ගෙදරදිම බලන්න Romantic Movies !

Romantic Movies කියන්නේ මොන වෙලාවෙ බැලුවත් Feel Good Feeling එකක් දෙන්න පුලුවන් Movie Category එකක්නේ. ඉතින් ඒ නිසාම තමයි මම අද හිතුවෙ ඔයාලට ගෙදරදිම Netflix ඔස්සේ බලන්න පුලුවන් Romantic චිත්‍රපට පහක් ගැන විස්තර අරගෙන එන්න.

ඉතින් මේ අතරෙ ඉංග්‍රීසි, දෙමල සහ හින්දි චිත්‍රපට කීපයක්ම තියෙනව.

1.Pride & Prejudice

 මේ චිත්‍රපටය නම් ගොඩක්ම ගැලපෙන්නෙ Classic එහෙමත් නැත්තම් Period Pieces කියන Genre එකේ චිත්‍රපට බලන්න කැමති අයට.

“Pride and Prejudice” ලස්සන ආදර කතාවක් කියන ආකර්ශනීය චිත්‍රපටියක්. චිත්‍රපටිය ගොඩනැගෙන්නේ සදාචාරය සහ සමාජ තත්ත්වය ඉතා වැදගත් වෙච්ච කාලෙල. ප්‍රධාන චරිත, එලිසබෙත් බෙනට් සහ මිස්ටර් ඩාර්සි, ගෙන් මේ කතාව පටන් ගන්නෙ දෙන්නට දෙන්න ගැන වැරදි වැටහීම් හිත් අස්සෙ තියාගෙන. ඉතින් චිත්‍රපටය මුල ඉඳලම බලද්දි ඔයාලට වුණත් තේරුම් ගන්න පුලුවන් වෙයි ලෝකෙට පේන්න මොනව කිව්ව කරත් එලිසබෙත් සහ මිස්ට ඩාර්සි මේ කරන්නෙ උගුරට හොරා බෙහෙත් කෑමක් බව.

එලිසබෙත් කියන්නෙ හරි සරල, ඒත් උසස් මනසක් සහ බුද්ධියක් තියෙන ඒත් නිදහසේ හැදිච්ච වැඩිච්ච කෙල්ලෙක්. අනිත් පැත්තෙන් ගත්ත මිස්ට ඩාර්සිට තියෙන්නෙ හරිම පිලිවෙල, සං‍යමකය්ක් තියෙන ජිවිතයක්. ඉතින් එක පැත්තකින් නිදහසේ හැදිච්ච එලිසබෙත්ව ඇත්තටම මිස්ට ඩාර්සි වගේ පිළිවෙලට, එක රාමුවක් ඇතුලෙ හැදිච්ච කෙනෙක්ට ගැලපෙනවද කියලත් නොහිතෙනවම නෙවෙයි.

වඩාත්ම අනපේක්ෂිත ස්ථානවල පවා ආදරය පිපෙන බවත් සමහර වෙලාවට අපි විසින් කෙනෙක් ඉදිරියේදි එලියට පෙන්නන්නෙ අපේ හිත්වල් තියෙන ඇත්තම හැඟීම් නෙවෙයි කියලත් කියන මේ අපූරු චිත්‍රපටිය බලල ඉවර වෙද්දි නම් ශුවර් එකට ඔයාලටත් මට හිතුනා වගේම හිතෙන්න පුලුවන්.

“අනේ ඒ එලිසබෙත් මං වුණානම්” කියල.

2. Maid in Manhattan

මේ චිත්‍රපටයත් ආදරය ගැන ගෙතිච්ච ලස්සනම ලස්සන චිත්‍රපටයක් කියල හඳුන්වන්න පුලුවන්. අපි හැමතිස්සෙම කියනවනෙ ආදරයෙන් බැඳෙන්න ජාති, ආගම්, කුලමල, මුදල් සහ සමාජ තත්ත්වය වැදගත් නෑ කියල. ඉතින් මෑන්හැටන් වගේ Modern setting එකක ගෙතෙන මේ කතාවෙන් අපිට ඒ සිතුවිල්ල ඇත්තක් කියල ඔප්පු කරනවා.

