ප්‍රධාන ආහාර වේල් වලට අමතරව අපි ආහාරයට ගන්න පීසා, බනිස් වගේ කෙටි ආහාර වර්ග බොහොමයක් රසවත්ව හදාගන්න පාවිච්චි කරන අමුද්‍රව්‍ය අතර ප්‍රධාන ස්ථානයක් පාන් පිටි වලට හිමිවෙනව කියල ඔබ දන්නවනේ.
ඒත් හැමදාම එකම කෑම වර්ග කද්දි ඒවට තියෙන ප්‍රියතාව අඩුවෙනව කියල අපි කවුරුත් දන්න කාරණාවක්නෙ.
අන්න ඒ නිසා, වෙළඳපොලෙන් හැමදාම මිලදී ගන්න මේ කෑම වර්ග වෙනුවට වෙනස්, අපේ රසට ගැළපෙන, සෞඛ්‍යාරක්ෂිතව හදාගන්න පුළුවන් කෙටි කෑම වර්ග 03 ක් පිළියෙල කරගන්න විදිහ ඔබට කියල දෙන්නයි ඔන්න අද අපේ මේ සූදානම.
එහෙනම් බලමුකො මොනවද මේ කෑම වර්ග කියල?
Crispy tacos
අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පිටි කෝප්ප 02 ක්
ලුණු කුඩු
තෙල්
වතුර
තම්බා පොතු ඉවත් කරගෙන පොඩි කරගත් අල ගෙඩියක්
ගැඹුරු තෙලේ බැඳ අතින් පොඩිකර කැබලි කරගත් වියළි මිරිස් කරල් 06 ක් 07 ක්
සිහින්ව ලියාගත් ලොකු ලූණු ගෙඩියක්
සිහින්ව ලියාගත් කරපිංචා ඉත්තක කොළ
තක්කාලි සෝස්
ග්‍රේට් කරගත් චීස් (අත්‍යාවශ්‍යම නැත)
සාදාගන්නා ආකාරය
මුලින්ම තරමක් විශාල භාජනයක් ගෙන එයට පාන් පිටි, තෙල් තේ හැන්ඳක් සහ ලුණු කුඩු තේ හැන්ඳක් එකතු කර හොඳින් කලවම් කරගන්න.
ඊළඟට, පිටි මිශ්‍රණයට ටිකෙන් ටික වතුර එකතු කර අතින් අනමින් අතේ සහ භාජනයේ නොඇලෙන සුළු පිටි ගුලියක් සාදාගන්න.
පිටි ගුලිය හොඳින් වසා පසෙකින් තබන්න.
දැන් භාජනයක් ලිපතබා එයට තෙල් ස්වල්පයක් එකතු කර තෙල් රත්වීමට තබන්න.
රත්වූ තෙලට ලූණු සහ කරපිංචා එකතු කර හොඳින් කලවම් කර ලූණු යන්තම් රන්වන් පැහැයට හැරෙන තෙක් බැඳගන්න.
දැන් තරමක් කුඩා භාජනයක් ගෙන එයට කැබලි කරගත් මිරිස්, පොඩිකරගත් අල, බැඳගත් ලූණු සහ කරපිංචා එකතු කර හොඳින් කලවම් කරගෙන මිශ්‍රණයක් සාදගාන්න.
දැන් සූදානම් කරගත් පිටි ගුලිය කොටස් දෙකකට වෙන් කරගෙන එක් කොටසක් පිටි ඉසගත් මතුපිටකට දමා රෝලින් පින් එකක් ටින් එකක් හෝ බර වීදුරු බෝතලයක ආධාරයෙන් සෙන්ටිමීටර් භාගයක පමණ උසකට තුනී කරගන්න.
ඊළඟට, අත්ලක පමණ විශ්කම්භයකින් යුතු රවුම් තැටියක් ආධාරයෙන් රවුම් කපා වෙන්කරගන්න.
රොටී තැටියක් හෝ පැතලි අඩියක් සහිත භාජනයක් ලිපතබා එය රත්වූ පසු කපාගත් පිටි රවුම් ඒ මත අතුරා දෙපැත්ත පෙරළමින් විනාඩියක් දෙකක් පමණ පිසගන්න.
දැන් පිසගත් රොටියේ එක් පැත්තක සෝස් ගා එයින් භාගයකට චීස් අතුරා චීස් උඩින් සාදාගත් අල මිශ්‍රණය දමා නැවත චීස් අතුරා ගන්න.
