~ ~ ~ වර්තමානය ~ ~ ~
සියළු බැඳීම් බිඳී ගිය වග දැනුනාට පසුව පවා අනෙකා වෙනුවෙන් සිතෙහි යමක් ඉතිරි වේ නම් එය ප්‍රේමය න්නොවේදැයි මට ඔබෙන් අසන්නට සිතේ. මහේල සුඛෝපභෝගි නිවස්නේ මා තනි කර පිටතට ගියාට පසු මම කලේ අප්‍රාණිකව වැතිර සිටීමය. මහේල මෙහි පැමිණෙන බව දැනගත් දිනයේ පටන් සිදුවූ සියල්ල මට කල්පනා විය. මහේල මා නොදන්නවා සේ උන්නේය. එක්වරම මා ඉදිරියට ආවේය. ඉනික්බිති මා ඔහු ඉදිරියට කැඳවා ගත්තේය. දැන් මගේ ජීවිතය ඔහු යටතේය.
සැබැවින්ම සැනසීමෙන් ඇස් පියාගන්නට හැකි වුවද, මට නින්දක් වූයේ නැත. මහේල අරන්දර ගෙවුණ වසර හය මා වෙනුවෙන් ජීවත් වූවායැයි කියා සිතන්නට තරම් කිසිවක් තවම මා දෑස් ගැටී නැත. එනිසා මේ සියල්ල සුරංගනා ලෝකයක සැරිසැරීමක්ම පමණක් විය හැක.
මිනිසුන්ගේ ජීවිත අවසන්ව යන්නේ කොයි මොහොතේ ද, ඒ මොහොත දක්වා සටන් කරන්නට තරම් වන වටිනා දෑ ජීවිත වල ඇති බව මම පිළිගනිමි. ඉතා අසරණව කිසිවක් නොමැතිව තනි වූ මොහොතේ ජීවත් වීම තෝරාගන්නට මට තිබූ එකම හේතුව මහේලය. මට ඔහුට කියන්නට තිබූ කතාව එකම එක වතාවක් ඔහුට පවසා ගැනීමය.
මම මා සමඟින්ම සටන් කලේ මහේල මා වෙනුවෙන් ලබා දුන් ප්‍රේමයේ හය් යෙනි.
ව්‍යාපාරය කළමණාකරන උපාධිය පසෙක දමා හෝටල් පාඨමාලාවක් කලෙමි. ඒවා ක්ශණික අදහස් ය. කිරිබත්ගොඩ අතැර කොළඹ ආවෙමි. අවන්හලක ඉතා අඩු පඩියට සේවය කලෙමි. තාත්තා සහ නිර්මලී නැන්දා හැරුණ කොට මා පිළිබඳව සොයන්නට් කිසිවෙකු හෝ වූයේ නැත. එහෙත්, අදද, හෙටද, අනිද්දා ශ කියා නොදැන මහේල අරන්දර මා ඉදිරියේ සිට ගන්නා දිනය් තෙක් මම මඟ බැලුවෙමි.
ඒ දිනට උදා වී ගෙවී අවසන් ය. දැන් ඇත්තේ ඉන් පසු කාලයය.
මහේල පැමිණියේ කා සමඟ් හෝ ඇමතුමකය. මම සෙටියේ හරි බරි ගැසී හිඳගත්තෙමි. ඔහු මා දෙස බලා අතෙහි වු බෑගය මේසය මතින් තැබුවේය. අනතුරුව පසෙකට ගොස් ඇමතුමට පිළිතුරු දුන්නේය.
” කවුරු කොහොම මොක කිව්වත් මම කරන්නේ මට ඕනි දේ… එච්චරයි … ආයේ මගේ ජීවිතේ ට අනින්න කොනිත්තන්න ආවොත් මෙහෙ රෙද්දවල් ඔක්කොම දමලා ගහලා යනවා යන්න එකෙක්ටවත් හොයාගන්න බැරි වෙන්න …..”
මහේල අවසානයේ එලෙස පවසනු පමනක් ඇසිණි. මේ සිදුවන්නේ කුමක්දැයි විමසන්නට අවැසි වුවද මට කිසිවක් නොගැලපේ. අවශ්‍ය වන්නේ කුමක්දැයි කියා හෝ නොගැලපේ. මහේල අරන්දර දැනෙන්නේ ඉතා දුරින් යැයි මට සිතුණි.
” කාලා ඉමු අසේකා …. තිලාගේ ගෑණි උයලා දුන්නේ..සැර නෑ..”
