුටු කුටු ගානවා මට ඇහුණා.

වචනයක්වත් කතා නොකරපු ඒ අම්මන්ඩි ඉඳගෙන හිටපු ඇඳටම කපලා දාපු කෙහෙල් කොටයක් වගේ ඇදගෙන වැටුනා.එහෙම උනහම මම හිතුවා
රත්නාලෝක කාරය  කලබල වෙයි කියලා. කිසිම හැල හොල්මනක් කලබලයක් නැතුව ඒ ගෑනු කෙනාව පුළුන් කෑල්ලක් වගේ උස්සලා කිසිම  ඇද කුදයක්  නැතුව හරි කෙලින් අතට ඇඳේ හාන්සි කරවලා තියෙනකොට ඒ සිහිය නැති වෙන කොටස බීම එකේ කොටසක් බව මට තේරුණා.
කිලෝ 65 ක් විතර බර ගෑනු කෙනාව පුළුං රොදක් වගේ උස්සලා ගන්නකොට රත්නා ලෝකගේ ඇඟේ තියෙන ශක්තිය හිතා ගන්න මට පුළුවන් වුණා.මගේ ඇඟිලි තුඩු වෙව්ලනවා කියලා මට හිතුනා.දැන් වෙලාව රෑ දොළහමාරට විතර ඇති කියලා මට හිතුනා. සිහිය නැති වෙච්ච ගෑනියෙක් එක්ක මේ යකා නටන්ඩ යන නාඩගම මොකක්ද කියලා  බලාගන්න උවමනාව තදින්ම මට දැනිලා තිබුණා.

මේ වෙලාවේ තලම්මැහැර  මොනවා කරනවා ඇත්ද කියලා මට හිතුනා. සමහර වෙලාවට ඌ මෙහෙ එනවා කියලා අපිව රවට්ටලා එහෙ නැවතිලා ඉදලා ප්‍රහාන් ව අල්ලලා දුන්නද කියල මට හිතුනා. ප්‍රහාන් එවපු කොළයේ තලම්මැහැර අත්සන් කරලා තිබුණේ  මීට සති තුනකට විතර කලින්.මේ සිද්ධ වෙන දේවල් එක්ක බැලුවහම සමහරවිට ඇත්තටම ඊට කලින් තලංමැහැර සාමාන්‍ය මනුස්සයෙක් වෙලා ඉන්න ඇති.මේ කොලේ අත්සන් කලාට පස්සේ එයත් රෙප්ටීලියන්ස්ලගෙ ගොඩට වැටෙන්න ඇති . සමහරවිට
රත්නාලෝක එයාව ඒ ගොඩට පෙරලගන්න ඇති. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම තලම්මැහැර  ප්ලෑන් කරන්න ඇත්තේ අපිව අල්ලලා දෙන විදිහක් වෙන්න ඇති. තලංමැහැර මුලදිත් කිව්වනේ රත්නා ලෝකයට අනුන්ගේ හිත් කියවන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා.අපි මහා ගොන් වැඩක් කළේ.එහෙම හිත් කියවන්න පුළුවන් මනුස්සයෙක්ට මොකද බැරි තේරුම් ගන්න තමන්ගේ කාමරේ ඇතුලෙ දෙන්නෙක් හැංගිලා බලාගෙන ඉන්නවා කියලා.
අවසානයේදී ප්‍රහාණ් ගෙ ජීවිතයට සාධාරණය ඉෂ්ට කරන්නේ කියලා සිද්ධ වුණේ අපි නොහිතපු දෙයක්.මේ වෙනකොටත් ප්‍රහන්ගේ  කෑලි වත් ඉතුරු වෙලාද දන්නෙ නෑ..
පැනඩෝල් කාඩ් එකක් බිව්වත් හොඳ වෙන්නේ නැති ඔළුවේ කැක්කුමක් මට හැදෙමින් තිබුණා.
වෙන දෙයක් වුනාවෙ කියලා මේ කබඩ් එක ඇරගෙන රාජරත්නම්වත් ඇදගෙන මට එකපාරටම දුවන්න හිතුනා. වැඩිම උනොත් කවුරුහරි වෙඩි තියයි. මුංගෙ රෙප්ටිලියන් කෙනෙක් වෙනවට වැඩිය ඒක හොඳයි කියල මට හිතුණා.

එකපාරටම  රත්නාලෝක බොහොම හෙමින් ඒ ගෑනු මනුස්සයගේ ගවුම ඉස්සුවා.. ප්‍රසූතිය ආසන්න වෙලා තිබිච්ච කෙල්ලගේ බඩ තෙල් ගාල වගේ දිලිසුනා.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles