ත්‍රාසය පිරුණු මනෝ ව්‍යාධික ඝාතකයකු ගේ කතාව රැගත් Ratsasan

Thriller ශානරයේ චිත්‍රපටි ප්‍රිය කරන බොහෝ දෙනෙකු ඉතා හෙන හැම චිත්‍රපටයක් Ratsasan.මේ චිත්‍රපටයට ඉහළ IMDB අගයක් ලැබී ඇත්තේ එය ප්‍රේක්ෂක ලොමු දැහැගන්වන චිත්‍රපටයක් නිසා වන්නට ඇති.දමිළ චිත්‍රපටයක් වන Ratsasan තරුණ යුවතියන් බිලි ගන්නා උන්මත්තක රාක්ෂයෙක් ගැන නිර්මිත චිත්‍රපටයක්.

අරූන් උප පොලිස් පරීක්ෂකයෙක්.මනෝව්‍යාධිකයන් ගැන චිත්‍රපටි හදන සිහිනයක හිටපු අරූන් අවසානයේදී තෝරාගන්න රැකියාව වන්නේ පොලිස් වෘත්තියයි.රැකියාව නිසා තමන්ගේ අක්කාගේ නිවසේ පදිංචිට එන අරූන් තමන්ගේ මස්සිනා සමඟ එකම පොලිස් ස්ථානයේ සේවය කරනවා.ඒ අතර ඔහු තමන්ගේ අක්කාගෙ දුවගේ භාර ගුරුතුමියට ආදරය කරන්නට පටන් ගන්නවා.
ඒත් දියණියගේ වයසේ බොහෝ තරුණියන් නගරය පුරා ඝාතනයට ලක්වන්නට පටන් ගන්නේ ඒ කාලයේදී.නගරයේ තැනින් තැන හමුවන මළසිරුරු දැඩි ලෙස විකෘති කර තිබෙන බව දක්නට ලැබෙනවා.බොහෝ වද බන්ධනයන්ට හසු වී මිය යන මේ දැරියන්ගේ නිවසට ඔවුන් මියයාමට පෙර විකෘති කරන ලද බෝනික්කෙකුගේ හිසක් යවන්නට ඝාතකයා වග බලා ගන්නවා.අරූන් මේ සිදුවීම් ජාලය පසුපස යාම අරඹනවා.ඔහුගේම ඥාති දියණිය වූ අම්මු අතුරුදහන් වෙන්නේ ඒ අතර.

ඉන්පසු කිසිවක්ම පහසු වන්නේ නැහැ.නමුත් අරූන් තමන්ගේ උත්සාහය අතහැර දමන්නේ නැහැ.ඔහු දිගින් දිගටම ඝාතකයා ගැන සොයා බලනවා.විවිධ කරදර වලට හසුවෙමින් ඔහු ඒ ඝාතකයා හඹා යනවා.

මනෝ ව්‍යාධිකයන් ගැන චිත්‍රපටියක් කරන්නට සිහින දුටු අරූන්ට ඒ සිහිනය ඉටු කරගන්නට හැකි වේවිද?
දැරියන්ගේ ඝාතකයා කවුරුද?

මේ Rarsasan චිත්‍රපටිය නැරඹීමෙන්ම ඔබට පිළිතුරු සොයා ගත හැකි ප්‍රශ්නයි.ත්‍රාසය අඩු නැතිව ඇති Ratsasan චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වෙන් වන්නේ විශ්ණු විශාල්ටයි.දමිළ චිත්‍රපටියක් වුණත් මෙය හොලිවුඩ් චිත්‍රපටියකට සමාන බව විචාරකයන් පවසනවා.

Ratsasan

සමහර ත්‍රිලර් චිත්‍රපටි නරඹද්දී මුල්ම විනාඩි කිහිපයේම අබිරහස අපට අනුමාන කළ හැකි වුවත් මේ එසේ නොවන සිනමා සිත්තමක්.අවසානය තෙක්ම අවසානයක් ගැන අබිරහසේ මුල සිතා ගන්නට අපහසු සිනමා සිත්තමක්.

“වේදනාව කියන්නේ මොකක්ද කියලා මේ මිනීමරුවා දන්නවා වෙන්න බෑ”

දැරියන්ගේ මරණ පරීක්ෂකයා එසේ පවසනවා.එය එසේදැයි බලන්නට Ratsasan මඟ නොහැර නරඹන්න.

Related Articles

Don't Miss


Latest Articles