රස ගුණ පිරි වදමල් පානයක් හදමු

අපේ ගෙවතුවල කොයි තරම් මල් වර්ග අපතේ යනවාද? එවැනි දෙයින් යමක් හදන්න උනන්දු වෙන අය නම් හරිම අඩුයි. වැට දිගේ ඔහේ වැවෙන වදමල් ඉතා ගුණදායක ඔසුවක් බව ඔබ දැන සිටියාද? වද මල්වල යුෂ රුධිරයේ ඇති කොලෙස්ටරෝල් ප‍්‍රමාණය අවම කිරීමට සමත් වන අතර අධික පිපාසය, තොලකට වියළීම, අධික දහඩිය දැමීම සමනය කරයි. රුධිරය පවිත‍්‍ර කරන වද මල් යුෂ වලින් රසවත් පානයක් සකසා ගනිමුද?

අවශ්‍ය ද්‍රව්‍ය:

  • පොකුරු වද මල් 5
  • රස අනුව සීනි
  • දෙහි යුෂ ස්වල්පයක්
  • ලුණු ස්වල්පයක්
  • කස කසා ඇට ටිකක්
  • අයිස් කැට

සාදා ගන්නා අයුරු:

පොකුරු වද මල් ටික ගෙන රේණු ඉවත් කර පෙති වෙන් කරගන්න. මල් පෙති ලුණු ස්වල්පයක් යොදා සෝදා වීදරු බඳුනකට දමාගන්න. එයට උණු වතුර වත් කර පැය භාගයක් පමණ දම් පැහැයක් වතුරට එක් වන තුරු වසා තබන්න. කස කසා ඇට ටික වතුරට දමා සකසා ගන්න.

හොඳින් නිවුණු පසුව වතුර පෙරාගෙන එයට රස අනුව දෙහි යුෂ, ලුණු සහ සීනි එකතු කර කරගන්න. දෙහි ඇඹුල් ස්වල්පයක් සහ ක් එකතු කර ශීතකරණයේ තබන්න. කස කසා ඇට සහ අයිස් කැට එක් කර පිළිගන්වන්න.

මෙය තවත් රසවත් කරගන්නට නාරං, පැෂන් සහ අන්නාසි ආදිය යොදාගත හැකියි. අඩු වියදමින් සහ පහසුවෙන් සකස් කරගත හැකි පෝෂ්‍යදායක පානයක් වන රස ගුණ පිරි වදමල් පානය ඔබත් අනිවාර්යයෙන්ම හදා බලන්න.

– කල්හාරී –

Related Articles

Don't Miss



Latest Articles

සුන්දර නිය පෙළක් සඳහා නිවසේ දී ම කළ හැකි නොවරදින සත්කාර

කාන්තාවකගේ දෙපා වල මෙන්ම දෑත් වල සුන්දරත්වය සදහා නීරෝගිමත් නියපොතු ගොඩක් වැදගත්. හානි වුන නියපොතු නිසා ඔබේ දෑතේ මෙන්ම දෙපා වලත් සුන්දරත්වයටහානි...

ශරදාකාසේ -30

පවුලක් බිඳී යාම යනු  නීත්‍යානුකූල වූ බැඳීම් ලිහී යාමක් ම නොවේ. එහිදී ශරීරයක සියලු සෛල වල බිඳී යාමක් සිදු වේ. සිතක ක්ෂුද්‍ර...

කලගුණ

"පැතුම්,මේ මගේ යාළුවෙක්.රුවිනි.මෙයා මේ එක්සෑම් එකකට උදව් ගන්න කෙනෙක් හොයනවා" දිල්මි පැතුම්ට එහෙම කිව්වේ මිතුරිය හඳුන්වා දෙන ගමන්.මිතුරිය මේ...

හිමගිරි අරණ -15

"මම අද රවිඳුට කෑම එකක් ගෙනාවා.ඒ මනුස්සයා දවල්ට කන්නේ නෑ කියන්නේ." හිමාෂා හිස ඔසවා බැලුවේ පාරමීගේ පැමිණිල්ල ඇසී ය.පාරමීගේ...

සිරුරේ බර අඩු කරන සාර්ථක උපක්‍රම 8 ක්

ඕනම කාන්තාවක් කැමතියි තමන්ගේ ශරීරයේ අනවශ්‍ය බර අඩු කරගන්න. විශේෂයෙන්ම කාර්යබහුල ජීවිත ගත කරන කාන්තාවන්ට තියන ලොකුම ගැටලුව ව්‍යායාම කරන්න කාලයක් නැති...