Perfect Life එකක් වෙනුවෙන් සැමියව මරා දැමූ බිරිඳක් – (Don’t’ Worry Darling)

 

Don’t Worry Darling කියන්නෙ සිල්බර්මන්, කැරී වැන් ඩයික් සහ ෂේන් වැන් ඩයික්ග පිටපතක් මත පදනම් වෙලා කේටි සිල්බර්මන්ගේ තිර රචනයකින් ඔලිවියා වයිල්ඩ් විසින් අධ්‍යක්ෂනය කරල 2022 තිරගත වෙච්ච මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක චිත්‍රපටයක්. චිත්‍රපටය ආවෙ 2022 වුනාට මම ඒක බැලුවෙ පහුගිය ඉරිදා. චිත්‍රපටයේ Harry Styles , Florence Pugh , Wilde, Gemma Chan , KiKi Layne , Nick Kroll සහ Chris Pine රංගනයෙන් දායක වෙනවා.

මේක ටිකක් වෙනස් විදියෙ චිත්‍රපටයක්. Scientific දෙයක් මත පදනම් වෙච්ච කතාවක්. හැබැයි මේ කතාවෙන් අපිට අපූරුවට පෙන්නල දෙන ජීවිත යතාර්තයක් තියෙනව ඒ තමයි “මතුපිටින් පේන ඕනම ලස්සන දෙයක් යට අපි නොහිතන අඳුරක් තියෙන්න පුලුවන්” වග.

කතාව පටන් ගන්නෙ මෙන්න මෙහෙම.

ඇලිස් සහ ජැක් චේම්බර්ස් කියන්නෙ කසාද බැඳපු හරිම ලස්සන ජෝඩුවක්. මේ දෙන්න ජීවත් වෙන්නෙ 1950 ගණන්වල කාන්තාර සමාගම් නගරයක් වෙන කැලිෆෝනියාවේ වික්ටරි වල.

මේ නගරයේ ජීවත්වෙන හැම පවුලකමට තියෙන්නෙ එකම විදියෙ මාරම පර්ෆෙක්ට් ජීවිතයක්. හැම දවසකම උදෙන්ම ඇහැරෙන බිරින්දෑවරු ගෙවල් අස්කරල කන්න ලෑස්ති කරනව. පිරිමි අය එකම වෙලාවක ඇඳ පැලඳගෙන වාහනවල ගෙවල් වලට යන්න පිටත් වෙනවා.

මෙයාලා වැඩට යන්නෙ මූලස්තානයක. හැබැයි ඒ මූලස්තානයට යන්න කාන්තාවන්ට තහනම්. ඒක මේ වික්ටරි කියන නගරයේ ජීවත්වෙන හැම කාන්තාවක් විසින්ම තරයේ පිළිපදින්න ඕන Rule එක.

මේ නගරයේ කාන්තාවන්ට කොච්චර පර්ෆෙක්ට් ලයිෆ් එකක් තිබුනත් එයාලා නිකන් ගෙවල්වලටම හිරවෙලා ඉන්නව වගේ එකක් තමයි තියෙන්නෙ.මහත්තුරුන්ට තමයි එලියට යන්න හෙම පුලුවන්කම තියෙන්නෙ. මහත්තුරු විශ්වාස කරන හැමදේම ලඟටම ගෙනල්ල දෙනවනම් ඉතින් ආයෙ මොකටද ගෑණු එලියට හෙම යන්නෙ කියල.

ඉතින් මේ කතාවෙ ප්‍රධාන කාන්තා චරිතය වෙච්ච ඇලිස් තමන්ගෙ යාලුව උන බනී එක්ක හෙම ශොපින් යනවා, පූල් එකේ නාන්න යනව, කනව බොනව, නටන්න යනව සන්තෝසෙන් ඉන්නවා.