කතාව ගෙතෙන්නේ ජෙනිෆර් ලෝපෙස් විසින් රඟපාන වෙහෙස මහන්සි වී වැඩ කරන හෝටල් සේවිකාවක් වන Marisa Ventura සහ Ralph Fiennes විසින් නිරූපණය කරන ලද ආකර්ශනීය දේශපාලනඥයෙකු වන Chris Marshall වටේ. කොහොමද නේද? හෝටල් සේවිකාවක් කොහොමද දේශපාලනය කරන කෙනෙක් එක්ක ආදරයෙන් බැඳෙන්නෙ කියන ප්‍රශ්නෙ ඔයාලටත් ඇති. ඒ ගැන දැනගන්න නම් මේ චිත්‍රපටය බලන්නම ඕන.ල්

මරීසා ඉතාම දුක්බර, කරදර පිරිච්ච ජීවිතයක් ගෙවද්දි ක්‍රිස් තමන්ගෙ සුන්දර සුවපහසු ජීවිතේ ගෙවාගෙන යනව. දෙන්න ජීවත් වෙන්නෙ ලෝක දෙකක වුනාට, ඒ ලෝක දෙක එකට එකතු කරන්න ආදරයට පුලුවන්. ඒ වෙනුවෙන් මුල් අඩිය තියන්නෙ ක්‍රිස් ද? මරීසාද? ඒක නම් ඔන්න රහසක්. ඔයාලා හිතන්නෙවත් නැති කෙනෙක් තමයි මේ දෙන්නගෙ ආදරේට උදව් කරන්නෙ.

ආදරයට සමාජ සීමාවන් ඉක්මවා යා හැකි බවත් ආදරයට වඩා වැදගත් වෙන්නෙ එකිනෙකාට අවංකව ජීවත් විම කියන අපූරු කතාව මේ චිත්‍රපටයෙන් ලස්සනට කියල දෙනවා.

3.The Kissing Booth

මේ චිත්‍රපටයත් Romantic කියන Category එකට අයිති වුණාට මේක නම් ගොඩක්ම ගැලපෙන්නෙ ඔය පොඩි කෙල්ලො කොල්ලන්ට තමයි. High School එකක කොල්ලෙක් සහ කෙල්ලෙක් අතර තියෙන ආදරය, ඒ ආදරය නිස ඇතිවන හැලහැප්පීම් වලට තරුණ ළමයි මූණ දෙන්නෙ කොහොමද කියන කතාව තමයි මේ චිත්‍රපටය ඇතුලෙන් අපි ඉස්සරහට අරගෙන එන්නෙ.

මේක තරුණ් අළමයි ගැන කියවෙන චිත්‍රපටයක් වුණාට ඉතින් තරුණ වයස පහුකරපු කෙනෙක්ට වුණත් තමන්ගෙ තරුණ කාලෙ ගෙවිච්ච හැටි ආයෙ මතක් කරගන්න පුලුවන් විදියෙ අපූරු කතාවක් බව කියන්න මම කැමතියි.

මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙන්නෙ  Elle Evans. Elle කොල්ලෙක්ට ආදරෙයි. එයා නිකන්ම නිකන් කොල්ලෙක් විතරක් නෙවෙයි. තමන්ගෙ කොලේජ් එකේ ඉන්න ලස්සනම, වැඩිම කානතා ආකර්ශණය තියෙන කොල්ලා කිව්වොත් වඩාත් හරි. අනිත් පැත්තට මේ කොල්ලා එයාගෙ හොඳම යාලුවගෙ අයියා.

