ලෝකයේ ඉතා ජනප්‍රිය ”පලතුරු ඩයට්”

බර අඩු කර ගැනීම සඳහා විවිධ අය විවිධ ඩයට් ක්‍රම භාවිතා කරනවා. මේවා අතරින් fruit diet කියන්නෙත් බොහොම ජනප්‍රිය ඩයට් ක්‍රමයක්.මෙහිදී පලතුරු වලට ප්‍රධාන තැනක් දීලා මේ ඩයට් ක්‍රමය නිර්මාණය කරලා තිබුනත් වෙනත් ආහාර මෙයට ඇතුලත් නොවනවා කියලා නියමයක් නෑ.

• Fruit diet එකක් අනුගමනය කිරීමෙන් ලැබෙන වාසි මොනවද ? 

ලබා ගන්නා කැලරි ප්‍රමාණය අඩු වීම 

ශරීරයෙන් විෂ ඉවත් කිරීම 

විටමින් වර්ග සහ ප්‍රතිඔක්සිකාරක ශරීරයට හොඳින් ලැබීම

ශරීරය සජලනය වීම 

බර අඩුවීම 

ක්ෂණික ආහාර සහ ස්නැක් වර්ග පරිභෝජනය අඩු වීම 

• බර අඩු කර ගන්න හොඳ පලතුරු වර්ග  මොනවද  ? 

කෙසෙල්

ඇපල්

අලිගැටපේර 

බෙරි වර්ග

කොමඩු

දෙළුම්

පැපොල්

කිවි

බර අඩු කර ගැනීම සඳහා දින පහක ඩයට් ප්ලෑන් එකක්

• පලවන දිනය

අළුයම – මද උණුසුම් වතුර කෝප්පයක් ( අවශ්‍ය නම් මෙයට ලෙමන් සහ මී පැණි එකතු කල හැකියි ) 

උදෑසන ආහාරය – ඇපල් ගෙඩි 2

මධ්‍යම උදෑසන ( පෙ.ව 11 පමණ ) – චියා බීජ සහිත වතුර වීදුරුවක් හෝ දොඩම් යුෂ කෝප්පයක්

දවල් ආහාරය – ඔලිව් තෙල් එකතු කල කඩල සලාදයක් 

සවස – මිදි කෝප්ප 1

රාත්‍රී ආහාරය – පිපිඤ්ඤා , තක්කාලි , මස් වර්ගයක් එකතු කල සලාදයක් හෝ ඕට්ස් රොටි 

• දෙවන දිනය 

අළුයම – මද උණුසුම් වතුර කෝප්පයක්

උදෑසන ආහාරය – කෙසෙල් සහ පැපොල් කෝප්පයක්

මධ්‍යම උදෑසන – ග්‍රීන් ටී හෝ තැඹිලි වතුර කෝප්පයක්

දහවල් ආහාරය – බත් කෝප්ප 1 , මාලු සහ එළවලු වර්ග දෙකක්

සවස – අන්නාසි කෝප්පයක්

රාත්‍රී ආහාරය – ටූනා සලාදයක් හෝ සුප් කෝප්පයක් 

• තුන්වන දිනය

අළුයම – මද උණුසුම් වතුර කෝප්පයක්

උදෑසන ආහාරය – ඇපල් සහ මිදි කෝප්පයක්

මධ්‍යම උදෑසන – කලු කෝපි කෝප්පයක් හෝ ග්‍රීන් ටී 

දහවල් ආහාරය – මස් හෝ මාලු සලාදයක්

සවස – කොමඩු යුෂ කෝප්පයක්

රාත්‍රී ආහාරය – ඕට්ස් පිටි රොටි සහ ග්‍රිල් කරන ලද මස් හෝ එලවලු සලාදයක්

• හතරවන දිනය 

අළුයම – මද උණුසුම් වතුර කෝප්පයක්

උදෑසන ආහාරය – අලිගැටපේර , ලුණු සහ ගම්මිරිස් තවරන ලද දුඹුරු පාන් පෙති දෙකක්

මධ්‍යම උදෑසන – මිශ්‍ර පලතුරු යුෂ කෝප්පයක් හෝ  කලු කෝපි 

දහවල් ආහාරය – රතු බත් කෝප්පයක්  , මැල්ලුම් වර්ගයක් , එලවලු සහ මස් වර්ගයක්

සවස – ග්‍රීන් ටී 

රාත්‍රී ආහාරය – මාලු සලාදයක් හෝ සුප් කෝප්පයක් 

• පස්වන දිනය 

අළුයම – මද උණුසුම් වතුර කෝප්පයක්

උදෑසන ආහාරය – අන්නාසි සහ කොමඩු කෝප්පයක් 

මධ්‍යම උදෑසන – තැඹිලි වතුර කෝප්පයක් හෝ පලතුරු යුශ 

දහවල් ආහාරය – ටූනා සලාද 

සවස – කොමඩු යුෂ කෝප්පයක් 

රාත්‍රී ආහාරය –  තම්බපු එළවලු තුනක් සමඟ මස් වර්ගයක් හෝ සලාද වර්ගයක් 

මෙහි දක්වා ඇති පලතුරු වර්ග වෙනුවට ඔබ කැමති බර වැඩි නොකරන පලතුරු වර්ග යොදා ගන්න ඔබට පුළුවන්. ඊට අමතරව වියළි පලතුරු , ආමන්ඩ් වැනි ඇට වර්ගත් ආහාරයට එකතු කර ගත්තාට වරදක් නෑ.විශේෂම කාරණාව නම් මේ ඩයට් ක්‍රම අනුගමනය කරන අතරතුර ඔබ අනිවාර්යයෙන්ම ප්‍රමාණවත් තරම් වතුර පානය කළ යුතු වීමයි.

Related Articles

Don't Miss


Latest Articles