හැබැයි හැම පර්ෆෙක්ට් රංචුවකම ඉම්පර්ෆෙක්ට් කෙනෙකුත් ඉන්නවනෙ. මෙයාලගෙ සෙට් එකේ එහෙම ඉන්න ඉම්පර්ෆෙක්ට් කෙනා තමයි මාග්‍රට්. මතකනෙ මේ නගරයේ කාන්තාවන්ට පනවපු එක Rule එකක් නෙ අර මහත්තුරු වැඩට යන මූලස්තානයට යන්න බෑ කියන එක. හැබැයි මේ මාග්‍රට් එයාට දැනුන මොකක් හෝ දෙයක් නිසා මේ මූලස්තානය තියෙන පැත්තට අනවසරයෙන් ගිහිල්ල තියෙනවා. ඒක දඬුවම් ලැබෙන වරදක්. ඒ වගේම මෙයාගෙ පුතාත් මියගිහිල්ල තියෙනව. මාග්‍රට්ට හිතෙනව තමන් මේ දකින විඳින පර්ෆෙක්ට් ලයිෆ් එක අස්සෙ හැංගුන කවුරුත් කතා නොකරන දරුණු රහසක් තියෙන බව. මාග්‍රට් ඒක හොයන්න උත්සහ කරනව. හැබැයි ඒ නිසාම මෙයාව අනිත් අය අතරෙ කොන් වෙනව. ඇත්තනෙ “මෙච්චර සර්ව සම්පූර්න ජීවිතයක් ලැබිල තියෙද්දි මොකටද තව නිකන් දෙන අශ්වයගෙ දත් බලන්න යන්නෙ” කියල අනිත් අය හිතනව.

වික්ටරි කියන නගරයේ නිර්මාතෘ වෙන්නෙ ෆ්‍රෑන්ක්. මේ ෆ්‍රෑන්ක් පවත්වන ලද සාදයකදී, ඇලිස් දකිනවා මාග්‍රට්ගේ ස්වාමිපුරුෂයා තරහ ගිහින් කෑගහ ගහ හිටපු මාග්‍රට් ට බෙහෙත් දෙන්න හදනව. එතනදි ඇලිස්ට හිතෙනව මොකක් හරි කේස් එකක් තියෙනව කියල. ඒත් එයාට ඒ මොකද්ද කියල හිතාගන්න බෑ. මේ පාටියෙදිම ඇලිස් සහ ජැක් ෆ්‍රෑන්ක්ගේ නිදන කාමරය තුළ ලිංගිකව හැසිරෙනවා. නොහිතපු වෙලාවක ෆ්‍රෑන්ක් එතනට එනවා ඇලිස් දකිනවා. ඇලිස් කලබල උනත්  ෆ්‍රෑන්ක් ඔවුන් නිහඬව නිරීක්ෂණය කරන බව තමයි ඇලිස් දකින්නෙ. ඉතින් ඇලිසුත් සද්ද නැතුව ඉන්නවා.

මේ නගරය ඇතුලෙ එහෙ මෙහෙ යන්න තියෙන්නෙ ට්‍රොලි කියන බස් ජාතිය. දවසක් කම්මැලිකමට ඇලිස් මේ ට්‍රොලියක යනව. මෙහෙම යද්දි බස් එකේ අවසන් නැවතුම ලඟදි මෙයා දකිනව මෙයාලට යන්න තහනම් කරල තියෙන Restricted Area එකට ප්ලේන් එකක් කඩන් වැටෙනව.

ඇලිස් හිතනව මම ගිහින් ඒක බලන්න ඕන කියල. ලොකුම කේස් එක ඇලිස් දැක්කට ප්ලේන් එක කඩන් වැටෙනවා, බස් ඩ්‍රයිවර් ඒක දකින්නෙ නෑ. ඒත් ඇලිස් Restricted Area එකට යනව.

එතනින් එහාට ආපසු එන්නෙ ගමන ගිය Alice නෙවෙයි.

ඔයාලා හිතන්නෙ Restricted Area එකේදි ඇලිස් දකින්න ඇත්තෙ මොනවද? මේ Picture Perfect Life එක අස්සෙ මහත්තුරු එක්කහු වෙලා හංගගෙන ඉන්න රහස මොකද්ද?

අන්න ඒ ගැන දැනගන්න Don’t Worry Darling Netflix ඔස්සේ බලන්න!

Related Articles

Don't Miss


Latest Articles