එංගලන්ත රජ පවුල කියන්නෙ ලෝකෙ බහුතරයක් දෙනා ආදරය කරන රජ පවුලක් නේ.
ඉතින් පහුගිය කාලය පුරාවටම එංගලන්ත රජ පවුල ගැන එක එක විදියෙ ආරංචි කරලියට ආව.
බහුතරයක් ඒව පොඩ්ඩක් අවුල් ආරංචි කියන එක අමුත්තක් නෑනෙ කාටවත්. එතනින් හොඳටම තටු ලැබිච්ච ආරංචි දෙක උනේ චාල්ස් කුමාරා සහ කේට් කුමරිය කියන දෙදෙනාම පිළිකා රෝග තත්ත්වයකින් පීඩා විඳිනව කියන ආරංචිය.
ඉතින් රජ පවුලක ඉපදුණත් අපිට ජීවිතයට උරුම දේවල් වලින් මිදෙන්න බෑ කියන එකට හොඳම පාඩමක් තමයි ඒක.
ඉතින් මෑතකදි ආයෙම රජ පවුලෙ ජෝඩුවක් කරලියට ආව. වෙන කවුරුවත් නෙවෙයි ඔටුන්න හිමි විලියම් කුමාරය සහ කේට් කුමරිය. (ඇත්තටම කිව්වොත් නාමික රජු සහ රැජිණ)
මේ දෙන්නගෙ විවාහ සංවත්සරය යෙදිල තිබුනෙ පසුගිය අප්‍රේල් 29 වෙනිදට. මීට අවුරුදු 13කට කලින් විවාහ වීම වෙනුවෙන් යෙදිල තිබුණ මේ සංවත්සරය වෙනුවෙන් මේ දෙන්න මේ පාර පලකරල තිබුනෙ මීට කලින් අපි දැකල තිබුනෙ නැති ඒ දෙන්නගෙ විවාහයේ ජායරූපයක්.
සුදු ලස්සන දිග ගවුමක් ඇඳල මල් කළඹ අතේ තියාගෙන ඉන්න කේට් කුමරිය පිටුපසින් විලියම් කුමාරයා හිටගෙන ඉන්න ජායාරූපයක්. වෙන වෙලාවක උනානම් ඕක මහලොකුවට කතා කරන්න දෙයක් නොවුනට ලෝකෙම ඕක ගැන කතාකරන්න හේතුවුණ කාරණාවක් තිබුණා.
ඒ තමයි පසුගිය අවුරුදු වල සංවත්සරය වෙනුවෙන් මේ දෙන්න හැමදාම පල කලේ වර්තමාන ජායාරූපයක්.
එහෙම නම් මෙදා පාර විතරක් ඇයි මේ වෙනසක්?
“මුලු ලෝකෙම දන්නවනෙ එයාලා මේ වෙලාවෙ ඉන්නෙ මොන වගේ තත්ත්වයකද කියල. ඉතින් වර්තමාන ජායාරූපයක් පල කරේ නැති එක ඇත්තටම හොඳ දෙයක්. හැමෝම දන්නවනෙ ගෙවන්නෙ කරදර කාලයක් කියල. ඉතින් එහෙම වෙලාවක හිනාවෙල පින්තූර දැම්මට මිනිස්සු දන්නවා ඒක බොරුවක් කියල. ඊට හොඳයි නොදා ඉන්න එක” Us weekly එකට මෙහෙම කියන්නෙ Royal Expert Christopher Anderson.
තමන්ට පිළිකා රෝගි තත්ත්වයක් තියෙන බවටත්, තමන් ඉන්නෙ ඒකට අදාල preventative chemotherapy ප්‍රතිකාර ලබාගන්නා බවටත් කේට් කුමරිය මාර්තු 22 වන දා මාද්‍යයට කිව්වා. ඒ නිසාම තමන් රාජකීය වැඩ රාජකාරිවලින් ටිකක් අයින් වෙන බවත් ඒ වෙලාවෙ කේට් කුමරිය දැනුම් දුන්නා.
මේ ගැන තවදුරටත් අදහස් දක්වන Royal Expert Christopher Anderson මෙන්න මෙහෙමත් කියනව.
