සුදුම සුදු දත් දෙපළක් ලබා ගන්න නිවසේදීම කළ හැකි පිළියම්

ඔබේ දත් සුදු කිරීම සම්බන්ධයෙන් වෙළඳපොලෙහි තෝරා ගැනීමට බොහෝ නිෂ්පාදන තිබේ. කෙසේ වෙතත්, බොහෝ සුදු කිරීමේ නිෂ්පාදන ඔබේ දත් සුදු කිරීම සඳහා රසායනික ද්‍රව්‍ය භාවිතා කරයි. ඔබට සුදු පැහැති දත් පෙළක් අවශ්‍ය නමුත් රසායනික ද්‍රව්‍ය භාවිත කිරීමටත් අවශ්‍ය නොවේ නම්, මෙම ලිපිය ස්වාභාවික සහ ආරක්ෂිත විකල්ප බොහොමයක් සොයන ඔබ වෙනුවෙන්මයි.

දත් කහ පැහැයට හැරීමට හේතුව කුමක්ද?

විවිධ හේතු නිසා දත් අඳුරු වන අතර ඒවායේ දීප්තිමත් සුදු පැහැය නැති වේ.

ඇතැම් ආහාරවලට ඔබේ දත්වල පිටතම තට්ටුව වන ඔබේ එනමලයේ පැල්ලම් ඇති කළ හැකිය. මෙම වර්ගයේ දුර්වර්ණ වීම් සාමාන්‍යයෙන් නිතිපතා පිරිසිදු කිරීම සහ සුදු කිරීමේ පිළියම්වලින් නැති කළ හැකිය. කෙසේ වෙතත්, සමහර විට දත් කහ පැහැයෙන් දිස් වන්නේ දෘඩ එනමලය ඛාදනය වී යටින් ඇති දත මතුවන බැවිනි. ඩෙන්ටින් යනු එනමලයට යටින් ඇති ස්වභාවිකව කහ පැහැති අස්ථි පටකයකි.

teeth-whitening

ස්වාභාවිකවම ඔබේ දත් සුදු කර ගත හැකි සරල ක්‍රම

Oil pulling පුහුණු කරන්න.

Oil pulling යනු මුඛ සනීපාරක්ෂාව වැඩි දියුණු කිරීමට සහ ශරීරයෙන් විෂ ඉවත් කිරීම සම්ප්‍රදායික ඉන්දියානු ජන පිළියමකි.

මෙම පිළිවෙතට අනුව බැක්ටීරියා ඉවත් කිරීම සඳහා ඔබේ මුඛයට තෙල් ස්වල්පයක් ගෙන ඇද ගැනීම කළ යුතු වේ. සාම්ප්‍රදායිකව, ඉන්දියානුවන් තෙල් ඇදීම සඳහා සූරියකාන්ත හෝ තල තෙල් භාවිතා කළ නමුත් ඕනෑම තෙල් වර්ගයක් මේ සඳහා භාවිතා කළ හැකි ය. මෙහිදී පොල්තෙල් ජනප්‍රිය තේරීමක් වන්නේ එය ප්‍රසන්න රසයක් සහ සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් ලබා දෙන බැවිනි. නමුත් අවාසනාවකට, තෙල් ඇදීමෙන් ඔබේ දත් සුදු වන බව කිසිදු විද්‍යාත්මක අධ්‍යයනයකින් ඔප්පු වී නොමැත. කෙසේ වෙතත්, එය ආරක්ෂිත භාවිතයක් වන අතර උත්සාහ කිරීම වටී. බොහෝ අය පවසන්නේ නිතිපතා තෙල් ඇදීමෙන් පසු ඔවුන්ගේ දත් සුදු සහ දීප්තිමත් වූ බවයි.

බේකිං සෝඩාවලින් දත් මදින්න.

බේකිං සෝඩාවලට ස්වභාවික සුදු කිරීමේ ගුණ ඇත. එය දන්තාලේපවල ජනප්‍රිය ම අමුද්‍රව්‍ය වන්නේ එබැවිනි. එය මෘදු වන අතර දත් මතුපිට පැල්ලම් ඉවත් කිරීමට උපකාරී වේ. මීට අමතරව, බේකිං සෝඩා ඔබේ මුඛයේ ක්ෂාරීය පරිසරයක් නිර්මාණය කර එමඟින් බැක්ටීරියා වර්ධනය වීම වළක්වයි. මෙය එක රැයකින් ඔබේ දත් සුදු කරන පිළියමක් නොවේ. නමුත් කාලයත් සමඟ ඔබේ දත්වල පෙනුමේ වෙනසක් දැක ගත හැකිය.

