ඇත්තටම කොන්ඩම් භාවිතයෙන් ලිංගික තෘප්තියට බාදා වෙනවද?

ඇත්තටම කොණ්ඩම් දැම්මොත් ලිංගික තෘප්තියට බාදා වෙනවාද?

පිරිමි පාර්ශවය එක්ක කතා කරන කොට අහන්න ලැබෙන ප්‍රධාන ම කතාවක් තමයි කොණ්ඩම් දැම්මාම ලිංගික තෘප්තිය අඩුයි කියන එක. ඇත්තට ම ඒක එහෙමද? අපි අද කතා කරන්න යන්නේ ඒ ගැනයි.

පර්‍යේෂණයකට අනුව 18%ත් 36%ත් අතර ප්‍රමාණයක කොණ්ඩම් භාවිතා කරන අයට ලිංගික එක්වීමේදී කොණ්ඩම් භාවිතය නිසා පුරුෂ ලිංග ප්‍රාණවත් නොවන තත්ත්වයක් නිරීක්ෂණය වෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ කොණ්ඩමයක් පැළැඳීමේදී පුරුෂ ලිංගය ප්‍රාණවත් නොවනවා යන්න ප්‍රායෝගිකව සමහරෙක් අත්විදිනවා කියන එකයි. නමුත් මේ තත්වයට ඍජු හේතුව කොන්ඩම් භාවිතය සමග බැදුනු දුර්මත හා භාවිතය පිළිබද ඇති නොදැනුවත් බව පවසන පර්‍යේශකයන් හා සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ කුමන හේතූන් මත මිනිසුන් කොණ්ඩම් භාවිතය ප්‍රතික්ශේප කලත් ඒ තුලින් සිදුවන සෞඛ්‍ය හානිය විශාල බවයි. එනම් සමාජය තුල කොන්ඩම් භාවිතය අඩු වීමත් සමග ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග සහ අනපේක්ෂිත ගැබ් ගැනීම් ඉහළ යාමක් ඇතිවිය හැකි බව සෞඛ්‍ය බලදාරීන්ගේ මතයයි.

මේ නිසා ඇත්තටම කොණ්ඩම් භාවිතය සමග පුද්ගලයන්ගේ ලිංගික කාර්‍ය තුල පුරුශ ලිංගික ප්‍රාණවත් නොවීම හෙවත් ඍජුකරණ ගැටලු මතුවීමට බලපාන හේතු ගැන අපි සාකච්ඡා කරමු.

කොණ්ඩම් ප්‍රාණවත් කරණයේදී ගැටලු ඇති කරන්නේ ඇයි?

මැක්ගිල් විශ්ව විද්‍යාලයේ පර්‍යේෂකයින් මේ සඳහා බලපාන සාදක ලෙස හදුනා ගෙන ඇති හේතු මෙහෙමයි.

ඇල්කොහොල්

ඔයා ලිංගික එක්වීමකට පෙර ඇල්කොහොල් ලබා ගන්නවානම් ඒ නිසා කොණ්ඩම් සම්බන්ධයෙන් ප්‍රාණවත් නොවීමේ ගැටලුව ඇතිවිය හැකියි. ප්‍රාණවත් වීමේ ගැටලු ඇති කරන ප්‍රධාන මත්ද්‍රව්‍ය ය ඇල්කොහොල් ලෙස හඳුනාගෙන තියෙනවා. ලිංගික කාර්ය අතරතුර ම ඇල්කොහොල් භාවිතයට ගැනීම නිසා කොණ්ඩම් එක නිවැරදිව පැළඳීමේ හැකියාව පවා ගිලිහී යන්නට පුලුවන්.

කාල වේලාව

හරියට වෙලාවට කොණ්ඩම් එක දාගන්න ඕනෙ. එහෙම නැති වුණොත් පුරුෂ ලිංගය සම්පූර්ණයෙන් ම ප්‍රාණවත් වීමේ ගැටලු ඇතිවෙනවා. ඒ කියන්නෙ ඔයා පුරුෂ ලිංගයට කොණ්ඩම් එක දාන්න ඕනෙ හරියටම ඒක ප්‍රාණවත් වුණාට පස්සෙයි. ලිංගය ප්‍රාණවත් වීමට කලින් කොණ්ඩම් පැළඳීමෙන් ප්‍රාණවත් වීමේ ගැටලු ඇති වෙන්න පුලුවන්.