“සාමාන්‍යයෙන් කේට් සහ විලියම් මාද්‍යයට ජායාරූපයක් දාන්න කලින් ගොඩක් හිතන සැලකිලිමත් වෙන දෙන්නෙක්. ඉතින් අලුත් පින්තූරයක් දාන්නෙ නැතුව මේ විවාහ සංවත්සරය වෙනුවෙන් අපි කලින් නොදුටුව ජායාරූපයක් දාපු එකටත් තේරුමක් තියෙනවා.
“ඔවුන් විවාහය වෙලාවෙ දිවුරුම් දෙන විට විලියම් හැඳ සිටියේ අයර්ලන්ත ආරක්ෂක භටයින්ගේ කර්නල්-ඉන්-සීෆ්ගේ රතු නිල ඇඳුමයි. අලුතින් නිකුත් කරන ලද කළු-සුදු ඡායාරූපයේ, විලියම් ඇඳගෙන සිටින්නේ බ්ලූස් සහ රාජකීයයන්ගේ රෝයල් බ්ලූ නිල ඇඳුමයි – චාල්ස් රජු මෑතකදී අයර්ලන්ත ආරක්ෂක භටයින්ගේ කර්නල් නිලය විලියම්ගෙන් ඉවත් කර කේට් වෙත ලබා දුන් බැවින්, වේල්ස් කුමරියට දැන් රතු නිල ඇඳුම ඇඳීමට අයිතියක් ඇති බවට පෙන්වීමකුත් මේ ජායාරුපයෙන් පෙන්නුම් කරනවා” කියල තමයි Royal Expert Christopher Anderson වැඩිදුරටත් ප්‍රකාශ කරන්නෙ.
අවුරුදු 13ක් පරණ ජායාරූපයක් වුණත් කේට් සහ විලියම් ජෝඩුවට තියෙන ජනතා ආදරය සහ ආකර්ශණය අඩු නැති බව පෙන්වන්න වගේ මේ ජායාරූපය යටින් ලෝකයේ බොහෝ තැන්වල මිනිස්සු තමන්ගෙ සුබ පැතුම් අමුණලා තියන්න අමතක කරේ නෑ.
“ඒක පුංචි කාලෙ පින්තුරයක්ද, ජීවිතේ සන්දිස්තානයක පින්තූරයක්ද, සොඳුරු මතකයක්ද කියන එක අදාලම නැහැ. වඩා වටින්නෙ ඒ ජායාරූපයට තියෙන sentimental value එක. ඒ ජායාරූපය බෙදා ගැනීම ඒ සුන්දර මතක අලුත් කරනවා. ආදරය අලුත් කරනවා. අතීතය දෙස සතුටින් හැරිල බලන ගමන් වර්තමානය අගය කරන එක කොච්චර හොඳ ද?” කියලත් කීප දෙනෙක්ම කමෙන්ට් කරල තිබුණා.
2010 අවුරුද්දෙ විවාහ ගිවිස ගැනිමට පස්සෙ විලියම් සහ කේට් සහභාගි වුණ වැඩසටහනකදි විලියම් මෙන්න මෙහෙම කියනවා.
“සබඳතාවයකට වඩා වටින්නෙ හොඳ පදනමක් තිබීම. අපි දෙදෙනා හොඳ යාලුවො විදියට හිඳීම, හමුවීම ඒ පදනම තවත් ශක්තිමත් වෙන්න බොහොමයක් දායක වුණා කියල මම අවංකවම විශ්වාස කරනවා”
ඉතින් මිත්‍රත්වය කියන්නෙ ආදරයක් පටන් ගන්න හොඳම විදියක් බව නිතර කියවෙන කතාවක්.
මිත්‍රත්වයෙන් ඇරඹුණ කේට් විලියම් ආදර කතාව මොන බාදක ආවත් ඒ හැම එකකටම ශක්තිමත්ව මුහුණ දෙන බව අපිට විශ්වාසයි.
කොහොමත් වුණත් ලෝකයේ හැමෝගෙම පාහේ ආදරය දිනාගත්ත එංගලන්ත රජ පවුලෙ අනාගත රැජිණට ඉක්මනින් තමන්ගෙ රෝග තත්ත්වයන්ගෙන් සුව වෙලා සුපුරුදු පරිදි හිනාවෙලා ජායාරුපවලට පෙනී හිටින්න ලැබේවා කියල අපි පතමු.