ඒත් මේ යාලුවගෙ අයියා, එහෙම නැත්තම් Noah කියන්නෙ තමන්ගෙ පුංචි කාලෙ ඉඳල ක්‍රශ් එක වුණාට මේ යාලුවො දෙන්න අතරෙ සම්මුතියක් තියෙනවා :කවදාවත් අපි එකිනෙකාගෙ සහෝදර සහෝදරියො එක්ක ආදරෙන් බැඳෙන්නෙ නෑ” කියල. ඒ සම්මුතිය නිසා Elle හිතනවා මම කවදාවත් Noah ට මගෙ හිතේ තියෙන හැඟීම එලිකරන්නෙ නෑ කියල.

ඒත් ඉතින් ආදරේ කියන්නෙ ඒ වගේ හංගන් ඉන්න පුලුවන් හැඟීමක් නෙවෙයිනේ. ඉතින්  Elle තමන්ගෙ හොඳම යාලුවට හොරෙන් එයාගෙ අයියා වුණ Noah එක්ක ආදරයෙන් බැඳෙනවා.

මේ කතාව අවසන් වෙන්නෙ Elle ට තමන්ගෙ ආදරය හමුවෙලාද? එහෙම නැත්තම් මිතුදම අහිමි වෙලාද?

ඒ ගැන දැනගන්න ඔයාලා Kissing Booth බලන්නම ඕන.

4.Meenakshi Sundareshwar

මේකත් හරිම ලස්සන වෙනස්ම විදියෙ Romantic චිත්‍රපටයක්.

මේ කතාව අපිට ඇහෙන්නෙ ඉන්දියාවෙන්. දන්නවනෙ ඉන්දියාව කියන ප්‍රාන්ත්‍ර මහ ගොඩක් තියෙන ඒ ප්‍රාන්තෙන් ප්‍රාන්තෙට අදහන එක එක විදියෙ දෙවියො ඉන්න, එක එක විදියෙ සමාජ සංස්කෘතික වෙනස් කම් තියන ලොකු රටක් බව. ඉතින් මේ ආදර කතාව පටන් ගන්නෙම ඒ වගේ වෙනස් කම් එක්ක.

මේ කතාවෙ ප්‍රධාන චරිත රඟපාන්නෙ මීනාක්ෂි සහ සුන්දරේශ්වර් කියන අලුත බැඳපු තරුණ ජෝඩුව. දෙන්නගෙ කසාදෙ මුල් කාලෙම මේ දෙන්නට දෙපැත්තකට වෙන්න වෙනව.

නෑ නෑ ප්‍රශ්නයක්  නිසා නම් නෙවෙයි. සුන්දරේශ්වර්ට ට්‍රේනින් එකකට ඈතකට යන්න සිද්ද වෙන නිසා. ඉතින් මීනාක්ශිටයි සුන්දරේශ්වර්ටයි තමන්ගෙ කසාදෙ මුල් කාලෙම වගේ ගෙවන්න වෙන්නෙ ඔන්ලයින් තමයි.

Long Distance Relationship කියන්නෙ ඉතින් කොහොමත් එක එක විදියෙ ප්‍රශ්න මතුකරන කාලයක්නේ. මේ දෙන්නටත් අන්න ඒ ප්‍රශ්න වලට මූණ දෙන්න අවස්තා මහ ගොඩක් එනවා.

ඒත් ඒ හැම ප්‍රශ්නයක්ම විසඳගන්න තනියෙන් ජීවත් වන සුන්දරේශ්වර්ගෙ හිත අස්සෙ තියෙන ආදරේට වගේම තමන්ගෙ සැමියගෙ මහගෙදර ජීවත්වන මිනාක්ශි සුන්දරේශ්වර් ගැන හිතේ තියාගෙන ඉන්න විශ්වාසෙට පුලුවන් වෙනවා.

විවාහය තුලත් ආදරය කොච්චර වැදගත් වෙනවද කියන එක වගේම අලුත බැඳපු ජෝඩුවකට විවාහයේ මුල් කාලෙ ඇතිවන ප්‍රශ්නවලට උත්තර හොයාගන්න පුලුවන් කොහොමද කියන කාරණාව හරි අපූරුවට විස්තර කරන මේ චිත්‍රපටය පුදුමතරම් ලස්සන ඉන්දියානු සංස්කෘතිය එකතුකරගෙන හදපු චිත්‍රපටයක් කියල කියන්න පුලුවන්.