සාමාන්‍ය බේකිං සෝඩාවලින් දත්මැදීම ඔබේ දත් සුදු කරන බව විද්‍යාවෙන් තවමත් ඔප්පු වී නැත. නමුත් අධ්‍යයන කිහිපයකින් පෙන්නුම් කරන්නේ බේකිං සෝඩා අඩංගු දන්තාලේපවලින් දත් සුදු කිරීමට සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි බවයි. එක් අධ්‍යයනයකින් හෙළි වූයේ බේකිං සෝඩා අඩංගු දන්තාලේප, බේකිං සෝඩා රහිත සම්මත දන්තාලේප වලට වඩා දත්වල කහ පැල්ලම් ඉවත් කිරීම සඳහා සැලකිය යුතු ලෙස උපයෝගී වන බවයි. බේකිං සෝඩා සාන්ද්‍රණය වැඩි වන තරමට බලපෑම වැඩි වේ. මෙම පිළියම සිදු කරන්නේ මෙසේයි. බේකිං සෝඩා තේ හැඳි 1 ක් වතුර තේ හැඳි 2 ක් සමඟ මිශ්‍ර කර පේස්ට් එකක් සකසා ඔබේ දත් මදින්න. ඔබට මෙය සතියකට කිහිප වතාවක් කළ හැකිය.

baking soda

පළතුරු සහ එළවළු අනුභව කරන්න

පලතුරු සහ එළවළු අධික ආහාර වේලක් ඔබේ ශරීරයට සහ ඔබේ දත් යන දෙකටම සෞඛ්‍යමත් වේ. එය දත්මැදීම සඳහා ආදේශකයක් නොවූවත්, හැපෙනසුළු, අමු පලතුරු සහ එළවළු ඔබ හපන විට කහ පැහැය ඉවත් කිරීමට උපකාරී වේ. ස්ට්‍රෝබෙරි සහ අන්නාසි යනු ඔබේ දත් පැහැපත් කිරීමට උපකාරී වන පලතුරු වර්ග දෙකකි.

දත් පැල්ලම් ඇතිවීමට පෙර ඒවා වළක්වා ගන්න.

ඔබ වයසට යන විට ඔබේ දත් ස්වභාවිකවම කහ පැහැයට හැරෙන අතර, සමහර ජීවන චර්‍යා ඔබේ දත්වල පැල්ලම් වළක්වා ගැනීමට උපකාරී වේ. පැල්ලම් ඇතිවන සුලු ආහාර සහ පාන වර්ග සීමා කරන්න. කෝපි, රතු වයින්, සෝඩා සහ බෙරි වර්ග දත් පැල්ලම් ඇති කිරීම සඳහා මූලික වේ.

ඔබ ඒවා සම්පූර්ණයෙන්ම වළක්වා ගත යුතු බව මෙයින් අදහස් නොවේ. නමුත් මෙම ද්‍රව්‍ය ඔබේ දත් සමඟ ගැටෙන කාලය සීමා කළ යුතුය. එපමණක් නොව, ඔබේ දත්වල වර්ණය කෙරෙහි මේවායින් ඇතිවන බලපෑම සීමා කිරීම සඳහා මෙම ආහාර හෝ පාන වර්ගවලින් එකක් අනුභව කිරීමෙන් පසු දළ වශයෙන් විනාඩි 30 කටවත් පසු ඔබේ දත් මදින්න. මීට අමතරව, දත් දුර්වර්ණ වීමට හේතු විය හැකි බැවින්, දුම්පානය සහ දුම්කොළ හැපීමෙන් වළකින්න. ඔබේ සීනි පරිභෝජනය සීමා කරන්න. ඔබට සුදු දත් දෙපළක් අවශ්‍ය නම්, ඔබේ සීනි ප්‍රමාණය හැකිතාක් අඩු කරන්න. ඔබ සීනි සහිත ආහාර අනුභව කරනවා නම්,ඉන්පසු ඉක්මනින් ම දත් මදින්න.

teeth whiting

ඔබේ ආහාර වේල සකස් කරන විට කැල්සියම් ඕනෑ තරම් ලැබෙන සේ සකසා ගන්න. සමහර විට දත් දුර්වර්ණ වීමට හේතු වන්නේ එනමලය ඛාදනය වීම සහ යටින් ඇති කහ පැහැති දත් කොටස නිරාවරණය වීමයි. එමනිසා, ඔබේ දත්වල එනමලය ශක්තිමත් කිරීමට ඔබ කරන ඕනෑම දෙයක් ඔබේ දත් මුතු සුදු පැහැයෙන් තබා ගැනීමට උපකාරී වේ. කිරි, චීස් සහ බ්‍රොකොලි වැනි කැල්සියම් බහුල ආහාර, ඔබේ දත් එනමල් ඛාදනයෙන් ආරක්ෂා කර ගැනීමට උපකාරී වේ.

ඔබේ දත් පැහැපත් කර ගැනීමට ස්වභාවික ක්‍රම කිහිපයක් පිළිබඳ ව දැන් ඔබ හොඳින් දැනුවත්. මෙම පිළියම් බොහොමයක් ඔබේ දත් මත මතුපිට පැල්ලම් මෘදු ලෙස ඉවත් කිරීම සිදු කරයි. කෙසේ වෙතත්, බොහෝ දන්ත වෛද්‍යවරුන් විසින් මෙම ස්වභාවික ප්‍රතිකර්ම වලට වඩා ප්‍රබල සුදු කිරීමේ ප්‍රතිකාර ලබා දේ. ඕනෑම සුදු කිරීමේ නිෂ්පාදනයක් අධික ලෙස භාවිතා කිරීම ඔබේ දත් වලට හානි කළ හැකි බව මතක තබා ගන්න. සෑම විටම ඔබේ දන්ත වෛද්‍යවරයා සමඟ ඔබේ විකල්පයන් පිළිබඳව සහ ඔබට වඩාත් හොඳින් ක්‍රියා කරන්නේ කුමක්දැයි පරීක්ෂා කරන්න.

Related Articles

Don't Miss


Latest Articles