අවධානය බිඳවැටීම

බොහෝ වෙලාවට කොණ්ඩමයක් පැළඳීමේදී පුරුෂයාගේ අවධානය කොණ්ඩමයට යොමු වෙන නිසා ප්‍රාණවත් වීමේ බාධා ඇති විය හැකියි. මේ බොහෝ සුලභ තත්ත්වයක් . ඒ වගේ ම කොණ්ඩමය පළඳන තැනැත්තා කොණ්ඩමය තමාට ගැලපෙන්නේ හෝ නියමිත ප්‍රමාණයේ නැතැයි සිතන්නට වුවහොත් ප්‍රාණවත් වීමේ ගැටලුවට හේතුවක් විය හැකියි

ඒ වගේ පිරිමියාට සාපේක්ෂව කාන්තාව කොන්ඩමය පිරිමියාට පැළඳීම මගින් ප්‍රාණවත් වීමේ ගැටළු අවම කළ හැකියි.

පෙර පැවැති ප්‍රාණවත් වීම වීමේ ගැටලු සම්බන්ධ අසනීප හෝ විශාදය කාංසාව වැනි මානසික රෝග නිසා ද ප්‍රාණවත් වීම නොවිය හැකියි.

අනවශ්‍ය ගැබ් ගැනීම්, ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ආදියෙන් වැළකෙන ගමන් ම ලිංගික තෘප්තිමත් බවත් ලබා ගන්නෙ කොහොමද?

මේ ප්‍රශ්නය අපේ පිරිමි පාර්ශවයට. ඔයායි ඔයාගෙ සහකාරියයි ෆිල්ම් එකක් බලනව කියලා හිතන්න. එයා එක පාරටම ඔයාගෙ ඩෙනිම් කලිසමට උඩින් පුරුෂ ලිංගය අත ගාන්න ගන්නවා. ඔයාට ප්‍රාණවත් වෙන්නෙ නැති වෙයිද? වෙනවනෙ. එහෙනම් මේ තුනී කොණ්ඩම් එකකට ඔයාගෙ ලිංගික උත්තේජනය නැති කරන්න පුලුවන් කියලා හිතෙනවද ?

ඔන්න වැදගත් ම දෙයක්. ලිංගික කාර්යයන්ට කලින් ඇල්කොහොල් භාවිතාව සීමා කරන්න. සීමා කරන්න බැරි නම්, ලිංගික කාර්යයන්ට පෙර ඇල්කොහොල් භාවිතයෙන් වළකින්න. ඇල්කොහොල්වලට පුලුවන් පුරුෂ ලිංගය ප්‍රාණවත් වීම අඩු කරන්න.

මුලින් ම තනිව උත්සහ කරලා බලන්න. ඒ කියන්නේ එයා එක්ක ලිංගික එක්වීමකට පෙර තනිවම කොණ්ඩම් එකක් භාවිතා කරලා එය හරියට රෝල් කරන ආකාරය පිළිබඳව නිසි පරිදි දැනුවත් වන්න. එතකොට ලිංගික එක්වීමකදි ඔයා කලබල වෙන්නෙ නෑ. නිසි විදියට කොණ්ඩම් එක පැළැඳගත්තාම ප්‍රශ්නත් නෑ.

කොන්ඩමය පැළඳීම කාන්තාවට භාර දෙන්න. ඊට හේතුව වන්නේ ඔයාම කොණ්ඩමය පැළඳීමට යාමේදී අවධානය බිඳවැටී ප්‍රාණවත් වීම නොවීමේ ගැටලු ඇතිවිය හැකි නිසායි. එයා හරිම සරාගී විදියට ඔයා දිහා බලාගෙන කොණ්ඩම් එක දානකොට ඔයාට ප්‍රාණවත් නොවී තියෙන්නේ නෑ.

ඔයාට යම් මානසික රෝගයක් ඇත්නම් එයට නිසි ප්‍රතිකාර ලබාගන්න.මනස නිරවුල් ව තිබීම හා ප්‍රාණවත් වීමවීම අතර තියෙන්නෙ ගලවන්න බැරි බැඳීමක්.

ඉතින් ඔන්න දැන් ඔයාල දන්නවා කොන්ඩම් එකකින් පුරුෂ ලිංගය ප්‍රාණවත් වීම වළක්වන්න බැරි බව.

Related Articles

Don't Miss


Latest Articles