මහේල වතුර බොතලයක් මේසය මතින් තබා බෑගයේ වූ කෑම පෙට්ටිය ද පිටතින් තැබුවේය පිඟන් දෙකක් ගෙන ආහාර බෙදුවේය. යළි මා ඇමතුවේය.
” ඔක්කොම කන්න. බේත් තියෙනවා බොන්න …”
මම හිස සළා හිඳහත්තෙමි.
” මම කවන්නද ? “
ඔහු එවර ඇසුවේය. මගේ හිස පුපුරා යන්නට තරම් රිදුණි.
අතීතයේ ඇතැම් කාරණා හිත් තුළ ඉතිහාසනයම වී වර්තමානයේ ද පවතින්නේය.
” මං ආසම නැ කවන්න. ඇයි යකෝ උයලාත් දීලා තව කවහංකො.. එ වුනාට තමුසේ ඉතින් මූණ එල්ලගෙන ඉන්නවනේ.. එනවා එක කටයි ඇ…”
එසේ කියා මහේල අරන්දර මුව පිරෙන තරමේ තඩි බත් ගුලි දෙක තුනක්ම කවන්නේය. බොහො දින වල ඒ දෙක තුනෙන්ම මට කුස පිරෙන්නේය. ඒ අතීතය ය.
මගේ පිළිතුරු අවශ්‍ය නොවන වග පෙන්වමින් මහේල මගේ පිඟාන ඔහු වෙතට ලං කරගත්තේය. පිඟාන අවසන් වන තුරුම කිසිත් නොපවසා කැව්වේය. වතුර බෝතලය ලං කලේය. ඉන් පසුව ඔහුද කෑවේය. මට නියමිතව තිබු ඖෂධ ලං කලේය. කමිසය ගලවා දමා සෙටියේම වැතුරුනේය. මම ඔහුට ඉදිරියේ වූ කුඩා අසුනේ හිඳ ගත්තෙමි.
” වොශ් එකක් දාගන්න … මට ඔයාගේ ඇඳුම් මුකුත් ගේන්න උනේ නෑ..ඇනෙක්ස් එකට ගියාම ඔක්කොම අමතක වුණා…. ඔයා … “
ඔහු කියන්නට ආ යමක් නවතා ගිලගත්තේය.
” මගේ ශර්ට් එකක් ඇඳගන්න ..”
ඔහු ඉන් පසුව කීවේය
” මොකක්ද මට වෙන්නේ ?”
මම මහේල දෙස බලා විමසුවෙමි. ඔහු මා දෙස බල උන්නා පමණි. ඒ බැල්ම තුල වූ දෙබස් මට කියවා ගැනීම අපහසු නොවිනි
මහේල අරන්දර කොහොමටත් අතිශය සාහිත්‍යකාමී පිරිමියෙකු විය. ඔහු යමක් කීවේ එය පවසන්නට භාව්තා වන සියලු වචන එක් කර, එහි සාරය ලෙසය. ඉතින් ඔහුගේ බස් සවනට අතිශය ප්‍රිය විය. මහේල කොතරම් වෙලා කියෙව්වා වුව මම අසා උන්නෙමි. දැන් යැයු කියා වෙනසක් නැති බව ඔබට කියන්නට මට සිදුවේ.
මහේල මගේ ජීවිතයට එන්නට පෙර මට ඇහෙන්නට කතා කරන්නට තරමේ පිරිසක් මා වටා උන්නේ නැත. සරසවියේ උන් මිතුරියන් ඉතා අවස්ථාවාදී උන් විය. පාසැලේ මම ගෙවුවේ කොහොමටත් හුදෙකලා ජීවිතයකි.
අම්මාට මා අසා සිටින්නට හෝ මට ඇහෙන්නට කතා කරන්නට තරම් උවමනාවක් වූයෙර් නැත. ඇයට අයියා සමඟ පැය ගණන් වල දොඬමලු වීම් නම් තිබුණි. මම ඒ දෙස බලාගෙන රහසේ හැඬූ දවස් ඕනෑ තරමට විය.
එහෙත්, මහේල අරන්දර ගේ ආගමනය සියල්ල වෙනස් කලේය. ඔහු මට ඇති තරම් කතා කරන්නට දී අසා සිටියේය. එලෙසින්ම ඔහුද මට ඇසෙන්නට නේක විධ දෑ කියෙව්වේය.