දැන් අල මිශ්‍රණය දමාගත් කොටස මතට රොටියේ අනෙක් කොටස නමාගන්න.
පැතලි අඩිය සහිත භාජනයේ හෝ රොටී තැටියේ තෙල් ගාගෙන තෙල් රත්වූ පසු සාදාගත් රොටී දමා දෙපැත්ත හරවමින් රන්වන් පැහැයට හුරු වර්ණයක්ද ක්‍රිස්පි ගතියක්ද ලැබෙන තෙක් රොටිය බැඳගන්න.
ඔන්න දැන් අපි tacos සූදානම් කරගෙන අවසන්.
Onion pakoda
අවශ්‍ය ද්‍රව්‍ය
සිහින්ව ලියාගත් ලොකු ලූණු ගෙඩි 02 ක්
පාන් පිටි කෝප්ප ½ ක්
සිහින්ව ලියාගත් අමු මිරිස් කරල් 03 ක් පමණ
සිහින්ව ලියාගත් කරපිංචා ඉත්තක කොළ
මිරිස් කුඩු
ලුණු කුඩු
කහ කුඩු
වතුර
තෙල්
සාදාගන්නා ආකාරය
මුලින්ම තරමක් විශාල භාජනයකට ලූණු, අමු මිරිස්, කරපිංචා, රස අනුව ලුණු කුඩු, කහ කුඩු, මිරිස් කුඩු එකතු කර හොඳින් කලවම් කරගන්න.
දැන්, එයට පිටිත් එකතු කර නැවත හොඳින් කලවම් කරගන්න.
ඊළඟට මේ මිශ්‍රණයට වතුර ස්වල්පය බැගින් එකතු කර ලූණු එකට ඇලෙන පදම එනසේ සකසා ගන්න.
(පිටි මිශ්‍රණය දියාරු වෙන්න ඉඩ දෙන්න එපා)
භාජනයක් ලිප තබා එයට තෙල් එකතු කර තෙල් රත්වීමට තබන්න.
රත්වූ තෙලට ලූණු මිශ්‍රණයෙන් මේස හැන්ඳක පමණ කොටස් වෙන් වෙන් කර එකතු කරගන්න.
එකතු කරගත් ලූණු මිශ්‍රණය රන්වන් පැහැ වනතුරු හොඳින් බැඳගන්න.
තෙලෙන් ඉවතට ගෙන උණුසුම්වම රසවිඳින්න onion pakora රසවිඳින්න ඔබට දැන් පුළුවන්.
Peri peri chips
අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පිටි කෝප්ප 01 ක්
වතුර
ලුණු කුඩු
ගම්මිරිස් කුඩු
මිරිස් කුඩු
සාදාගන්නා ආකාරය
මුලින්ම, තරමක් විශාල භාජනයක් ගෙන එයට පාන් පිටි එකතු කරගන්න.
ඊළඟට, එයට වතුර ස්වල්පය බැගින් එකතු කර අතින් අනමින් අතේ නොඇලෙන පිටි මිශ්‍රණයක් සාදාගන්න.
දැන් පිටි ගුලිය පිරිසිදු පිටි තැවරූ මතුපිටක් මත තබා රෝලින් පින් එකක්, වීදුරු බෝතලයක් හෝ ටින් එකක් ආධාරයෙන් 2/ 3 mm අතර උසකට තූනි කරගන්න.
පිහියක ආධාරයෙන් කොටු, තීරු හෝ ත්‍රිකෝණ ලෙස අඟලක පමණ කොටස් වලට කපාගන්න.
ඊළඟට, තෙල් තාච්චියක් ලිපතබා තෙල් රත්වන තුරු තබාගන්න.
රත්වූ තෙලට කපාගත් කැබලි දමා දෙපැත්ත පෙරළමින් රන්වන් පාට වනතුරු බැඳගන්න.
ලිපෙන් ඉවත්කරගත් chips වලට ඔබේ රස අනුව ලුණු කුඩු, මිරිස් කුඩු සහ ගම්මිරිස් කුඩු එකතු කර රස බලන්න ඔබට පුළුවන්.
එහෙනම්, වැඩි වියදමක් මහන්සියක් නැතුව ඔබේ අතින් පිරිසිදුවට හදාගන්න පුළුවන් මේ snacks වර්ග හදල බලන්නකෝ.
රසට කන්න, සුවෙන් ඉන්න!
සටහන – දුලානි නවෝද්‍යා