5.18 Pages

ජීවිතේ කවදාවත් නොදැක්ක ගැහැණියකගෙ ඩයරියක ලියල තියෙන දේවල්වලට ආදරේ කරන්න, දකින්නෙවත් නැතුව ඒ කෙල්ල එක්ක ආදරයෙන් බැඳෙන්නෙ කොල්ලෙක්ට පුලුවන්ද?

ඔයාලගෙ උත්තරේ නෑ වෙන්න පුලුවන්.

ඒත් මම කියනව එහෙම වෙන්න පුලුවන් කියල. අන්න එහෙම වෙච්ච කතාවක් තමයි මේ 18 Pages නසයන චිත්‍රපටය ඔස්සේ ඔයාල ඉස්සරහට මම අද අරගෙන එන්නෙ.

ඒ කෙල්ලගෙ නම නන්දනී. නන්දනීගෙ ඩයරිය හම්බවෙන්නෙ සිද්ධුට. සිද්ධු කියන්නෙ ඩිවලොපර් කෙනෙක්.නන්දනීගෙ ඩයරෛය සිද්ධුට හම්බවෙන්නෙ අහම්බෙන්. ඒ අහම්බය කවදාවත් දැකපු නැති නන්දනී එක්ක හිත ඇතුලෙන් ආදරයෙන් බැඳෙන්නෙ සිද්ධුට ඉඩකඩ හදල දෙනවා.

මේ චිත්‍රපටය අපිට දෙන්නෙක්ගෙ කතාව ගැන කියනවා. එකක් සිද්ධුගෙ පැත්තෙන් කතාව. අනිත් පැත්තෙන් නන්දනීගේ කතාව. නන්දනීගෙ කතාව දිග ඇරෙන්නෙ අතීත කාලයෙන්. මොකද අපි නන්දනීව දකින්නෙ, දැනගන්නෙ එයාගෙ ඩයරිය ඔස්සේ විතරක් වීම.

නන්දනී ලියල තිබුණ එයාගෙ ඩයරියෙන් සිද්ධු දැනගන්නව මේ නන්දනී කියන්නෙ ආසාධාරණයට විරුද්ධව සටන් කරන, බය නැති හරි ෂෝක් කෙල්ලෙක් බව.

ඒත් ඔක්කොම ප්‍රශ්න පටන් ගන්නේ නන්දනී ලියපු ඩයරිය සිද්ධු සම්පූර්නයෙන්ම කියවල ඉවර කරපු දවසෙ. මොකද ඒ ඩයරිය අවසාන වෙන්නෙ අතරමගදි. හරියට මගදි නන්දනී ලිය ලිය උන්නු ඩයරිය කවුරු හරි බලෙන් උදුරගත්ත වගේ.

හිතේ ඇතිවෙච්ච ආදරේ අමතක කරන්න බැරි තැන සිද්ධු නන්දනීව හොයන් යනවා. දැනගන්න ලැබෙන්නෙ හිතට දරාගන්න අමාරු කතාවක්. “නන්දනී කියන්නෙ මැරිච්ච මනුස්සයෙක්” කියන ඇත්ත දරාගන්න මුලු හිතෙන්ම නන්දනීට එයා ලියපු වචන ඔස්සේ එයාව අඳුරගත්ත සිද්ධුට අපහසු වෙනවා.

ඉතින් මෙච්චර දවසක් සිද්ධු ආදරේ කරල තියෙන්නෙ මැරිච්ච කෙල්ලෙක්ටද? ඒ ආදර කතාව අවසාන වෙන්නෙ කොහොමද?

ඒ ගැන දැනගන්න ඔයාලා මේ 18 pages චිත්‍රපටය බලන්නම ඕන.

Related Articles

Don't Miss


Latest Articles