එනිසා මා තුළ වසර ගණනාවක් සිර කරගෙන උන් බොහෝ සිතුව්ලි මහේල නිසා ලෝකයට එලි බැස්සේය.
කොටින්ම සරසවියේද , රැකියාවේද මා ගෙවූ නිහඬ ,සැඟවුනු ජීවිතය නිම වූයේ මහේල නිසාය.
” දැනට මාව විශ්වාස කරලා ඉන්න … අවුරුදු හයක් තිස්සේ මාව ඇස් දෙකටවත් නොදැක මාව විශ්වාස කලානේ.. එහෙනම් දැන් මාව ඇස් දෙක ඉස්සරහ තියාගෙන විශ්වාස කරන්න …”
මම තිගැස්සුණෙමි. මහේල යලි එයම කීවේය.
” අය්යා මොකටද මෙහෙ ඇවිල්ලා තියෙන්නේ ?”
“ඇවිල්ලා නෙවෙයි ..මට හිතෙන්නේ ඌමෙහෙමයි ඉඳලා තියෙන්නේ…. අම්මාත් මෙහෙම තමා ඉන්නෙ … මොකක්ම හරි ගේමක් සෙල්ලම් කරනවා…”
“ඒත් .. මේ කාලෙටම කවදාවත් මට කතා කරේ නෑ …”
” බලමුකෝ … දැනට මාව , ඔයාගේ තාත්තා ව, නිර්මලී ආන්ටිව ඇරුනම වෙන කිසිම කෙනෙක් විශ්වාස කරන්න එපා.. මගේ අම්මා තාත්තා වත්.. කොටින්ම අක්කාවවත්…”
මහේල අවසන් කලේ හඬ බර කරමිනි. ඒ බර එපරිද්දෙන් ම මට දැනුණි. විවාහ වී කසාදය ලෙහා ගත් කෙල්ලක, තම බාල පුතුගේ ජීවිතය ට ඇලවීම මොන අම්මාවත් දරාගන්නේ නැත. නැත , මගේ අම්මා වැනි අයට ඒවායේ වගක් නැත. එහෙත් මහේලගේ අම්මාට එවැන්නක් දරා ගන්නට නොහැක.
මම තද සුසුමකින් ඒ සියල්ල අත් හැරියෙමි. මගේල පැමිණෙන තෙක් බලා හිඳීමේ ෆැන්ටසියේ ප්‍රකර්ශය, ඔහු පැමිණියාට පසු ඉස්මතුවන රියැලිටියේ අන්ධකාරයෙන් වැසී යන බව දැනෙන්නේය.
අනෙක් අතට මහේලගේ අම්මලාට මහේල ගේ විවාහය වෙනුවෙන් කෙතරම් නම් තරමක යුවතියක් සොයා ගත හැකිද . ? මුදල්… තරාතිරම … රුව …. මහේල සියලෙන් පරිපූර්ණය.
” ප්‍රශ්න එනවා අසේකා… “
“ඇයි සර් මට මෙහෙම කරන්නේ ?”
මම ඇසුවෙමි. මහේලගේ මුහුණ වෙනස් විය. එහෙත් මම සටන් කරන්නට උත්සාහ කලෙමි.
” මාව නන්නාඳුනන ගානට නේ ඊයේ දවසෙත් හිටියේ.. ඇයි දැන් ?”
” ඔයාට කොහොමද කියලා මම දන්නේ නැ අසේකා… මං තවම වෙනස් නෑ..”
” මං අහන්නේ ඔයා මෙහෙම වෙස් මාරු කරන හේතුව සර් ?”
” තාම මාව ප්‍රශ්න කරන්න ඔයාට බෑ.. ඒ නිසා උත්සාහ කරන්න එපා… මේ මගේ සැලසුම් නෙවෙයි ෆන්ක්ශන් වෙන්නේ… ඔයා ඒ ඔක්කොම කණපිට ගැහුවා.. ඒ නිසා .. මං කියන එක අහලා ඉන්න …ප්ලීස්…”
” ඔයාට මාව එහෙම කන්ට්‍රෝල් කරන්න බෑ සර් … මට … මට මෙහෙම බෑ.. ප්ලීස් මට යන්න දෙන්න .. මට රෙස්ටෝරන්ට් එකේ වැඩ කරගෙන ඉන්න දෙන්න …. ඔයා ඔයාගේ වැඩ කරගන්න… මට ඔයා එක්ක චොකලට් කඩ දාන්න එන්න බෑ.. මට එච්චර මහන්සි වෙන්න් බෑ.. දැන් ජීවත් වෙන එකත් මට හරි මහන්සි …. ආයෙම බෑ… එන්නේ ඔයා කියලා ඇහුවම, එන්නේ ඔයා කියලා දැක්කම මට පිස්සු හැදුනේ නෑ විතරයි …. මට කිසිම දෙයක් තේරුනේ නෑ.. ඒත්… දැන් මට තේරෙනවා… ඔයා ආවට මගේ ජීවිතේ ට සැනසීම ලැබෙන් නෑ… මට ආදරේ ලැබෙන් නෑ… මට මෙහෙම ඩීල් වෙන්න ඕනි නෑ සර්…”
මහේල එක්වරම ඉදිරියට පැන මගේ කොපුල් රිදෙන්නට අල්ලා ගත්තේය. මම මිදෙන්නට දැඟලුවෙමි. ඉඩක් වූයේ නැත.
” ආදරෙයි … මම තවම ආදරෙයි… ඒත් එලිපිට මට ආදරේ කරන්න බෑ.. ඒකට අවසර නෑ.. උඹ කසාද බැඳපු මිනිහා තවම මේ ලෝකේ කොහෙ හරි ජීවත් වෙනවා… ඌ ඇවිල්ලා උඹ උගේ කිව්වොත් මං එදාට අසරණ වෙනවා…. මට ඒ අසරණ වීම ගැනයි බය …. එහෙම එන දාක උඹ මාව අතෑරලා උගේ අතේ එල්ලෙන එක ගැනයි මට බය අසේකා “
” තවම.. ?”
මම ඇසුවෙමි. එවන් බයක් දැනෙනවා නම්, ඔහු තවදුරටත් මා සමීපයේ සිටිය යුතු හෝ නැත.
“නෑ..”
මහේල මහේ දෙතොල් මත කෙටි එහෙත් තද සිපුමක් තැබුවේය. වසර හයකට පසු කාන්තාරයකට වැටෙන වැස්සකින් ඒ කාන්තාරපොළව සැනන්නේ නැත. රිදිම් දේ. ඇවිලේ.
” මං ඔයාගේ ඩයරි ඔක්කොම කියවනවා අසේකා.. අකුරක් නෑර… “
මම කිසිත් නොකීවෙමි.
” ඒවා පෙරලන්න ගත්තට පසේ ඊයේ බඩු ටික ගේන මූඩ් එක ගියා.. තිලා ඒ ටික අස් කරලා ගෙනේවී… අර ඩ්‍රෝවින් එකත් පරෙස්සමට ගලවන්න පුළුවන් කිව්වා..”
බිත්තියේ අලවන ලද බෝර්ඩ් එකක සිතුවම් කර තිබු මා වෙත ඇවිද එන මහේල අරන්දර ගේ රුව පිළිබඳව ද මහේල කීවේය.
” අයියා ඔයාව අර මිනිහාට දෙන්න හදන්නෙ ආයේ අසේකා .. ඌ ඔයාව ආයේ විකුණන්න හදන්නේ ……”
මහේලගේ හඬ බිඳුනේය.එසේනම් ඔහු සියල්ල අතැර මෙහි පැමිණියේ ඒ නිසාද ? මෙතරම් කාලයකට පසු නාටකයක් රඟන්නට අයියා පටන් ගෙනද ?
” ඌ ඔයාලගේ තාත්තා ට කියලා ලක්ශ පනහක් දෙන්නම් ඔයාව ඌ කියන තැනට ගෙනල්ලා දෙන්න කියලා … ඒ උගේ සල්ලි නෙවෙයි ..අර නාකියාගේ සල්ලි…”
මහේල දන්න දිග කතාවක කොටස් මට කියමින් උන්නේය. මම ඒවා නොගලපාම බැහැර කලෙමි. එහෙත්, මා දැන උන් කොටස් මහේලට කියා දැම්මෙමි.
” ඒ මිනිහා… කවදාවත් මට කතා කලේ නෑ…..”
මම කීවෙමි. මහේල හිස සැලුවේය.
” ඔව් … එදා සිද්දිය ලීක් උනාම ඌ හොයාගන්න බැරි වෙන්න අතුරුදන් උනා.. දැන් ආයේ ඒ නාකියා එලි බැහැලා……….”
මට කිසිවක් වැටහෙන්නේ නැත. මම හිස බඳාගත්තෙමි.
| අපේක්ෂා ගුණරත්න |