පොල් තෙල් ගැන මේ දේවල් ඔබ දන්නවාද?

ලංකාවේ ඹ්නෑම නිවසක පොල් තෙල් භාවිතා කෙරෙනවා. පොල් තෙල් පිළිබඳව විවිධ කතා කාලෙන් කාලෙට අසන්න ලැබෙනවා. නමුත් පොල් තෙල් පිළිබඳ මේ දේවල් ගැන දැනුවත්ද?

පොල් තෙල් තාල වර්ගයට අයත් පොල් (කොකොස් නුසිෆෙරා) ගසෙන් නෙලා ගන්නා මේරූ පොල් ගෙඩිවල මදයෙන් නිස්සාරණය කෙරෙන ආහාරයට සුදුසු තෙල් වර්ගයකි. එය, පරම්පරා ගණනාවක් තිස්සේ, නිවර්තන කලාපීය ලෝකය පුරාවටම, මිලියන ගණනක ජනයාගේ එදිනෙදා ආහාර වේලෙහි මේද සඳහා ප්‍රාථමික මූලාශ්‍රයව තිබී ඇත. ආහාර, බෙහෙත්, සහ කර්මාන්තයන්හී එය බොහෝ ආකාරයෙන් උපයෝගී වෙයි. වර්තමාන නිව්ගිනීයා ප්‍රදේශයේ සිට පොල් ශාකය ලොව පුරා ව්‍යාප්ත වන්නට ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති. ලොව රටවල් අතරින් ප්‍රධානම පොල් නිෂ්පාදකයන් බවට පිලිපීනය , ඉන්දුනීසියාව හා ඉන්දියාව වේ.

ලොව පුරා දැනට පොල් වර්ග 1300ක් පමණ හමු වී තිබේ. සාමාන්‍ය පොල් ගසක වසරකට ගෙඩි 75ක් පමණ හට ගනී. සාමාන්‍යයෙන් පොල් ගසක් අඩි 20ක සිට අඩි 60 දක්වා උසට වර්ධනය වේ. කෙසේ වෙතත්, සමහර පොල් ගස් අඩි 98ක් පමණ උසට වැඩේ. පොල් වතුරවලට වඩා වැඩි ප්‍රමාණයක් මේදය හා අඩු ප්‍රමාණයක් සීනි, පොල් තෙල්වල අඩංගු වේ.

අධි තාපජ තත්ත්වයන්හී පවා පොල් තෙල් ස්ථායි භාවයක් පෙන්වන බැවින්, බැදීම වැනි අධික උෂ්ණත්ව ඉවුම් පිහුම් ක්‍රම සඳහා එය සුදුසු ව එය ඔක්සිකරණය වීම සෙමෙන් සිදු වන අතර, එබැවින්, මුඩුවීමට විරෝධනයක් දක්වමින් වසර දෙකක පමණ කාලයක් පැවතිය හැක.

පොල් තෙල් මඟින්, ඔබේ සිරුරේ බර පාලනය කරන අතර, දිනකට පොල් තෙල් තේ හැඳි 4ක් පමණක් භාවිතය සුදුසු ය. පොල් තෙල් පරිභෝජනය සැලකිය යුතු පමණින් සීමා කල යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කරන්නේ එහි සංතෘප්ත මේදයන් අධික මට්ටමකින් පැවතීම නිසාය.

පොල් තෙල් රූපලාවන්‍ය නිෂ්පාදන සඳහා වැඩි වශයෙන් භාවිත කරන අතර, එමගින් සමේ තෙතමනය ආරක්ෂා කිරීමේ හැකියාව පවතී. හිස කෙස් වර්ධනය, අකලට හිසකෙස් වැටීම හා ඉස්හොරි පාලනය කිරීමේ හැකියාව ද පොල් තෙල් සතු ය. පොල් තෙල් හිරු කිරණින් සම ආරක්ෂා කිරීමට උපකාරී වේ. චර්ම රෝග, සෙංගමාලය, සරම්ප වැනි රෝග මර්දනය කරයි. පරපෝෂිත සත්වයන් එලවා දමයි. ප්‍රතිශක්තිකරණ පද්ධතිය රැකදෙයි. මහාබඩවැල සහ පපුව ඇතුලු ශරීරය පිළිකා වලින් අරක්ෂා කරයි. බැක්ටීරියා විනාශ කරන අතර එමගින් පිළිකා, උගුරේ අසාදන, මුත්රාශ ප්රදේශයේ ඇති වන ආසාදන,දත්වල කුහර, අග්න්‍යාශයේ හා පිත්තාශයේ ආසාදන අවම කරයි.

කැල්සියම් හා මැග්නීසියම් උරා ගැනීමෙන් දත් හා අස්ථි ශක්තිමත් කිරීමට හා වර්ධනය කීරීමට උපකාරී වේ. ඔස්ටියෝපොරෝසිස් යන රෝගයෙන් අරාක්ෂා කරයි.

නමුත් මෙම සියලු දේවල් අපේක්ෂා කල හැක්කේ කලවම් නොකල පිරිසිදු පොල් තෙල් භාවිතයේදී පමණක් බව වැදගත්.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles